මේ වන විට දිවයින පුරා බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 2ක් පමණ ගතවනු ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අද පස්වරු 2.30ට පමණ පළමු වරට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර පැය කිහිපයකට පසු නගර කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරිණ.
එහෙත් ඊට සුළු වේලාවකට පසු යළිත් වරක් විදුලි සැපයුම බිඳ වැටිණ.
විදුලිය සැපයුම බිද වැටීම හේතුවෙන් මේ වන විට අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු ඇනහිට ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රෙද්ශ කිහිපයකට ජලය පොම්ප කිරීම අඩාල වී ඇති බව ය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, බියගම ප්‍රදේශයේ උප පොළක ඇතිවූ දෝෂයක් අදාළ බිඳ වැටීම් වලට හේතුව බවට සැක කරන බව ය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සභාපතිවරයා පැවසුවේ, මාස 06 ක කාලයක් තුළ තුන් වතාවක් දිවයින පුරා විදුලිය විසන්ධි වීමේ වගකීම භාරගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.
දිවයින පුරා විදුලිය යළි යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට භාරදෙන බවද විජේපාල මහතා පැවසී ය.