විදුලි බිල පහල දැමීම යලි සමාලෝචනය කරන්න යයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෑතකදී සිදු කරන ලද විදුලි බිල පහත දැමීම යළි සමාලෝචනය කිරීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.


    එහි සභාපති ආර්.එම්. අතුල මහතා කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සන්තර්පණය කිරීම සඳහා මෙම පියවර ගනිමින් ඇති බවයි.


    විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සාමාන්‍යාධිකාරීවරයා අමාත්‍යංශය ලේකම්වරයා මුදල් අමාත්‍යාංශය හා අමාත්‍යවරයා යන සියලු දෙනාම එක්ව මෙම සූදානම් වෙමින් ඇති බවත් හෙතෙම කියා සිටී.


    විදුලි බල මණ්ඩලය වරම් පාර්ලිමේන්තුව වරක් ප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට කර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ආතල් නෙමේ, අපිට නැතත් අපනයන ඉන්ද්‍රස්ටි ටිකටවත් සහනයක් දෙන්න ඕන ඉක්මනින්.
    දැනටත් අමාරුවෙන් උන්ටික දුවන්නේ විදුලි බිල නිසා.
     
    • Like
    Reactions: ttj

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    vgQwz2Q.gif