විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_01කොටස

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_01කොටස

    විද්‍යාව බුදුදහම පරිනාමවාදය 01 කොටස​
    ග්ගඤ්ඤ සූත්‍රය දීඝ නිකායේ සදහන් වන සූත්‍ර දේශනාවකි. මෙහි නම විග්‍රහ කරන්නේ නම් එහි සන්ස්කෘත රූපය සැලකීමෙන් පහසු කර ගත හැකිය එය නම් අග්‍රඥයයි. මෙහි අර්ථය නම් උතුම් ඥාණය , මූලය පිළිබද දැනුම යන්නයි. බුද්ධ කාලීන සමාජයේ මේ වචනය ලෝකෝත්පත්ති වන්ශ කථාව හැදින්වීමට යොදාගැණින. ඒ සමයේ පැවති සියලුම දර්ශනයන්ගෙන් මෙම අග්ගඤ්ඤය ඒවාට අනන්‍ය ලෙස විස්තර කෙරිණ. නිර්මාන වාදි දර්ශනයන් විසින් සර්වබලධාරි දෙවියෙකු විසින් ( බ්‍රහ්මන් ) මේ ලෝකය සැලසුම් කර නිර්මාණය කරනු ලැබූ බව විවිධ ප්‍රති සන්ශෝදන යටතේ වේද , පුරාණ හා උපනිශද් ග්‍රන්ත වල රචනා විය. වෙනත් ආකාරයේ අග්ගඤ්ඤයන් රැසක්ද බිහි වී තිබුණි.

    135.jpg

    බුදු රජාණන් වහන්සේගේ අරමුන වූයේ මේ ලෝකයේ ආරම්භය පිළිබද තතු ලොවට හෙලි කිරීම නොවේ. මේ ලෝකයෙන් නිදහස් වීමේ විමුක්ති මාර්ගය දේශනා කිරීමය. මාලුන්ඛ්‍ය පුත්ත සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ආරම්භය පිළිබද අසන්නාවූ ප්‍රශ්න අව්‍යාකෘත යැයි දේශනා කල සේක.දීඝ නිකායේ පාථික සූත්‍රයේ සුනක්ඛත්ත නම් උපැවිදි වූ භික්ෂුව තමා උපැවිදි වීමට හේතුව ලෙස ත්ථාගතයන් වහන්සේ උතුරු මිනිස් දමින් ඉදු පෙලහර නොදක්වීම හා අග්ගඤ්ඤය දේශනා නොකිරීම ලෙස දක්වයි. මෙය ප්‍රතික්ෂේප කරනබුදුරජාණන් වහන්සේ තමා නොයෙක් වර ඉදු පෙළහර දැක්වූ අයුරුත් අග්ගඤ්ඤය දෙසූ අයුරුත් පහදා දුන් සේක .සැබවින්ම දස අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු ත්‍රිපිටකයේ සදහන්වේ. අග්ගඤ්ඤ සූත්‍රය දීඝ නිකායේ 27 වන සූත්‍රයයි. පාඨකයන් එය කියවීම අත්‍යවශ්‍යය. මෙම ලිපියේ අරමුණ නම් මෙම විග්‍රහය වත්මන් දැනුම සමග සැසදීමයි. එනිසා සූත්‍රය යලි මෙහි සදහන් කරනු නොලැබේ.

    එහෙත් සූත්‍රය වඩාත් පැහැදිළි වනු පිණිස අතිරේක විස්තරයක් සිදු කරමි.

    ඉතා දීර්ඝ කාලයක් ගිය පසු මේ ලෝකය විනාශ වේ . මෙය සත්ත සුරියොද්ගමන සූත්‍රයේ සදහන් වේ. මේ ගැන වෙනත් ලිපියක් පළ කිරීමට අපේකෂා කරමි. එසේ විනාශ වන විට මිනිස් ලොව ,දෙව් ලොව, නිරය හා ප්ලමු බඹ තලයද විනාශ වේ. දෙවන බඹ තලයේ සිට විනාශ නොවේ. එන්සා සත්වයන්ගේ උත්පත්තිස්ථානය වශයෙන් ශේෂ වන පහළම ස්ථානය නම් ආභස්සර ලෝකයයි. එනිසා සතුන් බහුල ලෙස මෙහි ඉපදීම සිදුවේ. ඒකත්ථ කාය නානත්ථ සන්ඥා ලෝකයක් වන ආභස්සර ලෝකයේ උපන් සියලු සතුන් එකම ස්වභාවයකින් යුක්ත වේ. එසේම ඔවුන් සියලු දෙනාම ආභස්සර කායික කය පැවැත්වීම පිණිස එකම ආහාරය වන ප්‍රීතිය අනුභව කරයි.මෙලෙස ඉතා දීර්ඝ කාඅලයක් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වයන් වාසය කරද්දි ලෝකය යලිත් ජීවයට උචිත ලෙස සැකසීම සිදුවේ. එවිට පළමු ආභස්සර කායික සත්වයන් මේ ලෝකයට පැමිණීම සිදුවේ. ඔවුන් " ස්වයම්ප්‍රභාය, අන්තරීක්ෂ චරය, ප්‍රීති භක්ෂකය." එනම් මෙම පළමු සත්ව පර්ෂදය සම්පූර්ණයෙන්ම බ්‍රහ්ම ස්වභාවයෙන් යුතුය.

    Universe.jpg

    මෙතැන් සිට මේ සූත්‍ර ධර්මය එකින් එක විද්‍යාත්මකව පහදනු ලැබේ. හැකිනම් සූත්‍රය කියවමින් මෙය විශ්ලේෂණය කරන්න.

    ඇතැම් අය බුදු දහම හා විද්‍යාව සැසදීම ප්‍රිය නොකරති . මමද එසේය. නමුත් එයට බිය විය යුතු නොවේ. විද්‍යාව යනු සන්විධානය කරනු ලබන මනුෂ්‍ය බුද්ධිය වේ. එය තව දුරටත් සන්වර්ධනය වන්නකි. බුදු දහම මනුෂ්‍යයන් අතරින් පහළ වූවකි. එනිසා බුදු දහම තේරුම් ගැනීමට ඇති හොදම මාර්ගය නම් වත්මන් විද්‍යාව පිළිබද බහුශෘත භාවය ඇති කර ගැනීමය.
    දැන් මදකට මේ ලෝකයේ ජීවින්ගේ පහළ වීම පිළිබද විද්‍යාත්මක විග්‍රහයට හැරෙමු.
    අතීතයේ සිටම නොයෙක් විද්‍යාඥයන් ලොව ජීවින් බිහි වීම ගැන විවිධ අර්ථකථන පළ කළ අතර ඇරිස්ටෝටල් ගේ මතය වූයේ අජීවී දැයින් ජීවය හට ගත් බවයි. ඊට නිදසුන් ලෙස ඔහු නෙළුම් මල් වලින් හන්සයන් හා පැරණි රෙදි කුණු වලින් මීයන් උපදින බව පැවසීය. දීර්ඝ කාලයක් පිළි ගැණුනු මේ මතය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ලුවී පාස්චර් විසින් පෙන්වා දෙන ලදී. ඔහු මෙය අසත්‍යයක් ලෙස පෙන්වා දුන්නේ සුප්‍රකට හන්ස නල පරීක්ෂාවෙනි. එමගින් ජීවින් ඇතිවන්නේ කලින් සිටි ජීවින්ගෙන්මයැයි ඔප්පු කරන ලදී.

