විද්‍යාත්මක චින්තනයක් තිබුන ශාස්තෲවරයා කවුද?

අදටත් වලංගු දර්ශනයක් තිබුනේ කාටද?

  • පූර්ණ කස්සප

    Votes: 1 6.3%
  • මක්ඛලී ගෝසාල

    Votes: 0 0.0%
  • පකුධ කඤචායන

    Votes: 1 6.3%
  • අජිත කේශ කම්බලී

    Votes: 3 18.8%
  • සංජය බෙල්ලට්ඨි පුත්ත

    Votes: 3 18.8%
  • නිගන්ඨනාථ පුත්ත

    Votes: 8 50.0%

  • Total voters
    16

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපුටා ගැනීම කොහෙන්ද කියලවත් දාපන්...
    මේව ඉතිහාස කතානෙ. බුද්ධිමය දේපල නෙවෙයි.

    අජිත මරණින් මතු උප්පත්තියක් නැහැ කිව්වෙ පරීක්ශා කරන්න තියන සේරම පරීක්ෂා කරලද?
    පරීක්ෂණ නිරීක්ෂණ නිගමන හැමවිටම සාර්ථකද?
    විද්‍යාත්මක ක්‍රම දියුණු වන විට නිරීක්ෂණ නිගමන වෙනස් වෙන්නෙ නැත්ද?
    අදටත් මැරුනට පස්සෙ මොකද වෙන්නෙ කියල පරීක්ෂණයකින් පෙන්නන්න බෑනෙ. විද්‍යාවෙන් දැනට පිලිගත්ත මතය මොකක්ද?
    ------ Post added on Jul 20, 2021 at 12:02 AM
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama

    විද්‍යාත්මක චින්තනයක් තිබුන ශාස්තෲවරයා තිස්ස ජනනායක සර් නේද?

     
    • Haha
    Reactions: topkollek

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mahavir-1024.jpg


    1626727021913.jpeg


    1626727041592.jpeg


    depositphotos_352684714-stock-illustration-tirthankar-mahavir-statue-sitting-position.jpg



    ටිකක් බුදු පිළිම වගේ නේද?
    නෑ, මේ මහාවීර පිළිම.
    අදටත් තියෙන දර්ශන අතුරෙන් බුදුදහමට කිට්ටුම දර්ශනය කිව්වොත් හරි.
     
    • Wow
    Reactions: Udee KJ

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙහෙමයි ඔය ඔක්කොම විස්තර තියෙන්නෙ බෞද්ධ සූත්‍ර වලනෙ.ඒ නිසා ඕවගෙ තියෙන්නෙ බුද්ධ ධර්මයට සාපේක්ෂව තමා ඔය දර්ශනයන් අර්ථ දක්වලා තියෙන්නෙ.ඒ හැම එකක්ම බුදුන්ගේ විවේචනයටයි ලක් වුනේ.අගය කිරීමට නෙවෙයි.ඒ නිසා ඒ දර්ශනයන් ගැන හරිම දේවල් ඔය සූත්‍ර වල ඇති කියල හිතන්න බෑ.ඒ දර්ශන ගැන ලියවිලා තියෙන පොත් වලින් තමා හරියටම කියන්න පුලුවන් වෙන්නේ.
    මෙතන තියෙන ඒවගෙන් මම හිතන්නේ අජිත කේසකම්බලගෙ දර්ශනයට මට එකඟ වෙන්න පුලුවන්.

    මේකත් ඇත්ත. චාර්වක දර්ශනයේ තොරතුරු අපිට ගන්න තියෙන්නෙ ජෛන සහ බෞද්ධ අකවුන්ට් වලින්.


    චාර්වක දර්ශනය ගැන හැඳින්වීමක් ඔය.
     
    • Like
    Reactions: lovethebomb

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ලොල්. අජිතගෙ දර්ශනයෙ මේ ටිකවත් කියෙව්වනම් හරි.

    Charvakas further state that full knowledge is reached when we know all observations, all premises and all conditions. But the absence of conditions, state Charvakas, can not be established beyond doubt by perception, as some conditions may be hidden or escape our ability to observe.

    ඕපී ටොප් කොල්ලගෙන් ඔය උඩ කෑල්ල ගැන අහුවම මට හිතල බලන්නලු.


    They acknowledge that every person relies on inference in daily life, but to them if we act uncritically, we err. While our inferences sometimes are true and lead to successful action, it is also a fact that sometimes inference is wrong and leads to error.Truth then, state Charvaka, is not an unfailing character of inference, truth is merely an accident of inference, and one that is separable. We must be skeptics, question what we know by inference, question our epistemology.

    වෙල්කම් ටු ද වර්ල්ඩ් ඔෆ් ෆිලෝසොෆිකල් ස්කෙප්ටිසිසම්.:)

     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේව ඉතිහාස කතානෙ. බුද්ධිමය දේපල නෙවෙයි.


