විමල් කියූ කුමන්ත්‍රණය ගැන පාඨලීගේ ප්‍රතිචාරය!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ මිනිස්සු තෙල් පෝලිම්වල සති ගණන් පෝලිම් ගැහිලා දුක් විඳිද්දී රටේ විදුලි බලය පැය දහයක් කපලා තියෙද්දී, පාරට බැහැලා පලයව් කියලා කියන්න අවුරුදු තුන්දාහක ඉතිහාසයක් තියෙන මේ රටේ මිනිස්සුන්ට බැරි නම් ඒකට මේ ඇමරිකාවේ තානාපතිතුමිය එන්න ඕනෙයි කියලා කියනවා නම්, ඒක මේ රටේ මිනිස්සුන්ට කරන ලද ලොකුම අවමානයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ”මේ රටේ ඉන්නේ රිලව් නෙවෙයි. අවුරුදු තුන්දාහක් මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන්, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු පිරිසක්. ඒ මිනිස්සු පිරිසට කරන අපහාසයක් ඕක. ඒ වගේම මම කියන්න ඕනේ, මේ රටේ සිදුවෙච්ච ලොකුම ඇමරිකානු කුමන්ත්‍රණය මොකක්ද? ඇමරිකානු පුරවැසියෙක් රටේ රාජ්‍ය නායකත්වයට ගෙන ඒම. ඒ ඇමරිකානු පුරවැසියා මහා දේශමාමකයෙක්,දුටුගැමුණු,ධර්මපාල,ලී ක්වාන් යූ,මහතීර් මොහොමඩ් අන්වර්ථවලින් පුම්බලා ගෙනල්ලා රට බංකොලොත් කරලා රටේ පනස් පන් ලක්ෂයක් මිනිස්සු නැති නාස්ති කිරීම. ඊළඟට තවත් ඇමරිකානු පුරවැසියෙක්ට රටේ මුදල් ඇමතිකම දෙන්න රට බංකොලොත් කරන්න මුදල් ඇමතිකම දෙන්න.

    විසි එක්වෙනි සංශෝධනයට අත එසවීම. ඒ වගේම රටේ ප්‍රධානම දේශපාලන පක්ෂය එවකට තිබිච්ච අද නම් නැහැ.අද චූටි පක්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොලත් නායකයා බවට ඇමරිකානුවෙක් පත්කර ගැනීම. ඉතින් ඒ මේ අනික් අයට සීඅයිඒ කුමන්ත්‍රණ කියන ඒවා ඇත්තට විහිලු මේවා. මේ විහිලුවලට නම් අනේ ජනතාව තවත් රැවටිය යුතු නෑ. ඒ ගැන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

    පැහැදිලි මහජන නැගිටීමක් එය සිද්ධ වුණේ. එහෙම නැගිටීම් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නැගිටීම්වලට සී. අයි. ඒ. එක නෙවෙයි වගකිව යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ වැනි මුග්ධ පාලකයෙක් බලයට ගෙනාපු අයයි වගකිව යුත්තේ.”

    කෙසේවෙතත් ගෝඨාභයලා පුම්බලා ගෙනල්ලා මේ රට මේ අවර තත්ත්වයට පත් කළේ කවුද කියා ජනතාව දන්නා බවයි රණවක මහතා සඳහන් කළේ.

     
    • Like
    Reactions: xVOLDYx