බුලත් විට සපමින් කහට පැල්ලම් සහිතව සහ පොලිස් හිස් වැසුම්ද නොමැතිව මහජනතාවට අශෝභන ලෙස රාජකාරි කළ බව කියන මාතර පොලිසියේ සැරයන්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේය.
මෙසේ වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද නියමිත රාජකාරි ස්ථානයේ නොසිට මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ පොලිස් කැබ් රථය නවතා එලෙස රැඳී සිට ඇත.
එම අවස්ථාවේ මාතර, හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා වැලිගම ප්‍රදේශයට යමින් සිට ඇති අතර මෙම නිලධාරීන් තිදෙනා නිල ඇඳුමේ කොටසක් වන හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටිමින් නිසි ලෙස රාජකාරියේ නොයෙදෙන බව දැක ඒ පිළිබඳ පරීක්ෂා කර තිබේ.
එහිදී මෙම නිලධාරීන්ගේ හිස්වැසුම් මෙන්ම රාජකාරි සඳහා ගෙන යන ලද ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු භාරයේ නොමැතිව තිබී ඇත්තේ කැබ් රථය තුළය.
රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා රියැදුරු අසුනින් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබාගෙන සිට ඇත. එක් පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි නිල ඇඳුමෙන් සිට බුලත් විට කා කහට පැල්ලම්ද සහිතව සිට තිබේ.
එසේ මහජනතාවට ප්‍රදර්ශනය වන සේ හා ප්‍රිය නොවන ලෙස රාජකාරි කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
ado @Don GasCan menna uniform eka hallu wela nedda??