විදුලිබල අර්බුදය සහ අපි

DaraGarege

Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    1597813323444.png
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    Kochchara unath lankawata hariyanne oya gal aguru balagara wage ewa tamai.

    Anith renewable ewa afford karanna ba. Feasible na.

    renewables enna one tika tika. ekaparata baha. base load denna hari coal power thiyenna one

    කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩීනේ බන්......2010 දි 300 ගානක් තිබුන එක 2017 වෙද්දි 500 පනිනවා.....

    environment effect is just one thing, when deciding the power generation. There are so many factors. If we can save few rupees from a unit, the cost is equivalent to several highways
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ලංකාවේ විශ්ව විද්‍යාල වලින් මේවට විසදුම් අපේම සල්ලි වලින් කරගන්න පුලුවන් ක්‍රම දීලා තියනව. විශේශයෙන් උදම් රල මගින් විදුලි ජනනය. අවුල කොමිස් නෑනේ. ඉතින් දෙන්නේ නැ

    ලන්කාවේ දෙයක් කාටවත් කරන්න දෙන්නේ නැ එකයි මේකට ලොකුම හේතුව . ලංකාවේ ටෙක්නිකල් මාස් ස්කේල් ප්‍රොජෙක්ට් මුකුත් නැ . කොටින්ම ඇංජිමක් හදන්නේ නැනේ ලංකාවේ.

    අනික ගෘගස්ත හිරු එලිය මගින් විදුලි ජනනය සහ අතිරික්තය ජාතික සැපයුමට ලබා දීම

    කුනු මගින් ගෑස් නිපදවීම ගෘගස්තව , ඒකට දැන් ආපිකෝ එකෙන් එකක් හදලම තියනවා.

    අපිට ඉන්නේ බූරු නායකයෝ ටිකක් එකයි මූලික ප්‍රශ්ණේ
     
    • Like
    Reactions: kasun_kbp

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක දේශපාලන කණ්නාඩියක් දාල කතා කරලත් බෑ නොකරත් බෑ.

    සාම්පූර් බලාගාරයක් හදන්න ඉන්දියාව ඉඩදෙන්නෙ නෑ. පුලුවන් නම් ගෝටාබයට මුල්ගලක්වත් තියල පෙන්නන්න කියන්න.
    හැබැයි ඕක හදනවට ගොඩක් විරුද්ද උනේ ඉන්දියාව නෙවෙයි ඉන්දියන් කම්පැනි එකක් එක්ක තමා ගිවිසුම් ගහලා තිබ්බේ ඕක හදන්ඩ.
    පෞද්ගලික විදුලි බලාගාර තියන උන් මිනිස්සුන්ට ඇවිස්සුවා පරිසර සෙට් එකකුත් අල්ලාගෙන,
    නොරෙච්චෝලේ හදන්ඩ යද්දිත් ඕකම කරා ඔය සෙට් එක
    https://www.colombotelegraph.com/index.php/kumar-davidoctober-16-2016/

    මේ තියෙන්නේ අජිත් පි පෙරේරා කියන පිස්සා එක්ක 2016 දි කරපු සාකච්චාවක්
    http://www.dinamina.lk/2016/10/13/23725
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලංකාවේ විශ්ව විද්‍යාල වලින් මේවට විසදුම් අපේම සල්ලි වලින් කරගන්න පුලුවන් ක්‍රම දීලා තියනව. විශේශයෙන් උදම් රල මගින් විදුලි ජනනය. අවුල කොමිස් නෑනේ. ඉතින් දෙන්නේ නැ

    ලන්කාවේ දෙයක් කාටවත් කරන්න දෙන්නේ නැ එකයි මේකට ලොකුම හේතුව . ලංකාවේ ටෙක්නිකල් මාස් ස්කේල් ප්‍රොජෙක්ට් මුකුත් නැ . කොටින්ම ඇංජිමක් හදන්නේ නැනේ ලංකාවේ.

    අනික ගෘගස්ත හිරු එලිය මගින් විදුලි ජනනය සහ අතිරික්තය ජාතික සැපයුමට ලබා දීම

    කුනු මගින් ගෑස් නිපදවීම ගෘගස්තව , ඒකට දැන් ආපිකෝ එකෙන් එකක් හදලම තියනවා.

    අපිට ඉන්නේ බූරු නායකයෝ ටිකක් එකයි මූලික ප්‍රශ්ණේ
    උදම් රල සීන් එකේ maintenance cost එක වැඩි මචන්. practical නැහැ. ගොඩක් රටවල් වල proto types විතරයි තියෙන්නේ. මහා පරිමාණ නැහැ. roof top solar scene එක අනිත් එක. එක mass scale කරන්න බැහැ. grid එක balance කරන්න බැහැ. prediction අමාරුයි. solar යනවනම් තැන තැන ලොකු battery banks ගහන්න ඕනේ balance වෙන්න. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් දන්නා විදිහට large scale practical solution මුකුත් propose කරන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2006 නේද අප්පොච්ච සාම්පූර් ප්‍රොජෙක්ට් එක පටාන් ගත්තෙ? 2014 වෙනොදකින් පො&න තිරිසන්නා ඉස්සෙලා පචේ කිව ඉන්දියාවෙන් හදන්ඩ දෙන්නෙ නැ කියල ඒකට උත්තර දුන්නට පස්සෙ සක්කිලි බල්ල තව බයිලයක් කියනව..පො&න බැල්ලියෙ මහින්ද නොරොච්චෝලෙ හැදුවෙ ඔය කාලෙ එක පාට්ට බලාගාර 2ක් හදන්ඩ පිස්සු නැ ඉලග එක හදන්නෙ නියමිත කාලෙට ඒ තමයි 2015..උබේ තිරිසන්නු ආවෙ නැත්තන් මෙලහට මේ රටට විදුලි අහේනියක් නැ ..නකොට මුල්ගල තියාගත්තද?
    නොදකින් පො&න තිරිසන්නා ඉස්සෙලා පචේ කිව ඉන්දියාවෙන් හදන්ඩ දෙන්නෙ නැ කියල ඒකට උත්තර දුන්නට පස්සෙ සක්කිලි බල්ල තව බයිලයක් කියනව..පො&න බැල්ලියෙ මහින්ද නොරොච්චෝලෙ හැදුවෙ ඔය කාලෙ එක පාට්ට බලාගාර 2ක් හදන්ඩ පිස්සු නැ ඉලග එක හදන්නෙ නියමිත කාලෙට ඒ තමයි 2015..උබේ තිරිසන්නු ආවෙ නැත්තන් මෙලහට මේ රටට විදුලි අහේනියක් නැ ..
     
