විනයාගමූර්ති ..........................
1990 ජුනි මාසයේදී දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ඒ වන විට වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති නැඟෙනහිර පළාත් සභාව යටතේ නැඟෙනහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 600ක් කොටි සංවිධානය විසින් යටත් වූ පසු ජාත්‍යන්තර යුද නීතිවලට පටහැණිව මරා දමන ලද සිද්ධිය පිළිබඳ කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ හිටපු නායකයා හා හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් හෙවත් දැන් නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් සමාව ගත යුතු බව ඊයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ සාක්කි දෙමින් නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් පැවසී ය.
මෙම සිද්ධියේදී එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වන්නට නියෝග දුන් බව වාර්තා වේ. කොටි සංවිධානයේ භාරයට පත් වූ පොලිස් නිලධාරීන් ගණන 1000ක් පමණ වන අතර එයින් 630ක් අතුරුදහන් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෙළ ගස්වා වෙඩි තබන ලද බව වාර්තා වේ. මේ අතරින් බහුතරය සිංහලයෝ හා මුස්ලිම්වරු ය.
කරුණා අම්මාන් 2003දී කොටි සංවිධානයේන් බිඳී වෙන් වී පසුව ආණ්ඩුව සමග එක් වූයේ ය. ඔහු සමග සිටි කණිෂ්ඨ නායකයකු වු පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පසුව කරුණා කණ්ඩායමේ බලවත් වූයේ ය. මේ දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට මාරාන්තික බල අරගලයක් ඇත. නැඟෙනහිර පළාත් මහ ඇමති වන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් අභිභවා මඩකලපු දිස්ත්‍රික්කයේ ආණ්ඩු ගැති දෙමළ ජනයා අතර නායතත්වයට පත් වීමට නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් උත්සාහ කරයි.
මේ දෙන්නා එකිනෙකාගේ රෙදි ගලවා ගනිමින් සිටින්නේ මෙම අරගලය තුළයි.