විමලසේනගේ_භීතිය.........

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    විමලසේනගේ_භීතිය.........

    ......................................................................................................................................................................................................................



    Ux45OJNl.jpg





    "වින්සන්ට්...... විමලසේනගේ භීතියට හේතුව කුමක්ද ? විමලසේන නිතරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කලා. ඒ වගේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තදින් විශ්වාස කලා. මේ කුමන්ත්‍රණ න්‍යාය භීතිය විමලසේනගේ මනසට එන්නේ කොහොමද ?

    විමලසේන කුල පීඩිතයෙක්. බොදු ගොවි කුල අධිකාරිය ඉදිරියේ විමලසේනගේ පරම්පරාවම පීඩනයට පත් උනා. කුඩා කාලයේ සිට විමලසේන දුටුවා මේ පීඩනය​. ඔහුගේ පියා උත්සවයකදී ලංකාව නියෝජනය කරමින් සෝවියට් දේශයට බෙර වාදනය සඳහා ගිය පුද්ගලයෙක්. විමලසේනට ඔහුගෙන් දැනගන්නට ලැබෙනවා සෝවියට් දේශයේ පන්ති සහ කුල භේදයක් නොමැති බව​. ඒ වගේම සෝවියට් දේශයේ හොරු නැහැ කියලත් විමලසේනට පියා කියනවා. තමන් නැවතී සිටි හෝටලයේ කාමර වල දොරවල් ඇර දමා ගියත් කිසි දෙයක් හොරා ගන්නේ නෑ කියා ඔහුගේ පියා කියනවා. මේ නිසා විමලසේන සමාජවාදය කෙරෙහි පැහැදෙනවා. නමුත් විමලසේනගේ පියා දන්නේ නෑ සෝවියට් දේශයේ විදේශිකයන් නැවතී සිටින හෝටල් කාමර විසි හතර පැය පුරා කේ.ජී.බී එකේ අධීක්‍ෂණය මත තිබෙන බැවින් හොරු එන්නේ නොමැති බව​. ඒක වෙනම කතාවක් අපි යලිත් බලමු විමලසේනගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන භීතිය​. මේ භීතිය ගොඩ නැගෙන්නේ ඔහුගේ කුල පීඩනය හරහා. අවිඥාණිකව බොදු ගොවි කුල අධිකාරිය තමයි මේ අධිරාජ්‍යවාදීන් ලෙස විමලසේන දකින්නේ. විමලසේනගේ ද්‍රවිඩ විරෝධී මානසිකත්වයත් සිංහල කුලවාදී සමාජයෙන් තමන්ට අනන්‍යතාවය ලබා ගැනීම සඳහා කරන සංරක්‍ෂණ ප්‍රයෝගයක් එසේම ලැකාන් කියූ පරිදි ඔහු nom du père නොහොත් සංකේතීය පියා සොයාගෙන යනවා. ඔහුගේ සංකේතීය පියා කවුද කියා ඔබට හිතන්න පුලුවන්ද ?



    වින්සන්ට් ලංකාතිලක කිසිදු පිලිතුරක් දුන්නේ නැත​. ඔහු තම මිතුරා දෙස බලා සිටියේය.




    (පරිකල්පනික අතික්‍රමණය -වෛද්ය රුවන් එම් ජයතුංග)



    transyl2014.blogspot.com


    වාමාන්ශික දේශපාලනයෙන් ලෝකයට ලැබුන දෙයක් නැත.....වමේ දේශපාලකයන් තව තවත් ඉල්ලන ලංකාව වැනි ජනාවතාව සිටින රටවල් වල්වලට සිතන්නට යමක්.......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමලේ JVP එකේ හිටියනම් අනුර වගේ අයර්ලන්තේ යනවා අද..:D


    View attachment 73669
    විමලයා ලංකාවේ එහා මෙහා ගියෙත් උඩින් සිගිරි නොගිහින් ජෙප්පන්ට කඩේ ගිය එක නැවැත්තුවට පස්සේ...
    අයර්ලන්තෙ යනවා වගේද නිකන් කාලා බීලා රාජ්‍ය අනුග්‍රහයෙන් ෆොරීන් ට්‍රිප් යන එක:lol:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    විමලයා ලංකාවේ එහා මෙහා ගියෙත් උඩින් සිගිරි නොගිහින් ජෙප්පන්ට කඩේ ගිය එක නැවැත්තුවට පස්සේ...
    අයර්ලන්තෙ යනවා වගේද නිකන් කාලා බීලා රාජ්‍ය අනුග්‍රහයෙන් ෆොරීන් ට්‍රිප් යන එක:lol:

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනෙ....;)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    විමලයා ලංකාවේ එහා මෙහා ගියෙත් උඩින් සිගිරි නොගිහින් ජෙප්පන්ට කඩේ ගිය එක නැවැත්තුවට පස්සේ...
    අයර්ලන්තෙ යනවා වගේද නිකන් කාලා බීලා රාජ්‍ය අනුග්‍රහයෙන් ෆොරීන් ට්‍රිප් යන එක:lol:

    අනුර යන්නේ බිස්නස් ක්ලාස්.දෙන්නත් එක්ක අගේට යනවනේ අද jvp එකේ හිටියනම්.:D