විදෙස් ‍කොටි ජාලය දෙකඩ වෙයි

Nov 2, 2011
990
76
0
විදෙස් ‍කොටි ජාලය දෙකඩ වෙයි

විදෙස් ‍කොටි ජාලය දෙකඩ වෙයි පාර්ශව දෙක අතර ගැටුම් උත්සන්න වෙයි





(කොළඹ-ලංකාපුවත්) ප්‍රංශයේ කොටි ආධාරකරුවන් දෙපාර්ශවයක් අතර ගැටුම් ඇති වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඔක්තොම්බර් 30 දින ප්‍රංශ කොටි ජාලයේ ප්‍රධානියෙකුට එල්ල වූ ප්‍රහාරයද විදෙස් කො‍ටි ජාලයේ අභ්‍යන්තර බල අරගලයේ ප්‍රතිඵලයක් සිදු වූවක් ලෙස දැන් සැක කෙරේ.
නඩරාජා මදීන්දිරන් හෙවත් පාරිදි රේගන් ලෙස හඳුන්වන ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ ‍‍ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා පසුගිය දිනක ප්‍රංශයේ දී ප්‍රහාරයකට ලක් විය. මදීන්දිරන් සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු සම්බන්ධීකරණ කාර්යාලයෙන් පිටත පැමිණෙන විට කඩු කිනිසි රැගත් පිරිසක් කාර්යාලයෙන් පිට‍ත රැක සිට තිබේ.

එහිදී සන්නද්ධ පිරිසේ පහර කෑමට ලක් වූ මේ තිදෙනාගෙන් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා බරපතල තුවාල හේතුවෙන් රෝහල්ගත කර ති‍බේ.

පහර දීමට සම්බන්ධ පුද්ගලයින් තම කණ්ඩායමේ සිට බිඳී ගොස් තනිව ක්‍රියාත්මක වන ‍පිරිසක් බව මදින්දිරන් විසින් පොලිසියට පවසා ඇත.

විදෙස් කොටි ජාලය පෙරින්පනායාගම් සිවාපරන් හෙවත් නැදියාවන්ගේ නායකත්වය දෙන පාර්ශවයත් සේගරම්පිල‍ලෛ විනයාගමූර්ති හෙවත් විනයාගම්ගේ නායකත්වය සහිත පාර්ශවයක් ලෙසත් වශයෙන් කොටස් දෙකකට බෙදී තිබේ.


නෝර්වේ කොටි හිතවාදී මෙහෙයුම් නැදියාවන්ගේ නායකත්වයෙන් මෙහෙය වන අතර ප්‍රංශයේ සහ ජර්මනියේ කොටි ක්‍රියාකාරකම් විනයාගම් විසින් මෙහෙයවනු ලබන අතර මේ වන විට මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී ති‍බේ.


දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වී ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලය සතු වත්කම්, සමාගම් සහ ව්‍යාපාර වල බලය අත්පත් කර ගැනීම පිළිබඳ කාරණය සම්බන්ධයෙනි.

නොවැම්බර් මාසය තුළ යෙදී ඇති මහ විරු දිනය සැමරීම පිණිස දෙපාර්ශවය අතර ඇති තරඟකාරීත්වය හේතුවෙන් අදාළ පහර දීම සිදු වන්නට ඇතැයි සැක කෙරේ. මන්ද යත් මහ විරු දින සැමරුමෙන් කොටි ජාලයට විශාල වශයෙන් අරමුදල් තර කිරීමට මග පෑදෙන බැවිනි.

පසුගිය කාලය තුළ යුරෝපය පුරා මෙම දෙපාර්ශවය අතර ගැටුම් ඇති වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ප්‍රන්ශය කියන්නේ ඉතින් අයෙ එල්.ටි.ටි තමයි.මොකද එ තරමටම ප්‍රන්ශය එල්.ටි.ටි හිත වාදිනට පරාදිසයකි විය.ශ‍්‍රී ලංකා තනපති කර්යාලයත් වසා දමා තිබිබා කාලයක්.මොකද ඒ තරමටම කොටි හිත වදින්ගේ පරාදිසයක් වු බැවින්.එල්.ටි.ටි යට ආධාර නොකලොත් දෙමළුනට දඬුවම වුයේ කකුලක් හො අතක් කැපිමය.
නමුත් සියළු ජාලයන් බිඳ වැටේමින් තිබේ.මා වඩාත් සතුටු වනුයේ කැනඩාවේ ඉන්න කොටි අයියලා බිඳ වැටුනු දවසටය.
 
Last edited: