විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෙවල් වල තියෙන ඒවා ගෙදර කන්සම්ශන් කරල ඉතුරු ටික තමයි ග්‍රිඩ් එකට දෙන්නේ.. කර්ව් එක ඇන්දොත් 150MW වගේ සේව් වෙලා තියෙන්නේ..

    උබ අහන ගොන් ප්‍රශ්නෙන්ම තේරෙනවා උබේ මොලේ තරම...
    උබ කොහොමද කියන්නෙ ඒව ඔක්කොම උබේ පො&න තිරිසනා හැදුව කියල...යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ?????? :lol: :lol: :lol: :lol: :lol: :lol: තමන්ගෙ පුද්ගලික මුදලින් හයිකර ගන්න සෝලා සිස්ටම් එකේ අයිතිකාර්ය වද තිරිසනා මරු තර්ක ඕයි තොපේ තියෙන්නෙ...:lol::lol::lol::lol:නොදකින් පො&න පක්කු විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැති හැටියක්....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    උබ කොහොමද කියන්නෙ ඒව ඔක්කොම උබේ පො&න තිරිසනා හැදුව කියල...යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ?????? :lol: :lol: :lol: :lol: :lol: :lol: තමන්ගෙ පුද්ගලික මුදලින් හයිකර ගන්න සෝලා සිස්ටම් එකේ අයිතිකාර්ය වද තිරිසනා මරු තර්ක ඕයි තොපේ තියෙන්නෙ...:lol::lol::lol::lol:නොදකින් පො&න පක්කු විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැති හැටියක්....

    ඕයි දෙයක් කතා කරන්න කලින් කූල් ඩවුන් වෙලා ඉදපන්.. තොගේ නහරයක් පුපුරලා මැරෙයි.. ඒ පවත් මට අන්තිමේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ??????

    ඒත් ඒ පැනල් National Grid එකට කනෙක්ට් කරන එක රජයෙන් කෙරෙන එකක් නේ, ඒක (Net Metering) 2008 cabinet approval අරන් 2010 පටන් ගත්තෙ, යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් ලබ්බක් නෙමෙයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඒත් ඒ පැනල් National Grid එකට කනෙක්ට් කරන එක රජයෙන් කෙරෙන එකක් නේ, ඒක (Net Metering) 2008 cabinet approval අරන් 2010 පටන් ගත්තෙ, යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් ලබ්බක් නෙමෙයි

    උබලා දෙන්නා කතා වෙල එකක් කියපන් අරූගෙ නහරයක් පුපුරන්න කලින්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    උබලා දෙන්නා කතා වෙල එකක් කියපන් අරූගෙ නහරයක් පුපුරන්න කලින්..

    නෑ උඹ මල්ලෙ පොල් නැතුව අර කියපු යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් හරි මොකෙන් හරි පෞද්ගලික අංශයෙන් ගන්නෙ නැතුව National Grid එකට 2015-2020 එකතු කරපු MW ගාන කියපන්කො. Net Metering ගැන කියන්න එපා ඒක 2008 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොටස් 4 බෙදල විදුලිය කපනවා කිව්වට කොටස් 4ට අයිති ප්‍රදේශ සටහන් කරලා නෑ නේද ? දන්නා කෙනෙක් කියනවද ?
     
    • Like
    Reactions: S_M_S and PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සෝලා ප්‍රොජෙක්ට් එක, සාම්පූර්, පුත්තලමේ සුලන් බලාගාරේ, මේවා මහින්දගේ ආණ්ඩුවේ ප්ලෑන්. සාම්පූර් යහපාලනයෙන් නෑවෑත්තුවා. සොලා වලට පුදුම විදිහට රවියා කකුලෙන් ඈද්දා. පුත්තලමට බදූදීන් ගේම ඉල්ලුවා. යහපාලනය තමා බලශක්ති ප්ලෑන් එක විනාස කලේ. උන්ට කිසිම අනාගතය ගෑන වගකිමක් වත් හෑගීමක් වත් තිබ්බේ නෑ. බඩගින්නේ හිටපු පණුවෝ වගේ කාගෙන කාගෙන ගියා මිසක්. ලෝඩ් එක බෙදා ගන්න තව එක බලාගාරයක් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලේ ඉන්ජොන්ගෙන් අහලා බලපල්ලා වෙලා තියෙන දේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow dan e time ekata power cut karai etha kota dawal 3.15-4 ne.
    ඔව් එහෙම කපයි මම හිතන්නෙ..ඉස්සර ඔහොම ටයිම් ටේබල් දැම්මට අපිට කරන්ට් නොගිය දවසුත් තිබ්බ 😇
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සෝලා ප්‍රොජෙක්ට් එක, සාම්පූර්, පුත්තලමේ සුලන් බලාගාරේ, මේවා මහින්දගේ ආණ්ඩුවේ ප්ලෑන්. සාම්පූර් යහපාලනයෙන් නෑවෑත්තුවා. සොලා වලට පුදුම විදිහට රවියා කකුලෙන් ඈද්දා. පුත්තලමට බදූදීන් ගේම ඉල්ලුවා. යහපාලනය තමා බලශක්ති ප්ලෑන් එක විනාස කලේ. උන්ට කිසිම අනාගතය ගෑන වගකිමක් වත් හෑගීමක් වත් තිබ්බේ නෑ. බඩගින්නේ හිටපු පණුවෝ වගේ කාගෙන කාගෙන ගියා මිසක්. ලෝඩ් එක බෙදා ගන්න තව එක බලාගාරයක් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලේ ඉන්ජොන්ගෙන් අහලා බලපල්ලා වෙලා තියෙන දේ
    මහින්දගෙන් පලි ගන්ඩනෙ මචන් සාම්පූර් වලට කෙලියෙ දැන් තේරෙනවනෙ රගේ..ගු ඇන් පි තිරිසන්නු රටම විනාශකරා අවුරුදු 5කට බලේ අරන්, දැන් සිල්ල මුල ඉදන් පටන් ගන්ඩ ඔනෙ..
     
    • Like
    Reactions: KDH and sithija.h

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දගෙන් පලි ගන්ඩනෙ මචන් සාම්පූර් වලට කෙලියෙ දැන් තේරෙනවනෙ රගේ..ගු ඇන් පි තිරිසන්නු රටම විනාශකරා අවුරුදු 5කට බලේ අරන්, දැන් සිල්ල මුල ඉදන් පටන් ගන්ඩ ඔනෙ..

    නොරච්චෝලෙ බිඳ වැටීමක්ලු.
    තැනින් තැන කියවෙනව.

    ඔය යන්ත්‍ර ජපානෙ හැදුවත් චීනෙ හැදුවත් කැඩෙනව.
    මේ කැඩුනෙ අවුරුදු 4කට පස්සෙ.
    කරන්න ඕනෙ එක යන්ත්‍රයක් මත මුලු ජාතික පද්ධතියම රඳා පවතින්න නොදී තියා ගන්න එක.
    විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරපු ජාතික ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක උනා නම් තව විශාල බලාගාර කිහිපයක් මේ වෙද්දි ජාතික පද්ධතියට එකතු වෙලා.
    ඒක එහෙම නොවුන එකට වග කියන්න ඕනෙ දේශපාලනය සහ පරිසර ඇඬියාක් කාරයො.
    සාම්පූර් ඇතුලු බලාගාර ඉදිකිරීම පමාකරන්න මුල් උනු හැමෝම මේ තත්වයට වග කියන්න ඕනෙ.
     
    • Like
    Reactions: KDH

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    සෝලා ප්‍රොජෙක්ට් එක, සාම්පූර්, පුත්තලමේ සුලන් බලාගාරේ, මේවා මහින්දගේ ආණ්ඩුවේ ප්ලෑන්. සාම්පූර් යහපාලනයෙන් නෑවෑත්තුවා. සොලා වලට පුදුම විදිහට රවියා කකුලෙන් ඈද්දා. පුත්තලමට බදූදීන් ගේම ඉල්ලුවා. යහපාලනය තමා බලශක්ති ප්ලෑන් එක විනාස කලේ. උන්ට කිසිම අනාගතය ගෑන වගකිමක් වත් හෑගීමක් වත් තිබ්බේ නෑ. බඩගින්නේ හිටපු පණුවෝ වගේ කාගෙන කාගෙන ගියා මිසක්. ලෝඩ් එක බෙදා ගන්න තව එක බලාගාරයක් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලේ ඉන්ජොන්ගෙන් අහලා බලපල්ලා වෙලා තියෙන දේ

    ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනය - 2018


    1. විදුලි ජනන වියදම සහ ජාතික ආර්ථිකය


    වර්තමානයේ වසරකට විදුලි පද්ධතිය තුළ ජනනය වන සමස්ථ විදුලි ඒකක ගණන බිලයන 15 ක් පමණ වන අතර එය වසරක් පාසා එය එකක බිලියනයකින් පමණ වැඩිවේ . එම නිසා ජනනය කරන එක ඒකකයක වියදම රුපියලකින් වැඩි වූවත් වර්තමානයේ රටට ඇතිවන මූල්යමය පාඩුව රුපියල් බිලියන 15 කි.

    අඩුම වියදමකින් හා පද්ධතියේ තාක්ෂණික අවශ්යතා වලට අනුකූලව බලාගාර සැලැස්මක් සැකසීම ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යභාර්යකි. මේ අනුව ලංවිම සැලසුම් මගින් හඳුනාගත් පරිදි පද්ධතියට එකතු වූ නොරොච්ච්චෝලේ බලාගාරය ඉදිකිරීමට පෙර, 2012 වසරේ දී පෙර කී ජනන වියදම ඒකකයට රු. 23.66 ක් වූ අතර එම බලාගාරය පද්ධතියට එකතු වූ පසු 2015 වසරේදී රු. 15.07 ක් දක්වා අඩුවිය. මීට සමගාමීව ඉතිහාසයේ ප්රථම වතාවට රජය විදුලි බිල 25% කින් අඩුකරන ලදි. එහෙත් 2014 න් පසු විශාල ප්රමාණයේ අඩු වියදම් තාප බලාගාර පද්ධතියට එකතුනොවිම හේතුවෙන්, වැඩිපුර ඩිසල් දහනය කිරීමට සිදුවූ නිසා (උදාහරණ: හදිසි විදුලිය) නැවත එය 2017 වනවිට රු. 21.32 දක්වා ඉහල ගොස් ඇත. මෙම හේතුවෙන් නොරොච්ච්චෝලේ බලාගාරයේ ආගමනය සමග 2015 වසරේ ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2017 වසරේදී රු. බිලියන 45 ක් (කෝටි 45,000) පාඩු ලැබීය.

    වසර 10ක් පමණ කාලයක් පුරාවට සියලු සමාජීය, දේශපාලනික, පාරසරික ගැටළු විසඳා 2015 වසරේදී ටෙන්ඩර් කැඳවීමට දින කීපයක් පමණක් තිබෙන අවසන් මොහොතේදි සාම්පූර් බලාගාරය නවතා දැමුවද එමගින් ඇතිවූ විදුලි අර්බුධයට විසඳුමක් වියහැකි කිසිඳු බලාගාරයක් මේ වනවිට සැදීමට සූදානමක් වත් නොමැත. මෙම තත්වය යටතේ මෙවැනි බලාගාරයක් සාදන තෙක් මණ්ඩලය ඉදිරිවසර 6-7 තුල සෑම වසරකම වසරකට රු. බිලියන 50 කට වැඩි මුදලක් පාඩු ලැබීම කිසිවෙකුටත් නැවැත්විය නොහැක.

    නොරොච්ච්චෝලේ බලාගාරය ඉදිකිරීම වසර 15 කින් පමා කිරීම නිසා ඩීසල් මගින් විදුලි උත්පාදනයෙන් ආර්ථිකයට වු පාඩුව රුපියල් බිලියන 900 කි. එය දකුණු අධිවේගී මාර්ගයට සමාන තවත් මාර්ග 8 ක් ඉදිකිරිමට යෙදවිය හැකිව තිබූ මුදලකි. එමෙන්ම සාම්පූර් බලාගාරය අවසාන මොහොතේ නැවැත්වීම නිසා වසර 5 ක් තුළ සිදුවන පාඩුව ආසන්නව රුපියල් බිලියන 200 කි. මෙය කටුනායක අධිවේගී මාර්ගය මෙන් තවත් මාර්ග 4 ක් ඉදිකිරීමට යොදාගතව හැකිව තිබූ මුදලකි. මේ අනුව රටේ ප්රධානීන් ගන්නා වැරදි තීන්දු තීරණ නිසා බලශක්ති ක්ෂෙත්රය මෙන් ප්රමාණාත්මකව රටේ ආර්ථිකයට මේතරම් දැඩි බලපෑමක් ඇතිකළහැකි වෙනත් කිසිදු ක්ෂෙත්රයක් නොමැත.


    2. ජනන සැලැස්මේ අර්බුදය

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවුරුදු දෙකකට වරක් ඉදිරි අවුරුදු 20 සඳහා ජනතාවට අඩු මිලට සහ සුරක්ෂිතව විදුලිය සැපයීම සඳහා වු ‘අඩු වියදම් දිගු කාලීන ජනන සැලැස්ම’ සකසනු ලැබේ. මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරය වන්නේ එය රජයේ ප්රතිපත්තිය සහ නීති රාමුව තුල සකසා ඇතිදැයි සොයා බලා අනුමත කිරීමයි.

    මෙම ජනන සැලැස්ම සැකසීමට දැනීම, තිස් වසරකට අධික පළපුරුද්ද හා විදුලිබල පනත අනුව අයිතිය ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටයි. නමුත් ලං.වි.ම. විසින් සකසූ 2018 – 2037 දක්වා වු 20 අවුරුදු ජනන සැලැස්ම ඉවත දමන මහජන උපයෝගිතා කොමිසම පුද්ගලික බලාගාර හිමියන්ට අවශ්ය අන්දමට ඉතා මිල අධික ජනන සැලැස්මක් ඔවුන්ම සකසා එවා ඇත. කොමිසම ප්රධාන වශයෙන් නීතිඥ මහතුන්ගෙන් සමන්විත වන අතර ඔවුන්ට තාක්ෂණික වශයෙන් සහය වීමට ජනන සැලැස්මක් පිළිබඳ ප්රායෝගික දැනීමක් තබා බලාගාරයක් සැබැවින් නොදැක ඇති කණිෂ්ඨ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ඇත. ඔවුන් තමන්ගේ රාජකාරිය අමතක කර පුද්ගලික විදුලි මාෆියාවට වාසි ගෙනදෙන ආකාරයේ සැලැස්මක් සකසා ඇත. සැලැස්ම සකස්කිරීමටත් අනුමත කිරිමටත් වගකීම් පනතින්ම ආයතන දෙකකට බෙදාදී තිබියදී සියළු කටයුතු කොමිසම කිරීමට යාම සුදුසු නොවන බව ඉතා පැහැදිලිය. එම සැලැස්ම නීති විරෝධී මෙන්ම මුල්යමය සහ තාක්ෂණික වශයෙන් රට විශාල අර්බුදයකට තල්ලු කරන සැලැස්මකි.

    ලං.වි.ම. සකස්කරන ලද සැලැස්ම ගල් අඟුරු, ස්වාභාවික වායු, සුර්ය, සුළං, ජල විදුලි ආදී සියලු ප්රබවයන්ගේ මනා සංකලනයකින් සමන්විත එකකි. මහජන උපයෝගිතා කොමිසම මගින් සකස් කරන ලද සැලැස්මට අනුව අනාගතයේ සියළු තාප බලාගාර ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරවේ . එම සැලැස්ම ක්රියාවට නැංවුවහොත් මුළු රටම එකම එක ඉන්ධනයක් මත යැපෙන අතර එය බලශක්ති සුරක්ෂිතතාවට දැඩිවම එල්ලවන මරු පහරකි.

    ලං.වි.ම. සැලැස්මේ ඇති 300MW ප්රමාණයේ බලාගාර නුසුදුසු යැයි ඉවත්කරන කොමිසම එම බලාගාර 150MW ප්රමාණයේ ස්වාභාවික වායු බලාගාර බවට පත්කර ඇත. 300MW ඉවත්කර 150MW සැලසුමට දමන කොමිසම, නොයෙකුත් ව්යාපාරිකයන් විසින් රජයකින් රජයට යන බෝඩ් ලෑල්ලට මුවාවී ගෙන එන 400MW හා 500MW ප්රමාණයේ LNG බලාගාර, තාක්ෂණික හේතුන් මත පද්ධතියට විශාල වැඩිබව ලං.වි.ම නැවත නැවත පවසද්දී, ඒවා සුදුසු යැයි පුදුම සහගත ලෙස රජයට නිර්දේශකර ඇත. මහජන උපයෝගිතා කොමිසමේ වංක නිලධාරින් වැඩ කරන්නේ මහජනතාව වෙනුවෙන්ද නැතිනම් LNG ව්යාපාරිකයන් වෙනුවෙන්ද යන වග මෙයින් මනාව තහවුරු වෙයි.

    3. ජනන සංයුතියට ගල් අඟුරුද ඇතුළත් විය යුත්තේ ඇයි?

    • තෙල් සහ බැඳුණු තවත් ඉන්ධනයක් මත පමණක් යැපීමෙන් විය හැකි අනතුර හඳුනා ගමු
    කොමිසමේ මාෆියා නිලධාරින් යෝජනා කරන්නේ අනාගත සියළු තාප බලාගාර ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) පමණක්ම විය යුතු බවයි. මෙසේ ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) වැනි එක් ඉන්ධනයක් මත පමණක් යැපීම රටේ බලශක්ති සුරක්ෂිතතාවයට (Energy Security) මරුපහරකි. ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) යනු, තෙල් මිල සමග බැදුණු (Oil indexed), තෙල් නිෂ්පාදිත කලාපවලින්ම ලැබෙන පෙට්රෝලියම් ඉන්ධනයකි.

    ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) ඉන්ධනය ලබාගැනීමට සිදුවන්නේ ගෝලීය දේශපාලනය අතින් අස්ථාවර මැද පෙරදිග (කටාර් වැනි රටවල්) කලාපයෙනි. එමෙන්ම ඩීසල් /පෙට්රල් ලබාගැනීමට සිදුවන්නේද එම කලාපයෙන්ම වන බැවින් මැද පෙරදිග කලාපීය අස්ථාවර අවස්ථාවක රටේ මූලික ඉන්ධන ප්රභව සියල්ල එකවිට අර්බුධයකට ලක්විය හැක.

    තවද 2014 අග භාගයෙන් පසු පහත වැටුණු ලෝක තෙල් මිල සමඟ LNG මිල ද මෙම කාලසීමාවේදී තරමක අඩුවක් දක්නට ඇතත් තෙල් මිල නැවත ඉහළ ගිය දිනක තෙල් සමග LNG මිලද ද ඉහළ යනු ඇති නිසා තෙල් මිල හා සබැඳි LNG මත පමණක් යැපීම රට විශාල මිල කම්පනයකට (Price Shock) ලක් විය හැක. එහෙත් ගල් අඟුරු ලැබෙන්නේ ලෝකයේ භූ දේශපාලන වශයෙන් ස්ථාවර ඔස්ට්රේලියාව ඉන්දුනීසියාව වැනි රටවලින් බැවින් සහ ඉතිහාසය පුරාවට ගල් අඟුරු මිල, LNG, තෙල් ඇතුළු සියලු පොසිල ඉන්ධන අතුරින් අවමය ලෙස පැවතීම නිසා ස්ථාවර බලාගාර සඳහා (Firm Energy Power Plants ) ද්රවිකෘත ස්වාභාවික වායු (LNG) , ගල් අඟුරු, තෙල් සහ පුනර්ජනනීය මිශ්රණයක් පැවතීම ඉතා වැදගත්ය.

    • ආයෝජන සමඟ අප සමඟ තරඟ කරන කලාපයේ රටවල් ගල් අඟුරු සහිත අඩු වියදම් ජනන මිශ්රණයකට
    තම රටේ LNG ඉන්ධන නිධි තිබියදී සහ ගල්අඟුරු ආනයනය කරමින් තිබියදීත් බංගලාදේශය තවත් විශාල ගල්අඟුරු බලාගාර ප්රමාණයක් ඉදිකරමින් තිබේ. ඉංදුනීසියාව, මැලේසියාව, වියට්නාමය වැනි අප කලාපයේ වේගයෙන් සංවර්ධනය වන සියළු රටවල් වල සැලසුම් වල 2030/40 වන විට 50% කට වඩා වැඩි ප්රමාණයක් විදුලිය ගල්අඟුරු මගින් නිෂ්පාදනය කිරීමට නියමිතය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාව LNG අපනයනය (විකුණුම්) කරුවන් අතර තුන් වැන්නා සහ පස්වැන්නා වීමයි. තවද ඉන්දියාවේ 175,000 MW ක්, චීනයේ 275,000 MW ක්, ඉන්දුනීසියාවේ 45,000 MW ක් වගේම ජපානය ආදී සංවර්ධිත රටවල්ද විශාල වශයෙන් ගල් අඟුරු බලාගාර ඉදිවෙමින් පවතයි. ලෝකයේ අනෙකුත් රටවල් ගල් අඟුරු බලාගාර ඉදිකරන්නේ නැතැයි අන්තවාදීන් ගෙන යන්නේ බොරු ප්රචාරයන්ය. ලෝකයේ LNG සැපයුම්කරුවන්ගෙන් දෙවනියා ඕස්ට්රේලියාවයි. නමුත් ඔවුන්ගේ විදුලි සැපයුමෙන් 64% ක් ජනනය කරන්නේ ගල් අඟුරු යොදාගෙනයි. මේ අනුව අපද සංවර්ධනය වන රටක් වශයෙන් ධනවත් යුරෝපා රටවල් අනුකරණය නොකර අඩුමිලට විදුලිය නිපදවීම පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

    • පැරිසියේ COP 21 ගිවිසුම් වලට අනුගත වෙමින් යහපත් ගෝලීය පුරවැසියෙක් වෙමින් රට දිළිඳු බවින් මුදවා ගැනීමට අඩු මිල විදුලිය සපයමු

    අප රට COP 21 ගිවිසුමට අත්සන් තබා ඇති අතර එමගින් ගල්අඟුරු බලාගාර තහනම් වන බව අමුලික බොරුවකි. ලං.වි.ම. (2018-2037) දිගුකාලීන ජනන සැලැස්ම, COP 21 මගින් බලාපොරොත්තුවන වායු විමෝචන සීමාවන් හා අනෙකුත් සියළු ඉලක්ක සපුරන ආකාරයට සකසා ඇත. ලං.වි.ම. ජනන සැලැස්ම අනුව ඉදිරි වසර 20 තුල පමණක් විදුලි පද්ධතියට එක්වන බලාගාරවලින් 40% ක් සුලo, සූර්ය බලය ආදී පුනර්ජනනීය බලාගාර වෙයි. නමුත් නිරතුරුව වෙනස්වන (fluctuating) පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට ආර්ථික අතින් සහ තාක්ෂණික අතින් සාර්ථකව එක් කිරීමට හොඳ ජනන මිශ්රණයකින් යුතු ස්ථාවර බලාගාර (firm energy) තිබිය යුතුය. මේ පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා වාර දෙකක්ම පවත්වා ඇති අතර ජපානයේ ටෝකියෝ නුවර සමීපයේ ඇති ආකාරයේ දියුණු තාක්ෂණයෙන් පරිසර බලපෑම අවම වන ආකාරයේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පිළිබඳ එතුමාගේ විරෝධයක් නොමැති බව පැහැදිලිවම ප්රකාශ කර ඇත.

    4. සාකච්ඡාමය වශයෙන් අර්බුධය නිරාකරණය කර ගැනීමට උත්සාහය


    පසුගිය වසර 2 තුළ ජනන සැලැස්ම පිළිබඳව ඇතිවී තිබෙන අර්බුධය විසදා ගැනීමට රජය සමග සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇත. මේ කාලය තුළ ජනාධිපති වරයා සමග දීර්ඝ සාකච්ඡා 2 ක්ද අගමැතිවරයා සමඟ සාකච්චා 3 ක්ද පවත්වා ඇත. මේ සියළු සාකච්චා අප සාමාජිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම පසෙකලා රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ඇතිවී තිබෙන මෙම ප්රශ්ණය නිරාකරණය කර ගැනීමට සම්පූර්ණ වශයෙන් යොදවන ලදි. තවත් ඇමතිවරු ගණනාවත් සමඟ සාකච්චා කර ඇති අතර සියලු ඇමති වරුන් හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලිපි මගින් දැනුවත් කර ඇත.
     
    • Like
    Reactions: erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    නොරච්චෝලෙ බිඳ වැටීමක්ලු.
    තැනින් තැන කියවෙනව.

    ඔය යන්ත්‍ර ජපානෙ හැදුවත් චීනෙ හැදුවත් කැඩෙනව.
    මේ කැඩුනෙ අවුරුදු 4කට පස්සෙ.

    යන්ත්‍රය කැඩිල නෑනෙ? ට්‍රාන්ස්මිශන් ලයින් එක කැඩිච්ච නිසා බලාගාරය ඔටෝ ශට් ඩවුන් වෙලා තියෙන්නෙ. ආයෙ Restart කරන්න සතියක් යනව
     
    • Like
    Reactions: erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යන්ත්‍රය කැඩිල නෑනෙ? ට්‍රාන්ස්මිශන් ලයින් එක කැඩිච්ච නිසා බලාගාරය ඔටෝ ශට් ඩවුන් වෙලා තියෙන්නෙ. ආයෙ Restart කරන්න සතියක් යනව
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Similar threads