Pakistan murder seen eka

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,369
    16,202
    113



    ප්‍රියන්ත දියවඩනට කළ හැකි උපහාරය

    ප්‍රියන්ත දියවඩන ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පකිස්ථානු ජනතාව සමස්තයක් ලෙස ක්‍රියා කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව ඔවුන්ට හිමි වෙන්න ඕන. විශේෂයෙන් ම අගමැති ඉම්රාන් ඛාන් එහි දී ක්‍රියා කළ ආකාරය සමස්ත පකිස්ථානු ජනතාවට ම කීීර්තියක් ගෙන දෙනවා. ප්‍රියන්ත බේරා ගැනීමට තැත් කළ අයට පකිස්ථානයේ ඉහළ ම සම්මානයක් පිරිනැමීමට ඉම්රාන් ඛාන් ක්‍ෂණික ව ක්‍රියා කළා. ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන ඒමට දින කිහිපයක් ඇතුළත හැකි වෙලා තියෙනවා. එමෙන් ම මා හිතන විධියට සියල්කෝට් (සාගල නුවර) ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් ප්‍රියන්ත නමින් විශාල අරමුදලක් එකතු කරල ප්‍රියන්තගේ භාර්යාවට ඔහුගේ මාසික වැටුප දිගට ම ගෙවීමට කටයුතු සැලසුම් කරල තියෙනවා. ඝාතනය ටික දෙනකුගේ වැඩක් බව පැහැදිලියි. අප පඬි නැට්ටන් නො වෙයි. ඒ නිසා ඔවුන් අනුගමනය කරමින් සමස්ත මුස්ලිම් ජනයාට ම දොස් පවරන්නේ නැහැ. පඬි නැට්ටන් තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයනට වරද පටවන්න විධියක් හොයනවා.

    පකිස්ථානය එසේ ක්‍රියා කළත් මෙරට ජඩමාධ්‍ය ක්‍රියා කළ ආකාරය තුට්ටුවක් වටින්නෙ නැහැ. මා කලින් දිනයක කියා තිබූ පරිදි එක් යුටියුබයක් (මා ඔවුන්ට යූටියුබ කියනවා) මට කතා කෙළේ ඝාතනය ගැන සාකච්ඡාවක් කිරීමට. ඔහුට අවශ්‍ය වුණේ තම ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාව වැඩි කරගෙන කීයක් හරි හම්බ කරගන්න. ජඩමාධ්‍ය ප්‍රියන්ත ඝාතනය කෙරුණු අන්දම පුන පුනා ප්‍රචාරය කෙළේ ඔහුගේ භාර්යාවගේත් දරුවන්ගේත් හිත් රිදෙන ආකාරයට. අවසානයේ දී පවුලේ අයට සිදු වුණා ඒ රූප රාමු ප්‍රදර්ශනය නොකරන ලෙසට ජඩමාධ්‍යවලින් ඉල්ලන්න. ජඩමාධ්‍ය ඒ ප්‍රචාරය කෙළේ ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගන්න. මෙරට ප්‍රේක්‍ෂකයන්ට ද එවැනි රූප රාමු නැරඹීමේ අවශ්‍යතාවක් ඇති වීම කණගාටුවට කරුණක්. ප්‍රේක්‍ෂකයන්ගෙන් වැඩි දෙනා බෞද්ධයන්. ඔවුන් ඒ රූප රාමු නරඹන්නේ අනිත්‍ය සිහි කිරීමට නම් නො වෙයි.

    මෙරට යම් පිරිසක් පකිස්ථානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම හැර වෙනත් දෙයක් සිදු වුණේ නැහැ. මෙරට මුස්ලිම් ජනයා ද ඝාතනය හෙළා දැක තිබුණා. ඒ තමයි අපේ සංහිඳියාව. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් නොදකින සංහිඳියාව. මේ සිද්ධිය දඩමීමා කරගෙන බටහිරයන් පකිස්ථානයට සම්බාධක පැනවීමට හෝ වෙනත් එවැන්නකට හෝ සූදානම් වන්නේ නම් අප එයට විරුද්ධ වන්න ඕන. මේ සිද්ධිය හුදෙක් ලංකාව හා පකිස්ථානය අතර ද්විපාර්ශ්වීය ප්‍රශ්නයක් මිස ජාත්‍යන්තර ප්‍රශ්නයක් නො වෙයි. අප ඒ ප්‍රශ්නය විසඳා ගෙන ඉවරයි. අපට අමතක වන්නෙ නැහැ අපේ ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් එල්ල වුණු අවස්ථාවෙ පකිස්ථානු රියැදුරු තම ජීවිතය පරදුවට තබා ක්‍රිඩකයන් නිරුපද්‍රිිත ව රැකගත් ආකාරය.

    ඇතැමුන් පඬි කතා කියන්න පුළුවන් ආගමේ නාමයෙන් මිනී මැරීම ගැන. ආගමක් කියන එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ආගමේ නාමයෙන් මිනී මරන්නේ ඉතා ටික දෙනයි. අද වන විට බටහිරයන් වුණත් ආගමේ නාමයෙන් මිනිසුන් ශාරීරික ව ඝාතනය කරන්නේ නැහැ. මට හිතෙන්නෙ ආගමක ඇති එක් ප්‍රධාන ලක්‍ෂණයක් නම් තම විශ්වාසය පමණක් නිවැරදි ය සත්‍යය ය කියා ගැනීමත් අනෙක් සියල්ල මිථ්‍යා කියා ගැනීමත්. තවත් ලක්‍ෂණයක් වන්නෙ මරණින් මතු මොකක් ද වෙන්නෙ කියන එක. මරණින් මතු නැවත ස්වර්ගයේ හරි වෙන කොහේ හරි ජීවිතයක් නැතැයි කීමත් මරණන් මතු සිදු වන්නෙ කුමක් දැයි කීමක්.

    ඒ අර්ථකථනය අනුව මුස්ලිමුන් ආගමක් අදහනවා. අද බෞද්ධයනුත් ආගමක් අදහනවා. එදා බෞද්ධයන් ආගමක් ඇදහුවෙ නැහැ. සියල්ලට ම වඩා බටහිර විද්‍යාව පසුපස යන අය ආගමක් අදහනවා. ඔවුන් අනෙක් සියලු දැනුම් මිථ්‍යා ලෙස සලකනවා. බටහිර විද්‍යාව තම විශ්වාසය වෙනුවෙන් මිනිසුන් ශාරීරික ව මරන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් වෙනත් සතුන් ශාරීරික ව මරණ අතර මිනිසුන් නොමරා මරණවා. නොමරා මරණ එක ඇරිස්ටෝටල්ගෙ න්‍යාය පමණක් විශ්වාස කරන පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. ඒක අර නිදා නොනිඳා වගේ චතුස්කෝටිකයෙන් ගලා එන්නක්.

    බටහිර විිද්‍යාව මගේ අර්ථයෙන් පට්ටපල් බොරුවක් කීමෙන් පසු ඊනියා විද්‍යාඥයන් පඬි නැට්ටන් මා නොමරා මැරුවා. අදත් නොමරා මරණවා. කැලණියේ ආචාර්යවරුන් (විද්‍යා මෙන් ම අනෙක් පීඨවලත්) මට විරුද්ධ ව සිසුන්ට අත්පත්‍රිකා බෙදුවා. මා හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයෙ එවැන්නක් සිදු වී නැහැ කියා. ඊනියා විද්‍යා ආචාර්යවරුන් මට විරුද්ධ ව සිසුන්ට විශේෂ රැස්වීම් පැවැත්තුවා. ජඩමාධ්‍යවේදීන් හා වේදිනියන් මගේ දරුවන් පිටරට ඉගෙන ගන්නා බව කීමට මා ජඩමාධ්‍ය ඉදිරියට ගෙනාවා. අපේ දැනුම මිථ්‍යා ලෙස සලකා එයට ගරහන හිනහවෙන ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකවරු ඉන්නවා. ඔවුන් බුද්ධිමතුන්.

    බුදුහාමුදුරුවන් ඊනියා සත්‍යයක් දේශනා කෙළේ නැහැ. සත්‍යයක් කියා දෙයක් නැති විට සත්‍යයක් දේශනා කරන්නේ කොහොම ද? උන්වහන්සේ අපට නිවන් සම්මාබෝධයට මගක් කියා දුන්නා පමණයි. එහෙමත් නැත්නම් සියල්ල බොරු බව දැන ගැනීමට ක්‍රමයක් කියා දුන්නා පමණයි. සියල්ල බොරු බව පඬිනැට්ටකු ජඩමාධ්‍යවේදීයකු නොවන මට මනසින් දැන ගන්න පුළුවන්. එහෙත් අවශ්‍ය වන්නේ නැති මනසෙන් ඒ දැන ගැනීමයි. මනසක් නැති බව නැති මනසින් දැන ගැනීමයි. බුදුහාමුදුරුවන් අනෙක් විශ්වාස මිථ්‍යා ලෙස හැඳින්වූයේ ඒ විශ්වාස මගින් මනස තව තවත් තහවුරු කෙරෙන නිසා. මමත්වය තවත් දැඩි කෙරී නිවන සම්මාබෝධයට බාධක පැමිණවෙන නිසා. එහෙම නැතුව ඊනියා අසත්‍යයක් නිසා නො වෙයි.

