විදුලිය_බිඳ_වැටේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    විදුලිය_බිඳ_වැටේ

    රට පුරා විදුලිය බිඳ වැටේ

    දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

    ලක්ෂපාන විදුලි බලාගාරයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.




    update.....


    විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 2ක් ගත වෙනවා – විදුලිබල අමාත්‍යාංශය



    මේ වන විට දිවයින පුරා බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 2ක් පමණ ගතවනු ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    අද පස්වරු 2.30ට පමණ පළමු වරට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර පැය කිහිපයකට පසු නගර කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරිණ.

    එහෙත් ඊට සුළු වේලාවකට පසු යළිත් වරක් විදුලි සැපයුම බිඳ වැටිණ.

    විදුලිය සැපයුම බිද වැටීම හේතුවෙන් මේ වන විට අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු ඇනහිට ඇත.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රෙද්ශ කිහිපයකට ජලය පොම්ප කිරීම අඩාල වී ඇති බව ය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, බියගම ප්‍රදේශයේ උප පොළක ඇතිවූ දෝෂයක් අදාළ බිඳ වැටීම් වලට හේතුව බවට සැක කරන බව ය.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
    සභාපතිවරයා පැවසුවේ, මාස 06 ක කාලයක් තුළ තුන් වතාවක් දිවයින පුරා විදුලිය විසන්ධි වීමේ වගකීම භාරගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.

    දිවයින පුරා විදුලිය යළි යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට භාරදෙන බවද විජේපාල මහතා පැවසී ය.



    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    දිවයින පුරා අද පස්වරුවේ සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව සෙවීම සඳහා මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.


    බියගම උප පොලක සිදුවූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු ඇති බවට දැනට සැක කෙරෙනවා.


    විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සී.ඊ. වික‍්‍රමරත්න යන මහත්වරුන් මේවන විට බියගම උපපොළ වෙත ගොස් ඒ පිිළිබඳ විමර්ශන සිදු කරනවා.


    විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.


    දිවයින පුරා මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූයේ අද පස්වරු 02 .30 ට පමණයි.


    ඉන් පැය එකහමාරක පමණකට පසු ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්වයට පත් කෙරුණා.


    එහෙත් සුළු වේලාවකින් එම ප‍්‍රදේශවලටද විදුලිය විසන්ධි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. අඩු වෝල්ටීයතාවයකින් විදුලිය නිකුත් කිරීම ඊට හේතුව බව විදුලිබල මණ්ඩලය පැවසුවා.


    බියගම උප පොලේ සිදුවූ කාර්මික දෝෂයත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයද ස්වයංක‍්‍රීයව නතර වී තිබෙනවා.
    - See more at: http://offair.nethfm.com/article/35271#sthash.a99SANEO.dpuf



    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    විදුලිය බිඳ වැටීම 'කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයි​


    150125175217_ajith_perera_640x360_ajithpperera.jpg


    දිවයින පුරා විදුලිය විසන්ධි වීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
    'මේ බිඳ වැටීම සහ ඒ හා සම්බන්ධ මතුපිටින් පෙනෙන කරුණු අනුව මෙය ඉතාම අස්වාභාවික තත්වයක්. මේ සිදුවීමත් මීට සති දෙකකට කලින් සිදු වූ බිඳ වැටීමත්. ඒ නිසා අපිට සැක කරන්න හේතු තිබෙනවා තාක්ෂණික කාරණාවලින් පරිබාහිර කාරණා තිබෙනවද කියලා' නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    කෙසේ නමුත් ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණවලින් තොරව නිගමනයකට පැමිණීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විවෘත මනසින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
    අද දින විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අදියර තුනම අකර්මණ්‍ය වී ඇති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා එය යථාතත්වයට පත් කර ගැනීමට දින තුනක් පමණ ගත වනු ඇති බවයි කියා සිටියේ.

    ''ඒක තමයි අපට තිබෙන ලොකුම ගැටලුව. අපි අභියෝග ජය ගන්න පුළුවන් ජාතියක්. අපි ඒ අභියෝගේ ජය ගන්නවා.''

    විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලක මැදිරියේ සිට සමස්ත විදුලි සැපයුම යථාතත්වයට ගෙන ඒම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරන බවත් ඔවුන්ට ධෛර්යක් සැපයීම සඳහා තමාද එම ස්ථානයට ගොස් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
    :rofl::lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, අද පස්වරු 2.30ට පමණ මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූ බව ය.

    කෙසේ වෙතත් මෙම හදිසි විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
    මේ අතර පසුගිය පෙබරවාරි 25 වන දා ද මෙලෙසින් ම දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු විය.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    බොර්ඩ් එකත් දන්නේ නැත්නම් මොන කෙන් ගෙඩියක්ද වෙලා තියෙන්නේ
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඔන්න බලහන් රනියා අැවිත් දැන් කියනවා මේක රාජපක්ෂ කුමන්තරනයක් කියලා
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දැනුයි කරන්ට් එක ආවේ, ලංකාවටම පවර් තිබිල නැද්ද,