Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,059
    1
    58,390
    113
    Kaduwela
    coollogo-com-2676464.png

    හරි, කලින් ත්‍රෙඩ් එකේ පොරොන්දු වුන විදියට කස්ටම් වින්ඩොස් 11
    ඉමේජ් එකක් හදාගන්න විදිය ගැන කතා කරන්න යන්නේ.
    මේ විදියට Bloatware free වින්ඩොස් 10 ඉමේජ් එකක් හදාගන්නත් පුළුවන්.
    අලුත්ම වර්ෂන් එක Windows 11 22H2 නිසා මං මේ ගයිඩ් එකේ යූස් කරන්නේ ඒක.

    කලින් ත්‍රෙඩ් එක බලලා නැත්නම් ඒකත් බලාගෙන එන්න.

    මම උබ අපි කස්ටම් වින්ඩොස් 11 OS Image එකක් හදාගන්න ඕනි ඇයි?

    image.png


    MS ලා උන්ගේ privacy statement වල දාලා තියෙන විදියට උන් ප්‍රධාන වශයෙන්
    පල්ලෙහා විදියේ වර්ග වලින් ඩේටා කලෙක්ට් කරගන්නවා.
    1. Browsing history data
    2. Device connectivity and configuration data
    3. Inking, typing, and speech utterance data
    4. Product and service performance data
    5. Product and service usage data
    6. Software setup and inventory data
    මුන් විධි තුනකින් OS එක හරහා අපේ ඩේටා උස්සනවා.
    1. Telemetry services
    2. Diagnostic data services
    3. Search queries in Start Menu, Windows Explorer, MS Store, Edge Browser and Bing Search Engine
    https://privacy.microsoft.com/en-us/data-collection-windows

    සමහර ඩේටා කලෙක්ට් කරගන්න එකෙන් අපිට Opt Out වෙන්න පුළුවන් වුනත්
    උන් අපේ සමහර ඩේටා අනිවාර්යෙන්ම කලෙක්ට් කරගන්නවා.
    විශේෂයෙන්ම අපේ කම්පියුටර් එකේ තියෙන හාර්ඩ් ඩ්‍රයිව් වල,
    අපි යූස් කරන USB drives වල Serial, Model නම්බර්ස් පවා මුන් එකතු කරගන්නවා.
    උන් අපිට කියලා කලෙක්ට් කරගන්න ඩේටා මොනවද කියලා බලාගන්න ඕනි නම්
    මෙන්න මේ ඇප් එක හරහා බලාගන්න පුළුවන්.
    අපිට හොරෙන් කලෙක්ට් කරගන්නේ මොනවද කියලා දන්නේ උන්ම තමා.

    Diagnostic Data Viewer

    මුන් ඩේටා කලෙක්ට් කරනවට එක එක Non Essential ඇප්ස් රන් වෙන්න දීලා,
    අපේ Computer System එකේ Resources අනවශ්‍ය විදියට භාවිතා කරනවා.
    Cortana, MS Store, Xbox Game Bar, වගේම උන් උන්ගේ MS Store එක හරහා,
    ඉන්ස්ටෝල් කරන ඇප්ස් වලිනුත් Ram, Storage, CPU Usage වගේ දේවල් ඕනෑවට වැඩිය භාවිතා කරනවා.
    Microsoft Compatibility Telemetry (svchost) සර්විස් එක තමයි වැඩිම CPU Usage එකකින් Run වෙන්නේ.
    මේවා හදුන්වන්නේ Bloatwares කියලා. වින්ඩොස් වල තියෙන්නේ Bloatwares සහ spywares වල එකතුවක්.
    Average Consumer කෙනෙක්ට මේවා ප්‍රශ්න නොවුනත් සිස්ටම් රිසෝසස් උපරිම efficiency එකකින්,
    වැඩක් ගන්න හදන අයට නම් මේ Bloatwares ලොකු හිසරදයක්.

    ඉතින් කස්ටම් වින්ඩොස් ඉමේජ් එකකින් කරන්නේ Bloatwares, Spywares වලින් තොර,
    100%ක්ම නොවුනත් අඩුම තරමේ 99%ක්ම Clean & Well Performing OS එකක් හදාගන්න එක.
    MS ලට අපේ Data ඕනි නිසා උන් අපිට එහෙම OS එකක් දෙන්නේ නෑ.
    ඒ නිසා අපිට පුළුවන් අපි කැමති ලයිට්වෙයිට් වින්ඩොස් ඉමේජ් එකක් හදාගෙන ඒක ඉන්ස්ටෝල් කරන්න.

    මෙහෙම හදාගන්න Custom OS එක අපිට පුළුවන් Low End PC එකක වගේම ගේමින් රිග් එකක වුනත් දාගෙන හොදට වැඩ ගන්න.
    දැන් පටන් ගමු Custom Windows 11 OS ඉමේජ් එකක් හදාගන්න.

    Guide to Build a Bloatware-free custom Windows 11 ISO

    අපිට පල්ලෙහා දේවල් ටික ඕනි වෙනවා වැඩේට. පල්ලෙහා ලින්ක්ස් වලින් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න.
    තේරෙන්නේ නැත්නම් යටම වීඩියෝ කෑල්ලක් දාලා ඇති ඒක බලාගෙන කරන්න.
    මේ විදියට වැඩේ කරගන්න තේරෙන්නේ නැත්නම් මං මේ ගයිඩ් එකේ හදන Custom Windows 11 OS එක අප්ලෝඩ් කරනවා.
    කැමති නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

    1. Official Windows 11 Original ISO File
    2. 7 Zip
    3. NTLite Software
    4. A Preset for NTLite
    5. Rufus 3.18 Portable (Older Version)
    6. VMware Workstation or Oracle Virtual Box for ISO testing
    MC60H-DWHD5-H80U9-6V85M-8280D
    4A4RR-813DK-M81A9-4U35H-06KND
    NZ4RR-FTK5H-H81C1-Q30QH-1V2LA
    JU090-6039P-08409-8J0QH-2YR7F
    4Y09U-AJK97-089Z0-A3054-83KLA
    4C21U-2KK9Q-M8130-4V2QH-CF810

    මේ ගයිඩ් එක හරියට කරගන්න බැරි හෝ කම්මැලි එවුන් ගැන හිතලා මං මේ ගයිඩ් එකේ හදපු කස්ටම් OS එක අප්ලෝඩ් කරා,
    කැමති එකෙක්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. දවස් 5කින් ෆයිල් එක Expire වෙයි.

    Link 1 Windows 11 Minimal ISO 4 GB

    Link 2 Windows 11 Minimal ISO 4 GB

    ඉස්සෙල්ලම අපි Microsoft එකෙන් අලුත්ම වින්ඩොස් 11 ISO එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
    පල්ලෙහා ස්ටෙප්ස් පිළිවෙලට කරගන්න.

    mQleLPg.png

    yGcdfJc.png

    O4Mc21V.png


    හරි වින්ඩොස් ISO ෆයිල් එක හරි. දැන් 7Zip ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
    ඊටපස්සේ ඔය ISO ෆයිල් එක 7 Zip වලින් Extract කරගන්න ඕනි. ටිකක් වෙලා යයි.
    Extract කරන්න කලින් Windows Defender Disable කරන්න.
    ඉමේජ් එකක සිස්ටම් ෆයිල්ස් වගයක් රීඩ්, රයිට් වෙනවා දකින නිසා ඌ පොඩ්ඩක් කලබල වෙන්න පුළුවන්.

    tkb7Qx4.png


    හරි. දැන් තියෙන්නේ NTLite software එක ඩවුන්ලෝඩ් කරගන්න එක.
    තමන්ගේ OS එකේ Architecture එකට අනුව ගැලපෙන එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න.

    yZVghQC.png


    ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා විදියට පෙන්නයි. එතනින් free ඔප්ෂන් එක දීලා OK කරන්න.
    Free එක අපිට හොදටම ඇති වැඩේ කරගන්න.

    qtQa2VY.png


    හරි දැන් තියෙන්නේ අපි අර 7Zip වලින් Extract කරගන්න OS ඩිරෙක්ටරි එක NTLite එකට ලෝඩ් කරගන්න එක.

    Nd01nAc.png


    ලෝඩ් වෙලා ඉවර වුනාම පල්ලෙහා විදියට පෙන්නයි.
    මං ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නේ Windows 11 Pro Edition එක.
    දැන්ම ඔය මොකුත් ඔප්ෂන් එකක් උඩ ක්ලික් කරන්න එපා ඊලග ස්ටෙප් එකට යනකන්.

    8k5zf7y.png


    දැන් තියෙන්නේ NTLite ප්‍රිසෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. උඩ ලින්ක් එක ඇති.
    මේක යූසර් කෙනෙක් NTLite සල්ලි දීලා අරගෙන Bloatware free කරලා හදපු ප්‍රිසෙට් එකක්.
    මේ ප්‍රිසෙට් එක නිසා අපේ වෙලාව ඉතුරු වෙනවා සහ
    අපිව ලිමිට් කරලා තියෙන Free Limitations වලින් එහාට ගිහිල්ලා වැඩක් කරන්න සලස්වනවා.
    ඕක නිකන්ම XML ෆයිල් එකක් කැමති කෙනෙක්ට ඕක ඇනලයිස් පාරක් දාන්න පුළුවන්.
    පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක ලෝඩ් කරගන්න. ලෝඩ් වෙද්දී රිනේම් කරන්න ආවොත් කැමති නමක් දෙන්න.

    NbZ52cd.png


    d1EBsF1.png


    ප්‍රිසෙට් එක ලෝඩ් වෙලා දකුණු පැත්තෙන් පෙන්නයි.
    දැන් තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන්න හදන එඩිෂන් එක ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්න එක.
    කැමති එඩිෂන් එකක් උඩ රයිට් ක්ලික් කරලා ලෝඩ් කරගන්න. ලෝඩ් වුනාට පස්සේ අදාළ එඩිෂන් එක ඉස්සරහින් කොළ පාට ඩොට් එකක් පෙන්නයි.

    cESGAc4.png


    yeopjsp.png


    දැන් තියෙන්නේ අපි තෝරගත්ත එඩිෂන් එකට අර ප්‍රිසෙට් එක ඇප්ලයි කරන එක.
    පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක උඩ රයිට් ක්ලික් කරලා Load>Overwrite කරගන්න.

    6vMNamD.png


    ප්‍රිසෙට් එක ලෝඩ් වෙද්දී මේ වගේ එරර් එකක් එයි. ඒක ගණන් ගන්න එපා.
    නිකන්ම OK කරලා දාන්න.

    vsUEE45.png


    හරි. දැන් ප්‍රිසෙට් එක එඩිෂන් එකේ ෆයිල්ස් වලට ඇප්ලයි වෙලා ඉවරයි.
    දැන් තියෙන්නේ වම් පැත්තේ මෙනු එකේ ඔප්ෂන්ස් එකින් එක බල බල
    තමන් කැමති ඒවා තියාගෙන අනිත් ඒවා අයින් කරන එක.

    මං දැන් අප්ඩේට්ස් වලට ගිහිල්ලා Essential Updates ටිකක් ඇප්ලයි කරගන්නවා.
    පල්ලෙහා විදියට කරන්න. ආයේ මීට පස්සේ වින්ඩොස් අප්ඩේට්ස් ගන්නේ නැති නිසා
    අන්තිම පාරට අප්ඩේට් ටිකත් එක්කම ඉමේජ් ෆයිල් එක හදාගන්න යන්නේ.

    tsZw159.png


    Windows 11 22H2 Version එකට අලුතෙන් ආපු අප්ඩේට්ස් ඇප්ලයි කරගන්න අපිට පුළුවන්.

    NoaW2fJ.png


    rUTR0Pw.png


    Enqueue කරාම පල්ලෙහා විදියට පෙන්නයි. දැන් අපි Updates වලින් පස්සේ Services වලට යමු.

    m6JUbQF.png
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,059
    1
    58,390
    113
    Kaduwela
    ප්‍රිසෙට් එකේ ගොඩක් Unwanted Components ඩිසබල් කරාට සමහර ඒවා අපිටම බලලා අයින් කරන්න වෙනවා.
    පල්ලෙහා විදියට එනබල් වෙලා තියෙන ඒවා ඩිසබල් කරන්න. ඔතන නිල් පාට බටන් එක ගාව ඉස්සරහ ටෙක්ස්ට් එක පාරක් ක්ලික් කරාම
    රතු පාට වෙලා Disabled කියලා වැටෙයි. මෙන්න මේ විදියට.

    rlYhsIs.png


    හරි දැන් Unattended යටතේ Computer Name එකට ගිහිල්ලා එකට ඔයා කැමති Computer Name එකක් දෙන්න.

