විදග්ධකම

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඇත්තටම විදග්ධකම කියන්නේ මොකක්ද ?

ඇත්තටම විදග්ධකම කියන්නේ මොකක්ද ?

මට හිතෙන හැටියට මහා අපබ්‍රංස වචන යොදාගෙන,මහා දේශන පවත්වමින්,අසාමාන්‍ය ජීවිත ගත කරන මිනිසුන් මිනිස්සු නෙමෙයි.අමනුස්සයෝ කියලා නෙමෙයි මම කියන්නේ.ඒත් එයින් ඔවුන් සමාජයෙන් ඈත්වෙනවා.සමහරු නම් ඒකට කැමැති ඇති.සමහරු කැමැත්තෙන්ම ඈත්වෙලා ජීවත්වෙනවා.ඒ වගේම බොහෝ දෙනෙක් එසේ ඈත්වෙලා ඉන්න පුද්ගලයන් අන්ධ විශ්වාසයෙන් යුතුව මුරුංගා අත්තේ තියන්නත් පුරුදුවෙලා.මේක එක්කෝ ඒ පුද්ගලයින්ගේ වැරැද්ද.එක්කෝ සමාජයේ වැරැද්ද.

බහුතර සමාජයත් එක්ක නොගැටී,ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් නොගෙන පණ්ඩිතයන් සේ ව...ිදග්ධව ජීවත්වීමේ ඇති ඵලය මොකක්ද? කළ යුත්තේ සරලව සාමාන්‍ය සමාජය සමග දිරාපත්ව ඔවුන් සමග ජීවත්ව අසාමාන්‍ය යමක් කිරීම නෙමෙයිද ?


ඒත් තමන්ගේ හැඟීම් හිරකරගෙන,තමන්ගේ හැඟීම්බර අදහස් නොකියා,තමන්ගේම කියා පුහු ජීවන රාමුවකට කොටුව ජීවත්වන්නවුන් විදග්ධයන් ලෙසත් සරලව ජීවත් වන,විවෘත මනසක් ඇති සාමාන්‍ය මිනිසුන් විශිෂ්ට යමක් කළත් ඒවා සම්භාව්‍ය නොවන ඒවා බවට අර්ථකථනය කර බැහැර කිරීමටත් තමයි අපේ මිනිසුන් පුරුදු වී තිබෙන්නේ.මහාචාර්ය සරච්චන්ද්‍රයන් වැනි උගතුන්වත් එහෙම කළේ නැහැ.අපි හොඳින්ම දන්නා ගැමි නාටක ඔස්සේ ගැමියාගේ හුස්ම වටහා ගනිමින්,ඒ ඔස්සේ අලුත් යමක් ප්‍රදානය කරන්නයි එතුමා උත්සුක වුණෙත්.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පවා රේඛාව,නිධානය වැනි නිර්මාණ හරහා සමාජයේ සිතුම් පැතුම් හඳුනාගෙන නිර්මාණ කරන්නයි උත්සුක වුණෙත්.මෑතකාලීන උදාහරණයක් විදිහට මම හුඟක්ම ගෞරව කරන නිර්මාණකරුවෙක් තමයි බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි.සීනිබෝල කතා සංස්කෘතිය වෙනස් කරන්න මහන්සිවෙන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තමයි ඔහු.ඒත් ඔහු එකපාරම බෙහෙත් ගුලි ටික ගිල්ලවන්නේ නැහැ. සීනි ටිකකුත් තවරලා තමයි ඒක කරන්නේ.ඒත් එසේ කරපු හැටියෙම විචාරකයෝ තමන්ගේ රාමුවෙන් පිට නිර්මාණයක් විදිහට එවැනි නිර්මාණ බැහැර කරනවා.

මේ සිදුවෙන්නේ මොකක්ද ? ඔවුන්ට අනුව ඇතැම් නිර්මාණ රසවිඳීමට නිර්මාණකරුවා ළඟ තබා ගත යුතු තත්ත්වයක් නිර්මාණය විය යුතුයි. නැත්නම් සරලව කළ නිර්මාණ බොළඳ වැඩියි.මොකද සාර්ථක, සරල නිර්මාණ කලින් කී ආකාරයේ විදග්ධයන් විසින් බැහැර කරනු ලබනවා.අනික ඔවුන්ට අනුව බොහෝ වෙලාවට නිතර නෑසෙන,චිත්‍රපට ශාලාවල පෙන්නන්න බැරි, නාට්‍ය ශාලාවක පෙන්නන්න බැරි නිර්මාණ තමයි සම්භාව්‍ය ගණයට ගැනෙන්නේ.මට හිතෙන්නේ මේක නිර්මාණකරුවන්ගේ වගේම විචාරකයන්ගේත් විශාල චින්තනයේ ගැටලුවක්.
 
Last edited: