විධායක ජනපති ක්‍රමය අහෝසි නොවන ලකුනු

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
විධායක ජනපති ක්‍රමය අහෝසි නොවන ලකුනු

මෛත්‍රී විධායක ජනපති ලෙස දිගටම සිටීමට යම් උපක්‍රමයන් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.මුලුන්ම එය අහෝසි කරන බවට කියමින් ජනාධිපතිවරනය දිනුවත් එය සිදු වීම වැලක්වීමට මෛත්‍රිපාල ජනපති අලුත්ම උපක්‍රමයක් රාජිත සේනාරත්න හරහා ප්‍රකාශ කරමින් සිටී.එයනම් පරන සමානුපාතික ක්‍රමයක් යටතේ මීලඟ මැතිවරනය පැවත්වීමයි.එජාපය හෝ ජවිපේ මෙයට එකග නොවන අතර මුස්ලිම් කොන්ග්‍රසයද මෙයට එකග නොවනු ඇත.පසුගිය ජනාධිපතිවරනයේ හෝ මැතිවරන වල එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමෙන් දිනා ඇත්තේ ආසන විස්සක් පමනි.ජවිපේ එක අසුනක්වත් දිනා නැත.මෙම නිසා මේ වගේ යෝජනාවකට යූන්පි එක කිසිදාක එකග වීමට තරම් මන්ද බුද්ධික පක්ෂයක් නොවේ.මේ අනුව විධායකය අහෝසි නොකර මැතිවරනයකට යෑමට සිදු වෙනු ඇත.සමානුපාතික ක්‍රමය අහෝසි කරන ඉල්ලීම ප්‍රබලව පසුගිය ජනපතිවරනය තුල ගියේ නැති එකකි.එය මහජන ඉල්ලිමක්ද නෙවෙයි.මහජනයාට උවමනා උනේ ජනාධිපතික්‍රමය අහෝසි කොට හොරුන්ට දඩුවම් දීමය.හොරුන් එලවා දැමීමය.නමුත් පැත්තක තිබුන වැඩකට නැති එකක් සහ එකග නොවන කොන්දේසියක් හරහා දිගටම විධායක වීමට මෛත්‍රීට ඕනකමක් ඇත.මෙමගින් තමගේ ගෙල තමන්ම කපන ආසන ක්‍රමයට එජාපය එකග නොවනු ඇත.මොකද එමගින් ශ්‍රිලනිපයට යලිත් තුනෙන් දෙකි බලයක් ලැබී අවජාතක අවපාලන යුගයක් යලිත් එන නිසාය.දැන් බොහෝවිට විධායකය අහෝසි නොකරීම නිසා ඊලඟ මැතිවරනය එය අහෝසි නොකර මැතිවරනයකට යෑම මෛත්‍රී විසින් මෛත්‍රීගේ ගෙල සිද ගැනීමක්මය.