"විඩුඩබ" කුමාරයා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    "විඩුඩබ" කුමාරයා

    "විඩුඩබ" කියන කුමාරයා ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කරන්නට යන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෘධියෙන් ඔවුන්ගේ රථ මේ ගලේ එරෙන්නට සල්ස්වපු වෙලාවේ ඇතිවූ ලකුණුයි...!!!

    ශාක්‍ය වංශිකයන් තරම් මානය නිසා හිස උදුම්මාගත් තවත් ජන කොටසක්‌ බුදුරදුන් දිවමන් කළ ඉන්දියාවේ නොසිsටි තරම්ය. බුද්ධ කාලයේ දඹදිව රාජ්‍යයන් 16 කට බෙදී තිබුණ අතර ශාක්‍ය වංශිකයන්ගේ පාලනය යටතේ පැවතියේ කුඩා ජනපදය නැතහොත් කුඩා රාජ්‍යයන්ය. එසේ වුවද, ඔවුන්ගේ කුල අභිමානය නම් කිසිසේත් සුළු පටු එකක්‌ නොවූයේය.

    නිසැක ලෙසම අතට පත් විය යුතුව තිබූ සක්‌විති රජකමත් තවුසකුව වෙසෙන කළ මහා රජවරු දෙපාමුල ප්‍රදානය කළ ඒ ඒ මහා රාජ්‍ය පදවියත් පා ගැටුණු දුහුවිල්ලක්‌ තරම් නොසළකා පිළිකෙව් කළ ගෞතම තාපසයන් වූද ලෝක සත්‍යය අවබෝධ කර තුන්ලෝකාග්‍ර තත්ත්වයට පත් සම්මා සම්බුදු රජාණන් වූද ශාක්‍ය සිංහයාණන් වහන්සේට යමා මහ පෙළහර දක්‌වන්නට සිදුවූයේද මේ ශාක්‍යයන් තුළ තිබූ පුහුමානය නිසාවෙනි.

    පසේනදී රජු බුදුරජාණන් වහන්සේට බොහෝ ගෞරව කළ මහරජකු විය. ඒ නිසාම බුදුරදුන්ගේ වංශය වූ ශාක්‍ය වංශයෙන් කුමරියක්‌ විවාහ කර ගැනීම ප්‍රසේනජිත් රජුගේ අපේක්‍ෂාව විය. එසේ වුවද කුල මානයෙන් ඉදිමුණ ශාක්‍යයෝ පසේනදී රජු අයත් කෝසල කුලය පහත් එක්‌ක යෑයි සලකන ලදී. නමුදු පසේනදී රජු බලවත් වූ බැවිනුත් තම තමන්ගේ රාජ්‍යයන් වලින් පසේනදී රජුට කප්පම් ගෙවූ බැවිනුත් රජුගේ අපේක්‍ෂාව එකහෙළාම ප්‍රතික්‍ෂේප කිරීමට ශාක්‍යයන්ට කොහෙත්ම ශක්‌තියක්‌ නොවීය.

    අවසානයේ සියලු ශාක්‍ය ප්‍රධානීන් එක්‌ව එක්‌ කූටෝපායයක්‌ යොදනු ලැබීය. එනම් මහානාම ශාක්‍යයා නිසා දාසියකගේ කුසින් උපන් වාසභ ඛත්තියා නම් කුමරිය තමන්ගේම දුවක්‌ ලෙස හඳුන්වා රජුට සරණ පාවා දීමය. පසේනදී රජුගේ අමාත්‍යයෝ ද වාසභඛත්තියාට කැමැති වූ අතර ඇය මහානාම රජු සමග එකට හිඳ ආහාර අනුභව කරනු දුටු බැවින් රජුගේ දියණියක බවත් විශ්වාස කළහ. ප්‍රතිඵලය වූයේ පසේනදී කෝසල හා වාසභ ඛත්තියා අතර විවාහය සිදුවීම වූ අතර රජු විසින් වාසභ ඛත්තියාට අග මෙහෙසිය තනතුර ප්‍රදානය කරන ලදී.

