විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය

    aeqykh.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    රනිල්ට රවිට කලින් විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය

    අන්න රනිල් බදු ගහනවා...

    රවී ආර්ථිකය කනවා...
    රට ගෙනියන්න සල්ලි නැහැ...


    මේ අලුත් බදු ගැන රනිල් කී කතාව අහල මහින්දවාදීන් නඟන ඝෝෂාවය.
    ඇත්තටම මේ ආර්ථික අර්බුදය හැදුවේ කවුද...?
    රනිල්ද...?
    රවිද...?

    ඇත්තටම මේ ආර්ථික අර්බුදයේ නිර්මාතෘ කවුද කියන එකත්, මෙවැනි ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙන බවත්, මුලින්ම කීවේ විමල් වීරවංශය. ඔහු 2011 තරම් අෑත කාලයේ මෙය හෙළි කළේ වීර කැප්පෙටිපොළ සමරු දේශනයකදීය.

    "අද වන විට විදේශ ණය ප්‍රමාණය බිලියන 5000කට වැඩියි. මෙහෙම ගියොත් අපිට එක්තරා අවස්ථාවක් එනවා මේ ණයට අදාළ වාරික ගෙවාගත නොහැකි. එහෙම වෙලාවක් එන්න තියෙන ඉඩකඩ වැඩියි. දිගු කාලීන ආර්ථික ජයග්‍රහණ බලාගෙන නම් ඉදිරියට යන්නේ අපි සියල්ලටම පෙර මේ ණය උගුලෙන් එළියට එන්නෙ කොහොමද කියලා කල්පනා කළ යුතුයි...."
    විමල් වීරවංශ
    29-11-2011



    2011 තරම් අෑත කාලයේ මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ලෙස සිටිමින් මහින්ද මුදල් ඇමැති ලෙස ණය අරගෙන රටට කරන විනාශය විමල් විග්‍රහ කළේ එසේය. ඔහු කීවේ මහින්දගේ ආණ්ඩුව රටේ ආර්ථිකය ඝාතනය කරනවා කියාය. ඔහු කෙළින්ම මහින්දට මුදල් ඇමැති ලෙස ආර්ථික ඝාතකයා යන හංවඩුව ගැහුවේ නැත. ඔහු ඒ හංවඩුව ගැහුවේ මහින්ද ආරක්ෂා කරපු මහින්දගේ මහ භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරටය. මහින්ද ඔහුට බයයි කියා චෝදනා කරමින් ඔහු අනියමින් මහින්දටද ආර්ථික ඝාතක චෝදනාව එල්ල කළේය.
    පහත දැක්වෙන්නේ මහින්දගේ ආණ්ඩුව ආර්ථිකය ඝාතනය කරන ආකාරයත්, එයින් රටට වෙන වින්නැහියත් ගැන විමල්ගේ විග්‍රහය සහ ඔහු පළ කළ අනාවැකිය.
    2013 පෙබරවාරි 15 විගණන සේවා සංගමයේ මහ රැස්වීමක විමල් මහින්දගේ ආණ්ඩුව රට පටලවා ඇති ණය උගුල පැහැදිලි කළේ මෙසේය.
    "කුඩුවලට ඇබ්බැහි වුණා වගේ තමයි ණයවලට ඇබ්බැහි වුණාම. මේ රටේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා. පහුගිය අවුරුදු 10-15 ඇතුළත අර අඩු පොලියට ණය ගන්න කාලය පනිනකම් ඉඳලා වැඩි පොලියට ණය ගන්න යෝජනා ඉදිරිපත් කරන අය ආර්ථිකය පාලනය කරන අමාත්‍යාංශවල ඉන්නවා. මේවා කරන්නේ දේශපාලනඥයෝද? දේශපාලනඥයෝ වැරැදි මේවා හොයලා මේ තක්කඩින්ව හිර ගෙදර නොයවන එකට. ඒකට දේශපාලනඥයෝ වගකියන්න ඕනේ.
    ණය ගේන්න අමුතුවෙන් කෙනෙක් ඕනේ නැහැ. ලෝකේ පුරා හෙට්ටියෝ ඉන්නවා. ඉල්ලන එකාට ණය දෙනවා. මේ මනුස්සයා පෙන්නන්නේ එයා නැත්නම් මේ රටට ණය ගේන්න බැහැ. එයා තමයි ණය දෙයියා කියලා. අපි කාවද රවට්ටන්නේ. මේ රටට අපි කියන්න ඕනේ නැද්ද එක බිලියනයක ණය අරගෙන රෝලක් ගහන රටක් කියලා. ඒ රෝල කවද වෙනකම් අපි ගහන්නද? කවදා හරි දවසක් එන්නේ නැද්ද ඒ රෝල ගහන්න බැරි. ඒ දවස ගැන අපි හිතන්න ඕනේ නැද්ද. අපි නොහිතා ඒ දවස ගැන කල්පනා නොකොට ගියොත් ඒ දවස උදාවෙනවා වළක්වන්න අපිට බැහැ. ඒක අපි කැමැති වුණත් නැතත් වෙනවා. එදාට තමයි අන්තර්ජාතික බලවේග අපේ කරටියෙන් අල්ල ගන්නේ. මේ ආර්ථික ඝාතකයෝ ගහන්නේ මේ මුළු රටටම. මේවාට කතා නොකර ඇමැතිවරු විදියට අපි ඉඳලා මොකටද? ඒක වැරැදි නම් හෙට මේ ඇමැතිකමින් අස්වෙන්න මම ලෑස්තියි.
    මම සෑහෙන කාලයක් මන්ත්‍රි කෙනෙක් විදියට ජීවත් වෙච්ච මනුස්සයෙක්. ඒ හිටපු විදියට මට ඕන තරම් කල් ඉන්න පුළුවන්."
    විමල් වීරවංශ
    15.02.2013

    පහත දැක්වෙන්නේ විමල් ආර්ථික ඝාතකයා පී.බී.ව මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කරන හැටි විද්‍යුත් නාළිකාවකට ඇවිත් කළ ප්‍රකාශයය.
    "මේ දෙතුන් දෙනෙක්ගේ කල්ලියක් මේ ආර්ථිකය හසුරුවන්නේ.
    මම කියන්නේ නැහැ යුද්ධයෙන් පස්සේ මේ රටේ පිබිදීමක් වෙලා නැහැ කියලා. වෙලා තියෙනවා. කොහොමත් වෙන එක වෙනවා. එහෙම නෙවෙයි. අරමුණු සහගතව මේක ගෙනියන්න ඕනේ. මොකක්ද අරමුණු සහගතව කරනවා කියන්නේ 2015, 2016 වෙනකොට ඩොලර් 4,000 කරන එකද? ණය ගෙනැල්ලා ගොඩ ගැහුවාම ඒක වෙනවා. ණයවලින් ටිකක් කාට හරි අතට යනවා. ඉහළම ධනපතියා අතේ තියෙන බිලියනයයි, දුප්පතා අතේ තියෙන රුපියල් 100යි දෙකම එකට එකතු කරලා ඒකපුද්ගල ආදායම හදනවා ජනගහනයෙන් බෙදලා. එහෙම මැජික්වලින් නෙවෙයි මේක මනින්න ඕනේ. මේ රටේ මහජනතාවට ප්‍රතිලාභ ගලායන විදියට මේක හදන්න ඕනේ. අපි ආර්ථික විශේෂඥයෝ නෙවෙයි. මේ රටට ආදරේ කරන ඕනතරම් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. පී.බී. ජයසුන්දර විතරද මේ රටේ ඉන්න අවසාන ආර්ථික විශේෂඥයා.
    මේ ආණ්ඩුවේ තියෙන තකතීරුකම, අමනකම, ඒක තමයි. මේ ආණ්ඩුව කරන වැරැද්ද මේ ආණ්ඩුව පාලනයට අරන් පී.බී. ජයසුන්දර. මේ ආණ්ඩුව බයයි පී.බී. ජයසුන්දර එළවන්න. මම දන්නේ නැහැ ඒ තීරණ ගන්න බය මොකද කියලා. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි කරන දේ රටට කියනවා. පරමාධිපත්‍ය දෙකයි පනහට බස්සලා. සුදු ටයිපටිය දාගත්ත කෙනෙක්ගේ ප්‍රාණ ඇපකාරයෙක් වෙන්න ආර්ථිකයට ඉඩදෙන්න බැහැ."
    13.05.2013