    මින් පසු යළිත් මෙලොව පළමු ජීවින් බිහි වූයේ කෙසේ දැයි ගැටලුවක් ඇති විය. මෙයට ආලෝකයක් ලබා දීමට සුප්‍රකට විද්‍යාඥ යූරි හා මිලර් ගේ පරීක්ෂණය සමත් විය . එයින් සනාථ වූයේ ආදි පෘථුවි වායු ගෝලයේ තත්ව යටතේ ජීව අණු වර්ග වන ලිපිඩ, කාබෝහයිඩ්‍රේට හා ඇමයිනෝ අම්ල ආදිය නිර්මාණය වූ බවත් ලිපිඩ පටල වලින් වටවුණු ක්ෂුද්‍ර ගෝලිකා ( කොඇසවේට ) න්‍යෂ්ටික අම්ල වල එක් වීමෙන් විභාජනය වීමේ හැකියාව ලබා ගත් බව්ත්ය, එසේම මේ කොඇසවේට මගින් ප්‍රථම ප්‍රාග් න්‍යෂ්ටික සෛල පරිණාමය වූ බව අද පිළිගනී. මෙය ජෛව රසායණික පරිණාමවාදයයි(Biochemical evolution ). පලමු ජීව සෛල බිහිවූ බවට විශ්වාස කරන්නේ මීට වසර බිලියන 3.5 ට පෙරය. මේ විද්යාත්මක කාල නිර්ණය ගැන පසුව පහදා දෙමි. මෙම ලිපියෙන් අග්ගඤ්ඤ සූත්‍රය හා විද්‍යාවේ ගැළපීම් පහත අයුරින් පහදා දෙමි.

    1) ප්‍රථම ජීවින්ගේ ස්වභාවය​

    koersuvat-850x500.jpg

    විද්‍යාව අනුව ප්‍රථම ජීවි පොසිල හමු වන්නේ යම් කලකද එසේ පොසිල ඇති වන්නේ ඇයිදැයි පළමුව දැන ගැනීම සුදුසුය. පොසිල යනු අතීත ජීවින්ගේ පාෂානිභූත ශරීර කොටස් හෝ ශරීර ලාන්ඡන වේ. මේවා ඇති වන්නේ ඝණ සිරුරු ඇති ජීවින්ගේ පමණි. ඒ අනුව විද්යාවෙන් පැවසෙන්නේ ඝන සිරුරු ඇති ජීවින් වසර බිලියන 3 ට පමණ පෙර සිටි බවය. ඒ අනුව ආභස්සර කායික සුකුම ජීවින් පොසිලභවනය විය නොහැකි බව වැටහෙනු ඇත. විද්‍යාවෙන් පහදා දෙන පලමු ජීවින් හා ආභස්සර කායිකයන් අතර සසදීම පහත පරිදිය.

    pXjgqNT.png

    NtdHfyt.png

    එසේම ආරම්භක ජීවින් මෙලොවම සාගරයේ බිහිවූයේය යන මතය අද විවාදයට තුඩු දී ඇත.
    කොස්මොසොයික වාදයට අනුව සන්විධානය වූ ජීවින් උල්කා හරහා පොළොවට පැමිණ පරිනාමය සිදු විය.එහෙත් මෙය බුදු දහමේ ඉගැන්වෙන දෙය නොවන බව හොදින් සිහි තබා ගත යුතුය.

    Bioluminescence-in-jellyfish.jpg

    බොහෝ කාලයක් ජීවත් වෙයි යනුවෙන් ප්‍රථම ජීවින් ගැන සදහන් කර තිබීමද විද්‍යාවට අනුව පිලිගත හැකිය. ඉතා සරලාකාර ජීවින් අති දීර්ඝ කාලයක් ජීවත් වෙයි. මෙය වර්තමානයේද දැකිය හැකිය. ඒක සෛලික ප්‍රොටොසෝවාවන් මෙන්ම බැක්ටීරියාද අලින්ගික ප්‍රජනනයේ ද්විඛණ්ඩනය හා කඩකඩ වීම මගින් වර්ධනය වේ. මෙහිදී එක සත්වයෙකුගෙන් සත්වයන් රැසක් ඇති නොවේ. ක සත්වයෙකුගෙන් සත්වයන් රැසක් ඇති වීම අභිදර්මානුකූලව කිසිසේත් සිදුවිය නොහැක්කකි. මේ එකම සත්වයෙකි. ඒ සත්වයාගේම ගෙනෝමය සුරක්ෂිත වේ . ඇතැම්හු ලෝකාරම්භයේ සිට මේදක්වාත් කිසිදු පරිණාමයකට ලක්ව නැත. එනම් ජීව විද්‍යාත්මකව ඔවුන්ගේ ආයුෂය එපමණම වේ.

    ප්‍රීති භක්ෂකතාවය වටහා ගැනීමට අද ලෝක සත්වයන් අනුභව කරන ආහාර සළකා බලමු. ආහාර යන වචනයේ අර්ථය නම් බාහිරින් ලබාගත් යන්නයි. ශරීර පැවැත්ම පිණිස බාහිර ලෝකයෙන් ලබාගන්නා දේ ආහාර නම් වේ. මිනිසුන් බත් ආදි දේ වළදන්නේ යම්සේද සියලු සතුන්ද ආහාර ලබා ගනී .
    මේ ආහාර වර්ග 4 කි. එයින් කබලින්කාහාරය මෙයින් අදහස් වේ. කබලින්කාහාරයේ ප්‍රභේද 2 කි එනම් ඕලාරික හා සුකුම ආහාරයි. ඕලාරික යන්නෙන් සාමාන්‍ය සතුන් මිනිසුන් හා දෙවි වරුන්ගේ ආහාරත් සුකුම යන්නෙන් උසස් දෙවි වරුන්ගේ ආහාරයත් විස්තර වේ. අටුවාවේ දක්වා ඇත්තේ මෙලෙසය.

    "කිඹුලන්ගේ අහාරය රූක්ෂය ඊට වඩා මොණරුන්ගේ ආහාරය සුකුමය. ඊට වඩා වලසුන්ගේ ආහාරය සුකුමය, ඊට වඩා ඇතුන්ගේ ආහාරයද ඊටත් වඩා ගවයන්ගේ ආහාරයද සුකුමය. පක්ෂීන්ගේ ආහාරය මීට වඩා සුකුමය, සාවුන්ගේ ඊටත් සුකුමය,ඊට වඩා ප්‍රත්‍යන්ත මිනිසුගේ ආහාර සුකුමය. ඊට වඩා රජුන්ගේ ආහාරය සුකුමය, ඊටත් වඩා චක්‍රවර්ති රජුන්ගේ ආහාර සුකුමය. සක්විති රජුන්ගේ ආහාරයට වඩා සිව්මහරජ වැසි දෙවියන්ගේ ආහාරයද ඊට වඩා පිලිවෙලින් තව්තිසා සිට පරනිම්මිත දෙවියන් දක්වාද ආහාර සුකුම වේ".

    මේ විස්තරය කබලින්කාහාරය ගැනය. ආහාර ප්‍රඥප්තියෙන් විස්තර වෙන විඥාණාහාර, ඵස්සාහාර හා මනෝ සන්චේතනාහාර ගැන වෙනත් ලිපියකින් දැනුවත් කෙරෙනු ඇත.

    විද්යාවට අනුවද මෙය සත්‍ය බව පෙනේ. මිනිසුන්ට දැව වැනි ගොරෝසු ආහාර ගත නොහැක. මන්ද මේවායේ ඇති සෙලියුලෝස් ජීරණයට අවශ්‍ය සෙලියුලේස් එන්සයිමය මිනිස් ජීරන පද්ධතියේ නැති නිසාය. සෙලියුලෝස් ග්ලූකෝස් බහුඅවයවිකයකි. ඒත් මිනිසාට හැක්කේ පිෂ්ටය ජීරනය කර ග්ලූකෝස් ලබාගැනීමටය. වේයා වැනි සතුන්ට මෙවැනි ඝණ ආහාර ගත හැක්කේ ඔවුන්ගේ අන්ත්‍රයේ සහජීවිව වෙසෙන ට්‍රයිකොනිම්ෆා( Tryconympha ) වැනි ක්ෂුද්‍රජීවින් එම එන්සයිමය ස්‍රාවය කරන නිසාය. වදුරන්ටද ගස් පොතුවල සෙලියුලෝස් ආදි දේ ආහාර කරගත හැකියදෙව් ලොවටත් වඩා සියුම් ආහාර බ්‍රහ්මයන් පරිහරනය කරයි. දෙවන බඹ තලයේ එය ප්‍රීතියයි. ප්‍රීතිය මනෝ සන්චේතනාහාරයක් නොවේ . කබලින්කාහාරයක් වේ. ඇතම් සූත්‍ර වල තමා ගේ ප්‍රීතිය පමනක් නොව අන් අයගේ ප්‍රීතියද භක්ෂනය කළ හැකි දෙවි වරු ගැන සද්හන් වේ. මෙය වත්මන් දැනුමින් ඔබ්බෙහිය . විෂම පෝෂණය හා ස්වයම්පෝෂණය අතරින් ස්වයම්පෝෂණයකි. මුල්කාලයේ හිරු එලිය නොතිබුණි එනිසා ප්‍රභා ස්වයන්පෝශීන් නොසිටියහ. පළමු ජීවින් විෂම පෝශීන් වන්නේ ආදි සූපයෙන් ආහාර ලබාගත් නිසාය. ඊට පෙර ඔවුන් කවුරුන්දැයි විද්‍යාවට සොයා ගත නොහැක. ප්‍රීතිය අනුභව කල සතුන් පෘථිවි රසය ලෙව කෑම මේ සන්සිද්ධියයි.

    2) පෘථිවි රසය.​

    souplarge.jpg

    මෙය කුමක්දැයි සූත්‍රයේ විස්තර වන දේ මද බැවින් විස්තරයක් කරමි. සූත්‍රයට අනුව මෙය පිළව් නැති දඩුවැල්බෑ මීයක් මෙන් වර්ණ සටහනෙන්ද රසින්ද යුතු වූ සමුද්‍රය මස්තකයේ යොදයක් මෙන් බැදුණු ආහාර රූප ගහණ ද්‍රව්‍යයකි. සතුන්ගේ ලෝභය නිසා මෙය අතුරුදහන් විය. මෙය අනුභව කිරීමෙන් සත්ව සිරුරු ඝණ බවටත් වෙනස් බවටත් පත් විය.මුලින් එකම ස්වරූපයක් වූ සත්වයන් සම්පූර්නයෙන් වෙනස් ස්වරූප ගත් බවත් ඇතැම් සතුන් තමන්ගේ රූපය අනුව අනුන් පහත් යැයි සිතූ බවත් සදහන් වේ . මෙය අසිරිමත් ලෙස විද්‍යාවෙන් සනාථ වන පරිණාමවාදයයි.පරිණාමය නම් වෙනස් වීමයි. බාහිර පරිසරයේ වෙනස් කම් අනුව ජීවින් වෙනස් වීමයි. උදාහරණයක් ලෙස එකම වර්ගයක ජීවින් සිටින පරිසරයේ ආහාර හිගයක් ඇතිවේ. මෙවිට එම වර්ගයේ ජීවින් අතර වෙනත් බහුලව ඇති ආහාරයක් ගත හැකි ජීවින් කිහිප දෙනෙක් (විකෘති ) එම ආහාරය මත යැපේ. අනෙක් ජීවින් එකම ආහාරයට තරග කරන අතර ඔවුන් ප්‍රජනානය කර වෙනත් ජීවින් කොටසක් වේ. උචිතෝන්නතිය මෙයයි. ජීවි ගහණ වල ඕනැවට වඩා ප්‍රජනක විභවයක් ඇත. එහෙත් ජීවත් වීමට ප්‍රවර්තනයට ඉඩ ලැබෙන්නේ සුලු පිරිසකටය. මෙනිසා ජීවන සටනක් හා උචිතෝන්නතියක් සිදුවේ. දිනෙන් දිනම ජීවින් අතර වෙනස් වීම් සිදුවේ. එකම ජීවිවිශේෂයෙන් බොහෝ ජීව විශේෂ පරිනාමය වේ. මේ අයුරින් ජීවින්ගේ පළමු පරිසර සාධකය වූ පෘථිවි රසය කාර්යක්ෂ්මව ලබා ගැනීම සදහා විවිධ අනුවර්තන සහිත නව ජීව විශේෂ බිහි විය. මෙය මනාව විද්‍යාවෙන් පැහැදිළි වේ. ලෝකයෙ මුල්ම ජෛව යුගය වන කේම්බ්‍රියන් යුගයේ පරිසර සාධක වලට අනුවර්තනය වූ සතුන් අති බහුල ලෙස බිහි විය. නොයෙකුත් දේහ රටා සහිත් සත්ව පොසිල රාශියක් එකල හමුවේ. මෙය කේම්බ්‍රියානු පිපිරීම( Cambrian explosion ) ලෙස හැදින්වේ. එකම වර්ගයක ජීවින්ගෙන් බහුල ජීව විශේෂ බිහි වූ බව විද්‍යාවෙන් සනාථ කෙරේ.

    3) භූමි පප්පටකය.​

    mycelium1.jpg

    රස පොළොව නැතිවූ පසු සතුන්ගේ ආහාරය බවට පත් වූයේ මේ භූමි පප්පටකය නම් හතු වර්ගයයි. දැන් හොදින් මතක තබා ගන්න ත්ථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මිනිසාගේ පහළ වීම ගැන බව . වෙනත් ඕනෑ තරම් සතුන් මෙකල සිටින්න ඇත. ඒකයි මුලින්ම කිව්වේ සත්තු එකිනෙකාගෙන් වෙනස් වූ බව. දැන් බුදු නුවණ යොමු වෙන්නේ අපේ ආදි පූර්වජයන්ට පමණයි. හැම සතාටම නොවේ. එහෙම හැම සතා ගැනම හා උන්ගේපූර්වජයන් ගැන කියන්න ගියා නම් අද වන තුරුත් මෙය කියන්න වෙනවා. අදටත් විද්‍යාවෙදි යම් සතෙකුගේ පරිණාමය අධ්‍යයනය කරනවානම් ඒ සතාගේ පූර්වජයන් ගැනයි අවධානය යොමු වන්නේ. අති මහත් සතුන් අතරින් මිනිසාට කර්තෘ වූ සතුන් මේ බිම් හතු අනුභව කරමින් සිටි ජීව විශේෂයක් මෙයයි මේ සදහන් වෙන්නේ.
    හතු කියන්නේ මොනවද කියලා දැන් සොයා බලමු. මේ හතු මුලින්ම වර්ගීකරණය කලේ ප්‍රොටිස්ටා රාජධානියට අර්නස්ට් හේකල් තමයි මේව වෙනම fungi නමින් වර්ග කළේ. හතු බිහි වුණේ ඒක සෛලික ප්‍රොටිස්ටා ශාඛාවකින්. ශාක බිහි වෙන්න පෙරයි. මුල්ම හතු වල ෆොසිල සොයාගෙන තිබෙනවා. අන්වීක්ශීය මයිසීලියම් හෙවත් පැතිරුණු නූල් ජාලයක් වගේ මුල්ම හතු. මේවගේ සන්චිත ආහාරය ග්ල්යිකෝජන් . සතුන්ගේත් සන්චිත ආහාරය ග්ලයිකෝජන් . මෙහෙම වුණේ සතුන්ගේ ( Animalia) පූර්වජයන් හතු මත යැපුණු නිසයි. ශාක බිහි වෙන්න කලින්ම.

    4) බදා ලතා.​

    kVy9Mf9.png

    භූමි පප්පටකය අනුභව කරන විට ද එම සතුන් අතර නොයෙකුත් වෙනස් කම් ඇතිවී වෙනස් සත්ව විශේෂ රාශියක් ඇති විය. දැන් මොවුන් අතරින් මිනිසාගේ පූර්වජයන්ට බුදුඇස යොමුවේ. ඔවුන් නම් බදා ලතා නම් ශාක වර්ගය අනුභව කළ උන්ය. මේ බදා ලතා ස්වයන්පෝෂී ශාකයක් බව නමින්ම පැහැදිළි වේ. මේවා ඵල නොදරන ශාකය. එනම් අනුභව කර ඇත්තේ මේවායේ පත්‍ර හෝ ශාක දේහයයි. ලොව මුලින්ම බිහි වූ ශාක (Bryophyta)පාසි වර්ගය. ඒවා ජලජ ශාක වේ . ඒත් සූත්‍ර විස්තරයේ දැක්වෙන්නේ ඊට වඩා මදක් සන්වර්ධිත ශාකයන්ය. එනම් භෞමික ශාක වර්ගයකි. මේවා පැණි රසය. එනම් ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් අඩන්ගුය. එහි අර්ථය නම් සන්චිත ආහාරය පිශ්ඨය වීමට පෙර මොනොසැකරයිඩ හා ඩ්යිසැකරයිඩ සන්චායනය කළ ශාක බවයි. ගොඩ බිම පහළ වූ මුල්ම ශාකය වන කුක්සෝනියා පැළෑටියද මෙසේය. ප්‍රභාසන්ෂ්ලේෂනයේදි කැල්වින් චක්‍රය සිදුවී එහි නිපදවෙන ග්ලූකෝස් පිෂ්ටය බවට පත් කර සන්චිත කරයි. මුල්ම ශාක වල මෙය සිදු වූයේ අකාර්යක්ෂමවය එනම් ඒ ශාක වල ග්ලූකෝස් ද සන්චිත විය . එනිසා පැනිරස විය. මේ සිද්ධිය මෙලෙසම සදහන් වීම සර්වඥතා ඥාණය ස්ඵුට කරන්නක් නොවන්නේද?