    අපි ඒ කතාව දැනට නතර කරමු. අපට බුදුදහම ලැබුණෙ දඹදිවෙන් නැත්නම් භාරතයෙන් එහෙමත් නැත්නම් සම්මුතිය අනුව ඉන්දියාවෙන්. එදා ඉන්දියාව පමණක් නොව නේපාලය කියාවත් රටක් තිබුණෙ නැහැ. වත්මන් නේපාලයේ උපන් බව කියන සිදුහත් කුමරු වැඩි කාලයක් අවුරුදු පනහක් පමණ වාසය කෙළේත් බුදුවීමෙන් පසු වැඩ වාසය කෙළේත් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ. බිම්බිසාර රජුවත් කොසොල් රජුවත් උන්වහන්සේ විජාතිකයකු කියා සැලකූ බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නැහැ. බුදුදහම අපට ඉන්දියාවෙන් (පිටින්) ලැබුණත් එය මෙරට පලපැදියම් වුණා. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් මෙරට සංස්කෘතිය හා භාෂාව බුදුදහම තේරුම් ගැනීමට රුකුලක් වීම. දෙවැන්න මෙරට බමුණන් සිටියත් (විජයට පෙර බමුණන් සිටි බවට සාක්‍ෂි නැහැ) ප්‍රධාන තැනක් නොගැනීම. මෙරට බමුණු සංස්කෘතියක් තිබුණේ නැහැ. එදා පඬියන් පඬි පෝතකයන් වුණෙ බමුණන්.

    අප රටට විවිධ ජනවර්ග පැමිණ තියෙනවා. යවනයන් ද මෙහි ඉඳ තියෙනවා. කාම්බෝජ කියන්නෙ තවත් ජනවර්ගයක්. බුදුහාමුදුරුවන් දඹදිව සිටි ඒ ජනවර්ග ගැන දේශනා කර තියෙනවා. දඹදිවටත් ඔවුන් පැමිණ තියෙන්නෙ පිටින්. මට වැඩියෙන් අවශ්‍ය යවනයන් ගැන කීමට. මේ සියලු කොටස් පසුව සිංහල වී තියෙනවා. අපට බුදුදහමෙන් (බුදුදහම ලැබුණෙ විජය පැමීණීමට පෙර) පසු විජය මගිනුත් පසුවත් වෛදික දහම ලැබී තියෙනවා. එය බුදුදහමට මිශ්‍ර වී ඇති බවක් පේනවා. හින්දු ආගම ඉන්දියාවෙ ඇති වුණෙ සංකරාචාර්යවරයාගෙන් පසුව හයවැනි සියවසේ පමණ. හින්දු ආගම වෛදික දහමෙහිත් බුදුදහමෙහිත් ජෛන ආගමෙත් මිශ්‍රණයක්. චෝල ආක්‍රමණ සමග හින්දු දහමත් මෙරටට පැමිණි නමුත් එය පිළිගත් කොටසක් ඇති වුණේ ඊට බොහෝ කලකට පසු දහතුන් වැනි සියවසේ පැමිණි පිරිස සමග.

    මට මෙහි දී වැදගත් වන්නෙ මුස්ලිමුන් මෙරටට පැමිණි වකවානුව. ඔවුන් තමිල්නාඩු කේරළ සීමාවෙන් දහතුන්වැනි සියවසේ පමණ මෙහි පැමිණි පිරිස්. ඔවුන් අරාබියෙන් පැමිණ සිංහල කතුන් විවාහ කරගෙන මෙහි පදිංචි වූ අය නො වෙයි. එසේ වූවා නම් මුස්ලිමුන් කතා කළ යුතු ව තිබුණේ සිංහල නැත්නම් අඩු සම්භාවිතාවකින් අරාබි. අරාබි පියකුගේ හා සිංහල මවකගේ පුතකු දෙමළ කතා කරන්නේ මොන බටහිර විද්‍යාවට අනුව ද?

    මට ළඟ දී බාලචන්ද්‍රන් නමැත්තකු සිලෝන් ටුඩේ පුවත්පතට ලියූ ලිපියක් කියවන්න ලැබුණා. ඔහු අමීර් අලි නමැති අයකු මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා ඇති කරුණු කියනවා. අමීර් අලිගේ සටහන මා කියවා නැහැ. එහෙත් බාලචන්ද්‍රන් කියන අන්දමට අමීර් අලි කියන්නෙත් මෙරට මුස්ලිමුන් අති විශාල බහුතරය දහතුන්වැනි සියවසේ පමණ බටහිර ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් පැමිණි අය කියා. ඔහු දහනවවැනි සියවසේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළෙන් පැමිණි ලෙබ්බෙලා ගැනත් කියනවා. එහෙත් බාලචන්ද්‍රන්ට අනුව ඔහු කියනවා මෙරට මුස්ලිමුන් ක්‍රිස්තු වර්ෂයට පෙර හතරවැනි සියවසේ අනුරාධපුරයේ සිටි බව මහාවංසයේ සඳහන් වන බව.

    එය මුළුමනින් ම වැරදියි. ක්‍රිස්තුවරෂයෙන් පෙර මහමත්තුමා ඉපදිලාවත් නැහැ. මහාවංසයේ යවනයන් ගැන කියන්නේ ග්‍රීකයන් ගැන. මෙය පසුව සාකච්ඡා කරමු. ඒ කුමක් වුවත් මුස්ලිමුන් හා සිංහලයන් මෙරට දහතුන්වැනි සියවසින් පසුව සාමකාමී ව වාසය කර තියෙනවා. මුස්ලිමුන් බෞද්ධ කරන්න සිංහලයන් උත්සාහ කර නැහැ. ඒ තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල මුස්ලිම් සමගිය නැති කෙරුණේ ඉංගිරිසින් අතින්. අදත් මෙරට විශේෂයෙන් ම සූෆී මුස්ලිමුන් සිංහලයන් සමග සංහිදියාවෙන් වාසය කරනවා. ඥානසාර හිමියන් ඇතුළු එක රටයි එක නීිතියයි කමිටුවට නැගෙනහිර පළාතෙදි ලැබුණෙ උණුසුම් පිළිගැනීමක්. ඒ මුස්ලිමුන් පඬි නැට්ටන් මෙන් නානසාර කියා කිවුවෙ නැහැ. මෙරට සංහිඳියාවට ප්‍රධාන ම බාධකය පඬි නැට්ටන්.

    ඝාතනය කෙරුණු ප්‍රියන්තට අපට කළ හැකි හොඳ ම උපහාරය මෙරට සිංහල මුස්ලිම් සමගිය තහවුරු කිරීමත් පකිස්ථානය හා ලංකාව අතර ඇති සම්බන්ධකම් වැඩි දියුණු කිරීමත්. එහෙත් අප ඒ සඳහා මුසා දෙසා බාන්න අවශ්‍ය නැහැ. මෙරට මුස්ලිමුන්ගේ ආරම්භය මහමත්තුමා ඉපදීමටත් පෙරට ගෙන යෑමට අවශ්‍ය නැහැ. මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුණේ සෙනරත් රජු විසින්. ඒ පෘතුගීසින් පැමිණීමෙන් පසුව. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගන්නා මුස්ලිමුන් මෙරට ඉන්නවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    ඉම්‍-රාන් කාන්ට ඉන්දියාවේ ජනමාධ්‍ය වලින් පෙරලා ගහපු නිසා තමා ඔහොම ඉක්මනට අල්ල ගත්තේ, ලැජ්ජාව වහ ගන්නත් එපැයි.
    ඉන්දියාවට තමා ස්තුතිය පුද කරන්න ඕනී හරි නම්, වීඩීයෝ එක සමාජයට ගෙනත් දැම්මට , නැත්තම් අපේ එවුන් ටික ඕකත් තවත් එක් සුලු මරණයක් කරලා හමාරයි..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,202
    113
    ඉම්‍-රාන් කාන්ට ඉන්දියාවේ ජනමාධ්‍ය වලින් පෙරලා ගහපු නිසා තමා ඔහොම ඉක්මනට අල්ල ගත්තේ, ලැජ්ජාව වහ ගන්නත් එපැයි.
    ඉන්දියාවට තමා ස්තුතිය පුද කරන්න ඕනී හරි නම්, වීඩීයෝ එක සමාජයට ගෙනත් දැම්මට , නැත්තම් අපේ එවුන් ටික ඕකත් තවත් එක් සුලු මරණයක් කරලා හමාරයි..

