විඩියො (16+)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Thích Quảng Đức බික්ශුව ගිනි තබා ගත් අවස්තාව HD :(



    Shooting the Vietcong
    ප්‍රජාතාන්ත්‍රික වියට්නාමයේ පොලිස්පති විසින් ත්‍රස්තවාදියකු ඝාතන අවස්තාව. මේ විඩියො ඒකෙ ඇත්ත කතාව ගොඩක් දෙනෙක් දන්නෙ නෑ, මේ මැරින එකා අමානුශික එකෙක්, මොහුට අයත් වියට්කොන් කන්ඩායම විසින් ඉට පෙර දින රාත්‍රියේදි පොලිස් නිල නිවාස් සන්කිර්නයේ සිටි උප පොලිස්පති ඇතුලු පවුල ඝාතනය කර තිබෙ.



    Last day of Republic of Vietnam
    දකුනු වියට්නාමයේ අන්තිම දවස :(



    Cologne tank battle

    දෙවන ලෝක යුද්දයේ අවසන් අදියර, 1945 ජර්මනියේ කොලොන්ග් නගරය අත්පත් කරගැනිම. Hitlerjugend ලමා සොල්දාදුවන් සහ volkssturm මැදි වියේ පසු වුවන්ගෙන් සමන්විත බලඇනියක් මේ ප්‍රදේශයට යොදවා තිබිනි, එකම එක panther යුද ටැන්කියක්ද යොදවා තිබිනි.ඇමරිකානුවන්ගේ purshing යුද ටැන්කිය ඉදිරිපසින් ප්‍රහාර එල්ල කිරීමට ගියේ නම් එයට හානි කිරිමට ඇති අවස්තාවන් ඉතාමත් අඩුය



    Ardenses Offensive

    1944 දෙසැම්බර් නත්තල් සමයේදී ඇමරිකන් හමුදාවන් පුදුමට පත් කරමින් ජර්මනිය දියත් කල මෙහෙයුම. ප්‍රථම අදියරේදි ඇමරිකන් සෙබලුන් 70,000ක් පමන යටත් කරගත්තද පසුව මෙම මෙහෙයුම ඉතාමත් අසාර්තක විය. ජර්මන් යුද්ද ටැන්කි සහ වෙනත් වාහන බොහෝමයක් අත් හැර දමා පසු බැසීමට සිදු විය, මෙහි දැක්වෙන Königstiger යුද්ද ටැන්කි සියල්ලම පාහේ අත් හැර දැමිමට සිදු වුයේ යාන්ත්‍රික දෝශ මඩේ එරීම සහ ඉන්දන නොමැතිකම නිසාවෙනි.



    oder neisse line
    Oder ගන්ගාවේ අවසන් ආරක්ශක වලල්ල.1945 අප්‍රේල් මාසය වන විට නාසි පාලනයේ අවසාන යුද පෙරමුන මෙය විය. අති දැවැන්ත රුසියන් හමුදා ආක්‍රමනයෙන් බර්ලින් අත්පත් කරගැනිමට නම් මෙම ගන්ගාව තරනය කර Seelow නැමති උස් බුබියේ දෙවන ආරක්ශක වලල්ල අත්පත් කරගත යුතු විය.ඉතාමත් වෙහෙසට පත් ජර්මානු 9වන හමුදාව බර්ලින් සහ සිලොව් අතර මැදි වනන්තරයට පසුබැසිමෙන් පසු රුසියන් හමුදා දින ගනනක් ඇතුලත බර්ලින් නගරගේ පිවිසුමට ලගා විය.එහෙත් මෙම අවසන් යුද පෙරමුන අත්පත් කරගැනීමට ලක්ශයකට ආසන්න ජිවිත තොගයක් රුසියාවට අහිමි විය



    Battle of Monte Cassino 1944
    ජර්මන් Fallschirmjäger පැරශුට් බලකායේ සොල්දාදුවන් 300ක් විසින් ඇමරිකන් බ්‍රිතාන්ය සහ කැනඩා ඒකාබද්ද ආක්‍රමනයට සාර්තකව මුහුන දෙමින් සටන් කලේය.ආක්‍රමනයට පෙර ඇමරිකන් සහ බ්‍රිතාන්ය කාලතුවක්කු නාවික ශෙල් ප්‍රහාර පැය 2කට අදික කාලයක් පුරාවට ප්‍රහාල එල්ල කල අතර ගුවන් ප්‍රහාර වලින් ටොන් දහසකට ආසන්න ගිනිගන්නා සුලු බෝම්බ දැමීය.මේ වන විට ඉතිරි වී සිටි 150ක් පමන Fallschirmjäger බටයන් ගොඩනැගිලි සුන්බුන් අතරට වැදී සියලුම ආක්‍රමන වලට සාර්තකව මුහුනදීය. ඔවුන් විසින් Stugටැන්කි කිහිපයක්ද භාවිත කරමින් ආක්‍රමනික ඇමරිකන් ටැන්කි ගනනාවක් විනාශ කරන්නටද සමත් විය.අවසානයේදි ඔවුන් පසුබැස්සෙ සැපයුම් අඩු වීමත් ආක්‍රමනික හමුදා හැතැම්ම 12ක් ඇදුනු ප්‍රහාරක බලඇනියක් එවිමෙනි




    Sevastepol coastal gun
    ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවාස්ටපොල් නගරය 2වන ලෝක යුද්දයේ වැඩිම ආරක්ශාව පැවති බලකොටුව විය. රුසියන් හමුදාවන් දින 250කට වැඩි කාලයක් සියලුම ජර්මන්/ඉතාලි/රොමේනියන් ආක්‍රමන වලට මුහුන දුන්නේය. අති විශාල මිලිමිටර්305 ශෙල් නාවික තුවක්කු 2ක් වු turret 30 සහ turret 35 මැක්සිම් ගොර්කි බලකොටුවේ සිට ආක්‍රමනික ජර්මන් හමුදා අවස්තා ගනනාවකදි පසුබැස්සවිමට හැකි විය.



    Attack on Sevastopol

    ජර්මන් හමුදාවේ අති විශාල මොටාර් වන සෙන්ටිමිටර් 60 Karl-Gerät සහ ලොව මෙතෙක් මිනිසා විසින් සදන ලද විශාලම කාලතුවක්කු 2න් එකක් වූ සෙන්ටිමිටර් 80 Dora schwerer gustav වලින් පහර දීමෙන් පසු රුසියන් බලකොටුව විනාශ කිරිමට හැකි විය.

     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹත් එහෙනම් දෙවෙනි ලෝක යුද්දෙ ඩොකියුමෙන්ට්‍රි බලනව නේ..:D

    මං නම් පට්ටම ආස ඩිස්කවරි විංග්ස් එකේ ගියපු සීරීස් සෙට් එකට..:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    උඹත් එහෙනම් දෙවෙනි ලෝක යුද්දෙ ඩොකියුමෙන්ට්‍රි බලනව නේ..:D

    මං නම් පට්ටම ආස ඩිස්කවරි විංග්ස් එකේ ගියපු සීරීස් සෙට් එකට..:yes::yes:

    ඒකෙ අතරින් පතර මන් බලල තියනව, ටැන්කු මතක් කරාට බලන්න ඕනෙ කම්ප්ලිට් සෙට් එකම :yes:, air crash investigation එක බලන්න කියල හදනකොට තියනව හැට හුටාමාරක්. ඉතින් දමල ගැහුව ඔක්කොම නම් බලන්න වෙන්නෙ නෑ එකේ නම් :dull:

    වේටින් ෆො දිස් සින්හලයො !!
    :nerd: