විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

Jun 21, 2013
99
9
0
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

අද මේ රජයේ ජනප්‍රියතම සංවර්ධන ව්‍යාපෘතිය පාරවල් කාපට් කිරීමයි. තාර දාන්න නොහැකි නම් කොන්ක්‍රීට් දානවා. මොකද තාර කුට්ටියට වඩා මේවායින් ලැබෙන කොමිස් කුට්ටිය ලොකුයි. ලංකාවේ වර්ග සැතපුම් 25000ටත් තාර දමලා අවසානයේදී මේ අය මහ මුහුදටත් තාර දමලයි නවතින්නේ යැයි එ.ජා.ප. නායක, විපක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික් අවසන් එ.ජා.ප. රැලිය අමතමින් පැවැසීය.


පසුගිය 13 වෙනිදා කුලියාපිටිය ඔරලෝසු කණුව අසල පැවැති මෙම එ.ජා.ප. රැලිය අමතමින් වැඩිදුරටත් කතාකළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. වයඹ පළාත් සභා ඡන්දය සමගම ආණ්ඩුවට මේ පළාතේ ජනතාව පිළිබඳ මතෛක් පහළ නොවූ කරුණාවක් ඇති වෙලා ආදරයක් පහළ වෙලා. නිකම්ම ‍නෙවෙයි කිරුළක් පළඳවන්න කඩිමුඩියේ ලෑස්තිවෙනවා. ටකරන්, උළු, ගඩොල් බෙදනවා. පාරවල් තාර දානවා.



තරුණයින්ට ඇති තරම් කුලීවැඩ. 21ක් වෙනිදාට මේ අයට ඡන්දේ දාන්න නිවාඩු. මේ තරුණයින් මේ කට්ටිය එන්නේ මොකාටද බව දන්නවා. ඒ නිසාම ඔවුන් කියන්නේ වැඩකුලියට ඡන්දේ අලියට කියලයි. මතක තබාගන්න. මේ මැතිවරණය ආණ්ඩු පෙරළන එකත් නොවෙයි කියා හෑල්ලුවට හිතන්න එපා. මේක ආණ්ඩු මාරුකිරීමට මුල් පියවර තබන මැතිවරණයක්. මතෛක් මේ රජය ගෙනගිය දූෂණයට, භීෂණයට, අල්ලසට, වංචාවට අවනීතියට ඉවසුවා ඇතැයි කියන මැතිවරණයක්. ඒ නිසා ඒවාට අකමැති අයට, මේ රටේ නැවත යහපාලනයක් ඇති කිරීමට කැමැති අයට මේ මැතිවරණය ඉතා වැදගත් එකක්. එසේ නොමැතිව නැවත බුලත්කොළය ඉදිරිපිට කතිරය සලකුණු කිරීම ඉහත දූෂණය භීෂණයට ඔබ ලබාදෙන අනියම් බලපත්‍රයක් යැයි ද පැවැසීය. යුද්දේ ඉවර වූ සැණින් මේ රට සුරපුරයක් කරන බව පැවැසුවත් ඒ සුරසැප විඳින්නේ මේ රටේ නායකයෝ.



ඔවුන්ගේ පවුල්වල අයත් මැති ඇමැතිවරුනුත් පමණයි. ජනතාවට සදාකල් දුක වේදනාව පමණයි. දෙන බවට ‍පොරොන්දු වූ රැකියා කෝ. අඩුකළ බඩුමිල කොහේද, විදුලි බිල අඩුකරන්නේ කොහොමද? මේ කිසිම දෙයකට පිළිතුරක් නොදී මේ ආණ්ඩුව දැයම රවටමින් විවිධ සංදර්ශනවලින් ජනතාව රවටනවා. මේ රටේ ජනතාවට දැනෙන සංවර්ධනයක් සිදුකළා නම් ඒ සිදුකළේ එ.ජා.ප. රජයක් යටතේයි. ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග, ආර්.ප්‍රේමදාස වැනි එ.ජා.ප. නායකයින් රැකියා පහසුකම් ඇති කර ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිකරමින් බඩුමිලට සහනයක් සලසමින් ජනතාවට ජීවත්වීමට හැකි රටක් බවට පත්කළ අතර වික්ටෝරියා, මහවැල,ි රන්ටැබේ වැනි යෝධ සංවර්ධන
සාපේක්ෂව වෙළෙඳකලාප ඇඟලුම් කම්හල් බිහිකර රටට ජාතික ආදායම මෙන්ම ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස් සඳහා රැකියා පහසුකම්ද ඇති කළා. 2005න් පසු මේ රටේ සංවර්ධන වේගය අඩාල වූවා පමණක් නොව විවෘත කළ කම්හල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් වසා දමා තිබෙනවා.
නැව් නැති වරායවල්, ගුවන් යානා නොමැති ගුවන් තොටු‍පොළවල්, ක්‍රීඩකයින් නොමැති ක්‍රීඩාංගණ, විදුලිය නැති විදුලි බලාගාරවලට කෝටි ගණන් මහජන මුදල් යටපත්කරමින්, ඒ බදුබර මහජනයා පිට පටවන මේ අමනෝඥ අණ්ඩුවේ මේ
දුෂ්ඨ ක්‍රියාකාරකම් ඉවසුවා ඇති නිසා ඔබේ විරෝධය පාන්නට මේ හොඳම අවස්ථාව යැයි ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

Lakbima.lk
 
Jun 21, 2013
99
9
0
රනිල් මහත්තයා මේ වගේ දැනෙන විදියට කතා කරන්න පටන් ගට්ටනම් ආණ්ඩුවට යන එනමන් නැති වෙනවා. ඕන කෙනෙක් දන්නවා රනිල් හරියට ජනතාවට දැනෙන්න Talkකරන්න බැරි උනාට මිනිහ උගතෙක්.සහ හොරෙක් නෙමේ.
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
වික්‍රමසිංහ මහතා කළ දැයට කාටවත් සම කරන්න බෑ. එතුමාගේ පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන කෙතරම් අනර්ඝ එකක් වූවාද !
 
Jun 21, 2013
99
9
0
වික්‍රමසිංහ මහතා කළ දැයට කාටවත් සම කරන්න බෑ. එතුමාගේ පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන කෙතරම් අනර්ඝ එකක් වූවාද !

මේ මිනිස්සු කියපු එක කතාවක් දෙකක් අල්ලගෙන ගහන්න පුලුවන් මඩ ඔක්කොම ගහනවා.හිතලා තීරණයක් ගන්න පුලුවන් මිනිහට රතුපස්වල සිද්දියම ඇති. අද මිනිස්සු හිතන්නේ නෑ. මිනිස්සුන්ට හිතවනවා.අන්දනවා.ඔලුවක් තියන මිනිහෙක්නම් මේ රගපෑම් වලට රැවටෙන්නේ නෑ