    based on what I saw on social media news, their government seems to have done quite a lot as a response to the incident. I highly doubt SL would do one tenth of what they did if this person was murdered by extremist while he was on SL soil. I hope I don’t have to mention the obvious example .
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ආසියාතික රටවල බලයට එන්න අන්තවාදී සංවිධාන වල සහය අවශ්‍ය වෙනවා
    ඉම්රාන්කාන් ජනාධිපති වෙද්දීත් ඒ මුස්ලිම් අන්තවාදී සහය ලැබුනා එක නිසා මෙතන මීඩියා ෂෝ එකක් ඇරෙන්න ලොකු දෙයක් වෙන එකක් නෑ
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Dr. Nalin was designated to Afganistahan as our envoy. So his views are not independent.
    I agree that this incident should not damage long established links with pak when Mrs B allowed Pak Airforce to re-fuel in 1971 when Eastern Pak issue with India. This created some strain with India but Mrs B and Indira Ghandi mended the diffrences later .
    Dr. Nalin had failed to mention TeLP and its activities and its emergence as political party to be recokned with massive Long Walk that ended some agreement with Imran's govt.
    Dr. Nalin had conveniently omitted comment of Imran Khan's senior minister about this where he said it was an act of 'Youth' who are 'not to be blamed' ??
    Dr. Nalin's so called actions of Imran Khan is just an eye wash(Dr. Nalin knows and like many of his viyathmaga colleagues try to hoodwink).
    Arrest is just to please the international community , a successful prosecution is what we want.
    Have they preserved CCTV and other social media footages which can identify the criminals?
    Dr . Nalin had conveniently avoided Imran Khan's support and sympathy to LeT, Taliban and other terrorist organizations in the region and he come to power on this so it is unlikely he will do anything to antoganize TeLP with whom he came to an agreement just a Month ago regarding Blasphemy Law and implementation.
    As long as this vague law is used to punish with death sentence , extremists will use the same for lynching!!
    I agree that in Sri Lanka we should not try to punish for what happened in Pak. Only $100,000 was collected from businessed in Pak for the family and if their goods are boycotted the loss to them will be in millions so this is just a drop in the ocean for Business community and in no way compenstotory.
    While I take my hat off to the brave person , it is a shame that only 1 person tried to help GM of a company where he shed his sweat and blood for 10 years!
    This is a murder done by workers of factory who are supporters or sympathisers of TeLP who advovate death penalty for Blasphemy! this is a convenient way to lynch any person , by inciting others. Dr. Nalin is also doing a similar act as he had an axe to grind.
    His comments on western medicine ect is irrelevant to the topic and rubbish. Just we must remind that Dr. Nalin promoted Dhammika pani and also Natha God's dream and Arsenic in chemical fertilizer in NCP research pioneer- the dream was proved wrong!! But this resulted in Prof Channa Jayasumana leading anti chemical fertilizer campaign....
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    based on what I saw on social media news, their government seems to have done quite a lot as a response to the incident. I highly doubt SL would do one tenth of what they did if this person was murdered by extremist while he was on SL soil. I hope I don’t have to mention the obvious example .
    SL did that in sheer pressure of england.
    1638964979129.png
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    මෙරට ජඩමාධ්‍ය ක්‍රියා කළ ආකාරය තුට්ටුවක් වටින්නෙ නැහැ
    හැල්ල කියෙව්වේ නැහැ but මේක නම් 100% ඇත්ත...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,202
    113
    මෙහෙම දෙයක් නම් මම දැක්කේ නෑ.

    ලංකාවේ නම් ඉන්නේ අමු සික් කාරයෝ සෙට් එකක්. ආගම අදාල නැහැ. එලකිරිය general forum එකක් වෙලත් බලන්න උඩ තියෙන ත්‍රෙඩ් වලින් කීයක් ආගම් relatedද කියල.

