විභාග ප්‍රතිඵලය ගැන ලියවුණු කවි

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    විභාග ප්‍රතිඵලය ගැන ලියවුණු කවි

    සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා
    මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා
    දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී පමා
    ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි "කොමා"

    ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන විට
    මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි කොට
    සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය පිට
    එන්නට හදනවා ඇතුළට කඩන් වැට

    දේවිය යවා පුතු ප්‍රතිඵල බලන රිසින්
    කැදවූයෙමි කොමා වූ තතු අසන ලෙසින්
    පහලට නැමුණු මුහුණින් බිම හැරුණු ඇසින්
    පහදන්නට කරුණු ඇරඹිණි කොමා විසින්

    සිලබස් දෙකක කට්ටිය එකටම ලිවුවා
    වරදක් නැතිව අපි එක ලකුණක් මැවුවා
    දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා
    අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු මෙව්වා

    ඔහුගේ කතාවේ අග මුල නැති හන්දා
    ඉගෙනුම් බාර දෙවියා අසලට කැන්දා
    විමසූවෙමි කරුණු හද තුළ සැක රන්දා
    පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද මන්දා

    ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ ගතිය
    කෑ ගැහුවාට ඒ හැටි අවුලක් නැතිය
    හැදුවේ සූත්‍රය නිදි මරමින් සතිය
    ඒකට යොදා ගත්තේ අපි ජ්‍යාමිතිය

    ඔහොම වැඩක්මයි තොපි නම් කළොත් කලේ
    කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ බලේ
    ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව ජලේ
    යමරජු මාළු බානව ඇති ඉහන් වළේ

    මාතලීට ඇත දැන් හොදටම කිපිලා
    උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල ලැබිලා
    බැලුවම කාරණා එහි පතුලට එබිලා
    ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක තිබිලා

    තාමත් සිහිය නෑ මල් අම්මගෙ දූට
    බය වුණු පාර අද මේ සිදු උන දේට
    සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට
    තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට

    පංචසිකට හැදිලලු කැක්කුම ඔලුවේ
    වීණාවෙන්ලු පුතාට තරහට තැලුවේ
    සංගීතයෙන් උගෙ පුතු කොහොමද හැලුවේ
    ඌගෙම පියා නම් එහි පේපර්ස් බැලුවේ

    වගකීමක් නැතිව මුන් පුටු වල ලෑවා
    මුන් ටික මගේ නම රහ කර කර කෑවා
    මින් මතු කිසි දිනක නොම වන්නට ඕවා
    දැන්වත් ඉගෙන ගත යුතු පාඩම් මේවා

    යන විට සබාවේ ඔය විදිහට ගෝරි
    කෑ ගහගෙන දිව ආවා නොවැ බාරි
    පොඩි පුතු ලිවුවේ තනතුරකට බලධාරි
    අන්තපුරේටලු ඌ ඇත්තේ තේරි

    e-mail ekakin awe.
     
    • Like
    Reactions: qtel

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා
    මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා
    දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී පමා
    ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි "කොමා"

    ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන විට
    මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි කොට
    සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය පිට
    එන්නට හදනවා ඇතුළට කඩන් වැට

    දේවිය යවා පුතු ප්‍රතිඵල බලන රිසින්
    කැදවූයෙමි කොමා වූ තතු අසන ලෙසින්
    පහලට නැමුණු මුහුණින් බිම හැරුණු ඇසින්
    පහදන්නට කරුණු ඇරඹිණි කොමා විසින්

    සිලබස් දෙකක කට්ටිය එකටම ලිවුවා
    වරදක් නැතිව අපි එක ලකුණක් මැවුවා
    දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා
    අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු මෙව්වා

    ඔහුගේ කතාවේ අග මුල නැති හන්දා
    ඉගෙනුම් බාර දෙවියා අසලට කැන්දා
    විමසූවෙමි කරුණු හද තුළ සැක රන්දා
    පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද මන්දා

    ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ ගතිය
    කෑ ගැහුවාට ඒ හැටි අවුලක් නැතිය
    හැදුවේ සූත්‍රය නිදි මරමින් සතිය
    ඒකට යොදා ගත්තේ අපි ජ්‍යාමිතිය

    ඔහොම වැඩක්මයි තොපි නම් කළොත් කලේ
    කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ බලේ
    ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව ජලේ
    යමරජු මාළු බානව ඇති ඉහන් වළේ

    මාතලීට ඇත දැන් හොදටම කිපිලා
    උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල ලැබිලා
    බැලුවම කාරණා එහි පතුලට එබිලා
    ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක තිබිලා

    තාමත් සිහිය නෑ මල් අම්මගෙ දූට
    බය වුණු පාර අද මේ සිදු උන දේට
    සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට
    තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට

    පංචසිකට හැදිලලු කැක්කුම ඔලුවේ
    වීණාවෙන්ලු පුතාට තරහට තැලුවේ
    සංගීතයෙන් උගෙ පුතු කොහොමද හැලුවේ
    ඌගෙම පියා නම් එහි පේපර්ස් බැලුවේ

    වගකීමක් නැතිව මුන් පුටු වල ලෑවා
    මුන් ටික මගේ නම රහ කර කර කෑවා
    මින් මතු කිසි දිනක නොම වන්නට ඕවා
    දැන්වත් ඉගෙන ගත යුතු පාඩම් මේවා

    යන විට සබාවේ ඔය විදිහට ගෝරි
    කෑ ගහගෙන දිව ආවා නොවැ බාරි
    පොඩි පුතු ලිවුවේ තනතුරකට බලධාරි
    අන්තපුරේටලු ඌ ඇත්තේ තේරි

    e-mail ekakin awe.
    පට්ට කවි ටික රේප් +