විදුලි මාෆියාව
විදුලි මාෆියාව නිසා බිල වැඩිකිරීමට සිදු වුණා විශ්ලේෂකයෝ පෙන්වා දෙති
පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය අරන්
නොරොච්චෝලේ ව්‍යාපෘතියටත් මාෆියාව හරස් වුණා
අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කරලා
විදුලි බිල වැඩි කිරීමට සිදු වූයේ කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මාෆියාවක් නිසා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අඩු වියදමකින් විදුලි බලය නිෂ්පාදනය කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් ඉදිරියට යෑමට මෙම “විදුලි මාෆියාව“ ඉඩ නොදුන් බව ද එම විශ්ලේෂකයෝ පවසති.
ජල විදුලියට අමතරව අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරුවලිනි. ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වර්ෂ 2006 දී සාම්පූර් බලාගාරයට ගිවිසුම් අත්සන් කළද එම ව්‍යාපෘතිය තවමත් එක තැනය. නොරොච්චෝලේ ව්‍යාපෘතිය 2012 දී අවසන් කිරීමට සැලසුම් කළත් එයද අවසන් කිරීමට මේ මාෆියාව ඉඩ දුන්නේ නැත.
ඉඩම් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න මතුකරමින් මෙලෙස අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කළේ මේ මාෆියාවයි.
පුද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට පසුබිම සකස් කරන්නේද මේ විදුලි මාෆියාව මඟිනි.
විදුලිය නිෂ්පාදනයේදී අඩුම පිරිවැයක් වැය වන්නේ ජල විදුලියටයි. අතීතයේදී අපේ රටේ අඩුම මිලට විදුලිය සැපයීමට හැකි වූයේ ජල විදුලිය අපේ ප්‍රධානම සැපයුම වූ නිසයි. එහෙත් රට ක්‍රමයෙන් සංවර්ධනය වන විට ජල විදුලිය ප්‍රමාණවත් නොවීම නිසා විකල්ප ක්‍රමවලට යෑමට සිදු විය. ජල විදුලියට අමතරව අඩුම පිරිවැයක් වැය වන්නේ ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි බලය නිපදවීමෙනි. එහෙත් අපේ රටේ මේ අඩු වියදම් විදුලි බලාගාර ව්‍යාපෘතිවලට ඉදිරියට යෑමට මේ විදුලි මාෆියාව ඉඩ ;නාදුන්හ.
ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි බලයෙන් සියයට 51 ක් ම නිෂ්පාදනය කෙරෙන්නේ තෙල්වලින් ය. තෙල්වලින් නිෂ්පාදනය කරන විදුලිය ඒකකයකට විශාල මුදලක් දැරීමට සිදු වේ.
එසේම පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලියටත් වැඩි වියදමක් දැරීමට සිදුවේ.
අපේ ජාතික විදුලිබල පද්ධතියට මෙම අංශවලින් එකතුවන විදුලි ධාරිතාව වැඩි වන්නට වැඩි වන්නට වැයවන මුදල ද වැඩි වේ. එහෙත් පසුගිය කාලය පුරාවටම සිදු වී ඇත්තේ එයයි. එසේ නම් විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැත. විදුලි බිල වැඩි කිරීමට පාර කැපූ මේ මාෆියාව පරාජය කළහොත් විදුලි බිල අඩු කිරීමට හැකිවන බව මේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.