විදුලි බිල ළඟදීම ඉහලට අවම ගාස්තුව දෙගුණ ක&#351

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විදුලි බිල ළඟදීම ඉහලට අවම ගාස්තුව දෙගුණ ක&#351

    විදුලිබල මණ්ඩලය මුහුණ දී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය පියවා ගැනීමේ පියවරක් වශයෙන් විදුලි බිල ළඟ දී ම වැඩිකරනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් අද හෙට ම ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    විදුලිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡ කරමින් පවතින බව ද වාර්තා වේ.

    නව ගාස්තු සංශෝධනය යටතේ විදුලිය ඒකක 1 සිට 30 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයට දැනට අයකෙරෙන රුපියල් තුනේ ගාස්තුව රුපියල් 6 පමණ දක්වා වැඩිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි පැවසේ.

    මසකට විදුලි ඒකක 30 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයට රුපියල් 3 බැඟින් ද ඒකක 60 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයින්ගෙන් ඒකකයට රුපියල් 4 බැඟින් ද ඒකක 90 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන් ඒකකයට රුපියල් 5 බැඟින් ද දැනට අයකරනු ලැබේ.

    මසකට විදුලිය ඒකක 1-90 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයින් ගණන ලක්ෂ 30ක් පමණ වන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

    මීට අමතරව කර්මාන්තකරුවන් සඳහා සහන මිලට විදුලිව ලබාදීම වෙනුවෙන් රජය මසකට රුපියල් කෝටි 2,5000 ක පමණ සහනාධාරයක් ලබාදෙන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.


    උපුටා ගැනීමකි. ලංකා සී නිවුස්. බඩුම තමයි නේද යාලුවනේ.
    වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්ට කියන්න නම් එපෝ..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Million dollar questions that no one have the answers to
    තෙල් සන්ස්තාත් පාඩු ලබන්නේ
    විදුලි බල සන්ස්තාත් පාඩුලු
    බස් වලට දිව්වට පාඩුලු
    ත්‍රී වීලුත් එහෙමලු
    බිස්නස් කරන උන්ගෙන් ඇහුවම මේ දවස් වල නන්නත්තාරලු
    පාන් ගෙඩියක් ගන්න ගියාම එක 70 80 ලු
    ප්‍රිමා කාරයොන්ට අනේ පව් සැහෙන්න පාඩුලු
    යකො ලාභ ලබන්නෙ එතකොට අපිද
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Million dollar questions that no one have the answers to
    තෙල් සන්ස්තාත් පාඩු ලබන්නේ
    විදුලි බල සන්ස්තාත් පාඩුලු
    බස් වලට දිව්වට පාඩුලු
    ත්‍රී වීලුත් එහෙමලු
    බිස්නස් කරන උන්ගෙන් ඇහුවම මේ දවස් වල නන්නත්තාරලු
    පාන් ගෙඩියක් ගන්න ගියාම එක 70 80 ලු
    ප්‍රිමා කාරයොන්ට අනේ පව් සැහෙන්න පාඩුලු
    යකො ලාභ ලබන්නෙ එතකොට අපිද

    වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න
    :angry::angry::angry::angry::P
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මෙහෙමද යකෝ රටක් පාලනය කරන්නේ ? විදුලි ගාස්තු වැඩි රටක මොන මෝඩයද ආයෝජනය කරන්නේ ?