විනයක් නැතිකමත් ඇණයක්

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    විනයක් නැතිකමත් ඇණයක්


    මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com)


    ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.

    ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි. මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

    අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ විතරක් විනාඩි දහයක් විතර ඉන්නවා. (ඇත්තටම හිතුවොත් ලොකු කඩේක වෙනස් විදිහෙ බඩු දෙකතුනක් ගන්න සෑහෙන්න ඇවිදින්නත් ඕන. පරණ කඩේකට ගියානං ඒක කරන්නෙත් කඩ්‍ෙ මෑන්-නේ) දැන් මේක ලොකු අව්ලක්. ඔය අව්ල ලංකාවට විතරක් නෙවේ ඇමරිකාවටත් දැනුනා (අනික් රටවල් වලටත් දැනෙන්න ඇති අනිවා). අනෙක පිටරට වල තියෙන්නෙත් මහ විසාල සුපර්මාර්කට්. ඔය වෝල්මාට්, ටාගට් වගේ එකක් ගත්තම නිකං ෆැක්ටරියක් තරම් ලොකුයි. අනික ඇදුම් වල ඉදන්, කෑම බඩු, ගෘහභාණ්ඩ, බෙහෙත් එකී මෙකී නොකී හැම අටමගලයක්ම මේ තැන්වලින් ගන්න පුළුවන්. එතිං ඔව්වට යන අය එලියට එන්නේ කරත්ත පුරවන්. එක කරත්තෙක බඩු ටිකට බිලක් දාන්නම සෑහෙන්න වෙලාවක් යනවා.කැෂියර්ලා ගානත් සීමිත හින්දා බඩු අරන් එළියට යද්දි අනිවාර්යෙන් හැම පෝලිමකම ඔය තඩි කරත්තකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවාමයි. ඒ හින්දා බඩුවක් දෙකක් ගන්න කඩේට යන මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ. ගත්තෙ බඩුවක් දෙකක් උනාට අර පෝලිමේම ඉන්ඩ එපැයි!

    ඕකට විසදුමක් විදිහට සුපර්මාර්කට් කාරයෝ විසදුමක් ගෙනාවා. කැෂියර් පෝලම් දෙක තුනක් වෙන් කරා “බඩු විස්සකට අඩුවෙන්” ගත්ත අයට. අදහස නං හොදයි තමා - හැබැයි ප්‍රශ්නෙ විසදුනේ නෑ. ඒ අස්සෙ අර අළුතින් දාපු පෝලිම තවත් දිග වැඩියි.ඔන්න ඔතනදි තමා සුපර්මාර්කට්කාරයාට ගණදෙවි නුවණ පහල උනේ. මනුස්සයා කඩේ පැත්තකින් හයිකරා කැෂියර් මැෂින් දෙක තුනක් - හැබැයි කැෂියර්ලා නැතුව. හදිස්සිකාරයෝ ඉන්නවනං ගිහින් තමන්ම බඩු ස්කෑන්කරලා බිල ගෙවලා යන්නැහැකි (ඕකට සිංහලෙන් කියන්නෙ self checkout කියලා). දැනුත් අර කලින් කිව්ව ප්‍රශ්නෙ නැතුවම නෙවේ. හැබැයි කලින්ට වඩා අඩුයි. ඇත්තටම ඔය කියන අළුත් තැන වැඩිය සෙනගත් නෑ කියලයි කියන්නේ.

    දැන් තමා කතාවේ වැදගත් හරිය. අහන්න දෙයක් නෑ - මේ වගේ වැඩක් ලංකාවේ කීයයි කිව්වත් කරන්න බැරි බව කට්ටියම දන්නවනෙ. පොඩි සිදුරක් තිබ්බත් ඇති අපේ අයියලාට රිංගන්න. සෙල්ෆ් චෙකවුට් දැම්මොත් ඔය කඩ බංකොලොත්වෙලයි නවතින්නෙ. කෝමහරි මම කියන්න හැදුවේ පොඩි දෙයක්. අපේ විනයක් නැතිකම හින්දා ගොඩක් ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සරල-ප්‍රායෝගික විසදුම් දීගන්න බැරිව ගිහින් තියෙනවා නේද? ලංකාවේනං සුපර්මාර්කට්කාරයට සිද්ද වෙනවා කැෂියර් කෙනෙක් එක්කම කැෂියර් එකක් දාන්න. එතකොට ඒ අමතර වියදමත් ආපහු බඩුගන්න මිනිහ උඩටමයි වැටෙන්නේ! එහෙම කරේ නැත්තං වැඩි වෙලාවක් බඩුඅරන්යන්න ආපු මිනිහට කඩේ ඉන්න වෙනවා. කොහොම බැලුවත් බඩුගන්න මිනිහටමයි පාඩු!

    අපි කෙටි පාරක්, හොරයක් කරන හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙන මිනිහෙක් වන්දි ගෙවන්න එපැයි. එහෙමයි කියලා අපි කරන එව්වා නවත්තනවද? නෑ-නේ! මාකට් එකේ ටොයිලට් එකට ගිහින් කම්මැලිකමට වතුර එකක් ගහන්නෑ - ඊට පස්සෙ එනමිනිහටයි පාඩු. මුදලාලි බලන්නැති අතරෙ කඩේ තියන දෙයක් අතපත ගා ගන්නවා - මුදලාලිටයි පාඩු. වාහන පෝලිමක් තියෙද්දි දකුණෙන් ඉස්සරහ කරන් ගිහින් අතරින් රිංගවනවා - පෝලිමේ ඉන්න මිනිහටනේ පාඩු. ගෙවල් හදන්න කියලා කැලෑ ටික එලිකරලා දානවා - කාටවත් පාඩු නෑ!. ඔය වගේ දේවල් දාහක් කියතැහැකි. හැබැයි මම හිතන්නෙ වෙන දෙයක්. ඔව් ඒ මොහොතට ඔය කරන වැඩෙන් අපිට පාඩුවක් නෑ වගේ හිතුනට දීර්ඝකාලීනව අපි හැමෝටම පාඩුවක් තියෙනවා.

    දැන් කැලෑ එලිකිරීම ගත්තම ඕක වෙනහැටි හැමෝටම තේරෙනවනේ. මම කියන්නෙ ඒක නෙවේ. විනයක් නෑ කියන දේ සාමාන්‍යය උනාම රටේ පහසුවෙන් කරන්න පුළුවන් හොද වෙනස්කම් කරන එක අමාරුවෙනවා - ඒවා තව කල්යනවා. මිනිස්සුන්ට පහසුව සපයන්න පුළුවන් සරල දේවල් ක්‍රියාත්මක නොකරම යටගහගන්න සිද්ද වෙනවා. ඒකෙන් වෙන්නෙ අපි ජීවත්වන සමාජෙ ජීවත්වීම පහසුවෙන එක මන්දගාමී වෙන එක විතරයි නේද? ඒක අන්තිමේ හැමෝටම පාඩුවක්! මම පොඩි උදාහරණයක් දෙන්නම්. දුරගමන් යන කෝච්චි වල පොතක්, කෑම පිගානක් තියන්න පුළුවන් පොඩි ට්‍රෙ එකක් තියෙනවා. මේක ඇත්තටම සෑහෙන්න පහසුවක් දිග ගමනක් යද්දි. දැන් ඔව ට්‍රේ තියෙන කෝච්චි ලංකාවටත් ගෙනාවා. ඔය ට්‍රේ එක උඩ ලංකාව් මිනිස්සු නොකරපු දෙයක් නෑ! අන්තිමේ එක්කෝ ට්‍රේ ටික ගැලැව්වෙ, නැත්තං එව්ව තියෙන පෙට්ටි ගේන එක නැවැත්තුවා. අන්තිමේ හැමෝටම නෑ. මේ හේතුව හින්දම ස්වයංක්‍රීයව කරන්න පුළුවන් ගොඩක්දේවල් ලංකාවේ තාමත් මිනිස්සු දාලා කරනවා කියලයි මට හිතෙන්නෙ. උදාහරණෙකට ගන්නකෝ චන්දෙ දාන එකම. ලංකාවේ චන්ද දවස කියන්නෙ කොච්චර ජරමරයක්ද? ඕක ඊට ගොඩක් පහසුවෙන් යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්නෙ 21 වෙනි සියවසේ! ඔව්ව කොහෙද අපේ අයියලත් එක්ක?

