විදේශයකදී තමා නමට ලියාපදින්චි කර තිබූ වා&#3524

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
විදේශයකදී තමා නමට ලියාපදින්චි කර තිබූ වා&#3524

විදේශයකදී තමා නමට ලියාපදින්චි කර තිබූ දකුනු පසින් ධාවනය කරන වාහන තීරු බදු රහිතව ශ්‍රී ලන්කාවට ආනයනය කිරීමට ආනයන බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

1-මේ සදහා සුදුසුකම් සහ අවශ්යථා පහත අයුරින් වේ;

• අයදුම්කරු විදේශ රැකියාව අවසන් කර ආපසු පැමිණිය යුතුයි;
• අයදුමිකරැගේ නමින් ලියාපදිංචි වු ඔහු විසින් පාවිචිච කරන ලද වාහනයක් විය යුතුය;
• අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 50,000 හෝ වාහනයේ වටිනකම මෙන් දෙගුනයක් පසුගිය වසර තුන තුල එවා ඇති බවට හා බලපත්රය අයදුම් කිරීමට මාස 6 කට පෙර එම මුදල් එවා ඇති බව. තවද ගිනුම මෑත වසර දෙකක් ක්‍රමනුකුලව පවත්වගෙන ගොස් තිබිය යුතුය
• විදේශයේදී ලියාපදිංචි සහතිකයේ ඉංග්රීසි පරිවර්තනය ඉදිරිපත් කල හැකි වීම;
• ගමන් බලපත්ර පිටපත් (අයිතිකරුගේ ඡායාරුප, පිටවීමේ අනුමැතිය, රැකියා යෙදෙන කාල පරිච්ඡේද සදහා වීසා බලපත්ර වලංගුතාවය පෙන්වන පිටපත් );
• වාහනය නිදහස් කර ගන්නා විට ඔහුගේ/ ඇයගේ ගමන් බලපත්ර ඉදිරිපත් කල හැකිවීම;

සටහන
• වාහනය බලපත්රයේ සදහන් නමින් ලියාපදිංචි කල යුතුය. වසර 5 කට මාරු කල නොහැක;
• මෙම බලපත්රය එක් පුද්ගලයෙකුට එක්වතාවක් පමනි;
• සී එෆ්.සී. සහිත වායු සමීකරණ වාහන ගෙවීමට අවසර නොමැත;
• අනතුරු වලට ලක්වු වාහන සදහා අවසර නොලැබේ;

2-අවු. 5 කට නොවැඩි පාවිච්චි කරන ලද වාහන ආනයනය

• විදේශ ඉපයීම් ක්‍රමානුකුලව ශ්‍රී ලන්කවට එවා තිබීම;
• වාහනය අයදුම්කරුගේ නමට ලියාපදිංචි කර තිබිය යුතු අතර සහ ඔහුගේ පිටවීමට පෙර වසර 1 ක වැඩි කාලයක් භාවිතා කර තිබීම;
• පළමු ලියාපදිංචි දිනයේ වසර 5 කට වඩා වාහනය පැරණි නොවිය යුතුය;

3-අවු. 5 ත් 10 ත් අතර පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය

• විදේශ ඉපයීම් ක්‍රමානුකුලව ශ්‍රී ලන්කවට එවා තිබීම;
• අයදුම්කරුගේ නමට ලියාපදිංචි වී තිබීම හා වසර 3 කට වැඩි කාලයක් අයදුම්කරු භාවිතා කර තිබීම;
• ලියාපදිංචි මුල් දිනයේ සිට වසර 10 කට වඩා වාහනය පැරණි නොවිය යුතුය;

4-අවශ්ය අමතර ලිය කියවිලි

• ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්;
• විදේශයේ ලියාපදිංචිය අවලන්ගු කල සහතිකයේ ඡායා පිටපතක්;
• ලංකාව තුල සිටින බවට සහ පුද්ගලයා පිළිබද තොරතුරු සටහන් දිවුරුම් පෙත්සමක්;
• ආනයන/ අපනයන පාලන දෙපාර්තමේන්තුව අයකැමිගෙන් (පහත බදු හා ගාස්තු ගෙවා ලබා ගත් කුවිතාන්සි;
• වාහනයේ ඡායාරූප (ඉදිරිපස හා පසුපස );
• විදේශ රැකියාවේ ඉතුරුම් පිළිබද බැංකු ප්රකාශන ( අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 50,000 හෝ වාහනයේ වටිනකම මෙන් දෙගුනයක් පසුගිය වසර තුන තුල එවා ඇති බවට හා බලපත්රය අයදුම් කිරීමට මාස 6 කට පෙර එම මුදල් එවා ඇති බව. තවද ගිනුම මෑත වසර දෙකක් ක්‍රමනුකුලව පවත්වගෙන ගොස් තිබිය යුතුය )
• පෙර නැව්ගත පරීක්ශන වාර්ථාවක්;
• තක්සේරු වාර්තාවක්;
• ගමන් බලපත්රය පහත දැක්වෙන පිටුවල ඡායා පිටපත්; (1. නම, 2. කල් ඉකුත් වන දිනය, 3. ශ්රී ලංකාවෙන් පිටත් වන දිනය, 4. ශ්රී ලංකාවට පැමිණෙන දිනය)

5-ඉදිරිපත් කිරීමේ ක්රියා පටිපාටිය (ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව)

අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.

කවුන්ටරය – ඒකක 02
ගෙවීම් : කවුන්ටරය – මුදල් අයකැමි
අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරීම
කවුන්ටරය – 02 ඒකකය

අයදුම්පත්: විදේශ ඉපයීම් හුවමාරු යටතේ වාහන ආනයනය කිරීමට බලපත්ර ලබා ගැනීමේ අයදුම්පත.

6-පියවරෙන් පියවර ක්රියාපටිපාට්ය

පියවර 01: අයදුම්පත දෙවන ඒකකයෙන් ලබා ගැනීම.
පියවර 02: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා ලියවිලි ඒකක 2 ට ඉදිරිපත් කිරිම.
පියවර 03: සියළුම ලියවිලි ඉදිරිපත් කර ඇත්නම් සහ නිවැරදිව අයදුම්පත පුරවා ඇත්නම් සහාකාර පාලකගේ අනුමතිය සදහා ඉදිරිපත් කිරීම
පියවර 04: බලපතය නිකත් කිරීමට සහකාර පාලකගේ අනුමතිය ලැබී ඇත්නමි අයදුම්කරු බලපත්ර ගාස්තු අයකැමිට ගෙවා කුවිතාන්සි ඒකක 2 ට ඉදිරිපත් කිරීම.
පියවර 05: බලපත්ර නිකුත් කිරීම.

සටහන
අදාල ලියවිලි ඉදිරිපත් කර නොමැති නම් අවශය ලියවිලි සම්බන්ධව පාරිභෝගිකයාට දැනුම් දෙනු ඇත. නිවැරදිව අයදුම්පත සම්පූර්ණ කර නැතිනම් අයදුම්කරුට සහාය වේ.

7-කාල සීමාව
ක්රියාවලිය සදහා ගතවන කාල සීමාව-එක් දිනකදී හෝ දෙකකදී.

ඉදිරිපත් කිරීමේ කාල සීමාව
අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය – ඒකක 02
වෙලාව – පෙ.ව. 09.00 – ප.ව. 04.45
වැඩ කරන දින – සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් – සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම්: කවුන්ටරය – මුදල් අයකැමි
වෙලාව – පෙ.ව. 09.00 – ප.ව. 03.00
වැඩ කරන දින – සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් – සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

8-අයදුමිපත, ඉල්ලීම් ලිපිය සහ ලියව්ලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය – ඒකක 02
වෙලාව – පෙ.ව. 09.00 – ප.ව. 04.45
වැඩ කරන දින – සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් – සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

9-වලංගු කාල සීමාව මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.

සටහන
අයදුම්කරුට අවශ්ය නම් වලංගු කාල පරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට, ඔහු/ ඇය වලංගු හේතු දක්වා ඉල්ලීමක් පාලක වෙත ඉදිරිපත් කල යුතුය. එවිට පාලක ඉල්ලීම ලබා දෙනවාද නැතිද යන්න තීරණය කරයි

10-සේවා සදහා සහ බදු අදාල මිළ ගණන්

ඉල්ලුම් පත්රය ගාස්තු: වාහනයේ කාලය අනුව ගාස්තු වෙනස් වේ. ගාස්තුව පහත සදහන් මුළු වටිනාකමින් සියයට ගණනක් වේ.

