විනාඩියක් නැවතිලා කියවන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🔮
    දස අකුසලයෙන්ද වැලකී සිටින්නෙමි.

    🔮
    දවසට එක් වතාවක් හෝ බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වන්න කාලය වෙන් කරන කෙනෙක්.

    🔮
    ධර්මය සම්බන්ධ දෙයක් කියවීම හෝ බණ ඇසීම 90%ක් දුරටම දවසට එක්වතාවක්වත් කරනවා.

    〽️
    මේ දේවල් කරද්දි, හිතට කම්මැලි එන වෙලාවට මම හිතන්නෙ මෙන්න මෙහෙමයි.

    🌺
    අප මහා සම්බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් බුදු බව ලබන්න දරපු වීර්‍ය්යේ ප්‍රමාණය මෙතෙකින් කියා නිම කල නොහැකි බවත්, අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අපරිමිත දයානුකම්පාවෙන් කලා වූ ඒ කැපකිරීම වෙනුවෙන් අපට කලගුණ දක්වන්න තියෙන එකම විදිය තමා අප තථාගතයාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන එක
    🌺


    ඉතින් එහෙම හිතලා හිතට ධෛර්යය ගන්නවා මං.

    🔮
    භාවනාවට තවම සිත එකඟ කරගත නොහැකි වුවත් හැකි සෑම විටම ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රීය පතුරුවමි.ඇසට ගැටෙන සතුන් බොහෝ දෙනා සුවපත් වෙම්වායි පතමි.ස්වාමීන් වහන්සේ නමක් මුහුණට මුණගැසෙන බොහෝ විටක තෙරුවන් සරණයි, සුවපත් වේවා යැයි සිතින් පතන්නට පුරුදු වෙන්නෙමි.

    🔮
    ඇසට අසුවෙන සෑම දෙයෙහිම අනිත්‍ය බවත් මරණය පමණක් නියත බවත් මනසින් මෙනෙහි කරන්නෙමි.

    🔮
    නිවන පමණයි ඒකායන පරම සැනසීම බව මෙනෙහි කරන්නෙමි.

    🔮
    මට හැකි පමණ අන් අයවද ධර්ම මාර්ගයට එක් කර ගැනීමට උත්සහ කරන්නෙමි.ධර්මදානයට දායක වෙමි.

    🔮
    කෝප නොගෙන සිටීමට උපරිම උත්සහ කරන්නෙමි.

    🔮
    අතීත ඇතැම් සිතට වද දෙන අකුසල්, වර්තමානයේ එතරම් හිතන්නේ නැතුව සිදුවන ක්‍රියා නොවෙනවා නොවේ. ඒ පිළිබඳව නොසිතා ඉන්නට සිත දියුණු කරන්නට උත්සහ කරමි.පසුනොතැවීමට උපරිම උත්සහ කරමි.පසුතැවීම බුදු දහමේ අනුමත නොකරන්නේමය.

    🔮
    කුඩා හෝ පිනක්,කුසල කර්මයක් සිදු කොට මා පතන්නේ නිවනය.
    එය මෙසේ සිදු කරමි.

    ⭕
    "නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ බුද්ධ ධර්මාවබෝධය ලැබේවා, සත්පුරුෂ ආශ්‍රය ලැබේවා, පංච ධර්මයන් වැඩි දියුණු කරමින් , දාන සීල භාවනා වැඩි දියුණු කරමින් අන්තයේ සියලු දුක් නසා නිර්වාණ සම්පත්තිය ලැබේවා. එසේ පතන නිවන් මග අතරතුර දුගතිගාමී නොවේවා, සුගතිගාමී වේවා ! යැයි පතන්නෙමි. එසේ සුගතිගාමී වන ලෙස ප්‍රාර්ථනා කරනුයේ කම් සැප විඳීමේ අසාවෙන් නොවන බවත් උතුම් වූ නිවනට අවශ්‍ය කුසල් වැඩීම පිණිස, ඒකාන්තයෙන්ම නිවන් අරමුණු කරගෙන බවත් තව දුරටත් හිතන්නෙමි."
    ⭕


    ඉතින් පින්වත, ඔබත්ටත් මේ පින් අනුමෝදන් කරමි.

    මේ සියල්ල අවසානයේ සිතට දැනෙන සැනසීම බොහෝය.
    ඔබත් උත්සහා කර බලන්න.ඒ සැනසීම් ලබා ගන්නට.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පංච ධර්මයන් කියන්නෙ?
    පංච බල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. මේ පංච බල ධර්මයන් ප්‍රගුණ කිරීම ක්‍රමයෙන් නිවන පිණිස ම නැමී පවතින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම උපමාවෙන් මනාව තේරුම් ගත හැකිය.

    “මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී ඇත්තේ යම් සේ ද, එසෙයින්ම මහණෙනි, පංච බල ධර්ම දියුණු කරන්නා වූ, පංච බල බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.”
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    පංච ධර්මයන් කියන්නෙ?

    චයිතසික 52න් 5ක්, ශ්‍රද්දා, විරිය, සති, සමාදි, ප්‍රජ්නා කියන. අරි අට මගෙන් කරන්නෙ බුදුන් කියපු දර්මතවය දකින්න පුලුවන් වෙන්න අවශ්ය චයිතසික දර්ම ටික දියුනු කරන එක තමයි.