විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්....

    ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.


    ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්‍රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද?

    සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි. එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා. ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ.

    2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. මේ තියෙන්නේ තවත් ප්‍රවෘත්තියක් විතරයි. ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.


    ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්‍රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා...

    1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි මෙතනින් බලන්න. ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි.

    2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා.

    3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි.

    4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.


    ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය. මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

    2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා.

    මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්‍රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්‍රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.

    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

    එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

    ලෝකයේ බොහෝමයක් සර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්. වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.



    බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්‍රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා. ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි.


    ලොව දරුණුතම නාවික ත්‍රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා. ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.

    රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා.

    ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

    මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.


    ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි.

    මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා.

    ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00

    වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා.

    සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්‍රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා.

    "Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."

    ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා.


    මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා. ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ. "සිංහල බෞද්ධයා" වෙබ් අඩවි ලිපියේ මුලදීම දැක්වූ සිතියම සමග සංසන්දනය කර බැලූ විට එහි ප්‍රගතිය පැහැදිළි වේවි.

    "මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් තුමා විශ්‍රාම යද්දී "ආරක්ෂක ලේකම්" නැමැති ශ්‍රී ලංකා රජයට අයත් ගිණුමේ රුපියල් බිලියන 8 ක මුදලක් තිබුණේ නිකම් නෙමෙයි.

    නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා.

    අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ ගැන ඈවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටය පහතින්.



    ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.



    තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා. ඉහත වීඩියෝවෙන් ඒක අහන්න.

    දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාවෙන අවි ගබඩාවේ
    ඇත්ත කතාව


    i3-2.jpg



    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක්‌ තිබී සොයාගත් බවට පුවතක්‌ පසුගිය ඉරිදා මෙරට මෙන්ම විදේශ රටවල ද පැතිර ගියේය. විදේශිකයන් කීපදෙනකු පෙට්‌ටි කීපයක්‌ රැගෙන තවත් යාත්‍රාවකට ගොඩවන අයුරු දැක්‌වෙන රූප රාමු ද විකාශණය විය. මේ පාවෙන අවි ගබඩාව කුමක්‌ද?

    ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර නෞකා මාර්ගවලට කඩාවැදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිදු කරන බිහිසුණු ක්‍රියාදාමයන් වැළැක්‌වීමේ අරමුණින් 2012 ඔක්‌තෝබර් 15 දා ආරක්‍ෂක බලධාරීන් විසින් පාවෙන අවි ගබඩා තුනක්‌ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානවල ස්‌ථානගත කිරීමට තීරණය විය.ඕමාන් බොක්‌කෙන් ඔබ්බට පිහිටි කලාපය ද රතු මුහුදට උතුරින් සහ ගාල්ලට ඔබ්බෙන් යන ස්‌ථානවල මෙකී පාවෙන අවි ගබඩා ස්‌ථානගත විය.

    මේ පාවෙන අවි ගබඩා මෙහෙයවීම ශ්‍රී ලංකා නාවික හමුදාවට නොහැකි නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ රක්‌aන ආරක්‍ෂක ලංකා සමාගම හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම ඊට දායක විය.එකී ආයතන යටතේ ක්‍රියාත්මක වන පාවෙන අවි ගබඩාවල කාර්ය භාරය වූයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් සිය නෞකා බේරා ගැනීම සඳහා නැව් හිමියන්ට අවි ආයුධ සහ රැකවලුන් (මාර්ෂල්ස්‌) සැපයීමයි.

    මෙම පාවෙන අවි ගබඩාවලින් ගාල්ලෙන් එපිට ජාත්‍යන්තර නැව් මාර්ගයේ ස්‌ථානගත කර තිබූ මහනුවර නැව ඉන්ධන හා වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා විටින් විට ගාල්ලට පැමිණුනි.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය පැවසුවේ මහනුවර නැව ගාලු වරායේ නැංගුරම් දැමූ මුල් වතාව මෙය නොවන බවයි. රතු මුහුදේ සැරිසරන වෙළෙඳ නැව්වලට කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා වීමට අවි ආයුධ සැපයීමට පාවෙන අවි ගබඩාව කටයුතු කරනවා යන්නයි.

    i3-1.jpg
    එහෙත් ගාල්ලේ ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරියකුට ඔත්තුවක්‌ ලැබීමෙන් පසු මහනුවර නැව පරීක්‍ෂාවට ලක්‌විය. එහි කන්ටේනර් 20 ක්‌ ද අවි 3000 ක්‌ ද පතරොම් හත් ලක්‍ෂයක්‌ ද තිබූ බව හෙළි විය.

    මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ආයතනයක්‌ හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ ආයතනය 2012 සිට මෙහෙයවූ පාවෙන අවි ගබඩාව ගැන 2015 ජනවාරි මස 18 දා විමර්ශනයට ලක්‌ වීමයි.

    මේ පාවෙන අවි ගබඩාව ගාල්ල වරායට පැමිණියාම නාවික හමුදාව ඊට ආරක්‍ෂාව සපයනවා යෑයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.මේ සම්බන්ධයෙන් අපි කළ විමර්ශනයේදී හෙළි වූයේ මේ පාවෙන අවි ගබඩාව නිත්‍යනුකූලව පවත්වාගෙන යන බවයි.

    එහෙත් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත පුවතක්‌ පළ කරමින් ඩුබායි සිට ක්‍රියාත්මක වන ඇවන්ට්‌ගාඩ් සමාගමට අයත් මහනුවර නමැති අවි ආයුධ නැව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය. මෙලෙස දෙස්‌ විදෙස්‌ මාධ්‍යවල මහනුවර නමින් හඳුන්වන පාවෙන අවි ගබඩාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු විකාශනය වීමෙන් සිදුවූයේ මුහුදු කොලලකරුවන්ට එරෙහිව වසර 2 ක්‌ තිස්‌සේ අතිශයින්ම රහසිගතව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික මෙහෙයුමක්‌ කොල්ලකරුවන්ට අනාවරණය වීමයි.

    ඉන්දීය සාගරයේ ඔබමොබ යාත්‍රා කරන වෙළෙඳනැව්වලට ආරක්‍ෂක සේවා ලබාදීම තුළින් ඇවන්ට්‌ගාඩ් සමාගම ඩොලර්Êමිලියන 65 ක්‌ ඉපැයූ බව ද අනාවරණය විය.

    මේ පසුබිම මැද මෙරට ජාතික ආරක්‍ෂාවට මෙන්ම ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර නෞකා මාර්දුවල යාත්‍රා කෙරෙන වෙළෙඳ නැව් සහ තෙල් නැව්වලට අවශ්‍ය සන්නද්ධ රැකවලුන් සහ අවි ආයුධ සපයන ශ්‍රී ලංකාවේ පාවෙන අවි ගබඩා ගැන සියලු පරීක්‍ෂණ අවසන් වීමට පෙර තොරතුරු හෙළි කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඇයි?

    අතුරුගිරියේ මිලේනියම් සිටි හි පවත්වාගෙන ගිය දිගුදුර විහිදුම් බලකාය පවා එක්‌ පොලිස්‌ නිලධාරියකු විසින් වටලා පරීක්‍ෂණ නිම කිරීමට පෙර මාධ්‍යවලට හෙළි කළේද මෙයට සමානවය. 2002 ජනවාරි 02 දා අතුරුගිරියේ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකා සිද්ධිය හෙළි විය. නැව ගැන හෙළි වූයේ 2015 ජනවාරි 18 දාය. මෙය මිලේනියම් සිටි 2 යෑයි කිව හැක.

    i3-5.jpg


    දෙවසරක්‌ තිස්‌සේ ඉන්දීය සාගරයේ මෙම පාවෙන අවි ගබඩාවලින් යහපතක්‌ සැලසුණේ ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ හිටපු හමුදා භටයන්ට හා නිලධාරීන්ටය.

    මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේදී ඔවුqන්ගේ සහයද ලබා ගනු ලැබීය.මේ පාවෙන අවි ගබඩා නිත්‍යනුකූළව පිහිටුවන ලද්දක්‌ බවත් ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාර ඒවා ස්‌ථාපිත කර තිබෙන බවත්, තවදුරටත් සිදුවූ විමර්ශනවදී හෙළි විය.

    එහෙත් සාවද්‍ය තොරතුරු විශාල ලෙස පැතිරී ගියේය.

    මේ පාවෙන අවි ගබඩාවේ අවි 3000 ක්‌ සහ පතරොම් හත් ලක්‍ෂයක්‌ තිබූ අතර ඒවා විදේශ සමාගම්වලට අයත් වූ බව අනාවරණය විය.මේ පසුබිම මැද මෙම පාවෙන අවි ගබඩාව ගැන ඇවන්ට්‌ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමේ බලධාරීහු වත්මන් ආරක්‍ෂක ලේකම් එම්. යූ. ඩී. බස්‌නායක මහතා හමුවී සත්‍ය තත්ත්වය පවසනු ලැබූ බව ආරක්‍ෂක ආරංචි මාර්ග කීවේය.

    මෙම පාවෙන අවි ගබඩාවට 2012 සැප්තැම්බර් 18 දා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විසින් ලිපියක්‌ එවමින් ඊට ආරක්‍ෂක ඇමැතිවරයා අනුමැතිය දුන් බවට දැනුම් දී තිබිණි. මේ තත්ත්වය මත පාවෙන අවි ගබඩා තුනක්‌ ආරම්භ කෙරිණි.

    මෙම පාවෙන අවි ගබඩා ආරම්භ කිරීමට මුල්වූ කරුණු මෙසේයි.

    1. ශ්‍රී ලංකාව අවට මුහුදේ විදේශික සමාගම් නීතිවිරෝධී ලෙස පාවෙන අවි ගබඩා පවත්වාගෙන යැම.

    2. එම පාවෙන අවි ගබඩා හෙවත් නැව්වල මුහුදක්‌ නැති මොන්ගෝලියානු ධජය ප්‍රදර්ශනය වී තිබීම.

    3. ආණ්‌ඩුවක අවසරයක්‌ නැති සහ නීතිවිරෝධී පාවෙන අවි ගබඩා ශ්‍රීලංකාව අවට මුහුදු කලාපයේ ස්‌ථානගත වී තිබීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවීම.

    මෙය තවදුරටත් සනාථ වූයේ නීතිවිරෝධී පාවෙන අවි ගබඩා දෙකක්‌ සහ විදේශිකයන් පිරිසක්‌ නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමයි

    එසේම ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ විදේශිකයන්a රැගත් පාවෙන අවි ගබඩාවක්‌ ගැන තොරතුරු හෙළි වීමෙන් ඒ බව ඉන්දීය රජයට දැන්වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි. මේ තත්ත්වය මත නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව දියත් කළ ක්‍රියාදාමයන් තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි නිසා ඇවන්ට්‌ගාඩ් සමාගම රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළෙඳ නැව් රැක ගැනීමට පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළ යතු බව කීවේය.

    (Floating armoury)

    i3-6.jpg
    ඒ අනුව රතු මුහුද ඕමාන් බොක්‌ක කලාපයේ සහ ගාල්ලෙන් ඔබ්බට ඇති කලාපයේ පාවෙන අවි ගබඩා තුනක්‌ ස්‌ථාපිත විය.

    ඉන්දීය සාගරයේ ප්‍රධාන නැව් මාර්ග දෙකක්‌ මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට ලක්‌වීම නිසා ගාලු වරායට සැතපුම් හතක්‌ දුරින් පිහිටි ජාත්‍යන්තර නැව් මාර්ගයේ එක්‌ පාවෙන අවි ගබඩාවක්‌ ස්‌ථාපිත විය.

    මේ නිසා ඉන්දීය සාගරයේ පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළ එකම රට ශ්‍රීලංකාව බවට පත් විය. ඉන්දියාව, පාකිස්‌ථානය, බංගලදේශය ඇතුළු කිසිම රටක්‌ මෙතෙක්‌ පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කර නැත.

    ඇවන්ට්‌ගාඩ් සහ රජය රතු රක්‌නා ආරක්‍ෂක ලංකා සමාගම ඒකාබද්ධව ස්‌ථාපිත කළ පාවෙන අවි ගබඩා නිසා නාවික හමුදාවට සහ රක්‌aනා ආරක්‍ෂක ලංකා සමාගමට විශාල මුදලක්‌ විනිමය ලබාදීමට ඇවන්ට්‌ගාඩ් සමාගම කටයුතු කළේය.එහෙත් පසුගිය ඉරිදා ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට ලත් තොරතුරක්‌ මත මහනුවර නැව හෙවත් පාවෙන අවි ගබඩාව විමර්ශනයට ලක්‌ කෙරුණි.