    SL did that in sheer pressure of england.
    View attachment 153511

    We aren’t British or Americans. Honestly, it is surprising to see a country giving a damn about a SL guy getting murdered overseas these days. Also, I remember there was number of incidents about our people raping and killing foreigners.
    ------ Post added on Dec 8, 2021 at 5:37 PM

    හැල්ල කියෙව්වේ නැහැ but මේක නම් 100% ඇත්ත...

    me too didn’t read fully lol
    ------ Post added on Dec 8, 2021 at 5:38 PM
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    The ground situation in Sri Lankan and Pak cannot be compared . Pak became a failed state for many years and there was no democracy like SL and India. There were several coups too. Corruption is also more compared to SL and India. They were pawns of super powers too (compared to SL and India).
    So the killing of partner of British nurse was not the same as killing of Srilankan in Pak. though in both killings were done by locals of foreigner.
    In sri lanka killing was instrumental by local politician and it was witnessed by lot of people due to a private argument . So this had noting to do with even local politics or ideology and there was no mass support to the heinous crime.
    In contrast Sri Lankan who was killed in a Factory by workers and they did lynching in the name of religion . TeLP openly advocate killing any person for blasphemy. They want to use Nuclear Weapon against Dutch!! for defaming religion relating to a cartoon!!
    Imran Khan is sympathetic towards extremists including LeT, Taliban, etc. TeLP is a force to be reckoned with as fifth largest party and they virtually brought govt to standstill on long March 2 months ago and killed 7 policemen in the march and incidents relating to it. They only thrive on Blasphemy Law and its implementation, a popular theme. TLP wanted french ambassodor to be expelled due to what french present said relating to freedom of speech and blasphemy. The march was successful as Imran and TLP came to an agreement!! Just a month ago.
    So do not expect any justice from Imran in this case. The stakes are very high for him . He will buy time and there will not be a successful prosecution . You can see that even police did not interfere to stop burining of dead body -which was far worse than killing a person. This is a barbaric act and when brain washed. These things are possible (JVP and PRAA , LTTE also did these for glorification of the cause, Al queda , Taliban, Mujahedin also did ) when a person is bling duee to religion or race!(TeLP had not taken responsibility same as JVP, LTTE, PRAA etc)
    SL govt can impose some pressure and I am sure they will do that (if not done so far) but we must understand ground reality.
    My safe bet is there will be a prosecution but there will not be witnesses. CCTV footage and other electronic evidnce will not be preserved for trial hence not applicable. Unless accused pleaded guilty (as an honour ) trial will be a failure. Even if few are convicted , which is the maximum Pak can do , very next day there will be call to pardon in the name of religion and TeLP will start another march!! So there will not be a conviction like Rajiv Ghandi killer or Brton's killer.
    Already Imran Khan's very senior Minister openly gave an open cheque to TeLP for lynching on the basis that they were 'young' .
    This murder is not a religious one . The workers were against GM and they used this small incident to take revenge from him for his style of managment. we cannot rule out effect of pandemic on garment industry workers where most of the suppliers did not honour their contracts and companies pilled big inventories without cash!! So income of the workers whould have impacted and they were against the managment and specially foreign GM who whould have taken unpopular decisions. That is what I think from the facts available to public. Truth will never come in this incident.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් නොදකින සංහිඳියාව

    කැරකිලා කොහොම හරි අදාලම නැති බටහිරකටත් බනින්නෙ ඇයි ?

    රටේ තියන මීඩියා වල විනයක් නැති කම ගැන කියනව නම් ඒ ගැන කියන්න ඔනෙ. මුස්ලිම් උන් ගැනයි බටහිරක් ගැනයි සිංහලයො ගැනයි ඔක්කොම දාල කොත්තු රොටී අධ්‍යාත්මික හෑලි ලියන්න යොදවන කාලය ඇත්තටම පලක් ඇති දෙයක් කරන්න වැය කරා නම්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    කැරකිලා කොහොම හරි අදාලම නැති බටහිරකටත් බනින්නෙ ඇයි ?

    රටේ තියන මීඩියා වල විනයක් නැති කම ගැන කියනව නම් ඒ ගැන කියන්න ඔනෙ. මුස්ලිම් උන් ගැනයි බටහිරක් ගැනයි සිංහලයො ගැනයි ඔක්කොම දාල කොත්තු රොටී අධ්‍යාත්මික හෑලි ලියන්න යොදවන කාලය ඇත්තටම පලක් ඇති දෙයක් කරන්න වැය කරා නම්
    good point. This is his only way of survival. At UOC he used to divide students on social background, class etc. But I know he as well as two children where bright students went to the same school he deplore in public . He went to UK to do his phd in Uni Sussex from commonwealth scholarship . This is the theory that It is Ok for me but not good for others.... He was sacked from UOC by GLP who was VC at that time for his deplorable counduct and openly doing cheap politics inciting students , division of them etc...
     
    • Like
    Reactions: siri_ayya