විනිසුරු තිලිණ ගමගේගේ වැඩ තහනම්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    thilina-gamage.jpg


    මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

    එහිදී ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ මේ වනවිට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර දින 21තුළ කරුණු දක්වන ලෙස ඊයේ (01) මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිසම ලිඛිතව දැනුම් දී තිබෙනවා.

    අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව මෙම විමර්ශන සිදු කරන අතර, පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා.

    තිලිණ ගමගේ කූඨ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුකරයක් ගොනු කර තිබුණා.

    තිලිණ ගමගේට එරෙහිව අලි පැටවෙකු නීතිවිරෝධීව ළඟ තබාගැනීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබුණු අතර, 2015 මැයි මාසයේදී එම අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට යළි බාරදෙනු ලැබුවා.

    එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 මැයි මාසයේදී එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කරනු ලැබුවා.

    2019 නොවැම්බර් 07 වැනිදා තිලිණ ගමගේ සහ චන්ද්‍රරත්න බණ්ඩාර යටවර ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග ඉදිරියේ චෝදනා ගොනු කරනු ලැබු අතර, ඉන් අනතුරුව තිලිණ ගමගේට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමේදී ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් 2021 දෙසැම්බර් 16 වැනිදා තිලිණ ගමගේව චෝදනාවලින් නිදහස් කරනු ලැබුවා.