    අදටත් මැරුනට පස්සෙ මොකද වෙන්නෙ කියල පරීක්ෂණයකින් පෙන්නන්න බෑනෙ. විද්‍යාවෙන් දැනට පිලිගත්ත මතය මොකක්ද?
    ------ Post added on Jul 20, 2021 at 12:02 AM

    අද තියන ප්‍රසිද්ධ විද්‍යාවෙන් නම් කොහොමද දන්නෑ. මොහොතක් මොහොතක් පාසා අපි මැරි මැරි උපදිනවා කියන එක තමා මගේ විශ්වාසය. මෙහෙම බලන්නකො, අපිට අපි කවුද ලෝකය මොකද්ද කියලා දැනගන්න ඉන්ද්‍රියන් පහ තමා තියෙන්නෙ. ඉන්ද්‍රියන් පහෙන් මොකක් හෝ එකකින් "ඉන්පුට්" අරං ඊලඟ ඉන්පුට් එකට යනවා කියන්නෙ කලින් ගත් "ඉන්පුට්" එක නැතිවෙලා ගිහිං. මම කියාගන්න "ග්‍රීන්තන්ඩර්" කියන්නෙම ඔය ඉන්පුට් රාශියකට.

    ඇහෙන් ඉන්පුට්, කනෙන් ඉන්පුට්, නහයෙන් ඉන්පුට්, දිවෙන් ඉන්පුට්, මනසින් ඉන්පුට් ශරීරයෙන් ඉන්පුට්.

    ඔන්න ඔය ටිකේ සම්ටෝටල් එකට තම " මමයි ග්‍රීන්තන්ඩර්" හෝ "මමයි ටොප්කොල්ලා" කියලා හිතෙන්නෙ. ඔය එක ඉන්පුට් එකක් ඇතිවෙලා නැතිවෙලා තමා ඊලඟ ඉන්පුට් එක ගන්නෙ. එතකොට ඔය ඉන්පුට් දෙකක් අතර තියෙන්නෙ මොකද්ද?

    1)දෙකක් අතර කාලයක් නැතිද?
    2)ඉන්පුට් එකක් මැරිලා ඊලඟ ඉන්පුට් එක උපදිනවද?
    3)දෙකක් අතරදි නින්ද ද?

    (2) පිලිගන්න පුලුවන්නම් (තාවකාලිකව විවෘත මනසකින් හිතාබැලීම උදෙසාවත් පිලිගන්නවත් පුලුවන්නං) අපි මොහොතක් මොහොතක් පාසා මැරි මැරි උපදිනවද...එහෙමනම් ජීවිතකාලයක් පුරාවට මැරි මැරි ඉපදුන එකේ සම්මුති මරණයෙන් (කය සීතල වෙලා ඇඟ වැඩ නොකිරීම) පස්සෙත් ඕක සිද්ද නොවෙයි කියලා ඒකාන්තව කියන්න පුලුවන්ද?

    PS: මේක බුදුදහමටවත් වෙනත් ආගමකට වත් ඇඳගන්නෙ නැතිව හිතල බලන්න...


    ඔයිට අමතරව ඇඟ සීතල වෙලා මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියලා තමන්ටම පරීක්ෂා කරන්නත් ක්‍රම තියනවා. ඒවා අද තියන ප්‍රසිද්ධ විද්‍යාව විසින් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. නමුත් තමන්ටම කරල බලලා තමන්ම ප්‍රත්‍යක්ශව දැනගත හැකි ක්‍රම. ඒ ක්‍රම වලත් පරිපූර්ණත්වය පිලිබඳ ගැටළු එන්න පුලුවන්. ඒ නිසා තමා ත්‍රෙඩ් එකේ මුලින්ම මම රිප්ලයි කරද්දි මතුකරපු "වෙනස් නොවෙන" පරිපූර්ණ දැනුමක අවශ්‍යතාවය මතුවෙන ප්‍රශ්නයක් ඇහුවෙ....

    සරලව කිවහොත් නිවැරදි පූර්ණ දැනුමක් ප්‍රකාශ කරන්න, "සර්වඥභාවය" හෝ "බුද්ධ" කියන ස්වභාවයේ අත්‍යාවශ්‍ය බව. සර්වඥ බව නොලබා මෙටපිසිකල්, එපිස්ටමෝලොජිකල් හෝ එතිකල් දැනුමක් ප්‍රකාශ කරීම ඇප්‍රොක්සිමේට් සත්‍යක්. වැරදි නැහැ නමුත් නිවැරදිමයී කියලා ඒකාන්තව ප්‍රකාශ කරන්න බැහැ.


