විප්ලවවාදී~සිරකරුවන්ගේ~ගීතය
සිරගෙය යනු බන්ධනාගාරය පමණක් නොවේ. බන්ධනාගාරය නිල වසයෙන් සිරගෙයක් වන අතර බන්ධනාගාරයෙන් පිටත නිදහස් ලෝකය ද ඇතැම් විට කෙනකුට සිරගෙයක් විය හැකිය. නිදහසේ හිතන්නට ලියන්නට කියන්නට ඉඩ නැති සමාජයක් වේ නම් එය ද සිරගෙයකි. විරෝධාකල්ප නිර්මාණ ජනතාව තුළින් පැන නඟින්නේ එවැනි සිරගෙවල් දරාගත නොහැකි මානසික ආතතිය නිසාවෙනි.
හැත්තෑව දශකය ආරම්භ වන සමය ද අසූව දශකය අවසන් වන සමය ද සිරගෙවල් වල මතක සටහන් වැඩි දියුණු වූ සමයකි. ඒවා සිංහල සිරගෙවල් ය. වසර තිහක් ගෙවුණු යුද්ධය පැවැති වකවානුවේ ද්‍රවිඩ සිරගෙවල් නිර්මාණය විය. මේ සියල්ල දේශපාලන සිරගෙවල් ය.
සිරගෙවල් තුළ කුඩුකාරයන් මිනීමරුවන්, වංචාකරුවන්, ස්ත්‍රී දූෂකයන් මෙන් ම අහිංසකයෝ ද සිටිති. එහෙත් දේශපාලන සිරකරුවන් මේ සියල්ලන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් තමා ඇදහූ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බැවිනි. තම ජීවිතය තමා ඇදහූ සත්‍ය වෙනුවෙන් කැප කළ බැවිනි. ‘දඟගෙයි දඬුවම්’ වැනි නිර්මාණයක් වැදගත් වන්නේ තමන් දැරූ සත්‍ය වෙනුවෙන් සිරගත වූ අවංක මිනිසුන් ගේ හැඟීම් ඒ නිර්මාණය තුළ අන්තර්ගත බැවිනි.
“දඟගෙයි දඬුවම්
සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්"
තමා පෙනී සිටි සත්‍ය පිළිබඳ මොවුන්ට අවංක විශ්වාසයක් පවතී. ඒ සත්‍ය ප්‍රතික්ෂේප කළ ප්‍රතිගාමීන් කෙරෙහි කලකිරීමක් හා වෛරයක් පවතී. ඒ නිසා ඔවුන් පාවා දෙන්නන් වීමට හෝ සමාව යදින්නන් බවට පත්වීමට සූදානම් නැත. සිරබත් කෑමට වඩා වැඩි දඬුවමක් විඳින්නට හෝ ඔවුන් සූදානම් ය.
මෙබඳු අදහස් ඇති මිනිසුන් විවිධ වකවානුවල අප සමාජයේ ජීවත් වූ බව පිළිගත යුතු ය. යකඩ අඬුවලින් නියපොතු ගලවද්දී, පොලු මුගුරුවලින් පහර දෙද්දී මේ ලිපියේ ලිවිය නොහැකි දෙතිස් වද දෙද්දී තම සටන් සගයන් පාවා නොදුන් මිනිසුන් සිංහලයන් අතර මෙන් ම ද්‍රවිඩයන් අතර ද දක්නට හැකි විය. එකිනෙකාට සාපේක්ෂ ව තම තමන් දුටු සත්‍යය වෙනුවෙන් ඔවුහු අවංකව පෙනී සිටියහ.
"යුක්තිය උදෙසා
කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් යළි උපදින බව"
ඔවුහු තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීහු නොවෙති. තමන් විනාශකර දැමුවද සත්‍ය වෙනුවෙන් පෙනී සිටින තවත් පිරිසක් නැවතත් ගොඩනැඟෙන බව ඔවුන්ගේ විශ්වසනීයයි. ඒ නිසා ඔවුහු මරණය ඉදිරියේ නොසැලී සිටිති. අවස්ථාවාදියකුට එය මුග්ධ ක්‍රියාවක් ලෙස පෙනී යා හැකි ය. එහෙත් ලෝකය මේ අයුරින් ගොඩනැඟුණේ නිවටයන් නිසා නොව මෙබඳු සත්‍යගරුක මිනිසුන් නිසා බව පිළිගත යුතු ය.