    • Like
    Reactions: D_Mad and Idias

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොදකින් පො&න තිරිසන්නා ඉස්සෙලා පචේ කිව ඉන්දියාවෙන් හදන්ඩ දෙන්නෙ නැ කියල ඒකට උත්තර දුන්නට පස්සෙ සක්කිලි බල්ල තව බයිලයක් කියනව..පො&න බැල්ලියෙ මහින්ද නොරොච්චෝලෙ හැදුවෙ ඔය කාලෙ එක පාට්ට බලාගාර 2ක් හදන්ඩ පිස්සු නැ ඉලග එක හදන්නෙ නියමිත කාලෙට ඒ තමයි 2015..උබේ තිරිසන්නු ආවෙ නැත්තන් මෙලහට මේ රටට විදුලි අහේනියක් නැ ..
    උඹට මගේ ස්ටාට් වෙන්නෙ නැති ජෙනරේටරේ දෙන්නද? පොඩි සර්විස් පාරක් දැම්මම වැඩ කරයි.

    ඉන්දියාව හදන්නෙ දෙන්නෙ නැති නිසා නේ මහින්ද පොන්සිය 2006දි ගිවිසුම අස්සන් කරල අවුරුදු 9ක් බලයේ ඉඳලත් ඇටයක් කරගන්න බැරි උනේ. නැත්නම් ජෙප්පො එපා කිව්ව හින්දද හැදුවෙ නැත්තෙ? ඒ කාලෙ මිනිස්සුන්ට වෙඩි තියතිය ගියා නේද පොන්සිගෙ මල්ලි
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    කාලෙකින් නැවක් ගැන ආර්ටිකල් එකක් ලියන්න බැරි උණා.මීට කලින් Ice breakers , Aircraft Carriers , Trailing suction hopper dredger (TSHD ) නැව් ගැන ලිව්වා....මෙදා සැරේ Powership ගැන ලියන්නේ හිතුනේ මේ නැව් සාමාන්‍යයෙන් මුහුදේ යාත්‍රා කරන අනිත් නැව් නිතර දකින්න ලැබෙන්නේ නැති අමුතු ජාතියේ නැව් විශේෂයක් නිසයි.
    පවර්ෂිප් එකක් කියන්නේ හරියටම කිව්වොත් පාවෙන විදුලි බලාගාරයක්.....විශාල නැවක් ඇතුලේ විදුලි බලාගාරයක් ඉදිකරලා ඒ නැව තැනින් තැන අරගෙන ගිහින් විදුලි බලය ලබා දෙන එක තමයි මේකෙන් කරන්නේ.
    භුමි කම්පා , ගං වතුර , සුනාමි වගේ ස්භාවික විපත් වලදී සිදුවන විදුලි බිදවැටීම් , විදුලි බලාගාර ඉදිකිරීම් නිමවන තුරු විදුලි බල අවශ්‍යතා පිරිමැසීම් , හදිසි බලාගාර බිදවැටීම් වගේ දේවල් වලදී විදුලිබලය නිෂ්පාදනය , විදුලි බලය බෙදාහැරීම (power grid) වගේ දේවල් ප්‍රමාදයකින් තොරව , සංකීරණ ඉංජිණේරුමය ක්‍රියාන්විතයකින් තොරව රටේ සමස්ථ විදුලි බල පද්ධතියට ලබා දෙන්න පුළුවන් විදිහට තමයි මේ නැව් ඩිසයින් කරලා තියෙන්නේ.....ඒ වගේම මේ නෞකාවන්ට තමන්ගේම කියලා නඩත්තු සහ ඉංජිනේරු කාර්යය මණ්ඩලයක්ද ඇතුළත්...මේ නැව් යාත්‍රා කරන්න අවම ගැඹුර මීටර් 5 ක වරායක් ප්‍රමාණවත් නිසා නොගැඹුරු වරායන් වෙතද පහසුවෙන් ලගා වෙන්න පුළුවන්.
    රටක හදිසි විදුලි බල ඉල්ලුමක් ඇති වුනොත් කරන්න තියෙන්නේ මේ නැවක් හයර් කරලා හාබර් එකට ගෙනත් , එතන ඉදන් විදුලිය නිපදවමින් එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම.....ඒ විදිහට මැද පෙරදිග , අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල බොහොමයක තාවකාලික විදුලි බල අවශ්‍යතා පිරිමහ ගන්න මේ වර්ගයේ නැව් භාවිතා කරනවා.
    උදාහරණයක් විදිහට මෙගාවොට් 250 ක විදුලියක් නිපදවන්න පුළුවන් නැව් 4 ක් , ඉතා දුරින් පිහිටි වරායවල් 4 ක ස්ථාන ගත කරලා ඒ ඒ ප්‍රදේශ වලට විදුලිය ලබා දුන්නොත් රටේ මුළු විදුලි බල පද්ධතියට මෙගාවොට් 1,000 ක විදුලියක් මේ නැව් වලින් දෙන්න පුළුවන්....එහෙම කරන එකේ තියෙන තවත් වාසියක් තමයි රැහැන් දිගේ ඉතා විශාල දුරක් විදුලිය රැගෙන යනකොට සිදුවන විදුලි නාස්තිය අවම කර ගන්නත් මේ ක්‍රමයෙන් පුළුවන්....දකුණු අප්‍රිකාවේ 6% ක විතර විදුලියක් ඒ විදිහට නාස්ති වෙනවා කියලා සදහන්.
    මේ නැව් වල තියෙන ට්‍රාන්ස්ෆෝමර් වල , ටැප් චේන්ජර්ස් වලින් අදාළ රටේ ග්‍රිඩ් යටිතල ව්‍යුහයට (grid infrastructure) ගැලපෙන පරිදි නිවැරදි අධි වෝල්ටීයතාව සැපයීමේ පහසුකම මෙම නැව් වලට ලබා දීලා තියෙනවා.
    දිනකට පැය 24 බැගින් සතියේ දින 7 තේම දුවන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන පවර්ෂිප් විදුලි බලාගාර වල , ටර්බයින් කරකවලා විදුලිය ජනනය කරන්න ගෑස් සහ heavy fuel oil (HFO) කියන ඉන්ධන දෙකම භාවිතා කරනවා.....හැබැයි දැන් අලුත් නැව් වල න්‍යෂ්ටික ශක්තියත් භාවිතා වෙනවලු (නැව් වල ඉන්ධන විදිහට භාවිතා කරන්නෙත් මේ heavy fuel oil (HFO) කියන ඉන්ධන වර්ගයම තමයි )
    HFO යොදා ගෙන විදුලිය නිපදවීමේ තියෙන වාසිය තමයි ඒවා ඩීසල් සහ ගෑස් වලට වඩා මිලෙන් අඩු වීම.....ලෝකයේ ඕනෑම වරායක HFO ඉන්ධන සංචිත ගබඩා කරලා තියෙන හින්දා මේ නැව් වල විදුලි ජනනයට ඉන්ධන ලබා ගන්න එකත් එච්චර අමාරු නැහැ.....පවර්ෂිප් එක වරායකට ලගා වුණාම වරායේ ඉන්ධන ටැංකි වල ඉදලා නැව දක්වා නල මාර්ගයක් හරහා නැවට ඉන්ධන ලබා ගත හැකියි.....ඊට අමතරව නැවේ තියෙන විදුලි උප පොළේ (substation) ඉදලා ජාතික විදුලි සැපයුමේ electricity grid එකට සම්භන්ද කරන්න අධි වෝල්ටීයතා විදුලි රැහැන් අවශ්‍ය වෙනවා.
    ලාභදායී HFO ඉන්ධන යොදාගෙන ක්‍රියාත්මක වෙන එන්ජින් මගින් නිපදවන තාපය , ජල වාෂ්ප බවට පරිවර්තනය කරලා ඒවා වලින් වාෂ්ප ටර්බයින කරකවලා එයිනුත් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් මේ නැව් ඇතුලේ සිද්ධ වෙනවා.....එකෙන් නැවේ මුළු විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය 6% කින් විතර වැඩි වෙනවා කියලා තමයි කියන්නේ.
    තුර්කිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන Karadeniz Powership Co. Ltd සමාගම තමයි ලෝකයේ විශාලතම පවර්ෂිප් නැව් අයත් වන සමාගම.....මේ සමාගම බලශක්ති හිගයෙන් පෙළෙන රටවල් දහයකට වැඩි ප්‍රමාණයකට මෙගාවොට් 2,010 ක විදුලියක් ලබා දෙන්න "Power of Friendship" කියලා බලශක්ති සැපයීමේ ව්‍යාපෘතියක් 2010 වර්ෂයේ ඉදලා ක්‍රියාත්මක කරනවා.
    ඒ ව්‍යාපෘතිය යටතේ Karadeniz Powership සමාගම සතු පවර්ෂිප් නැව් 17 ක් ඉරාකය , ඝානාව , පකිස්ථානය , ඉන්දුනීසියාව , ඉක්වදෝරය, ඇන්ගෝලා, නයිජීරියාව, තායිලන්තය , දකුණු අප්‍රිකාව වගේ රටවල් විශාල ප්‍රමාණයකට විදුලි බලය සැපයීමේ රාජකාරියේ යෙදිලා ඉන්නවා.....මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 144 ක විදුලිය සැපයිය හැකි පළමු පවර්ෂිප් නැව 2010 වර්ෂය ආරම්භයේදී ගිනිකොනදිග ඉරාකයේ බාස්රා අසල විදුලි ජනනය ආරම්භ කරලා තියෙනවා.
    Karadeniz Powership සමාගමේ මෙගාවොට් 216 ක විදුලි බලයක් සහිත MV Karadeniz Powership Kaya Bey නෞකාව 2010 වර්ෂයේ පකිස්ථානයේ සිදුවූ ගං වතුර ව්‍යසනයේදී විදුලි ආධාර ලබා දීලා තියෙනවා. ඇය විසින් නිපදවූ විදුලි බලයෙන් මිලියන 12 ක ජනගහනයක් වෙසෙන පකිස්ථානයේ කරච්චි විදුලි බල අවශ්‍යතාවයෙන් 20% ක ප්‍රමාණයක් වසර 5 ක් යන තෙක් සැපයීමට හැකි වුනයි කියලා සදහන් වෙනවා. පකිස්ථානයෙන් පස්සේ ඒ නැව ඉරාකයට සේවය කරන්න පිටත් වෙලා ගිහින් තියෙනවා.
    Karadeniz Powership සමාගමේ MV Karadeniz Powership Osman Khan කියන පවර්ෂිප් එක තමයි දැනට ලෝකයේ විශාලතම පවර්ෂිප් එක විදිහට සැලකෙන්නේ....මේ නැවට මෙගා වොට් 470 ක විදුලියක් ජනනය කරන්න පුළුවන්...මීටර් 299 දිග මේ නැවේ බර ටොන් 184,744 ක්. ඒක දකුණු කොරියාවේ Samsung Shipbuiding සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක්.
    Karadeniz Powership සමාගමේ අනෙකුත් නැව්
    ----------------------------------------
    Doğan Bey මෙගා වොට් 126
    Rauf Bey මෙගා වොට් 179
    Gökhan Bey මෙගා වොට් 125
    Yasin Bey මෙගා වොට් 125
    Zeynep Sultan මෙගා වොට් 125
    Ayşegül Sultan මෙගා වොට් 235