වාහන ලියාපදිංචි මුල් දිනයේ සිට කාලය වසර-මුළු වටිනාකමෙන් (CIF) සියයට ගණන
2– 5 වසර 3%
5 – 10 වසර 6%

11-දඩ
වාහනය නිදහස් කර ගන්නා අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ ගමන් බලපත්රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔහුගේ/ ඇයගේ බලපත්රය අවලංගු වන අතර වාහනය රාජසන්තක වේ.

12-අමතර ගාස්තු
අමතර ගාස්තු නොමැත. බ.ප. ලබා ගැනීමට පෙර නැව්ගත කර ඇත්නම් අමතර ගාස්තුවක් ගෙවිය යුතු වේ.

13-විශේෂ අවස්ථා
කිසියම් අවස්ථාවක අයදුම්කරුට වලංගු කාල පරිච්ඡේදය දික් කර ගැනීමට කැමති නම් පාලක වෙත ඉල්ලීමක් කල යුතුය. පාලක විසින් පරික්ෂා කර බලා ඉල්ලීමට එකග විය හැකිද නොහැකිද යන වග තීරණය කරනු ලැබේ.
කුවිතාන්සියේ සදහන් වටිනාකමට වඩා ආනයන භාණ්ඩ වල වටිනාකම වැඩි නම් එම මිල වෙනස ගෙවිය යුතුය.

උපුටා ගැනීම- ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්ය තොරතුරු කේන්ද්‍රය
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දකුනු පසින් ධාවනය කරන වාහන තමන්ගේ නමින් ලියාපදින්චි කරලා තියෙන එක. මේ වැඩේ වෙන්නෙම නැති වෙන්න තමයි දාන් ගැටේ ගහලා තියෙන්නේ. ලංකාව ඉන්දියාව වගේ සීමිත රටවල් වල තමයි දකුනෙන් වාහන එලවන්න තියෙන්නේ. අනික් රටවල් වල වම් පැත්තෙන්. ඒ රටවල් වල දකුනු පැත්තෙන් එලවන වාහන ලියාපදින්චි කරන්නේ නෑ. එහෙම එකේ අවුරුද්දක් කොහොමද වාහනේ පාවිච්චි කරන්නේ? පුදුම නීති හදලා තියෙන්නේ. ලංකාවට විදේශ විනිමය ලබාදෙන මිනිස්සුන්ව අමුම අමු පාදඩ විදියට රවට්ටපු තවත් එක් පොරොන්දුවක් විතරයි

    අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 50,000 හෝ වාහනයේ වටිනකම මෙන් දෙගුනයක් පසුගිය වසර තුන තුල එවා ඇති බවට :no::no:
     
    Last edited:

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දකුනු පසින් ධාවනය කරන වාහන තමන්ගේ නමින් ලියාපදින්චි කරලා තියෙන එක. මේ වැඩේ වෙන්නෙම නැති වෙන්න තමයි දාන් ගැටේ ගහලා තියෙන්නේ. ලංකාව ඉන්දියාව වගේ සීමිත රටවල් වල තමයි දකුනෙන් වාහන එලවන්න තියෙන්නේ. අනික් රටවල් වල වම් පැත්තෙන්. ඒ රටවල් වල දකුනු පැත්තෙන් එලවන වාහන ලියාපදින්චි කරන්නේ නෑ. එහෙම එකේ අවුරුද්දක් කොහොමද වාහනේ පාවිච්චි කරන්නේ? පුදුම නීති හදලා තියෙන්නේ. ලංකාවට විදේශ විනිමය ලබාදෙන මිනිස්සුන්ව අමුම අමු පාදඩ විදියට රවට්ටපු තවත් එක් පොරොන්දුවක් විතරයි

    අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 50,000 හෝ වාහනයේ වටිනකම මෙන් දෙගුනයක් පසුගිය වසර තුන තුල එවා ඇති බවට :no::no:

    :( :( මුන් මාර යක්කු බන්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Can anybody tell the source for the information. As far as I know this is not suspended and available but with some modifications. Our Tax laws change yearly due to budget.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ කාලකන්නි ආණ්ඩුව මේක දැන් සස්පෙන්ඩ් කරලා තියෙන්නේ.

    meka suspend karala den godak kal. 2012 di thibbeth ne. Boruwata customs site eke nam thiyanawa. call karahama kiyanne den ee schema ne kiyala.