විදුලි බිල ළඟදීම ඉහලට අවම ගාස්තුව දෙගුණ කş
විදුලිබල මණ්ඩලය මුහුණ දී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය පියවා ගැනීමේ පියවරක් වශයෙන් විදුලි බිල ළඟ දී ම වැඩිකරනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් අද හෙට ම ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
විදුලිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡ කරමින් පවතින බව ද වාර්තා වේ.
නව ගාස්තු සංශෝධනය යටතේ විදුලිය ඒකක 1 සිට 30 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයට දැනට අයකෙරෙන රුපියල් තුනේ ගාස්තුව රුපියල් 6 පමණ දක්වා වැඩිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි පැවසේ.
මසකට විදුලි ඒකක 30 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයට රුපියල් 3 බැඟින් ද ඒකක 60 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයින්ගෙන් ඒකකයට රුපියල් 4 බැඟින් ද ඒකක 90 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන් ඒකකයට රුපියල් 5 බැඟින් ද දැනට අයකරනු ලැබේ.
මසකට විදුලිය ඒකක 1-90 දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයින් ගණන ලක්ෂ 30ක් පමණ වන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
මීට අමතරව කර්මාන්තකරුවන් සඳහා සහන මිලට විදුලිව ලබාදීම වෙනුවෙන් රජය මසකට රුපියල් කෝටි 2,5000 ක පමණ සහනාධාරයක් ලබාදෙන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
උපුටා ගැනීමකි. ලංකා සී නිවුස්. බඩුම තමයි නේද යාලුවනේ.
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්ට කියන්න නම් එපෝ..