හැමදේම ඉවසන්න එපා. ඉවසන්නෙ නැතුව ඉන්න ඕන දේවලුත් මේ ලෝකේ තියෙනවා. මම හිතන්නෙ උබ කේන්තිය වගේ දේවල් ගැන වෙන්න ඇති අහන්නෙ. මුලින්ම ඕවා ප්‍රගුණ කරන්න කලින් දැන් උබ ඉන්න තත්වෙ මොකක්ද කියන එක හොඳ අවබෝධයක් ඇති කරගන්න. උබ දැන් ඉන්න තත්වෙදි උබේ විනයයි ඉවසීමයි නැති වෙන්නෙ මොන මොන අවස්ථාවලදිද. උබට දරාගන්න පුළුවන් මොන වගේ අවස්ථාද කියලා අවබෝධයක් ඇති කරගනින්. ඊට පස්සෙ උබට ගොඩක්ම මේ දෙකෙන් කන්ට්‍රෝල් නැති වෙන්නෙ මොකක්ද, මුලින්ම කන්ට්‍රෝල් නැති වෙන්නෙ මොකක්ද ඒ වගේ දේවල් ගැන හොඳට තේරුම් අරගන්න. ඒවා තේරුම් ගියොත් උබට අනවශ්‍ය අවස්ථාවල් වලදි පාලනය කරගන්න ඉබේම පුලුවන් වෙයි. ආගම දහම පැත්තෙනුත්. ඉවසීම ගැන හැදුන කට කතා නවකතා කෙටිකතා චිත්‍රපටි සිංදු වගේ දේවලුත් අහපන් බලපන්. ඉවසීම ප්‍රගුණ කරපු චරිත ආදර්ශයට ගනින්.