විභාගයකදී

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔයාල විභාග ලියල තියෙනවද? අනිවාර්යෙන්ම මේ තාක් කල් ගත කරපු ජීවිතේදි එක වතාවක් හරි විභාගයකට මුහුණ දීලා ඇති. ඒ හැරුණම ඉතින් අපි ගත කරන ජීවිතෙත්, එක ආකාරයක විභාගයක් තමයි. මොකද ඒ විභාගේ එන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න සිද්ධ වෙන්නෙත් අපිටම නිසා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල නිකන් නෙවෙයි නේ කියන්නේ. මොකද මේ තාක් කාලයක් ඔයාලා අපි ලියපු හැම විභාගයකම පිළිතුරු සෙව්වෙ අපි අපිම තනියම හින්දා.

    මේ කියන්න යන්නේ ඉතාමත්ම වැදගත් කතාවක් ගැන. ඇත්තෙන්ම මට නරඹන්න ලැබුණු චිත්‍රපටයක් ගැන. අහම්බෙන් නරඹුවාට ලොකු අර්ථ විග්‍රහයක් අන්තර්ගත වෙලා තියෙන වටින නිර්මාණයක්.
    මගේ පෞද්ගලික මතය නම්, ඉගෙන ගන්න, නොගන්න, රැකියා කරන, නොකරන හැම දෙනාටම නරඹන්න සුදුසු, ඒ වගේම නැරඹිය යුතු චිත්‍රපටයක් මේ. මේ චිත්‍රපට එක විභාගයක් ගැන. මේකේත් නියමිත වෙලාවක් තියෙනවා. උත්තර සහ පිළිතුරු තියෙනව. ගැටළුව වෙන්නේ ඒ විභාගයේ ප්‍රශ්න හෝ පිළිතුරු හෝ සෙවීම පිළිබඳවයි.

    චිත්‍රපටයේ නම එක්සෑම් "EXAM". 2009 වසරෙදි පිට වුණු නිර්මාණයක්. මේ කතාව කෙටියෙන් කියනවා නම් මුළු චිත්‍රපටයේම තියෙන්නේ එක විභාගයක් ගැනත්, ඒ විභාගය පවත්වන කාමරය තුල සිද්ධ වෙන විභාග අපේක්ෂකයන්ගේ එක එක ක්‍රියාකාරකම් සමුදායක් වගේම අදහස් සම්මිශ්‍රණයක්. ලෝකයේ සුපිරි ගණයේ ආයතනයක රැකියාවකට සුදුසුකම් ලබන්න ලෝකේ විවිධ රටවලින් හා විවිධ සමාජ මට්ටම් වලින් තේරෙන පුද්ගලයන් අට දෙනෙක් වටා ගෙතෙන කතාවක් මේක. පුරුශයන් හතර දෙනෙක් සහ කාන්තාවක් හතර දෙනෙක් වෙනුවෙන් පැවැත්වෙන විභාගයක්. හැබැයි ඇත්තටම බැලුවොත් එතන පුරුශයන් පස් දෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙකුයි සිටින්නේ.

    විභාග වලට නීති රීති තියෙනවනේ. මේකෙත් ඒ නීති රීති විභාග සමීක්ෂක දැනුම් දෙනවා. පළමු නීතිය නම්, තමන්ගේ ප්‍රශ්න පත්‍රය නාස්ති කරන්න, අපිරිසිදු කරන්න බැහැ. අනිත් නීතිය, සමීක්ෂක සමග හෝ ඒ විභාග කාමරය තුල රඳවා ඉන්න ආරක්ෂක භටයා සමග කිසිම සන්නිවේදනයක් පවත්වන්න බැහැ. අනිත් නීතිය තමයි, කාටවත් නියමිත විනාඩි අසූව (80)ක් වූ විභාග කාලය තුලදී කාමරයෙන් පිටතට යන්නත්,
    යන්න උත්සාහ කරන්නත් බෑ. මේ නීති එකක් හෝ කැඩුවොත් ඔහු හෝ ඇයට රැකියාවට සම්බන්ධ වීමට අවස්ථාව අහිමි වෙනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය එතැනින් ඉවත් කෙරෙනවා. මේ නීති වලට යටත්ව පිළිතුරක් හොයන්න ඕනේ, දීලා තියෙන ප්‍රශ්නයට. හැබැයි, එක ප්‍රශ්නයයි, එක උත්තරයයි තියෙන්නේ. ඊට පස්සේ විභාගයේ කාලය ඇරඹෙනවා. ඔන්න ඔය කියපු නීති රීති වලින් බේරෙන්න වගේම ඒ පිළිතුර සොයන ආකාරය ගැනයි මුළු චිත්‍රපටයේ ම තියෙන්නේ.

    උපදෙස් හොඳින් ධාරණය කර ගැනීම පිළිබඳවත්, තනි තනිව ඉදිරිපත් වෙන වටිනා අදහස් රාශියකිනුත්, කණ්ඩායමක් වශයෙන් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම පිළිබඳවත් මේ චිත්‍රපටයෙන් මොනවට පැහැදිලි වෙනවා. හැබැයි මේ විනාඩි අසූවක විභාග කාලය පුරාවටම මේ අපේක්ෂකයින්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, පිළිතුරක් ලිවීමට දීලා තියෙන ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්නයක් නොතිබීම කියන ගැටළුවටයි :oo: පිළිතුර කෙසේ වෙතත්, ප්‍රශ්ණය කුමක්ද කියලා සොයා ගැනීමේ මෙහෙයුමකුයි මේකේ අන්තර්ගතය වෙන්නේ. මානව චර්යාවන් පිළිබඳවත්, ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවන් උපයෝගීත්වයෙන් ප්‍රශ්නයක් සෙවීමට දරණ උත්සාහයත් දකිද්දී අපිට අපි ලියූ විභාග ගැන ලැජ්ජා වීමට කරුණු ඕනේ තරම් මේ චිත්‍රපටයෙන් සොයා ගන්න පුළුවන්. ඉතාමත්ම වටිනා චිත්‍රපටයක් ලෙස අදහස් කරන්න හේතුවත් ඒකමයි.

    MV5BMTA5Mzc1NTY4ODleQTJeQWpwZ15BbWU3MDgyNjk1MDM%40._V1._SX640_SY480_.jpg


    ඔයාලත් මේක බලලා තියෙනවා නම් පහලින් අදහස් දක්වන්න. මේ වගේ වැදගත් සංසිද්ධීන් තියෙන වෙනත් චිත්‍රපට ගැනත් සඳහන් කරන්න අමතක කරන්න එපා. :yes:

    පූර්ව ප්‍රචාරක පටය


    සම්පූර්ණ චිත්‍රපටය

     
    • Like
    Reactions: Sara531

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    ekama room eke mulu movie ekama giyath poddakwath epa wenne nathuwa balnda puluwan.

    patta movie eka