    කලක්‌ ගත විය. වාසභඛත්තියා බිසවගේ පුත් විඩුඩභ දැන් සොළොස්‌ වියෑතිය. දිනක්‌ ඒ කුමරා පිරිවරද සමග තමන්ගේ සීයා (ශාක්‍යයන්) දකින්නට ගියේය. පුරහලේදී විඩුඩභ කුමරු පිළිගෙන නිසි සැලකිලි දැක්‌වූ ශාක්‍යයෝ ඔහු පිටව ගිය පසු කුමරා හිඳගත් ආසනය ජලයෙන් සෝදා හැරියහ. ඉක්‌මනින්ම මේ පුවත විඩුඩභ කණ වැකුණු අතර කරුණු සොයා බැලීමේදී තමන් දාසියකගේ පුතකු බවද වැටහී ගියේය. බලවත් රජ කුමරකු වූ තමා හිඳගත් ආසනය ජලයෙන් සෝදා පවිත්‍ර කිරීම ගැන නයකු සේ කිපුණේය. පළි ගැනීමේ වෛරයෙන් පිරී ගියේය.

    විඩුඩභ මුලින්ම කළේ නිසි වයස්‌ එළැඹි කල කෝසළ රාජ්‍යය බලෙන්ම සියතට ගෙන මහලු ප්‍රසේනජිත් රජු සැවැත් නුවරින් පිට මං කිරීමය. වෙස්‌ වලාගෙන තම බෑණා වූ අජාසත් වෙත ගමන් ඇරඹූ පසේනදී රජු නොයෙක්‌ දුක්‌ ගැහැට විඳ අතරමග විශ්‍රාම ශාලාවකදී මරණයට පත් විය.

    පියාගේ මරණයෙන් පසු තම රාජ්‍ය බලය තවත් තහවුරු කරගත් විඩුඩභ හිතයට දැවෙමින් තිබූ පලිය ගැනීමට ශාක්‍ය සංහාරය පිණිස යාමට සැරසුණද දෙවරක්‌ම තිලෝගුරු බුදු පියාණන්ගේ මැදිහත්වීම මත එය වැළකී ගියේය. තෙවන වර බුදුරදුන්ටද කිසිවක්‌ කිරීමට ඉඩ නොතැබූ හෙතෙම තම අදහස වහා ක්‍රියාත්මක කළේය.

    විඩුඩභගේ මේ ප්‍රහාරය කොතෙක්‌ දරුණු වීද යත් පලාගිය හා යටත්ව පිහිට පැතූ ස්‌වල්ප දෙනා හැරුණවිට ළමා ළපටීන් ඇතුළු සියලු ශාක්‍යයෝ සමූල ඝාතනය කිරීමට විඩුඩභ සමත් විය. ශාක්‍යයන්ගේ ලේ ගෙන තම ආසනය සේදූ විඩුඩභ එතෙක්‌ තමා තුළ පැසවමින් තිබූ වෛරයේ පලිය ගත්තේය.

    ජයග්‍රාහී විඩුඩභ මහත් තේජසින් යුතුව ආපසු පිරිවර සහිතව තම රාජ්‍යය කරා යාමට පැමිණ රෑ බෝවුණ බැවින් අචිරවතී ගංගාව අසබඩ කඳවුර බැන්දේ පසුදා ගඟ තරණය කර විජයග්‍රාහකයකු ලෙස තම රාජ්‍යයට යාම පිණිසය. එහෙත් සිතු දේ නොම විය නොසිතූදේම සිදුවිය. එදා රෑ හිටි ගමන් මේඝ ගර්ජනා අකුණු ගැසීම් හා චණ්‌ඩ මාරුතය සහිත මහා අකල් වර්ෂාවක්‌ වහින්න පටන් ගත්තේය. ඒ මහා අකල් වැස්‌සෙන් අචිරවතී ගඟ දෙගොඩ තලා ගැලීය සැඬ පහර දරුණු විය. බිහිසුණු ඒ රැයේ ගඟ අසබඩ කඳවුරු ලා සිටි විඩුඩභ රජු සිය සියලු පිරිවරත් සමග ගඟ දියට හසු වී ජීවිතක්‍ෂයට පත් වීය.
    https://www.facebook.com/muduna
     

    paker

    Member
    Aug 24, 2014
    33
    2
    0
    මචන් මම ඔතනට ගිහින් තියෙනවා, ඇත්තටම ඔය ගල් තලාවේ ඔය සලකුණු දෙක අදටත් ඔය විදියටම තියෙනවා.

    me koheda machan?