විමල්ටත් හොඳ වැඩේ ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් කියන්නේ විමල් ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් ගලවපු එක සාධාරණයි . මොකද ලංකාවේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් කියන්නෙම පාඩු ලබන මහ භාණ්ඩාගාරයට බරක් වෙච්ච ජනතා බදු මුදලින් යැපෙන හොරකම දූෂණය වංචාව රජ වෙච්ච තැනක්ම වෙන්න ඕන .

    එහෙව් එකේ විමල් කියනවා කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගන්න කොට රුපියල් මිලියන අසූ ගානක පාඩු ලබමින් තිබුණ එප්පාවල පොස්පෙට් සමාගම අවුරුද්දකට රුපියල් මිලියන එකසිය හතරක දැවැන්ත ලාභයක් ලබන තත්ත්වයට පත්කලාලු .

    ඉතින් ඒකම මදිද පොස්පේට් සමාගම විමල්ගෙන් අයින් කරන්න ? සම්ප්‍රදාය කඩලා . ඊටත් වැඩිය විමල් කියනවා අළුතින් කිසිම සේවකයෙක් බඳවා ගත්තෙත් නෑලු . ඒ මදිවට අධ්‍යක්ෂක මණ්ඩලයට කිසිම බලපෑමක් කලෙත් නෑලු . පිස්සු නේ ?

    එහෙමත් පුළුවන් ද අමාත්‍යාංශ කරන්න . අධ්‍යක්ෂක මණ්ඩලයට තමන්ගේ හෙන්චයියෝ ටිකක් දාගෙන . වේගන්සි තිබුණත් නැතත් චන්දෙට වැඩ කරපු එවුන් ටිකට පත්වීම් දීලා ආයතනය පුරවලා . හීන් සිරුවේ 10% ක විතර කොමිස් පාරකුත් ගහගෙන . බිරිඳටයි ළමයින්ටයි නෑදෑ හැත්ත බුරුත්තටමයි ඔය පුද්ගලික ලේකම් . සම්බන්ධීකරණ ලේකම් හරි උපදේශක වගේ තනතුරු ටිකක් හදලා දීලා සැපට ඉන්න පුළුවන් නේද ?

    විමල්ට අමාත්‍යාංශ කරන්න තේරෙන්නෙ නෑ අර තමන්ගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් මාලු විකුණනවා අඩුම තරමින් ඒ මනුස්සයාටවත් ඔය මිලියන ගණන් ලාභ ලබන ආයතනයේ රස්සාවක් දෙන්න බැරි උනාද ? මොකද විමල් අතින් පඩි ගෙවනවද මහා භාණ්ඩාගාරෙට යන සල්ලි තමන්ගේ එකෙක්ගෙ සාක්කුවට ගියහම මොකද වෙන්නේ .

    අනික විමල් හරි වැඩක්ද කලේ අර හම්බන්තොට ඛනිජ වැලි නිධිය ප්‍රශ්නයෙදි ? ඒ පලාතේ මිනිස්සු දේශපාලන අධිකාරියත් එක්ක එකතුවෙලා ඉන්දියාවට ඛනිජ වැලි ටික විකුණලා කීයක් හරි හම්බකරන්න නේද උත්සාහ කලේ . විමල් එතෙන්ටත් පැනලා ඒ වැඩේ වනකරලා දැම්මා . ඒක රජයට අරගෙන මහ භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ව්‍යාපෘතියක් බවට පත් කරනවලු . පිස්සු නේ ?

    ඊලඟට අර බදුර්දීන් මහත්තයා පරණ යකඩ වලට විකුණන්න ලංසු තියලා තිබුණ වාලච්චේන කඩදාසි කම්හල විකුණන්න නොදී මොකද්ද අර කරපු වැඩේ . ඒක විකුණලා පොඩි කමිෂන් එකක් සාක්කුවට දාගන්නෙ නැතුව දැන් ඒකෙ නිෂ්පාදන රට පුරාමත් බෙදා හරිනවලු නේ ? පිස්සු තමයි

    ගිය ආණ්ඩු කාලේ ටිකක් විකුණලා තව ටිකක් බැංකු වලට සින්න කරපු ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් ආපහු රජයට පවර ගන්න විමල් ලොකු ගේමක් ගහනවලූ නේ ? ඕව ඇමතිවරුන්ට අයිති වැඩද අප්පා . ඊට වඩා හොඳ නැද්ද තව ඉතුරුවෙලා තියෙන යකඩ කෑල්ලක් හරි විකුණලා දාලා කීයක් හරි හොයාගන්න එක . පිස්සු නේ ?

    අර මහින්ද පතිරණ මහත්තයා කියලා තිබුණා විමල්ට කර්මාන්ත අමාත්‍යාංශය දෙන්න තීරණය කලේ බැසිල් සර්ලු හැබැයි දැන් එතුමා ඉන්නේ ඒ ගැන කලකිරීමෙන්ලු මම නම් කියන්නේ එතුමාගේ කලකිරීම සාධාරණයි . ඇයි එතුමා කර්මාන්ත අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ මේ වගේ තත්ත්වයක් නෙමෙයි නේ . අර බදුර්දීන් මහත්තයා වගේ වැඩ කලානම් බැසිල් සර්ටත් සතුටුයි .

    අනික අර නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න හදද්දී මොකක්ද ඒ විමල් කරපු වැඩේ ? ආණ්ඩුව ඇතුලේ ඉන්න අනෙක් කුඩා පක්ෂත් එකතු කරගෙන විමල්ලා ගහපු ගේමෙන් අන්තිමට ඒ වැඩෙත් හබක් වෙලා කට්ටියගේ සාක්කුවලට වැටෙන්න තිබුණු ඩොලර් මිලියන ගාණක කොමිෂන් එකත් නැතිකලා . මං අහන්නෙ ඒවා හරි වැඩද ?

    විමල් දැනගන්න ඕන ආණ්ඩුවේ ඉන්නවනම් ආණ්ඩුව ගන්න සාමුහික තීරණ වලට එකඟ වෙන්න ආණ්ඩුව තීරණය කරනවනම් විකුණන්න ඒක ප්‍රශ්න නොකර අත උස්සන්න ඕන . මොකද රටට හරි රටේ සම්පත් වලට හරි වඩා වටින්නේ ආණ්ඩුවේ සාමුහික තීරණය ආරක්ෂා කරගන්න එක.නැද්ද මං අහන්නෙ .

    ඉතින් එහෙම බලනකොට තේරෙන්නෙ නැද්ද ලංකාවේ අමාත්‍යාංශයක් කරන්න තරම් විමල්ට දැනුමක් නැතිබව .ඒක නිසා මගේ යෝජනාව නම් බැසිල් සර්ට කියලා විමල් ගේ අමාත්‍යාංශයම ගලවලා දාන්න ඕනෑ .හ්ම් ... ආවා මෙතන පාඩු ලබන ඒවා ලාභ ලබන ඒවා කොරන්න ඒවා කොහෙද ලංකාවේ .. අම්මපා විමල්ටත් හොඳ වැඩේ .

    පතිරණ ජයවර්ධන
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පතිරණ නම අහල පුරුදුයි :rolleyes:
    අර බුකියෙ කුලියට ලියන මහාචාර්යයතුමා නේද :confused:
     
    • Haha
    Reactions: hasithayad

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කැරි රික්රුට් පොන්ස් එරෝසන්ගේ හාමුට නේද කට කැඩුන කතා කියන්නේ :angry:


    nHRTKBo.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පතිරණ නම අහල පුරුදුයි :rolleyes:
    අර බුකියෙ කුලියට ලියන මහාචාර්යයතුමා නේද :confused:
    නෑ මේ විමල්ගෙ ගෝලයෙක්, විමල් වීරයා කරල ලියල. මේවා කියවලා ඔලුව වැනුවෙ නැත්නම් උඹලා දේශද්‍රෝහී.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ බන් දැන් ඉතින් බැසිලා පුකට පයින් ගැහුවා කියලා මැරෙන්නද? කොප් එකේ චරිත හෙරත් ගෙමක් ඉල්ලුවා නේ වැඩි මිලට ඉල්මනයිට් ටෙන්ඩර් එක දුන්නාට.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නෑ මේ විමල්ගෙ ගෝලයෙක්, විමල් වීරයා කරල ලියල. මේවා කියවලා ඔලුව වැනුවෙ නැත්නම් උඹලා දේශද්‍රෝහී.
    Realizing Why Women Kill GIF by Paramount+
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    උබ ගූ නාන thread වලට කවුරුත් එන්නේ නැති නිසාද දැන් මෙන්ශන් කර කර දගලන්නේ 🤣🤣🤣. අනිකට යන්න කම්මැලි
     
    • Haha
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ගූ නාන thread වලට කවුරුත් එන්නේ නැති නිසාද දැන් මෙන්ශන් කර කර දගලන්නේ 🤣🤣🤣. අනිකට යන්න කම්මැලි

    උඹ තාම වතුර බොන්නේ වැසිකිලි වලෙන්ද ? ලිඳ බැන්දද ? 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponna balli balu wela , aththa kiuwahama nikan hulan bhapu balloon eka wage sadde bessada pons??? PM tikath dala leak karanan thota waha kanna wenne