ඔබ කවදාහරි හිතල තියෙනවද 500GB හාඩ් ඩිස්ක් එකක ඉඩ 440GB වලට ආසන්න ගානක් පෙන්නන්නේ ඇයි කියල.. ඒ ඉතිරි ඉඩ ප්‍රමාණයට මොකද උනේ කියල ඔයාල තවමත් දන්නේ නැතුව ඇති..
මේ විදියට අඩු ඉඩ ප්‍රමාණයක් පෙන්වන්න, invisible shadow files, formatting overhead, hidden recovery partitions සහ හාඩ් ඩිස්ක් නිෂ්පාදකයින් විසින් ප්‍රචාරය කරන නොමග යැවීම් වගේ හේතු කිහිමපක්ම තියෙනවා.
ඔයාල හාඩ් ඩිස්ක් , USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් සහ වෙනත් ස්ටෝරේජ් ඩිවයිස් වලට අවධානය යොමු කරලා තියෙනවනම්, ඒවා ෆෝමැට් කලාට පස්සේ එහි පෙන්වල තියෙන ධාරිතාවට වඩා අඩු ප්‍රමාණයක් පෙන්වනව දැකල ඇති. ප්‍රධාන වශයෙන්ම මේ වෙනසට හේතුව වෙන්නේ හාඩ් ඩිස්ක් නිෂ්පාදකයින් ඔවුන්ගේ උපාංග ප්‍රචාරණය කරන ආකාරය හා වින්ඩෝස් පරිගණක ඇත්ත වශයෙන්ම ගබඩා උපාංග භාවිතා කරන ආකාරය වෙනස් වීම නිසයි. මීට අමතරව වින්ඩෝස් වලින් ඩ්‍රයිව් එකක් ෆෝමැට් කරනකොට, ෆයිල් සිස්ටම් සහ බූට් ඩේටා සඳහා යම්කිසි ප්‍රමාණයක ඉඩ කොටසක් වෙන් කරගන්නව. නමුත් අද තියෙන විශාල හාඩ් ඩිස්ක් ස්ටෝරේජ් එක්ක බලනකොට එක ගොඩක් ලොකු අගයක් නෙවෙයි.
(මයික්‍රොසොෆ්ට් කියන විදියට අපි 100 MB ඩ්‍රයිව් එකක් NTFS වලින් ෆෝමැට් කලොත් ඒ සදහා 4 MB ඉඩ ප්‍රමාණයක් overhead සඳහා වෙන් කරගන්නවා. ඒ කියන්නේ 4% වගේ ප්‍රමාණයක්. මේ කොටසේ තමයි පාටිෂන් බූට් සෙක්ටර්, මාස්ටර් ෆයිල් ටේබල්, NTFS ෆයිල් සිස්ටම් ඩේටා තියෙන්නේ.)
හාඩ් ඩිස්ක් නිෂ්පාදකයන්ට අනුව එක කිලෝ බයිට් එකක් 1000 බයිට්, නැතිනම්
1000 B = | 1 KB | ||||||||
1000 KB = | 1 MB | ||||||||
1000 GB = | 1 GB |
500 * 1000 * 1000 * 1000 = 500,000,000,000 බයිට් ස්පේස් එකක්. මේ විදියට තමයි ඩ්‍රයිව් එක ලේබල් කරලා එවන්නෙ.කොහොම උනත්, RAM නිෂ්පාදකයින් 1000 කොටස් වෙනුවට 1024 කොටස්ම භාවිතා කරනවා. ඒ නිසා අපි RAM එකක් මිලදී ගන්නකොට 1 KB = බයිට් 1024 ක්, 1 MB = 1024 KB සහ 1 GB = 1024 MB විදියට තමයි ගනන් ගැනෙන්නෙ. මේ විදියට අපි අර මුලින් බලපු 500GB (500,000,000,000 Bytes) ඩිස්ක් එකේ ස්පේස් එක බැලුවොත්,
500,000,000,000 / (1024 * 1024 * 1024) = 465.66 GB විදියට තමයි එන්නෙ.දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හාඩ් ඩිස්ක් නිෂ්පාදකයන් අපිව රවටනවා කියල.. එත් එහෙම නැහැ, අපි මතක තියාගන්න ඕන එයාල හැම වෙලාවේම නිවැරදි අගය දක්වල තියෙනවා කියල, මොකද ගිගා උපසර්ගයෙන් අදහස් කරන්නේ 1000 බලයක් වගේම 1024 බලයන් වලට යොදාගන්නේ ගිබි(GiB) උපසර්ගය. නමුත් මේක සාමන්යෙන් අපි යොදාගන්නවා අඩුයි. කොහොම උනත් වින්ඩෝස් වල හැම වෙලේම ඩිස්ක් ඩ්‍රයිව් ස්පේස් එක 1024 බලයක් විදියට ගණන් බලන අතරම නිෂ්පාදකයින් 1000 ක බලයක් භාවිතා කරනවා.
මේ හේතුව නිසා තමයි අපි භාවිතා කරන ස්ටෝරේජ් ඩිවයිස් වල නම් කල ප්‍රමාණයට වඩා අඩු ධාරිතාවක් වින්ඩොව්ස් වල පෙන්වන්නෙ..