    1597835644657.png

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    View attachment 89885

    දීර්ඝකාලීනව බැලුවොත් මෙහෙම කරන්ට් එක ගන්න එක පාඩුයි නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මගේ ස්ටාට් වෙන්නෙ නැති ජෙනරේටරේ දෙන්නද? පොඩි සර්විස් පාරක් දැම්මම වැඩ කරයි.

    ඉන්දියාව හදන්නෙ දෙන්නෙ නැති නිසා නේ මහින්ද පොන්සිය 2006දි ගිවිසුම අස්සන් කරල අවුරුදු 9ක් බලයේ ඉඳලත් ඇටයක් කරගන්න බැරි උනේ. නැත්නම් ජෙප්පො එපා කිව්ව හින්දද හැදුවෙ නැත්තෙ? ඒ කාලෙ මිනිස්සුන්ට වෙඩි තියතිය ගියා නේද පොන්සිගෙ මල්ලි
    අවුරුදු 9ක් ගියෙ ඒක නිසා නෙමේ ගොබ්බයො නොරොච්චෝලෙ හැදෙන නිසා ඊට අමතරව බලාගාර 4ක් එක දිගට හැදුන ඔය අවුරුදු 10 පුරාම .. විදුලිබල මණ්ඩලේට සැලැස්මක් තියෙනව ඒකට අනුව අව්ශ්යතාවය සම්පුර්න කරන එකයි කරන්නෙ...

    තොපි වගේ නොහැකියාවෙන් පෙලෙන කාලකන්නි රැලක් අතට 2015බලේ ගිය එකයි රටට හෙන ගහපු කරුමෙ උනේ...නැත්තන් මෙලහට සාම්පුරුත් හදල..

    බලේ තිබ්බ අවුරුදු 5ට එක විදුලි බලාගාරයක් තියා බල්බ් එකක්වත් ගෙන්න ගන්ඩ බැරි උන තොපිද පකෝ කරන්ට් ගැන කියවන්නෙ නොදකින් පො&න සිපයියො... තොපිට චන්දෙන් මිනිස්සු මදි නොකියන්ඩ සලකපු එකයි හොදම දේ..
     
    • Like
    Reactions: D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඔය එක ලබ්බක්වත් නැතුව රුසියාවෙන් නයෂ්ඨික බලාගාරයක් හදවගත්ත නම් හරි. උදම් රළ කතා විතරයි. තාම ප්‍රායෝගික නැහැ. ජල විදුලියට ජලාශ ගහන්න තැන් නැහැ. සෝලාර් reliable නැහැ. සුළං උනත් ඒ කතාවමයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටොයියො ටිකයි ජෙප්පො ටිකයි මැරෙන්න හැදුවට මහින්ද හදපු බලාගාර නැත්නම් අද රටම අදුරේ..යහපාලුවෝ අවුරුදු5ක් ඉදියා කියලා අඩුම ගානේ රූන් පෙත්තක් හැදුවද ? මුන් නිකන් මේ නින්දෙන් අවදි වෙච්ච වගේ කතාව.. මතක නෑ ටයිම් ටේබල් දීල ්වරු ගණන් මාස ගනන් කැපුව කරන්ට්..

    :yes:සිරා ඒ දවස්වල අපිත් බැන්න..
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    දීර්ඝකාලීනව බැලුවොත් මෙහෙම කරන්ට් එක ගන්න එක පාඩුයි නේද?

    මමත් හිතන්නේ. නැවේ වියදම් එකට එකතු කරනවනේ. එත් සමහරවිට හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ඔය එක ලබ්බක්වත් නැතුව රුසියාවෙන් නයෂ්ඨික බලාගාරයක් හදවගත්ත නම් හරි. උදම් රළ කතා විතරයි. තාම ප්‍රායෝගික නැහැ. ජල විදුලියට ජලාශ ගහන්න තැන් නැහැ. සෝලාර් reliable නැහැ. සුළං උනත් ඒ කතාවමයි.

    Aniwa nashtika balagara walata yanna ona anith ratawal nashtika balagara walin aduwata electricity denawa
    mathakathiyaganna tharagakari milakata productiion karannath meka balapanawa
    danatamath india bangaladesh patan gena thiyenne
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    ඔය එක ලබ්බක්වත් නැතුව රුසියාවෙන් නයෂ්ඨික බලාගාරයක් හදවගත්ත නම් හරි. උදම් රළ කතා විතරයි. තාම ප්‍රායෝගික නැහැ. ජල විදුලියට ජලාශ ගහන්න තැන් නැහැ. සෝලාර් reliable නැහැ. සුළං උනත් ඒ කතාවමයි.

    නයෂ්ඨික බලාගාරයක් නඩත්තු කරන්න තාක්ෂණික පුහුණුව ලත් නිලදාරීන් ඉන්න ඕනේ. එක ටික කාලයක් යන වැඩ. තව දෙයක් ලංකාව පොහොම පොඩි දුපතක්. කාන්දු වීමක් උනොත් දෙයියන්ගේ පිහිටයි. කාන්දු වීමක් කලාතුරකින් වෙන බව ඇත්ත.එත් මෑතකදී වෙච්ච fukushima power plant disaster මතකනේ

    1597843980315.jpeg
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    මේ වෙනකොට ඉන්දියාව සතු විශාලම න්‍යෂ්ටික බලාගාරය තමයි කූඩන්කුලම් බලාගාරය. මේක තියෙන්නෙ කූඩන්කුලම් වෙරළ අයිනේ. මූලික සැලැස්මෙ හැටියට මේක එකක් 1000MW බැගින් වන ප්‍රතික්‍රියාකාරක (Reactors) 6ක් තියෙන 6000MW installed capacity එකක් තියෙන බලාගාරයක්. 2002දි තමයි මේකෙ වැඩ ආරම්භ වුණේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා සහ Heat transfer tubes 4ක තිබුණු දෝෂය නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බොහෝ කාලයක් ගියා. 2013දි තමයි පළවෙනි unit එක ක්‍රියාත්මක වුණේ. බලාගාරය හදන්නෙ රුසියානු රාජ්‍ය සමාගමක් විසින්. මේ වෙනකොට මේකෙ units 2ක් හදලා ක්‍රියාත්මක තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේකෙ 2000MW ක Installed capacity එකක් තියෙනවා (අපේ නොරොච්චෝලෙ 900MW).
    හැබැයි Cooling වගේ auxiliary power consumption ටික අයින් කරාම මේකෙන් ඇත්තටම පද්ධතියට ලබාදෙන්නෙ මෙගාවොට් 1864ක විදුලි බලයක්. ඒ කියන්නෙ ලංකාවෙ ඉහළම විදුලි බල ඉල්ලුමට (peak demand) වඩා ටිකක් අඩු ප්‍රමාණයක් (ඒකෙ තේරුම ලංකාවෙ මුළු විදුලි අවශ්‍යතාවය තනි න්‍යෂ්ටික බලාගාරයකින් සපුරගන්න පුළුවන් කියන එක නෙමෙයි)
    න්‍යෂ්ටික බලාගාර වල තාක්ෂණය මූලිකව පරම්පරා 5කට බෙදෙනවා. චර්නොබිල් සහ ෆුකුෂිමා ඩායිචි වගේ බලාගාර අයිති 2 වන පරම්පරාවෙ මුල කාලයට. එතකොට කූඩන්කුලම් බලාගාරය අයිති වෙන්නෙ Generation 3+ කියන එකට. ඒ කියන්නෙ 3 සහ 4 පරම්පරා අතරට. ලෝකය 1986 චර්නොබිල් අනතුරෙන් පස්සෙ ගොඩක් දුර ආපු බව දන්නවනෙ. ඉතින් මේ කූඩන්කුලම් වගේ Gen III+ බලාගාර වල භාවිතා වන තාක්ෂණය සහ ආරක්ෂණ ක්‍රමවේදත් අර පරණ බලාගාර වලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින්. මේ කූඩන්කුලම් ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැන සාරාංශයක්..
    ⚠️
    ️ භූමිකම්පා/සුනාමි..
    බලාගාරය හදන්න කලින් කරපු ශක්‍යතා අධ්‍යයනයෙදි හෙළිවුණේ ඉන්දියාවේ භූචලන වලින් ආරක්ෂිතම කලාපය තුල මේ කූඩන්කුලම් ප්‍රදේශය පිහිටන බවයි.
    ජපානයේ ෆුකුෂිමා ඩායිචි බලාගාරයේ අනතුර සිදුවුණේ සුනාමියෙන් බලාගාරයේ පැනල් ආදිය යටවිම නිසා backup generators ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිවුණ නිසා. එතකොට කූඩන්කුලම්? 2004 සුනාමියෙන් මේ ප්‍රදේශයට කඩාවැදුනු රැල්ලේ උස මීටර් 2.2.ක් පමණයි. හැබැයි මේකෙ backup generators සවිකරල තියෙන්නෙ මීටර් 9.3ක් උඩින්. ඒ කියන්නෙ රිච්ටර් පරිමාණයේ එන්න පුළුවන් ඉහළම භූමිකම්පාවකින් ඇතිවෙන සුනාමි තත්වයකදිත් ආරක්ෂිත වන මට්ටමකින්. ඒ වගේම මේවා පිහිටි කාමර වල දොරවල් ලෙස යොදාගෙන තිබෙන්නෙ ජලය කාන්දු නොවන ඝනකම් double sealed දොරවල්.
    ⚠️
    ️ Negative Void Coefficient..