    මේ සම්බන්ධයෙන් වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා එකී පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල අවි නැවක්‌ බවද කියද්දී පොලිසිය ඊට අභියෝග කරමින් එකී නැව පවත්වාගෙන යැමට නෛතික බලයක්‌ දීමට ආරක්‍ෂක අමාත්‍යාංශයට හිමිකමක්‌ තිබේද යන්න ගැන පරීක්‍ෂාවට ලක්‌ කරන බව කියා සිටියේය.

    රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධ සියලු කටයුතු කරන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයයි. එසේ නම් පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය ගැන පරික්‍ෂණ කරන්නේ කෙසේද? 2012 සිට මහනුවර නැව ඉන්ධන ලබා ගැනීමට විටින් විට ගාලු වරායට පැමිණියේ නම් වරාය පොලිසියට එම නැව ගැන තොරතුරු නොලැබුණේ මන්ද?

    මෙම නැව ගැන තොරතුරු ලැබී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.

    එසේම පාවෙන අවි ගබඩා සඳහා සන්නද්ධ රැකවලුන් (
    Marshals)පවා ගාලු වරායේදී පුහුණු කර ඇති බවද අප කළ විමර්ශනයේදී හෙළි විය.

    රටවල් රැසක පිරිස්‌ ඊට සහභාගි වී තිබේ. මහනුවර නැවේ විදේශිකයන් කීපදෙනකු සිටි බවට විද්යුත් නාලිකා මගින් විකාශනය කළේ ඉහත කී විදේශික රැකවලුන්ය. මේ හැර ශ්‍රී ලංකාවේ සමාගමක්‌ මැද පෙරදිග කාර්යාල රැසක්‌ පවත්වාගෙන යමින් මෙම පාවෙන අවි ගබඩා ඉන්දීය සාගරයේ ස්‌ථාපිත කිරීම නිසා ඇතැම් රටවල අරමුණ ද ව්‍යර්ථ විය.

    මැද පෙරදිග රටක්‌ ඉන්දීය සාගරයට පාවෙන අවි ගබඩාවක්‌ එවනු ලැබුවේ ඔත්තු බැලීම සඳහායි. එහෙත් ශ්‍රී ලංකාවේ පාවෙන අවි ගබඩාව නිසා එකී සැලසුම ව්‍යර්ථ විය.

    මේ පසුබිම මැද ඇවන්ට්‌ගාඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩා නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට එල්ල වන තර්ජනය වැළැක්‌වීමටද හැකි විය.මෙම පාවෙන අවි ගබඩා නිසා හිටපු හමුදා නිලධාරීන් සහ භටයන් 3800 කට නව රැකියා අවස්‌ථා උදාවී ඇත.

    මේ පසුබිම මැද වසර 2 ක්‌ තිස්‌සේ ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර නැව් මාර්ගයේ ක්‍රියාත්මක වූ පාවෙන අවි ගබඩාව එකවරම සැකකටයුතු නැවක්‌ බවට පත් විය. මෙරට ආරක්‍ෂාව මත හෙළි කළ යුතු කරුණු හා හෙළි නොකළ යුතු කරුණු ඇත. මුහුදු කොල්ලකරුවන් මර්දනයට ස්‌ථාපිත කර තිබූ නිත්‍යනුකූල පාවෙන අවි ගබඩාවක්‌ කුමන්ත්‍රණයකට සම්බන්ධ කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සාහ කළහ.

    මේ අතර පාවෙන අවි ගබඩාව පිළිබඳව පොලිසිය එල්ල කළ චෝදනා ඉවත් කර ගැනීමට පොලිස්‌ බලධාරීන්ට සිදුවිය. පසුගිය සඳුදා පොලිස්‌ ප්‍රකාශකයා පැවසුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙකී පාවෙන අවි ගවඩාවට බලපත්‍රයක්‌ දී තිබූ බවයි.

    මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම නාවුක හමුදාව විසින් පවත්වාගෙන ගිය බවත් 2012 සැප්තැම්බර් 18 දා සිට එය ආරක්‍ෂක අමාත්‍යාංශය අනුමැතිය ලත් සමාගමකට දුන් බවත් ඔහු කියා සිටියේය.මින් සිදුවූයේ පොලිසියට නැටූ නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත යන ක්‍රියාදාමයකි.

    වසර 2 ක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වූ මෙම පාවෙන අවි ගබඩා ක්‍රමවේදය හෙළිදරව් කිරීමට පොලිසිය ඉක්‌මන් වීමේ ප්‍රතිඵලය විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික වාණිජ නැවියන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්වීමය. මෙතෙක්‌ පාවෙන අවි ගබඩා රහසිගතව ක්‍රියාත්මක විය.

    කීර්ති වර්ණකුලසූරිය
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුකෙන් හිනා මූ යන කඩේ යැමට.. ශී ලන්කා නාවික හමුදාව දක්ශ බව ඇත්ත. ඒ ගැන විවාදයක් නැ. නමුත්, ජාත්යන්තරයෙන් මූදූ කොල්ලකාර somaaliyan නුන්ට එරෙහිව සටන් කරන්න අයිතිය දෙන්නේ යම් රටක නාවික හමුදාවට. හිටපු ගොටා අයියා කලේ, ඒ ප්‍රොජෙක්ට් එක මිනිහගේ රත්නා ලන්කා ප්‍රයිවට් කොම්පැනියට අරගෙන නාවික හමුදාවට එන්න තිබුන සල්ලි ටික මාටියා ගහපු එක. ඒකේ එක කොටසක් තමයි මහනුවර නැව. කවුරුහරි එකෙක් කියනවා නම් මේ හෙලිදරව්ව පාවා දීමක් කියලා ඌ පව්. කොයි රටේද ඔයි ප්‍රයිවට් ආමරි එකකට මේ වගේ නිදහසේ නාවික හමුදාවට වත් නැති ආතල් ගන්න දෙන්නේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පුකෙන් හිනා මූ යන කඩේ යැමට.. ශී ලන්කා නාවික හමුදාව දක්ශ බව ඇත්ත. ඒ ගැන විවාදයක් නැ. නමුත්, ජාත්යන්තරයෙන් මූදූ කොල්ලකාර somaaliyan නුන්ට එරෙහිව සටන් කරන්න අයිතිය දෙන්නේ යම් රටක නාවික හමුදාවට. :P:P:P:P:P
    (පවු අෆ්ෆා මෙයාගේ දැනුම)

    හිටපු ගොටා අයියා කලේ, ඒ ප්‍රොජෙක්ට් එක මිනිහගේ රත්නා ලන්කා ප්‍රයිවට් කොම්පැනියට :P:P:P

    අරගෙන නාවික හමුදාවට එන්න තිබුන සල්ලි ටික මාටියා ගහපු එක. :yes::yes::yes::yes:

    ඒකේ එක කොටසක් තමයි මහනුවර නැව. කවුරුහරි එකෙක් කියනවා නම් මේ හෙලිදරව්ව පාවා දීමක් කියලා ඌ පව්. :yes::yes::yes::yes::yes:

    කොයි රටේද ඔයි ප්‍රයිවට් ආමරි :yes::yes::yes: එකකට මේ වගේ නිදහසේ නාවික හමුදාවට වත් නැති ආතල් ගන්න දෙන්නේ.

    මේ වගේ අය තමයි යහපාලනයට චන්දෙ දුන්නේ...
    පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි කියල කියන්නේ අපි නම් නෙමෙයි...
    ඔය ටිකම තමයි port city, lambogini, 10% කොමිස්, ගෝටාගේ Mig 29 ගනුදෙනුව සහ එකී නොකී ඔක්කොටම අන්තිමට කියන්න තියෙන්නේ..
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මිල්ලේනියම් සිටි පාවාදීම් අංක දෙක

    රනිල් ඇතුළු යහපාලන පොන්සියෝ හැමදාම කරේ ඕක නේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කියන්නට බොහෝ දේ ඇත. නමුත් නොකියා සිටිම මේ මොහේතේ ඇගට හොදය. සියලු දෙනා සුද්දවන්තයන් නොවේ.