විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

ITtec

Member
Nov 19, 2015
369
106
0
විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

අල්මාරි, කබඩ්, ෂෝකේස් ඇතුලේ වීදුරු එකක් ඇතුලේ එකක් දාලා තියනකොට වීදුරු දෙකක් සිර වෙලා තියන වෙලාවල් අපිට අනන්තවත් තියනවා. මේ වෙලාවෙදි අපි මොකද කරන්නේ?
03-cups-stacking-drinking-glasses-630.jpg

ගොඩක් අය කරන්නේ පුලුවන් උපරිම ශක්තිය දාලා වීදුරු දෙක දෙපැත්තට අදින්න ට්‍රයි එක දෙන එක. ඒත් ඒ වගේ සමහර වෙලාවල්වලට විදුරු කැඩිලා යනවා. කැඩිලා වැඩේ එතනින් නතර වෙනවනම් බැරියෑ අත් තුවාල වෙන්න පවා පුලුවන්. එහෙම වුනොත් පාටියත් හබක්. ඉතිං එහෙම නොවී වීදුරුව ගලවගන්නේ කොහොමද කියල තමයි මෙතව විස්තර කරන්නේ.

මුලින්ම බලමු ග්ලාස් දෙකක් හිර වෙන්නේ ඇයි කියලා. මේකට ප්‍රධාන හේතුව තමයි රත් වෙලා පහල වීදුරුව ප්‍රසාරණය වීම. එහෙම වුනාම උඩ වීදුරුව ලේසියෙන් ඇතුලට බහිනවා. පස්සේ පහල වීදුරුව සිසිල් වුනාට පස්සේ උඩ වීදුරුව හොදටම හිර වෙනවා.

එහෙම නම් කොහොමද මේක ගලවන්නේ.
මේක ගලවන්නත් උඩ කියපු ක්‍රියාවලියම අනිත් පැත්තට පාවිච්චි කරන්න පුලුවන්. මුලින්ම පහල තියන රූපේ බලන්න. ඒකේ Glass A කියන එක පොඩි කරන්න ඕනේ. කොහොමද කරන්නේ?
79279327951ab10ce23724

ඒකට ග්ලාස් දෙක කැඩෙන්නෙ නැති උසකින් තියාගෙන (කුෂන් එකක් උඩ වගේ) Glass A වලින් අල්ලගෙන Glass A ට අයිස් කැට ටිකක් දාන්න ඕනේ. එතකොට Glass A සංකෝචනය වෙන නිසා දෙක ගැලවෙන්න පුලුවන්. නැත්තං අඩු බලයක් යොදලා ගලව ගන්න පුලුවන්.
ඒත් වැඩේ සාර්ථක නැත්තං පොඩි බේසමකට උණු වතුර ටිකක් දාලා Glass B එකෙන් බාගයක් විතර ඒ උණුවතුරේ ගිල්වන්න ඕනේ. එතකොට Glass A එකේ අයිස් කැට තියනකොට ඒක සංකෝචනය වෙන ගමන් Glass B ප්‍රසාරණය වෙන නිසා දෙක ගලව ගන්න පුලුවන්.

මේ හැරුනම තියනව නම් WD-40 (වාහන තියන අය ගල ගොඩක් වෙලාවට තියනවනේ) ග්ලාස් දෙක අතරට විදලා ග්ලාස් දෙක ගලවන්නත් පුලුවන්.
544.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්‍රම දෙක හොද වෙයි.... :D
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්‍රම දෙක හොද වෙයි.... :D

    හොදට හෝදන්න නම් වෙයි ගද යන්න. හැබැයි අපේ එව්න් ග්ලාස් වල දාලා බොන ඒවට නම් WD40 වල ගද එන එකක් නෑ :lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    එතකොට Glass A එකේ අයිස් කැට තියනකොට ඒක සංකෝචනය වෙන ගමන් Glass B ප්‍රසාරණය වෙන නිසා දෙක ගලව ගන්න පුලුවන්.
    :no: B ප්‍රසාරණය වෙන්නෙ නෑ මචෝ.
    A සහ B අතර හොද තාප ස්පර්ශයක් නැති හින්ද, A ට අයිස් කැට දාපුවහම වෙන්නෙ B ට වඩා වඩා ඉක්මනින් A කුල් වෙන එක.(Bට වඩා A සංකෝචනය වෙනවා.)


    මෙතැනදී අයිස් වෙනුවට කුල් වතුර දැම්මනම් මිට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වෙයි.
    මොකද අයිස් වලට වඩා ජලය විදුරු පෘෂ්ටය එක්ක වැඩි වර්ගපලයකින් ස්පර්ශවෙන හින්ද.:cool:

    තැන්ක්ස් මචෝ.
    මේක මිට ඉස්සෙල්ලා දනන් හිටියේ නෑ.
    rep++
     
    • Like
    Reactions: ITtec