විද්‍යා ඝාතනය- විජේකලාගෙන් ප්‍රකාශයක් ගන
යාපනය විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.
දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වන මහලිංගම් ශෂි කුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැද සිටියදී සැකකරු පොලීසියට බාර නොදී මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.
අදාළ සැකකරුට පළායාම සඳහා සහය දුන් බවට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරුන් සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.
දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලි කණුවක බැඳ සිටියදී විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ එම සැකකරු බේරාගෙන ගොස් ඇති අතර ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නොමැති බව නීතීඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන විඩියෝ පටයක් ද ලලිත් ජයසිංහ මහතාගේ නීතීඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
ඒ අනුව සැකකරු මුදාහැරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති කයිට්ස් මහේස්ත්‍රාත් එම්.එම්.රියාල් මහතා මේ පිළිබඳව අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසට ද නියෝග කර තිබේ
ජජ්ට වෙඩි තියපු එකට මේකිත් සම්බන්ද වගේ. මට හිතෙන්නේ එකයි උව කසිප්පු කාරයෙක් කරලා ඇත්තේ......
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=75686

Last edited: