විදුලි වර්ජනය ගැන තීරණය හෙට (04) දින නියම කරමින් තීන්දුවක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව වැඩවර්ජනයක් දියත් කිරීම සම්බණ්ධව හෙට (04) දින නියම කරමින් තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

    එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර මේ බව සඳහන් කළේය.
    ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

    "මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගත්ත වැඩවර්ජන තීන්දුවට හෙට දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා."

    කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම හා සියලු තාප විදුලි බලාගාර සඳහා LNG ගෑස් සැපයීම එම සමාගමටම ලබාදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද විරෝධතාවල නිරත විය.

    ඊට ඛනිජ තෙල්, වරාය මෙන්ම ජලසම්පාදන වෘත්තීය සමිති ද සහාය පළ කර තිබුණි.


    derana
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    black and white dark GIF
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකත් ගුරු වර්ජනය වගේ ශේප් වෙලා යයිද ?
    එහෙත් හදපාන්ගොඩ වගේ පුප දෙන කෙනෙක් හිටියොත් ගොඩ තමා 🤭 🤭 🤭
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    looks like politicians dealing with foreign companies and selling local properties this type things should stopped
     
    • Like
    Reactions: NRTG