    SiIfnLB.png


    දැන් Apply ඔප්ෂන් එකට ගිහිල්ලා පල්ලෙහා විදියට හදාගන්න.
    ඔතන Create ISO එකට ටික් එක දාපු ගමන් ISO එකට නමක් දාන්න කියයි.
    Windows 11 Minimal වගේ එකක් දෙන්න ඔතෙන්ට.

    SPdaVCJ.png


    ඊට පස්සේ උඩ ප්‍රොසෙස් බටන් එක ක්ලික් කරන්න. දැන් Windows 11 Custom ISO එක Generate වෙන්න පටන් ගනියි.
    හදිසියේ හරි Defender Run වෙවී තිබ්බොත් ඒක ඩිසබල් කරන්න කියලා මැසේජ් බොක්ස් එකක් ඕපන් වෙයි.
    Defender Settings වලින් Real Time Protection අයින් කරාම හරි.

    Dt76uWw.png


    5bGSFT1.png


    මෙහෙම ඩයලොග් බොක්ස් එකක් ආවොත් YES කරන්න.

    pLyGboI.png


    ඒ වගේම අපි උඩ අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන්න සිලෙක්ට් කරලා තිබ්බොත්
    මේ ස්ටෙප් එකේදී පොඩි Interrupts එන්න පුළුවන් අපි යූස් කරන්නේ NTLite free වර්ෂන් එක නිසා.
    ඔතෙන්දි එන මැසේජ් බොක්ස් ටික ok කරලා ස්කිප් කරලා දාන්න.

    14waEat.png


    හරි දැන් ISO ෆයිල් එක අපි තෝරපු Components එක්ක Generate වෙන්න පටන් ගන්නවා
    Complete වෙන්න විනාඩි 30 ත් 40 ත් අතර කාලයක් යයි.
    අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන වෙලාවට විතරක් පොඩි Interruptions ටිකක් එයි.
    ඒ අපි යූස් කරන්නේ Free Version එක නිසා. ඒ ඩයලොග් බොක්ස් OK කරලා දාන්න.

    iHCXtUX.png


    විනාඩි 30ක් 40ක් යද්දී process එක ඉවර වෙලා, ජෙනරේට් වුන ISO එක අපි දුන්න තැන සේව් වෙලා ඇති.
    පල්ලෙහා වින්ඩෝ එක පෙන්නයි ප්‍රොසෙස් එක ඉවර වුනාම.


    dXU0V2b.png


    හරි දැන් තියෙන්නේ අපි දුන්න ISO එක ටෙස්ට් කරන්න. ඒකට VMware or Oracle Virtual Box එක යූස් කරන්න පුළුවන්.
    මං උඩ ලින්ක් දාලා ඇති. ඒක ලේසියෙන් කරන්න පුළුවන් නිසා මං ටෙස්ට් කරන ස්ටෙප් එක කරන්න යන්නේ නෑ.
    දැන් යන්නේ අපි හදාගත්ත ISO එක පෙන් එකකට බූට් කරගන්න.

    මේ ස්ටෙප්ස් ටික කරගෙන කස්ටම් OS එකක් හදාගන්න බැරි වුන එවුන් ගැන හිතලා මං මේ ගයිඩ් එකේ හදපු OS එක අප්ලෝඩ් කරා.
    ඒක කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන OS එක ගහගන්න.

    Link 1 Windows 11 Minimal ISO
    Link 2 Windows 11 Minimal ISO

    මං උඩ කරපු ස්ටෙප්ස් වල Speedrun වීඩියෝ එකක් තියෙනවා. උඩ ස්ටෙප්ස් පැටලුනා නම් මේ වීඩියෝ එක බලලා ඉන්න.
    YouTube දැම්මේ වෙන දාන්න තැනක් සෙට් වුනේ නැති නිසා.





    දැන් තියෙන්නේ Rufus 3.18 Version එක ඩවුන්ලෝඩ් කරලා බූටබල් පෙන් එකක් හදාගන්න.

    aXhm7i6.png


    ඔතන Select බටන් එක ක්ලික් කරලා අපි හදාගත්ත ISO එක තෝරලා දෙන්න.
    එතකොට පල්ලෙහා වගේ Automatically Settings වෙනස් වෙලා පෙන්නයි.

    Sp1WXrv.png


    දැන් උඩ මාක් කරලා තියෙන රතුපාට dropdown මෙනු එකෙන්
    Extended Windows Installation (No TPM, No Secure Boot)
    තෝරලා දෙන්න.

    c3izZe5.png


    ඊට පස්සේ ස්ටාර්ට් කරන්න. ටික වෙලාවකින් බූටබල් පෙන් එකක් වෙයි. Ready කියල පෙන්නනකන් ඉන්න.
    ඊට පස්සේ සාමාන්‍ය පරිදි PC එක රිස්ටාර්ට් කරලා බූට් මෙනු එකේදී පෙන් එක තෝරලා වින්ඩොස් හරියට ඉන්ස්ටෝල් කරගන්න.

    pLHkWQn.png


    Your Device Can't Install Windows 11 කියල වගේ ආවොත් ඒ කියන්නේ පෙන් එක හරියට බූට් වෙලා නෑ.
    GPT, MBR ප්‍රශ්න ආවොත් හොද Partition Assitant tool එකක් පාවිච්චි කරලා MBR ඩිස්ක් එක GPT කරගන්න.
    මොකද වින්ඩොස් 11 සපෝර්ට් කරන්නේ GPT Disks වලට විතරයි.
    වින්ඩොස් ඉන්ස්ටෝල් කරගන්න එක ලේසි නිසා ඊලගට අපි බලමු අපි ඉන්ස්ටෝල් කරපු OS එකෙත් බැරි වෙලා හරි Bloatwares තිබ්බොත් ඒවා අයින් කරගන්න ක්‍රමයක්. වින්ඩොස් ගහලා ඉවර වෙලා Iobit Drivers Booster වගේ එකකින් ඩ්‍රයිවර්ස් දාගන්න.


    Bloatware Removal & Block Windows Spying Activities

    අපි අර හදාගත්ත කස්ටම් OS එකේ වුනත් සමහර සර්විසස් MS Servers කෝල් කරන්න පුළුවන් ( Bluetooth, WLAN, Search Services etc.)
    ඒවත් බ්ලොක් කරලා සදහටම MS ලගෙන් සමුගන්න තමයි මේ හදන්නේ.
    ඒකටත් අපි ඕපන්සෝස් ටූල්ස් ටිකක් පාවිච්චි කරමු.
    1. Optimiser
    2. WindowsSpyBlocker
    3. This is Win 11
    4. Love Windows Again
    5. Shutup 10
    මේ ඇප්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන එකින් එකට මං පල්ලෙහා කරලා තියෙන විදියට කරගෙන යන්න.
    තමන්ට Exclude කරන්න ඕනි දේවල් Exclude කරන්න.

    Optimiser එකෙන් පුළුවන් අපි ඉන්ස්ටෝල් කරගත්ත OS එකෙන් Maximum Performance ගන්න පුළුවන් වෙන්න හදාගන්න.
    පෝටබල් ඇප් එකක්. ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා වගේ මොකුත් ටොගල් වෙලා කියල පෙන්නන්නේ නෑ,
    තමන් කැමති විදියට ටොගල් කරගන්න.

    eLWbODS.png

    w4QWtjt.png


    තව අනවශ්‍ය ස්ටෝර් ඇප් එහෙම අයින් කරගන්නත් පුළුවන් පල්ලෙහා විදියට.
    ඇප්ස් ටික සිලෙක්ට් කරලා uninstall කරගන්න.

    2hosfwo.png


    දන්නා කියන Telemetry IPs තියෙනවා නම් පල්ලෙහා විදියට Hosts ෆයිල් එක හරහා බ්ලොක් කරගන්න පුළුවන්.

    l3H3xfj.png


    ඊට අමතරව මං කැමතිම ෆීචර් එක. උණු උණුවෙන් ගහපු OS එකට අතවශ්‍ය softwares
    ඔක්කොම එක ක්ලික් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්,
    පල්ලෙහා විදියට තමන්ට ඕනි softwares සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

    PGLpK9j.png


    දැන් ඕපන් කරගන්න ඩවුන්ලෝඩ් කරගත්ත WindowsSpyBlocker tool එක.
    ඕපන් කරාම පල්ලෙහා විදියට CMD එකෙන් Execute වෙලා පෙන්නයි.
    මේකෙන් කරන්නේ තවත් Telemetry IPs Firewall එක හරහා බ්ලොක් කරන එක.
    පල්ලෙහා විදියට 1 සිලෙක්ෂන්ස් තෝරාගෙන යන්න ඔටෝම IPs ටික block වෙන්න පටන් ගනියි.