    5) පොතු රහිත ඇල්සහල්.​

    js1+(1).gif

    බදාලතා අනුභව කළ සතුන් ඒ සාධකය මතම නොයෙකුත් රූප වලට බෙදී ගියහ. දැන් ඔවුනතරින් මනුෂ්‍යයාට ආදි කර්තෘ වූ සතුන්ට බුදු ඇස යොමුවේ. ඔවුන් පොතු නැති ඇල් සහල් අනුභව කළ වර්ගයකි. මේ ඇල් සහල් වල පොතු නැත. වනයේ ඉබේ වැඩේ. මෙයින් මේ අද ඇති ඇල් සහලට හා ආවෘත බීජක ශාක වලට පූර්වජ වූ ආදි කාලින බීජ ශාකයක් බව පෙනේ. භෞමික ශාක වල බීජ හට ගැනීම පරිණාමයේ සුවිශේෂී පියවරකි. මන්ද බීජ මගින් ශාක ව්‍යාප්තිය මෙන්ම අනුවර්තනයද පහසු විය. මුල්ම ශාක වල බීජ නොතිබුණි. ඒවා ව්‍යාප්ත වුණේ බීජාණු මගිනි. මෙනිසා ශාකයක ජීවන චක්‍රයේ පරම්පරා දෙකක් විය . එනම් බීජානු ශාක පරම්පරාව හා ජන්මානු ශාක පරම්පරාවයි. මේ නිසා ශාක ප්‍රගමනය අපහසු වූවක් විය. බීජාණුව බීජය බවට පරිණාමයේදි( Spermatophyta) සිදු වූ සුවිශේෂම වෙනස නම් භෲණපෝෂයක් ඇති වීමයි . එනම් බිහිවන නව ශාකය ප්‍රභාසන්ෂ්ලේශනය කිරීමට පෙර එහි වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ ගබඩා කළ කෝෂයක් සැම බීජයකම අඩන්ගුය. මෙය මුල් කාලීන සතුන්ගේ ආහාරයක් බවට පත් විය . අදද එසේය. නමුත් මුල්ම බීජ වල ආවරණයක් නොවීය. ඒවා විවෘත බීජක ශාක නම් වේ. බීජයේ ආරක්ෂාව සදහා බීජාවරණ ඇති වූයේ ට්‍රියාසික් යුගයේදියි. ඊට පෙර ශාක වල අග්‍රස්ථ වල විවෘත බීජ ඇති විය.
    කල් යත්ම මේ ඇල් සහල් වල පොතු ඇතිවූ බව පෙනේ. මේ සදහන් වන්නේ ආවෘත බීජක ධාන්‍ය වල පරිණාමයයි. සැබවින්ම බීජාවරණ ඇති වූයේ සතුන්ගෙන් බීජ ආරක්ෂා කර ගැනීමට අනුවර්තනයක් ලෙසමය. තවද මේ සූත්‍රයේ සදහන් වන විස්මිත කරුණ නම් සතුන් බීජ ගබඩා කිරීමට පටන් ගැනීමය. එක් උදාසීන සත්වයෙක් දෙදවස්කට සෑහෙන සහල් ගෙනැවිත් තබාගනීම මුලින්ම සිදු විය. මෙලෙස ආහාර ගබඩා කිරීම මුලින්ම දක්නට ළැබෙන්නේ කෘමීන් අතරයි. මෙම කෘමීන්ගේ අනුවර්තී විකිරණය චාතුර්ථික ට්‍රියාසිකයේ අවසානයේ විය.

    6) මහා සම්මත රජ.​

    termite_macrotermes_gilvus_primary_queen_162189.jpg

    සතුන්ගේ භෞතික පරිහානිය සමගම චර්යාමය පරිහානියද සිදුවිය. මෙනිසා මුලින්ම අන් සතු දේ සොරකම් කිරීම සිදුවිය. මෙය වැළැක්වීම පිණිස රාජත්වයේ බිහිවීම සිදු විය. අප සිතන්නේ රජුන් ඇත්තේ මිනිසුන්ටය කියාය . එහෙත් සත්ව ලෝකයෙ රජකම වනාහි ඊට වඩා ප්‍රබල තත්වයකි. මුල්ම රජුන් හමුවන්නේ ආත්‍රොපෝඩා වන්ශයේ ආදිතමයන්ගෙනි. වත්මන් ආත්‍රොපෝඩාවන් අතරද රාජාණ්ඩු පවතී. හොදම උදාහරණය නම් මීමැසි හා වේ ජනපදය. මොවුන් රජු ලෙස

    තොරාගත්තේ ශක්තිමත්ම රූප සම්පන්නම සත්වයාය. ඉහත ජනපද වලද එසේය. කූඹි රජු අන් සියලු කූඹින්ට වඩා විශාල ශක්තිමත් සතාය. එකම විශේෂයේ මෙවැනි ප්‍රභේද තිබීම බහුරූපීතාව(Polymorphism ) නම් වේ.මේ රජු සතු බලය සුවිශාලය ඔහුගේ අණසකට එරෙහි වන්නට නොහැකිය. සක්විති රජෙකුගේ අණට එරෙහි වන්නන් මිය යයි. මෙයට
    පිළිතුරු කෘමි ජනපදයෙන් සපයයි. කෘමි රජුන් ෆෙරමෝන මගින් තම වැසියන් පාලනය කරයි.මේ ෆෙරොමෝන වල රසායනික සන්ඥා ජීවින්ගේ භෞතික හා චර්යාමය වෙනස්කම් ඇති කරයි. මෙයට එරෙහි වන්නට එම ජීවින්ට පෞද්ගලිකව නොහැකිය.

    7) ලින්ග භේදය.​

    S2hqBxN.png

    ඇල් සහල් අනුභව කල සතුන්ගේ ඇතිවූ බාහිර දේහ විපර්යාසයක් නිසා පළමුව ( මිනිස් පූර්වජයන්ගේ ) ලින්ග භේදයක් ඇති විය. මේ ලින්ග භේදය විද්‍යාත්මකව කුමක්දැයි දැන් සොයා බලමු. මේ ගැන වෙනත් ලිපියකින් ආභිධර්මික විග්‍රහයක්ද බලාපොරොත්තු වන්න.
    ලින්ගය යන්න ඉතා සන්කීර්ණ විද්‍යාත්මක මාර්තෘකාවකි.

    ඒක සෛලික ප්‍රොටිස්ටාවන් බැක්ටීරියා හා ආකියා රාජධානි වල ලින්ග භේදයක් ඇත්තේම නැත. දිලීර වල උසස් වන්ශ වල රූපීය වෙනසක් නොදක්වන + හා - ලෙස හදුන්වන දෙයාකාරයක් පමණක් පවතී. ශාක වල ලින්ග භේදයක් ඇතැයි විද්‍යාත්මකව පිළිගත්තද ඒ වෙනස්ම ආකාරයකි. බුදු දහමේ විස්තර වන ලින්ගික ද්විරූපීය තාවය ආසන්නව හෝ දැකිය හැක්කේ කෘමීන්ගේ සිටය. විද්‍යාත්මකව ලින්ගය නිර්ණය වන සාධක 2 ක් වේ.

    1. ප්‍රවේණික සාධක.
    2. පාරිසරික සාධක.