    Positive Void Coefficient එකක් තියෙන බලාගාරයක ජලය අඩු වෙනකොට ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය තවත් වැඩිවෙනවා. චර්නොබිල් RBMK reactor එකේ තිබුණෙත් එහෙම එකක්. චර්නොබිල් අනතුරත් එක්ක ඒ ක්‍රමය ලෝකෙන් තුරන් වෙලා Negative Void Coefficient තියෙන බලාගාර විතරක් හැදෙන්න ගත්තා. ඒකෙදි වතුර ටික වාෂ්ප වෙලා ගියොත් වෙන්නෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව මන්දගාමී වීමක්. කූඩන්කුලම් වල තියෙන්නෙත් එහෙම Negative Void Coefficient එකක්.
    ⚠️
    ️ Control Rods..
    කූඩන්කුලම් බලාගාරයේ තියෙන්නෙ ඉතාම ඉක්මණින් පහත් කල හැකි control rods. ඒක නිසා රිඇක්ටර් එක ඇතුලෙ වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බොහොම ඉක්මණින් පාලනය කරගන්න මේ බලාගාරයෙදි හැකියාව ලැබෙනවා.
    ⚠️
    ️ Boron Injection System..
    න්‍යෂ්ටික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාව එක දිගටම සිද්ධවෙන්නෙ යුරේනියම් පරමාණු බිඳෙනකොට බිහිවෙන නියුට්‍රෝන මගින්නෙ. මේ නියුට්‍රෝන වල ගමන නතර කරගන්න පුළුවන් හොඳම නියුට්‍රෝන අවශෝෂක මූලද්‍රව්‍යය තමයි බෝරෝන් (කලින් කතා කරපු control rods වලත් බෝරෝන් ආලේපිතයි). ඉතින් හදීසි අවස්ථාවකදි එක පාරටම ප්‍රතික්‍රියාවට විශාල ලෙස බෝරෝන් inject කරොත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඉතාම ඉක්මණින් නතර කරගන්න පුළුවන්.
    කූඩන්කුලම් බලාගාරයේදි මේ ක්‍රියාව කරන්නෙ බෝරික් ඇසිඩ් පාවිච්චි කරලා. බෝරික් ඇසිඩ් කියන්නෙ ඝන ද්‍රව්‍යයක්.
    ⚠️
    ️ Hot shutdown එකකදී තාපය ඉවත් කිරීම..
    කූඩන්කුලම් වල Passive Heat Removal System (PHRS) එකට පුළුවන් බොහොම පරිස්සමට core එකේ තියෙන තාපය බාහිරට ඉවත් කරන්න. මේක පැය 24ක් තුල කරන්න පුළුවන්. කලින් කියපු Boron Injection එක කරන්නෙ මීටත් වඩා හදීසි අවස්ථාවක විතරයි. මේ PHRS එකට විදුලිය, ඉන්ධන වගේ කිසි දෙයක් ඕන නෑ. තාක්ෂණික දේවල් මත රඳාපැවතීමකින් තොරව ගුරුත්වය, සංවහනය, සන්නයනය වගේ විශ්වාසනීය ස්වභාවික මූලධර්ම මතයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ඇත්තටම ඔය Passive Heat Removal System එක තමයි Generation 2 වලින් Generation 3 වලට එනකොට එකතු වුණ ලොකුම වෙනස.
    ⚠️
    ️ හයිඩ්‍රජන් එක්රැස් වීම..
    සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අනතුරකදි වෙසල් එක තුල දහනය වන අධි පීඩන හයිඩ්‍රජන් විශාල ලෙස එක්රැස් වීමෙන් වෙසල් එක පුපුරා යන්න පුළුවන්. ඒක නවත්තන්න කූඩන්කුලම් වල තියෙනවා Passive Hydrogen Recombiner පද්ධතියක්.
    ⚠️
    ️ ආවරණ..
    අපි ඇතුලෙ ඉඳල එමුකො. විකිරණශීලි යුරේනියම් ඉන්ධන ටික තියෙන්නෙ වඩා කාර්යක්ෂම සර්කෝනියම්-නයෝබියම් බට වල.
    මේ ඉන්ධන බට තියෙන්නෙ 22cm ඝනකම සහ ටොන් 350ක් බර Reactor Pressure Vessel (RPV) එක තුල.
    එතකොට ඒ RPV එක තියෙන්නෙ මීටරයක් ඝනකම කොන්ක්‍රීට් ආවරණයක් තුල.
    Reactor containment එක ආවරණ 2කින් යුක්තයි. ඇතුලත ආවරණය 6mm ඝනකම වානේ ස්ථරයක් සහිත මීටර් 1.2ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක්.
    බාහිර ආවරණය 60cm ඝනකම තව කොන්ක්‍රීට් බිත්තියක්.
    ඔය බිත්ති 2 අතර තියෙන්නෙ වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක්.
    Reactor Vessel එකෙන් එලියට ආවම තවත් ආවරණයක් තියෙනවා Core Catcher කියලා. මේක ටොන් 101ක් බරයි. මේක විශේෂ සංයෝගයකින් පුරවලයි තියෙන්නෙ. ඒ තමයි යකඩ (Fe), ඇලුමිනියම් (Al) සහ ගැඩොලීනියම් (Gd) වල ඔක්සයිඩ සහිත මිශ්‍රණයක්. මේ core catcher එකේ කාර්යභාරය තමයි බැරිවෙලාවත් මේකට ඇතුලෙන් තියෙන ඔක්කොම පුපුරල ගියත් ඒ ඝන හා ද්‍රව සුන්බුන් සියල්ල බාහිරට යන්න නොදී රඳවාගැනීම. Gadolinium යොදාගන්නෙ එයා හොඳ නියුට්‍රෝන අවශෝෂකයක් නිසා.
    බලාගාරයේ ආරක්ෂාව සඳහා ඔය තරම් ආවරණ ගොඩක් තියෙනවා.
    ⚠️
    ️තටාකය..
    මුහුද අයිනෙ පිහිටීම නිසා රුසියාව විසින් මේ කූඩන්කුලම් බලාගාරය නිර්මාණය කරේ තවත් විශේෂ සැකැස්මක් සමග. ඒ තමයි හරයට යටින් තියෙන දැවැන්ත මුහුදු වතුර තටාකය. මහා පරිමාණ අනතුරකදි මේ තටාකය යොදාගෙන බලාගාරය ඉක්මණින් සිසිලනය කරන්න පුළුවන්.
    ⚠️
    ️ ලංකාවට තියෙන බලපෑම..
    සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක අවට ප්‍රදේශය කලාප (Expose Pathway Zones - EPZ) කීපයකට බෙදනවා.
    1) Precautionary Exposure Pathway බලාගාරයේ සිට 1km පමණ දක්වා අරයක් තුල පිහිටි ප්‍රදේශය. මේක තමයි බලාගාර අනතුරකදි මිනිසුන් ඉවත් කල යුතු කලාපය.
    2) Plume Exposure Pathway
    න්‍යෂ්ටික අනතුරක් සිදුවුණොත් බලාගාරයේ සිට සැතපුම් 10ක (16km) දක්වා දුරින් පිහිටි මේ කලාපය තුල ජීවත් වෙන අයට අවශ්‍ය වූ විට පොටෑසියම් අයඩයිඩ් වැනි අයඩින් ප්‍රතිකාර ලබාදෙන්න ඕන. එහෙම කරන්නෙ තයිරොයිඩ් පිළිකා අවදානම නැති කරන්න.
    3) Ingestion Exposure Pathway
    බලාගාරයේ සිට සැතපුම් 50 (80km) දුරින් පිහිටි ප්‍රදේශය. මේ කලාපයට බලාගාරයෙන් බලපෑමක් නෑ. හැබැයි පරිසරයේ විකිරණශීලිතාව මැන බැලීම වැදගත්. ලංකාවෙ ඇතැම් ප්‍රදේශ කූඩන්කුලම් වල මෙන්න මේ කලාපය අසල.
    කොහොම වුණත් බලාගාරයේ ප්‍රමාණය, පිහිටි රට, පරම්පරාව, ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුව "මේ දුරවල් වෙනස් වෙනවා". මේවා වඩාත්ම අදාළ වෙන්නෙ ඉතාම පැරණි බලාගාර වලට. මේ දුරවල් ඉදිරියේදි වෙනස් වීමට නියමිතයි.
    මෙච්චර වෙලා කියපු හැමදේම සලකා බැලුවම කූඩන්කුලම් බලාගාරයෙන් ලංකාවට විතරක් නෙමෙයි අඩු තරමෙ කූඩන්කුලම් නගරයට වත් කිසිම බලපෑමක් නැතිම තරම්. කල්පාකම් බලාගාරයේ ඉඳල 300km සහ කූඩන්කුලම් බලාගාරයේ ඉඳලා 220km දුරින් තියෙන ලංකාවට සුළු හෝ බලපෑමක් වෙන්න නම් අවශ්‍යතා 2ක් තෘප්ත වෙන්න ඕන.
    1. බලාගාරයේ දැවැන්ත ප්‍රමාණයේ අනතුරක් වෙලා විකිරණශීලි ද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙන්න ඕන (උඩ කරුණු අනුව මෙහෙම දෙයක් වෙන්න තියෙන්නෙ අතිශයින්ම කුඩා සම්භාවිතාවයක්)
    2. ඒ දවස් වල සුළං රටා අනුව කූඩන්කුලම් පැත්තෙ ඉඳල ලංකාවට හුළං හමන්න ඕන.
    ඔය 2න් 1ක් හරි නොවුණොත් අපිට කිසිම බලපෑමක් නෑ. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ ඔය 2ම වුණොත් එතකොට අපිට තියෙන්නෙ විකිරණශීලිතාවය මැන බලලා අවශ්‍ය නම් විතරක් පුත්තලම අවට ප්‍රදේශ කීපයක විවෘත ලිං වැසීම වගේ ආරක්ෂක පියවර ගැනීමයි.
    ඒත් අපි කොහොමද දැනගන්නෙ කූඩන්කුලම් වලට කිට්ටු ලංකාවෙ පලාත් වල විකිරණශීලිතවය වැඩිවෙලාද නැද්ද කියලා?
    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් ලංකාවෙ ස්ථාන 8ක සවිකර ඇති අනාවරක උපකරණ මගින් දවසෙ පැය 24 පුරාවටම මේ විකිරණශීලිතාවය නිරන්තරයෙන් සජීවී පරික්ෂාවට ලක්වෙනවා. මේ උපකරණ තියෙන්නෙ
    1.පුත්තලම
    2.තලෙයිමන්නාරම
    3.කන්කසන්තුරේ
    4.ඩෙල්ෆ්ට් දූපත
    5.කොළඹ
    6.පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    7.ත්‍රිකුණාමලය
    8.බූස්ස
    කියන ප්‍රදේශ වල. තවත් 2ක් ඇඹිලිපිටියේ සහ අනුරාධපුර පිහිටුවන්න නියමිතයි. විකිරණශීලිතාවය සාමාන්‍ය පරිසරයේ මට්ටමට වඩා 3 ගුණයක් වැඩි වුණොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනවා.
    💐
    විශේෂ ස්තූතිය: Nirodha Ranasinghe (ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය)
    - රෙහාන් මෙන්ඩිස්
    📸
    ඡායාරූප…
    රූපය 1 : කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය
    රූපය 2 : බලාගාරයට එරෙහි විරෝධතාවක්
    රූපය 3 : ගැඩොලීනියම්
    රූපය 4 : ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 8ක සවිකර ඇති අනාවරක
    රූපය 5 : කූඩන්කුලම් සහ ශ්‍රී ලංකාවේ පිහිටීම
    📚
    REFERENCES:
    +ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