    දැන් ඔය අපේ නැති විනය සුද්දගේ තියෙන්නෙ කොහොමද? මේ ගැන හරි උත්තරයක් මට නැතිඋනත් ඒගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් ඒ ගැන මේක කියවන උදවිය මොකද හිතන්නෙ කියලා දැනගන්න ආසයි. එහෙනන් පහලින් කොටන් යමුද?


    https://praagiyathan.blogspot.com/2018/05/blog-post_28.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    තව උදාහරණයක් තමයි බස්වල කොන්දොස්තරකම
    හැමෝම හරියට අවංකව රියදුරු ඉස්සර තියෙන පෙටියට සල්ලි දැම්මනම් බස්වලට කොන්දොස්තර කෙනෙක් ඕනේ නැහැ. එතකොට යන වියදම අඩු වෙනවා
     
    • Like
    Reactions: Chootyputha2014

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විනයක් තියේ නං පොලිසිය හමුදාව ඕනෙත් නෑ :yes: කරන්න බෑනේ ඉතින් මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක්නේ තාම සත්තු වගේ තමා වෙලාවකට වැඩ කරන්නේ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    eka example ekak dennam. Singapore kiyanne disciplines uparimen thiyana ratak.habai eka karala thiyenne neethi dala. neethiya ekka sellan karanna ba. patta fines gahanne podi waraddatath. Lankawatath galapenne ehema neethi dala minissu hadana system ekak thamai. mokada therum aran hadenna tharam budhdhimath janathawak nemei inne lankawe :yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තව උදාහරණයක් තමයි බස්වල කොන්දොස්තරකම
    හැමෝම හරියට අවංකව රියදුරු ඉස්සර තියෙන පෙටියට සල්ලි දැම්මනම් බස්වලට කොන්දොස්තර කෙනෙක් ඕනේ නැහැ. එතකොට යන වියදම අඩු වෙනවා

    :yes:
     
    • Like
    Reactions: Chootyputha2014

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    තව උදාහරණයක් තමයි බස්වල කොන්දොස්තරකම
    හැමෝම හරියට අවංකව රියදුරු ඉස්සර තියෙන පෙටියට සල්ලි දැම්මනම් බස්වලට කොන්දොස්තර කෙනෙක් ඕනේ නැහැ. එතකොට යන වියදම අඩු වෙනවා


    :D:D:D:P:lol::lol::lol:

    විනයක් තියේ නං පොලිසිය හමුදාව ඕනෙත් නෑ :yes: කරන්න බෑනේ ඉතින් මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක්නේ තාම සත්තු වගේ තමා වෙලාවකට වැඩ කරන්නේ


    :):):):yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කොරියාව හැදුව වගේ අපේ රට හදන්න වෙනවා... බස් එකක කොච්චියක නගින්න ඉන්න තැන බහින අයට බහින්න දීල පෝලිමට ගිහිල්ල බස් එකේ නගින්න ඕනේ... පැනගෙන දුවන් යන එකාව සමාජෙන් කොන් වෙන විදිහට මනස හදන්න ඕනේ... පොඩි තැනක ඉඳල හදන්න ඕනේ බන්....

    බැංකුවේ සල්ලි ගන්න පෝලිමේ ඉන්න කොට wait here කියල ගහල තියෙන තැන ඉස්සර කරගෙන මගේ පිටිපස්සෙන් ඇවිල්ල මට සල්ලි දෙන විදිහ බලන් ඉන්න අමන බුරුවොත් ඉන්න රටක් බන් මේක. මුන්ව හදන්න තියා මකලවත් හදන්න බැරි වෙයි වගේ...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරා කතාව .



    මන් දකින තව දෙයක් මචන් ගොඩක් උන් පොලිසියට බනිනව පොඩි මිනිහ ත්‍රීවීල් කාරය බයික් කාරය විතරයි අල්ලන්නෙ ලොකු කාර් වලින් යනවනම් අල්ලන්නෙ නෑ කියල . ඒත් ඇත්ත කතාව වැඩියෙන්ම පාරෙදි විනය කඩන්නෙ ඔය පොඩි මිනිහ කියන ත්‍රීවීල් බයික් බස් ම තමයි . විනය ගරුකව පාරෙ යන උනුත් ඉන්නව ඒ වගේම කාලකන්නි කාර් කාරයොත් ඉන්නව .


    සිග්නල් ලයිට් නැති බ්‍රේක් ලයිට් නැති සයිඩ් කණ්නාඩි බලන්නෙ නැති ත්‍රීවීල් එක්ක ගත්තහම එහෙම කාර් අඩුයි . ඉතින් පොලිසියට වැඩියෙන්ම අල්ලන්න වෙන්නෙ පොඩි මිනිහව තමයි .