    මෙයින් ප්‍රවේණික සාධක නම් වර්තමාන මිනිසා ඇතුලු උසස් සතුන්ගේද ශාක වලද ලින්ගය නිර්ණය වන ආකාරය වේ. මිනිසාගේ හා උසස් ක්ෂීරපායින්ගේ X -‍Y පද්ධතිය පක්ෂීන්ගේ Z-W පද්ධතිය ඇතැම් ආත්‍රොපෝඩාවන්ගේ X-0 පද්ධතිය මීට නිද්සුන් වේ. නමුත් ප්‍රවේණික නොවන පරිසර සාධක වලින්ද ලින්ගය තීරණය වේ.ඒවා පාරිසරික සාධකයි. ඇතැම් උරගයන්ගේ බිත්තර වල බීජෞෂණ උෂ්ණත්වය මත ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වේ. අද දුර්ලභ වුවද අතීතයේ ලොව රජකළ ඩයිනෝසෝරයන්ගේ ලින්ග නිර්ණයමෙසේ විය. එනම් බිත්තරය වැඩි උෂ්ණත්වයකට පත්වුවහොත් පිරිමි සතෙක්ද සාමාන්‍ය උෂ්ණත්වයෙන් ගැහැණු සතෙක්ද බිහිවේ.ඩයිනෝසෝර වද වීමටද මෙය හේතුවක් බව දැන් සොයාගෙන තිබේ.

    උෂ්ණත්වයට අමතරව වෙනත් පාරිසරික සාධකද මීට බලපායි. රසායනික මින් වැදගත් වේ. කෘමි ජනපදයක රැජිණ ස්‍රාවය කරන ෆෙරමෝන මගින් ඒ පරම්පරාවකම ගැහැණු පිරිමි බව වෙනස් කළ හැක. ලන්කාව ආසන්න මුහුදේද වෙසෙන බොනීලියා (Bonnelia ) නම් පණු ගෝත්‍රයේ උපතින් ස්ත්‍රී පුරුෂ තීරණය වී නැත. ලාබාල පිළවා මුහුදු පතුලට ගිය හොත් විශාලව වැඩී ගෑණු සතෙක් බවටද නිදහසේ සිටියොත් අන්වීක්ෂීය පිරිමි සතෙක් බවටද පත්වේ. වර්තමානයේ මේ පාරිසරිකව ලින්ග නිර්ණය ප්‍රමුඛ නොවුණත් අතීතයේ එය ප්‍රමුඛ සාධකය විය.මේ අනුව ලබා ගන්නා ආහාරය මත ලින්ගය තීරණය වීම යථාර්ථයකි. ඊට උදාහරණයක් දක්වමි. සත්‍ය වශයෙන්ම මීමැසි ජනපදයක ලින්ග හතරක් පමණ ඇත. රැජිණ ( ක්වීන් ලෙස පැවසුවද මිනිස් සම්මුති නිශ්චිත නැත )සාමාන්‍ය මැස්සෙකුට වඩා ඉතා විශාලය .වෙනම සතෙක් වැනිය. මෙලෙස වුවත් ප්‍රවේණික සන්යුතිය එකමය. රජ පවුලේ අය විශේෂ ආහාරයක් වන රාජ ජල්ලිය( Royal jelly) පිලා කාලයේදි ලබාගනී . මෙනිසා විශේෂ වෙනස් හැඩරුව සහිත වේ. මේ අයුරින් ලින්ග නිර්ණය වීම Rotiferra වන්ශයේ ද දක්නට ලැබේ.

    8) චතුර් වර්ණ​

    3RZWn1J.png

    අවසානයේ මිනිස් ආදි කර්තෘන් එක් නිශ්චිත විශේෂයක් වුවද එකම විශේෂයේ වෙනස් ප්‍රභේද හතරක් බිහිවේ. ඒව බ්‍රාහ්මණ මණ්ඩලය, ක්ෂත්‍රිය මණ්ඩලය, වෛශ්‍ය මණ්ඩලය හා ක්ෂුද්‍ර මණ්ඩලය ලෙස සූත්‍රයේ සදහන් වේ. මෙය ජීව විද්‍යාවේ Polymorphism ලෙස දැක්වෙන සන්සිද්ධියයි. මෙම බහුරූපතාවය ජානමය ලෙස මෙන්ම පාරිසරිකවද ඇතිවිය හැකි නමුත් අද ජානමය බහුරූපතාව පමණක් දක්නට ලැබේ. මෙයට ඉතාම සරල උදාහරනය නම් ස්ත්‍රී පුරුෂ භාවයයි එය එකම
    විශේෂයේ ප්‍රභේද දෙකකි. එසේම A, B , AB, O රුධිර ගණ හතරද මිනිසා අතර ඇති බහුරූපී තාවයකි.සත්ව ලෝකයේ මෙය ඉතා විචිත්‍ර ලෙස දක්නට ලැබේ. කෘමීන් හා පක්ෂීන් අතර මෙය පරිණාමික යන්ත්‍රණයකි.ආදි මුතුන් මිත්තන් අතර ඇති වූ බහුරූපීතාවයක් වර්ණ භේදය බවට පත්වූ බව මෙයින් නිගමනය කල හැකිය.

    මෙය ඉතා සරලව පහදා දුන්නද අතිශය ගැඹුරු මාර්තෘකාවකි.තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය ස්පර්ෂ කළ ලෝකාරම්භය නවීන විද්‍යාවෙන් සනාථ වීම සිදුවී අවසන්ය. එහෙත් කුමක් අරභයා උන්වහන්සේ මෙය දේශනා කරන ලද්දේද.ඒ හුදෙක් මේ ලෝකයේ අස්ථිර භාවය පෙන්වාදෙනු පිනිසමය. විපරිණාමය සාක්ෂාත් කරනු පිණිසමය. මනුෂ්‍ය වර්ගයා ගේ ඒකත්වය හා සතර කුලයන්ගේ බෙදීම ඇතිවූ අයුරු පැහැදීමටය. මෙය මගින් වෙනත් සතුන්ගේ පරිණාමය හෝ දෙවි වරුන්ගේ උපත් ගැන නොකිය වෙතත්.මීට පර්යාය අයුරින් ඒවා සිදුවූ බව වටහා ගත හැකිය.