    ZLB0wd1.png

    Nukpi39.png

    tIK6XCN.png


    ඊට පස්සේ ඕපන් කරගන්න තියෙන්නේ LoveWindowsAgain.
    ඔතන ඇනලයිස් කරලා dropdown මෙනු එකෙන් Fix Problems දෙන්න.
    ඊට පස්සේ ක්ලෝස් කරන්න.

    xosXvKN.png

    THzLNZe.png


    හරි දැන් ඊලගට ThisIsWin11. මේකෙනුත් තමන් කැමති Tweaks ටිකක් කරලා Privacy and Perfomance
    Improve කරගන්න පුළුවන්.

    hDdYCNa.png


    මෙතනින් පුළුවන් තව සමහර Tweaks ටිකක් ඇප්ලයි කරගන්න.

    hzcYZ7u.png


    මෙතනින් පුළුවන් සමහර අනවශ්‍ය ඇප්ස් ටිකක් අයින් කරලා දාන්න.

    vvMiE9y.png


    muUvGQf.png


    හරි. දැන් ඊලගට O&O ShutUp 10 ඕපන් කරගන්න.
    එකේ Actions වල දෙවෙනි එක Recommended and Somewhat Recommended Settings තෝරන්න.

    fIZ7Hzn.png


    Restore Point එකක් හදන්නද කියලා අහයි. ඒක Yes කරන්න කෝකටත් කියලා.

    UknZhdL.png


    ඊට පස්සේ ඔය tool එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරද්දී අහයි රිස්ටාර්ට් කරන්නද කියලා.
    රිස්ටාර්ට් කරලා බලන්න.

    LhwVY66.png


    මේ උඩ කියලා තියෙන දේවල් හරියට කරා නම් ඔන්න දැන් Bloatwares, Spywares නැති
    Maximum Perfomance එකක් දෙන Custom Windows 11 OS එකක් උබටත් තියෙනවා.
    Game ගහන එවුන්ට, 3D Modeling, Designing කරන එවුන්ට ලොකු වෙනසක් මේ කස්ටම් OS එකෙන් බලාගන්න පුළුවන්.
    ගයිඩ් එකේ අන්තිම ටිකේ Speedrun එකක් ආවට සමාවෙන්න ඕනි ටයිප් කරලම අත රිදෙනවා බං.
    ත්‍රෙඩ් එකේ අන්තිමට ආපු නිසා කස්ටම් OS එකක වාසි අවාසි ගැන ආයෙත් කතා කරලම නවත්තන්නම්.


    Pros
    • MS Spywares නෑ, Bloatwares නෑ. Telemetry නෑ.
    • Idle Ram Usage එක අඩුයි. Process Counts අඩුයි.
    • Clean and Lightweight OS එකක්.
    • System Resources කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්.
    • පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නෑ,
    • 4GB Ram එකක වුනත් හොදටම වැඩ.
    • Personal මැෂින්ස් වල වගේම සර්වර් වලත් හොදටම වැඩ.
    • ගේමර්ස්ලට ping එක stable තියාගෙන ප්ලේ කරන්න පුළුවන්.
    • තවත් ඕනි නම් තමන් කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්.
    • Windows Defender වෙනුවට ESET වගේ Lightweight AV එකක් දාගන්න පුළුවන්.

    Cons
    • Windows Updates ආයේ එන්නේ නෑ.
    • සමහර වින්ඩොස් ෆීචර්ස් වැඩ කරන්නේ නෑ. (OneDrive, Cortana, MS Store, Defender etc.)
    • වින්ඩොස් ඔෆිෂල් repo එකෙන් ඩ්‍රයිවර්ස් ගන්න වෙන්නේ නම් නෑ.
    • හැමෝටම එක වගේ මේ කස්ටම් OS එක වැඩ කරන්නේ නැතිවෙයි.
    • සමහර ඔෆිස් වර්ශන්ස් වැඩ කරන්නේ නැතිවෙයි.
    • Windows Updates නැති නිසා Security Vulnerabilities වැඩිවෙයි.
    • Windows Defender නැති නිසා Ransomware Protection එකක් නෑ.
    • 100%ක්ම පරිගණකයේ වගකීම කස්ටම් OS එක ගහන කෙනා සතුයි.

    හරි සිංහලු. ඔන්න ඕක තමයි කස්ටම් වින්ඩොස් OS කතාව.
    කැමති එවුන් ට්‍රයි එකක් දීපල්ලා.
    ගොඩක් දුරට ලැප් එකකට සෙට් වෙන්නේ මේ වගේ කස්ටම් හදාගත්ත OS බිල්ඩ් එකක් තමා.
    මේ ත්‍රෙඩ් එක දාන්න කියලා සැරෙන් සැරේ මතක් කරපු @talkingtom @pavithra_uk @meeka @Tharindu DR ඇතුළු අයට Credits යන්න ඕනි.
    උන් නැත්නම් මට ත්‍රෙඩ් එකක් දාන්න මතක් වෙන්නෙත් නෑ.
    තව @avjayarathne ගේ Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM එක පැත්තෙත් ගිහිල්ලා එන්න.
    ඒකෙත් මේ වගේම Windows Optimizations ගැන කතා කරනවා.
    කස්ටම් OS එකක් ගහන අයට එන ප්‍රශ්න ගැන මේ ත්‍රෙඩ් එකේ දාන්න.
    පාවිච්චි කරන එවුනුත් Experience ෂෙයාර් කරගන්න.
    තවත් මේ වගේ ත්‍රෙඩ් එකකින් සෙට් වෙමු.

    coollogo-com-18011795.png
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,176
    6,168
    113
    custom OS dekala tibbata apitama mehema ekak hadanna puluwan kiyala denagatte kalin thread eken. Thanks alot machan.. :love:

    ada ithin meka poddak hari oluwata dagannakan nina yanne na :rofl:


    wadi wadiyen Kiriye mehema ewa share wewaaaa!!!
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,059
    1
    58,390
    113
    Kaduwela
    oka danna key ekak oneda ban?
    Key එකක් ඕනි නෑ. Trial Period එකක් දෙනවනේ. Key එකකින් පස්සේ ඇක්ටිවේට් කරගන්න.
    custom OS dekala tibbata apitama mehema ekak hadanna puluwan kiyala denagatte kalin thread eken. Thanks alot machan.. :love:

    ada ithin meka poddak hari oluwata dagannakan nina yanne na :rofl:


    wadi wadiyen Kiriye mehema ewa share wewaaaa!!!
    මේක දවසක් විතර ටයිප් කරලා කම්මැලි හිතුනම නැවැත්තුව බං.
    උබ අර ත්‍රෙඩ් එකේ දාපු නිසා අද කොහොම හරි ඉවර කරා.
     
    • Love
    Reactions: NRTG and meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,176
    6,168
    113
    මේක දවසක් විතර ටයිප් කරලා කම්මැලි හිතුනම නැවැත්තුව බං.
    උබ අර ත්‍රෙඩ් එකේ දාපු නිසා අද කොහොම හරි ඉවර කරා.

    A mahansiya nam apathe giye na. watinawa :love:

    mey widihatama windows 7 and windows 10 karanna puluwan neda?

    Try karala balala aniwaryen result ekath kiyannam.
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,059
    1
    58,390
    113
    Kaduwela
    A mahansiya nam apathe giye na. watinawa :love:

    mey widihatama windows 7 and windows 10 karanna puluwan neda?

    Try karala balala aniwaryen result ekath kiyannam.
    ඔව් ඒ දේකත් මේ විදියට හදාගන්න පුළුවන්.
    වින්ඩොස් 7 වලට නම් ප්‍රිසෙට් ඕනිත් නෑ.
    හොදටම slimdown කරන්න පුළුවන් win 7 තමා.

    Windows 10 ekatath me widihatama karanna pluwanda ban
    පුළුවන් මචන්. Windows 10 ISO එකක් අරගෙන ඔය ස්ටෙප්ස් විදියටම කරපං.
    ------ Post added on Jan 29, 2023 at 11:36 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    13,912
    22,862
    113
    Kandy
    ඔව් ඒ දේකත් මේ විදියට හදාගන්න පුළුවන්.
    වින්ඩොස් 7 වලට නම් ප්‍රිසෙට් ඕනිත් නෑ.
    හොදටම slimdown කරන්න පුළුවන් win 7 තමා.


    පුළුවන් මචන්. Windows 10 ISO එකක් අරගෙන ඔය ස්ටෙප්ස් විදියටම කරපං.
    ------ Post added on Jan 29, 2023 at 11:36 PM
    Karala balala kiyanam ❤️
     
    • Love
    • Like
    Reactions: NRTG and kasun_kbp