    I think Nagarjuna went way past all of them. Perhaps even Buddha but that's contentious.
    I too agree. I've been meaning to read Ven. Nagarjuna for quite a while but could not find an appropriate (not so dense) book. All my knowledge of shunyata comes from the works of Venerable K. Nanananda. Could you recommend an introductory book to Nagarjuna and Madhyamika? Thanks.
    ------ Post added on Jul 20, 2021 at 5:36 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mahavir-1024.jpg


    View attachment 135893

    View attachment 135894

    depositphotos_352684714-stock-illustration-tirthankar-mahavir-statue-sitting-position.jpg



    ටිකක් බුදු පිළිම වගේ නේද?
    නෑ, මේ මහාවීර පිළිම.
    අදටත් තියෙන දර්ශන අතුරෙන් බුදුදහමට කිට්ටුම දර්ශනය කිව්වොත් හරි.
    බුදුදහමට කිට්ටු දහම නෙවෙයි මේ හොයන්නෙ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    View attachment 135882

    තමන්ගෙ එක තමා ලොකුම කියල හිතන් ඉන්න අය ඔහොම හිතුවට ඕන නම් බුදු හාමුදුරුවො දාන වලින් බුදුන්ට,හාමුදුරුවන්ට දෙන දාන කන්න නැති මිනිහෙක්ට දෙන දාන වලටත් වඩා පලදෙනව කියල කීවෙ තමන්ට හොඳම දේවල් කන්න ආසාවෙ කියලත් කාටහරි කියන්න පුලුවන්.තමන් මොකක් හරි ඇදහුව පලියට අනිත් ශාස්තෲ වරු මෙලෝ ලබ්බක් නොදන්න අය කියල කියන්න අයිතියක් නෑ කාටවත්.මිනිස්සුන්ගෙ විශ්වාසනෙ
    මේ කතාව ඇත්ත.
    හැබැයි අජිත කේශකම්බිලි අමුතුවෙන් ඉදිරිපත් කරපු දර්ශනයක් නෑ. ඔහුගේ දර්ශනයේ අධ්‍යනය කරන්න දෙයකුත් නෑ. සමහර ගම්වල හොර කසියා පෙරන එවුනුත් මෙලෝ හසරක් නොදැන කියන කතාවම තමයි අජිත කේශකම්බලීගේ ඉගැන්වීම.
    අනුන් ගැන නොතකා ඉන්නකන් සැපේ ඉන්න එක.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අජිත කේසකම්බලි

    බ්‍රාහ්මණ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම විවේචනය කරන මොහු ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරන්නෙකු විය. තමන් උපන් ගෝත්‍රය අනුව අජිත යන නමත් කෙස් වලින් තනාගත් ඇදුමක් ඇද සිටි බැවින් කේසකම්බලි යන නමත් එකතුවී අජිත කේසකම්බලී යන නාමය මොහුට පටබැදී ඇත. මරණින් මතු නැවත උපදීමක් නැත යන සංකල්පය පෙරදැරිකරගත් උච්ඡේදවාදයත්, භෞතිකවාදයත්, අකිරියවාදයත්, දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිකවාදයත් මොහුගේ ප්‍රධාන දාර්ශනික ඉගැන්වීම් වේ.

    අජිත කේසකම්බලිගේ ඉගැන්වීම් අනුව සත්වයා නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගේ එකතුවෙනි. එසේ සකස්වූ පුද්ගලයා යම් දවසක මියගිය විට ඔහු සැකසී තිබූ සතර මහා භූතයින්ට අයත් ධාතූන් භාහිර ධාතුන් හා එකතුවෙයි. හොද නරක පැමිණෙන්නේ සොහොන් කොත දක්වා පමණි. යාග පූජාදිය කිරීමෙන් පළක් නැත. කර්මය ගැන හා කර්ම විපාක ගැන කථාකිරීම සම්ප්‍රප්ලාපයකි. නැවත ඉපදීමක් නැත

    අජිත කේසකම්බලි

    බ්‍රාහ්මණ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම විවේචනය කරන මොහු ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරන්නෙකු විය. තමන් උපන් ගෝත්‍රය අනුව අජිත යන නමත් කෙස් වලින් තනාගත් ඇදුමක් ඇද සිටි බැවින් කේසකම්බලි යන නමත් එකතුවී අජිත කේසකම්බලී යන නාමය මොහුට පටබැදී ඇත. මරණින් මතු නැවත උපදීමක් නැත යන සංකල්පය පෙරදැරිකරගත් උච්ඡේදවාදයත්, භෞතිකවාදයත්, අකිරියවාදයත්, දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිකවාදයත් මොහුගේ ප්‍රධාන දාර්ශනික ඉගැන්වීම් වේ.

    අජිත කේසකම්බලිගේ ඉගැන්වීම් අනුව සත්වයා නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගේ එකතුවෙනි. එසේ සකස්වූ පුද්ගලයා යම් දවසක මියගිය විට ඔහු සැකසී තිබූ සතර මහා භූතයින්ට අයත් ධාතූන් භාහිර ධාතුන් හා එකතුවෙයි. හොද නරක පැමිණෙන්නේ සොහොන් කොත දක්වා පමණි. යාග පූජාදිය කිරීමෙන් පළක් නැත. කර්මය ගැන හා කර්ම විපාක ගැන කථාකිරීම සම්ප්‍රප්ලාපයකි. නැවත ඉපදීමක් නැත
    ------ Post added on Jul 20, 2021 at 2:34 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මේ ශාස්තෘවරු ඔක්කොම එකම කාලේ හිටියේ ඇයි? මෙයාලට කලින් මේ වගේ අය ඉදලා නැද්ද