විමල්වීරවංශ 24 තෙක් රිමාන්ඩ්
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් විමල් වීරවංශ හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ යන දෙදෙනා මෙලෙස රිමාන්ඩ් බාරයට පැමිණවූ බව අප වාර්තාකරු පවසයි.
මොවුන් සම්බන්ධයෙන් ඇප ලබාදීම ගැන සලකා බැලීමද 24 වන දින සිදුකරන බව මහේස්ත්‍රාත්වරිය පවසා තිබේ.
රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් රුපියල් නව කෝටි දහසය ලක්ෂ තිස් පන්දහසකට වැඩි මුදලක් රජයට පාඩු කළ බවට මොවුන් දෙදෙනාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා ඇත.