මෙබඳු නිර්මාණයක් රචනා කිරීමේදී රචකයා තුළ ද අරමුණක් පවතී. එනම් යුක්තිය ඉල්ලා සටන් වැදීමට ජනතාව පෙළ ගැස්වීමයි. සාහිත්‍යකරුවා අණ දෙන්නෙක් නොවේ. ඔහු යථාර්ථය හෙළිදරව් කරන මග පෙන්වන්නකු පමණි. ධනේශ්වරය හා ඒකාධිපතිත්වය පිටු දැකිය යුතු බවත් එහිදී දුක් ගැහැට විඳින්නට සිදුවන බවත් යුක්තිය වෙනුවෙන් සටන් වැදිය හැක්කේ එවැනි අධිෂ්ඨානශීලී මිනිසුන්ට පමණක් බවත් මෙහිදී රචකයා විසින් සිහිගන්වනු ලබයි.
විරෝධාකල්ප ගීත සාහිත්‍යය තුළදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ගල් සහ මුල් එල්ල විය. එසේ ම මල් පොකුරු ද ලැබිණි. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ තරුණයන් ගේ හැඟීම් අවුස්සා ඔවුන් සිපිරි ගෙට හෝ ටයර් සෑයවල් වලට තල්ලු කිරීමට ඔහු දායක වූ බවකි. මේ චෝදනාව සාවද්‍ය බව මගේ හැඟීමයි.
‘පවන’ වැනි ප්‍රසංගයක් එකල යුගයේ අවශ්‍යතාවක් ව පැවතිණි. එහි දෘෂ්ටිය නිසි එල්ලයක නොතිබුණ ද මානව අයිතිවාසිකම් වෙනුවෙන් දෙවරක් සිතා බලන්නට පොලඹවන නිර්මාණ අතර පැවතිණි. මිනිසුන්ගේ නිවට බව තුරන් කිරීමට මේ නිර්මාණ වක්‍ර ලෙස දායක වූ බව නොපවසා සිටින්නේ නම් එය කුහක කමකි.
“වරදට එරෙහිව සටන් වදින්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොඳු බිඳගත් ඔල මොළ නිවටුන්”
එකිනෙකා සොයා ගිය සත්‍ය එකිනෙකට පරස්පර වූ බැවින් මේ ගීතවල සැබෑ සාරය සමාජගත නොවිණි. මෙහි ගායකයා වන විජය කුමාරතුංග සෙවු සත්‍ය එක් දිශාවක ය. අරගල කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවු සත්‍යය තව දිශාවක ය. ආණ්ඩු කළ එක්සත් ජාතික පක්ෂය සෙවු සත්‍යය තවත් දිශාවක ය. උතුරේ ද්‍රවිඩ කණ්ඩායම් සෙවු සත්‍යය වෙනම ම දිශාවක ය. මොවුහු ඔවුන් දුටු වරදට එරෙහි ව වෙන වෙන ම සටන් වැදුණේ ය.
ඒ නිසා මෙබඳු නිර්මාණ නිශ්චිත මතවාදයක පිහිටියේ නැත. නිදසුනක් ලෙස “දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ” නැමැති නිර්මාණය උතුරේ යුද්ධයේදී රණ ගීයකි. එහෙත් ඒ ආරක්ෂක හමුදාව දකුණේ තරුණයන් මර්ධනය කරන විට එය මර ගීයකි. ‘දඟගෙයි දඬුවම්’ නැමැති නිර්මාණය ද මෙවැනි විසංවාදයන්ට ලක්වූවකි.
මෙහි සංගීතය මෙන් ම විජය කුමාරතුංගයන්ගේ ගායනය ද විශිෂ්ට ය. නිද්‍රාගත, නිවට මානසික තත්ත්වයන් බිඳ දැමීමේ හැකියාව පදමාලාවේ මෙන් ම ස්වර රචනයේ ද ගායනයේ ද පවතී. එසේ ම මේ ගීතයේ කාලීන වටිනාකම ද තාමත් ක්ෂය නොවී පවතී. නවසිය හතළිස් අටේ පෙබරවාරි හතරක වන දා අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලැබුවෙමු.
එහෙත් අද දක්වා හෝ සැබෑ නිදහසක් අප අත්විඳ නැත. වරදට එරෙහි ව නිර්භය ව කතා කොට නිදහසේ ජීවත්වීමට හැකියාවක් තාමත් ගොඩනැඟී නොමැත. කතා කරන මිනිසාට මුකවාඩම් බැඳීම පමණක් නොව ජීවිතයෙන් වන්දි ගෙවීමට ද අදත් සිදුවේ. එබැවින් පිට කොඳු බිඳගත් ඔළ මොළ නිවටුන් හා තපස් රකින්නන් අතර හෙට දවසේ ද වරදට එරෙහිව අවි ඔසවන්නන් බිහිවනු ඇත.
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා
කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව්
මුකවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් යළි උපදින බව
වරදට එරෙහිව
සටන් වදින්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - විජය කුමාරතුංග
ධම්මික බණ්ඩාර සිළුමිණට ලියු සටහනකි..
විප්ලවවාදී සිරකරුවන්ගේ ගීතය

Last edited: