විද්‍යාත්මක චින්තනය සහ බෞද්ධ දර්ශනය
ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ
බෞද්ධ දර්ශනය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
පිටිගල විජිත නා හිමි
ශ්‍රී සම්බුද්ධ දේශනාව නවීන විද්‍යාත්මක චින්තනය සමග තුලනාත්මකව අධ්‍යයනය කිරීමට අද බොහෝ දෙනා පි‍්‍රය කරති. එම පෙළඹවීම තුළින් ප්‍රකට වන එක් කරුණක් නම් විද්‍යාත්මක චින්තනය සමග බුදුසමයේ ඇතැම් දාර්ශනික සංකල්ප හා පවතින සැබැඳියාව යි. එහෙත් ආරම්භයේ දීම අවධාරණය කළ යුතු කරුණක් නම් සමතාවන් මෙන් ම විෂමතාවන්ද විද්‍යාමන වන බවයි.
ඇතැම් කරුණු අහස හා පොළොව මෙන් අතිශයින් දුරස්ථ වේ. එබැවින් විද්‍යාත්මක කරුණු සමඟ බුදුසමය “ අධ්‍යයනය කිරීමේ දී ප්‍රවේශම් විය යුතුය. මන්ද යත්? විද්‍යාඥයාගේ ඥානය සහ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයත් දෙමඟක් ඔස්සේ ගමන් කළ ඥාන මාර්ග වන බැවිනි. කෙසේ වෙතත් ඇතැම් නවීන විද්‍යාත්මක කරුණු සමග බුදුසමයේ ඇති සාම්‍යත්වය සුළුපටු නොවේ. මෙවන් ප්‍රවණතාවක් විද්‍යාමාන වන්නේ කවර හෙයින් දැයි පරික්‍ෂා කළ යුතුය.
විද්‍යාත්මක චින්තනය සඳහා උපයෝගී කර ගන්නා ලද විද්‍යාත්මක විධි ශාස්ත්‍ර පිළිබඳ ප්‍රථමයෙන් අවධානය යොමු කරමු. විද්‍යාත්මක විධි ශාස්ත්‍ර යනු විද්‍යාවන් ගොඩනැගීමට ඉවහල් කර ගන්නා ක්‍රම වේදයයි. මෙම ක්‍රමවේදය ඒ ඒ විෂය ක්ෂේත්‍රයනට අනුව වෙනස් වේ. උදාහරණයක් දක්වතොත් ස්වාභාවික විද්‍යාවන්හි භාවිත වන විද්‍යාත්මක ක්‍රම, සමාජීය විද්‍යාවන්හි භාවිත කරන විද්‍යාත්මක ක්‍රමයට වඩා වෙනස් වේ. විද්‍යාත්මක ගවේෂණයේ මූලික පියවර පහත සඳහන් වේ.
නිරීක්‍ෂණය
විද්‍යාත්මක ගැටලු
උපන්‍යාස සොයා ගැනීම
පරීක්‍ෂණය
නිරූපන අවධිය , විද්‍යාත්මක රීති ගොඩනැගීම ,
සත්‍යෙක්ෂණ අවධිය
මේ අනුව විද්‍යාත්මක ගවේෂණයේ මුලික පියවර වන්නේ නිරීක්ෂණයයි. විද්‍යාත්මක නිරීක්ෂණය උපකරණ හා ආකල්පයන් මගින් සිදු කරනු ලැබේ. අන්වීක්ෂය, දුරේක්ෂය වැනි උපකරණ භාවිතයෙන් විද්‍යාඥයා නිරීක්ෂණ කාර්යයෙහි යෙදෙයි. ඉන්ද්‍රිය ඥානයට මෙහිලා ඉඩක් නැති බව මෙමගින් මනාව ප්‍රකට වේ. චක්ඛු සෝතාදි ඉන්ද්‍රියයන් මගින් ලබන ඥානයේ විවිධ ඌනතා පවතින බැවින් යමක් පිළිබඳ සත්‍ය ඥානය උපදවා ගත නොහැකි බව විද්‍යාඥයෝ පවසති. තර්ක බුද්ධිය තුළින් උපකරණ භාවිතයෙන් උපදවා ගන්නා ලද ඥානය විද්‍යා ඥානයයි. යථෝක්ත පරිදි නිරික්ෂණ කාර්යයෙහි යෙදෙන විද්‍යාඥයාට වුවද වරදින් අවස්ථා නැත්තේ නොවේ. අනිරීක්ෂණය හෝ දුරනිරික්ෂණය එයට හේතු හේතු වන බව පෙන්වා දෙයි.