    1597843998891.png

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    උදම් රල සීන් එකේ maintenance cost එක වැඩි මචන්. practical නැහැ. ගොඩක් රටවල් වල proto types විතරයි තියෙන්නේ. මහා පරිමාණ නැහැ. roof top solar scene එක අනිත් එක. එක mass scale කරන්න බැහැ. grid එක balance කරන්න බැහැ. prediction අමාරුයි. solar යනවනම් තැන තැන ලොකු battery banks ගහන්න ඕනේ balance වෙන්න. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් දන්නා විදිහට large scale practical solution මුකුත් propose කරන්නේ නැහැ.
    ඔව් වෙන්න පුලුවන් ඒකට තමා ඔය විශ්ව විද්‍යාල වල පර්යේශන RnD කරන්න ඕනේ . මේ බාධක වලට විසදුම් ගේන්න. බලන්න ස්වීඩන් වටේම කුනු අරන් උන් කරන්ට් ගන්නවා . ඉංදියාවේ කුනු ටික අරං ආවත් අපිට කරන්ට් හදලා ඉතුරුවගෙන් පොහොට හදලා රට යවල සල්ලිත් හොයන්න පුලුවන් . පාඨලී එකක් හැදුවා ඒකෙන් 11.5mhz දැනටම දෙනවා . මේ වගේ දේවල් කරන්න ඕනේ. ජමනිය ඉර එලිය මැනේජ් කරලා කරනවා උන්ට මාස 4-5 ඉර එලිය එන්නේ . මේව ඉගෙන ගන්න අපේ බැජ් ටොපාල යවන්න ඕනේ ශිශ්‍යත්ව දීලා . රට දියුනු නම් අපිට දූපතක හරි න්‍යශ්ටික බලාගාරයක් හදන්න තිබ්බා මීඩියම් ස්කේල් එකක්. එකේ දැනුම අපිට බලශක්ති , යුධමය දෙකටම ගන්න පුලුවන් අපේ කොල්ලො මේවා ඉගෙනගෙන පාලනය කරන්න බැයිද . හයිඩ්‍රෝ ප්ලාන්ට් උනත් දැන් මල්ටි ලෙවල් හදලා බලශක්තිය උපදවන්න ක්‍රම පෙන්නලා දීලා තියනවා . ගල් අගුරු, දැවි තෙල් කියන්නේ නිදහසට කාරනවක් .
     
    • Like
    Reactions: DaraGarege

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    සිවිල් බලශක්ති භාවිතය සඳහා අනුමත කරන ලද ලොව ප්‍රථම කුඩා පරිමාණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන්නේ නුස්කේල් ය

    එක්සත් ජනපද න්‍යෂ්ටික නියාමන කොමිෂන් සභාව කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සැලසුමට හරිත ආරක්ෂිත ආලෝකය ලබා දී ඇති අතර මෙය බලශක්ති ක්ෂේත්‍රය හොඳින් පරිවර්තනය කළ හැකිය.
    මෙම නව කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරකයේ හොඳම කොටස නම් එයට විශේෂ ප්‍රවාහන අවශ්‍ය නොවන අතර එය වෙබ් අඩවියේ තැනීමට අමතර උත්සාහයක් ඉල්ලා නොසිටීමයි. එය කර්මාන්තශාලා වල පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිය.
    නුස්කේල් හි මොඩියුලර් ප්‍රතික්‍රියාකාරකය අඩි 76 ක් උස (මීටර් 23), අඩි 15 ක් පළල (මීටර් 4.5) සිලින්ඩරයකින් වානේ වලින් සාදා ඇති අතර මෙගාවොට් 50 ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව ඇත. න්‍යෂ්ටික බලාගාරවල ප්‍රතික්‍රියාකාරක ක්‍රියා කරන ආකාරයටම නුස්කේල් සිය නව සැලසුම් ප්‍රතික්‍රියාකාරක 12 ක් තටාකයක ක්‍රියාත්මක වන බව පෙන්නුම් කර ඇත.
    සැලසුම ප්‍රමාණයෙන් කුඩා නමුත් එහි ක්‍රියාකාරිත්වයේ විශිෂ්ටයි. අනෙකුත් ප්‍රතික්‍රියාකාරක ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇති ආකාරයටම එය ක්‍රියා කරයි: යුරේනියම් ඉන්ධන ද ds ු භාවිතා කර රත් කරන අභ්‍යන්තර පුඩුවක් තුළ ජලය අඩංගු වන අතර එමඟින් ඉහළ උෂ්ණත්වයක් ඇති වේ. එම ඉහළ උෂ්ණත්වය දඟරයක් භාවිතයෙන් බාහිර වාෂ්ප පුඩුවක් හරහා මාරු කරනු ලැබේ. එම උෂ්ණත්වය මුදා හරින අතර එමඟින් ජනනය වන ටර්බයිනයකට බලය ලැබේ. අවසාන වශයෙන්, වාෂ්ප සිසිල් වී සංසරණය වන ප්‍රතික්‍රියාකාරක වෙත ආපසු යයි.

    1599629849843.png

    1599629895844.png

    Source;- https://wonderfulengineering.com/nu...or-that-got-approved-for-civilian-energy-use/
     
    • Like
    Reactions: TCB Rox