    SKl6WpE.png

    දැන් මේ ලිපිය කියවූ ඔබට සාධාරණ සැකයක් ඇති වනු ඇත. එනම් නවීන විද්‍යාවෙන් සොයාගත් ජීව ෆොසිල වල සිටින සත්වයන් මනුෂ්‍යයන්ගේ ආදිකර්තෘන් යන මතයේ අප සිටිය යුතුද යන්නයි. නැත. එය කිසිසේත්ම නොවිය යුතුය. නවීන විද්‍යාව අනුව ආදිකාලින වානරයෙකුගෙන් වත්මන් මිනිසුන් සම්භවය වීම සිදු විය. මෙය පිළි ගැනීමට කලබල වියයුතු නැත. එහෙත් බුදු දහම සත්‍ය වශයෙන්ම වත්මන් මිනිසා මේ අයුරින්ම දිගින් දිගටම නොපැවති බව ඉදුරාම පිළිගනී. වෙනස් ආකාර සතුන්ගෙන් පරිනාමය වූබව පිළි ගනී. එහෙත් මිනිසා ආදිකාලින වානරයන්ගෙන් ද ඔවුන් රොඩෙන්ටියාවන්ගෙන්ද ඔවුන් මත්ස්‍යයන්ගෙන්ද පරිණාමය වූබව නොකියවේ. මෙය ඉතා සන්කීර්ණ මර්තෘකාවකි. මිනිසාට ආදිකර්තෘ වූ සුප්පිය, රෝහිතස්ස හා තිවර යන සත්වයන් ගේ සටහන් විද්‍යාවෙන් සොයාගෙන නොමැති විය හැකිය. එසේම මිනිසා යන පැණවීම සාපේක්ෂය. බුදුදහමට අනුව මිනිස් වර්ග 4 කි. උතුරුකුරු වැසියන්, ගෝයාණිකයන් , වේදේහිකයන් ඉතා වෙනස් ස්වරූප ඇති (පිටස්ක්වල ජීවින් බදු ) මිනිසුන්ය. ඔවුන් මේ ලෝකයේ සිටින බව සොයාගෙන නැත. එම මනුෂ්‍ය ලෝක සමාන්තරව පවතින වෙනත් මාන විය හැකිය. ඒවායේ මිනිසුන් පරිණාමය වන්නේත් වානරයන්ගෙන් යැයි කිව නොහැකිය. මේ ගැන වෙනත් ලිපි බලාපොරොත්තුවන්න.


    කතෘ :- පසන් රාහුල
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඉතාමත් කලකට ඉහත දී ලියන ලද ලිපි මාලාවක් බැවින් මෙහි එන බුදු දහමේ 100% නිරවද්‍ය යන ප්‍රස්තුතයේ නොසිට විවෘත මනසකින් කියවන ලෙස ආරාධනා කරමි.විද්‍යව යනු අපි දැනට නිරවද්‍ය ලෙස දන්නා වර්තමානය වේ. මෙය ඒ සමග බුදු දහම සංසන්දනය නොකොට,සුත්‍ර වල අඩංගු කරුණු සහ නුතන විද්‍යා කරුණු මගින් ජීවයේ ආරම්භය ගැන කරනා සංවාදයකි.මෙමගින් ඔබට අන්තගාමී නොවන යමක් සිතන්නට ඉගි කරනා අදහස් ඇති කිරිම අප අරමුණ වන බව කරුණාවෙන් සල කන්න.. :yes:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :no::no:

    මිනිස් ගතිය ගැන සදහන් වන දේවල් මේවත් එක්ක ගැලපෙන්නේ නැහැ නේද? උදා :- රස කෑමක් ලැබුනම "අහෝ රසයි !! අහෝ රසයි !!" ලෙස පවසන ගතිය , මංගල්‍යයක් සිදුවන අවස්ථාවකදී "මල්, ආදී දෙයින් දමා ගැසීමේ පුරුද්ද "

    එලෙස සලකන කල , විද්‍යාවේ සදහන් වන ක්ශ්‍රුදජිවින් සහ අනෙකුත් කුඩා ජීවින් ගැන සදහනක් මෙම සුත්‍ර ය තුල අඩංගු නොවන බව පැහැදිලි වේ.

    තවද, අග්ගඤ්ඤ සූත්‍රය සදහන් වන මහා සම්මත, රජ, යෙදුම්ද කරන ක්‍රියාවට අනුරූපව යොදාගන්න හැටි මොනවට පහදා දෙයි.

    A , B , AB , O ලෙස රුධිර ඝන වර්ණ බෙදීම් සතරට ඈදීමට තතනුවද , සුත්‍රයේ සදහන් වන පරිදි ධර්මයෙන්ම පමණක් වර්ණ බෙදීම සිදුවන බව මෙලෙස සදහන් කරයි..

    "වාශිෂ්ඨයෙනි, මෙසේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් ක්ෂත්‍රිය මණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්වයනට ම ය, අන් සත්වකෙනෙකුට නො වේ. සමාන සත්වයනට ම ය, අසමාන සත්ව කෙනෙකුට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. "

    කෙසේනමුත් පරම සත්‍යයෙන් තොර වූ දෙයකින් පරම සත්‍යය පැහැදීමට තැතනිම හාස්‍යට ලක්වන කරුණක් ද එසේ කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්න සංවාදය ලක්වන්නේ නම් එය සියලු දෙනාගේම හිතසුව පිණිස වන්නේය.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විද්‍යාවෙන් පිලිගන්නෙ ඩාවින්ගේ පරිනාමවාදය මිසක් සුරංගනා කතා නෙමේ.
     
    • Like
    Reactions: TaskManager

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස් ලෝකය, දිවිය ලෝකය වගේ එක එක ලෝකයවල් ගැන අහනකොට මේ වගේ ගෝලාකාර වස්තු හිතට එන්නෙ මට විතරද?
    2717e3d4a57f5a0128dd3806f911b9cf
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    :no::no:

    මිනිස් ගතිය ගැන සදහන් වන දේවල් මේවත් එක්ක ගැලපෙන්නේ නැහැ නේද? උදා :- රස කෑමක් ලැබුනම "අහෝ රසයි !! අහෝ රසයි !!" ලෙස පවසන ගතිය , මංගල්‍යයක් සිදුවන අවස්ථාවකදී "මල්, ආදී දෙයින් දමා ගැසීමේ පුරුද්ද "

    එලෙස සලකන කල , විද්‍යාවේ සදහන් වන ක්ශ්‍රුදජිවින් සහ අනෙකුත් කුඩා ජීවින් ගැන සදහනක් මෙම සුත්‍ර ය තුල අඩංගු නොවන බව පැහැදිලි වේ.

    තවද, අග්ගඤ්ඤ සූත්‍රය සදහන් වන මහා සම්මත, රජ, යෙදුම්ද කරන ක්‍රියාවට අනුරූපව යොදාගන්න හැටි මොනවට පහදා දෙයි.

    A , B , AB , O ලෙස රුධිර ඝන වර්ණ බෙදීම් සතරට ඈදීමට තතනුවද , සුත්‍රයේ සදහන් වන පරිදි ධර්මයෙන්ම පමණක් වර්ණ බෙදීම සිදුවන බව මෙලෙස සදහන් කරයි..

    "වාශිෂ්ඨයෙනි, මෙසේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් ක්ෂත්‍රිය මණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්වයනට ම ය, අන් සත්වකෙනෙකුට නො වේ. සමාන සත්වයනට ම ය, අසමාන සත්ව කෙනෙකුට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. "

    කෙසේනමුත් පරම සත්‍යයෙන් තොර වූ දෙයකින් පරම සත්‍යය පැහැදීමට තැතනිම හාස්‍යට ලක්වන කරුණක් ද එසේ කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්න සංවාදය ලක්වන්නේ නම් එය සියලු දෙනාගේම හිතසුව පිණිස වන්නේය.

    ඔබගේ අදහස් දැක්වීම අගය කරනවා.මිත්‍රයා ඔබ පරම සත්‍යන් යුතු දෙය විනිශ්චය යනුවෙන් හදුන් වන්නේ කුමක්ද කියා මෙතන ගැටළුවක් තිබෙනවා. නිවන නම් බුදු දහමේ පරම සත්‍ය ගැන, එය විද්‍යාත්මක ද එය පවතීද යන්න මේ මාතෘකාවෙන් කතාකරන්නේ නැත.මෙය හුදෙක් අප ජීවත් වන්නා වූ පෘතුවි තලයේ ජීවය ආරම්භවීම පිළිබද අග්ගඤ්ඤ සුත්‍රයේ සදහන් දෑ අප දැනට සොයාගෙන ඇති දේ සමහ ගැලපීම පමණක් සිදුකරයි.අචින්ත විෂයක් වන විද්‍යා විෂය බුදු දහමේ දැනගත යුතු කාරනා නොවේ.ඒවා මෙලොව පවතින අත්භූත විෂයන් වන්නේය.
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    විද්‍යාවෙන් පිලිගන්නෙ ඩාවින්ගේ පරිනාමවාදය මිසක් සුරංගනා කතා නෙමේ.

    නුතන ජීව රසායන විද්‍යා අංශ පරිනාම වාදය පිළිගත්තත් ඩාවින්සි වාදය පිළිනොගන්නා තරම්.ඔබ ඒ ගැන නොදන්නා හැඩයි.
    :confused:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මිනිස් ලෝකය, දිවිය ලෝකය වගේ එක එක ලෝකයවල් ගැන අහනකොට මේ වගේ ගෝලාකාර වස්තු හිතට එන්නෙ මට විතරද?
    2717e3d4a57f5a0128dd3806f911b9cf
    ඔබට විතරක් නෙවෙයි බොහෝ අයට එහෙමයි.
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    බොහෝ දෙනෙකුට මේ කරනා තේරුම් ගන්න අපහසුයි වගේ,සරළව මේ ගැන ඉදිරියට පැහැදිලි කරන්නම්.................:yes::yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මිනිස් ලෝකය, දිවිය ලෝකය වගේ එක එක ලෝකයවල් ගැන අහනකොට මේ වගේ ගෝලාකාර වස්තු හිතට එන්නෙ මට විතරද?
    2717e3d4a57f5a0128dd3806f911b9cf

    Ithin mae okoma illusion ekakne bn.grahaloke kivvata ehema deyak nane eka as deken dekala udu yatikuru wela ape oluwe hadena rupayak.itin mae loke apita real unata eka illusion ekak.e wage thamai deva loka,apaya ekath manase hadena rupayak real wage thama e manas thale inna unta.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    නූතන විද්‍යාවෙන් බුදු දහමේ හරය කිරන්න යන එක පට්ටම ගොන් වැඩක් විදිහටයි මම දකින්නේ.

    නූතන විද්‍යාව කියාගන්නා එකෙන් කුඩාම අංශුව හොයන්න තර්ක කරනකොට බුදු හාමුදුරුවෝ ඇස් දෙක පියාගෙන ඕවා ඔක්කෝම දැක්කා.
    නූතන විද්‍යාව කියාගන්නා එකෙන් ග්‍රහලෝක හොයාගන්න කොට, බුදු හාමුදුරුවෝ ඇස් දෙක පියාගෙන ඒ සියල්ලම දැනගත්තා.

    විඥානවාදය නැති විද්‍යාවක් මොකටද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මිනිස් ලෝකය, දිවිය ලෝකය වගේ එක එක ලෝකයවල් ගැන අහනකොට මේ වගේ ගෝලාකාර වස්තු හිතට එන්නෙ මට විතරද?
    2717e3d4a57f5a0128dd3806f911b9cf

    මට නම් එහෙම හිතෙන්නේ නෑනෙ බන්. රූපයක් මැවෙන්නේ නෑ. වචනයක්ම විතරයි :dull:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඒක වැරදිද?
    නෑ එක අතිශය සාමාන්‍යයි ........ පොඩි උදාහරණයක් කියන්නම්.සමහර අයගේ තාත්වික රූපමය දෘෂ්ටි හැකියාව දුර්වලයි.සමහරුන්ට තමන්ගේ හොදම යහළුවාගේ මුහුණ තාත්වික රුපයෙන් මතක හිටින්නේ නැත.ඒ වෙනුවට ආදර්ශක රුප ලෙස විවිධ හැඩතල EX:-පලතුරු (අබ,වට්ට්ටක්කා ගෙඩි)ආදිය මතක් වේ.පසුව මොහොතකින් අපැහැදිලි ලෙස මුහුණ පෙනේ.සමහරුන්ට කාලය යොදවාද මුහුණ මතක් කර නොහැක.මේවා සරළ ක්‍රියාදාමයන්ය. නොපෙනෙන නොදැකපු ලෝකයන් අප දැක ඇති චිත්‍රපට රුප සටහන් හීන වල තියෙන ආකාරයට චිත්ත රුප මැවීම සාමාන්‍ය දෙයකි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුදුන්ගේ දැනුම/දැකීම ගැන කතා දෙකක් නැහැ.

    නමුත් අපිට වින්දානය පහල වුනේ කොතැනකදි ද? මේ ඉන්ද්‍රියන් 5 ම අපිට උපාකාරි වෙනවා නෙද ජිවත් වෙන්නේ වෙනත් විදිහකට කිව්වොත් නොමැරී ඉන්න.

    මිනිසාගේ සිතුවිලිත් හුදු භෞතික සාධක මත පවතිනවා නම් කෙසෙද අපි සිත දියුනු කිරිම එහෙම නැතිනම් භාවනාව / අවබොදය තිලින් මේ නැවත් ඇතිවිම නවත්වා ගන්නේ?