    පහත දැක්වෙන්නේ 2013ට පසු වසර දෙකකින් රටේ ලොකු ආර්ථික අර්බුදයක් ඇති වෙන බවටත්, ඉන් පසු බලයට පත්වන කාටවත් ආර්ථිකය ගෙන යන්න බැරි තත්ත්වයක් එන බවටත් විමල් පළ කළ අනාවැකියය.
    "මුදල් ලබා නොදීම නිසා උරණ වෙනවා නම් අමාත්‍යාංශ ගණනාවක ඇමැතිවරු උරණ වෙන්න ඕනේ. ගොඩාක් අය මේ වගේ මත පළ කරනවා. මුදල් ලැබීමේ අඩුපාඩුවක් නැතිව නෙවෙයි. නමුත් ඒකම නෙවෙයි ප්‍රශ්නය.
    යුද්ධයෙන් පස්සේ අපේ ආර්ථිකය නවමු මාර්ගයකට අපි හැරෙව්වා. ඒ ආදායම වැඩි කරලා අපේ නිෂ්පාදන වැඩි කරන්න මාර්ගයක්. අපි චීනයත් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමට යනවා. සුළු පරිමාණ නිෂ්පාදකයන් මහ පරිමාණ නිෂ්පාදකයෝ කරන්න අපි ණය ගෙනාවා අඩු පොලියට. අපි දිරිගැන්වීම් කළා. අපි සහල්, බඩඉරිඟුවලින් ස්වයංපෝෂිතයි. හැබැයි අපි හිතපු තරමටම නිෂ්පාදනය වර්ධනය වෙලා නැහැ. ඒ වෙනුවට අපේ වෙළෙඳ පරතරය වැඩිවෙලා. රුපියල බංකොලොත් වෙලා. රුපියල අඩු නිසා ගෙවන්න තියෙන ණය ඩොලර් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. උද්දමනයට බලපෑම් කරනවා. බැංකු පොලී අනුපාතයට බලපානවා. මේ වගේ අහිතකර බලපෑම් වෙලා. පී.බී. ජයසුන්දර කියන්නේ අද මුදල් අමාත්‍යාංශයේ ඉන්න එකම චරිතය. මුදල් අමාත්‍යාංශය සුද්ද කරලා තියෙන්නේ.
    ඉන්න ඔක්කොටම උසස්වීම් දීලා, දඬුවම් මාරු දීලා යවනවා. මේක තනිකර හමුදා කඳවුරක නැති ඒකාධිපති පාලනයක් තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවුරුදු ගණනාවක් හිටියේ ජනාධිපතිවරයා මුදල් ඇමැතිවෙලා හිටිය ආණ්ඩුවල. චන්ද්‍රිකාගෙ කාලෙත් මෙයා.
    දැන් බලන්න පොහොර, පොහොර හිඟයක් හදලා ප්‍රශ්නයක් හදලා පස්සේ පොහොර ගෙනැල්ලා දානවා. පෞද්ගලික අංශයේ විශ්‍රාම පත් හදන්න ඕනේ කම්කරු අමාත්‍යාංශයෙන්. හැබැයි හැදුවේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ හදපු එක කම්කරු අමාත්‍යාංශයට දුන්නේ නැහැ. වෘත්තීය සමිති එක්ක කතා කරන්න දුන්නේ නැහැ. කෙළින්ම දැම්මා පාර්ලිමේන්තුවට. ඉතින් ගොවියෝ පාරට ආවා. එයාලා හැදුවාට කමක් නැහැ. අඩු ගාණේ කම්කරු අමාත්‍යාංශයට දුන්නා නම් වෘත්තීය සමිති එක්ක කතා කරලා අඩුපාඩු හදනවා.
    මේක ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් විදියට මම එන්නේ. මම තනියෙන් ආණ්ඩුව කරනවා නෙවෙයි. අපෙත් අදහස් තියෙනවා. ඒ අදහස් අපි කියනවා. අපි රැඳිලා ඉන්නේ රටට දියුණුවක් ගේන්න මිසක් වෙන පරමාර්ථයකින් නෙවෙයි. ඒක නිසා පැකිළීමකින් තොරව අපි කියනවා ඒක කල්ගිහිල්ලා පිළිගන්න අය ඉන්නවා. මුලදීම පිළිගන්න අය ඉන්නවා. තව අවුරුදු 2ක් යනකොට විමල් වීරවංශ කිව්වේ ඇත්ත කියලා මට දැන් බනින අයත් කියනවා. ඒක මම දන්නවා. ඒ නිසා මම බය නැතිව කියනවා ඔය ජයසුන්දර ඔය තනතුර දාලා යන්නේ නෑ ලේසියෙන්. යන්නේ ඊළඟට එන මිනිහකුටත් ඒක කරගන්න බැරි තත්ත්වයකට හදලා.
    ඒකේ ආයේ දෙකක් නැහැ. මම කරුණාකරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න. අන්න ඒ අවුරුදු දෙකට පස්සේ මේ කෑල්ල දාන්න රටටම අහන්න."
    11. 06. 2013

    එහෙම බලනකොට හරියටම අවුරුදු දෙකකට පස්සේ විමල් කී අනාවැකිය හරි ගොස් තිබේ. අද ආණ්ඩු බලය අරගෙන අගමැති රනිල් සහ මුදල් ඇමැති රවි කියන්නේ එදා විමල් කී කතාවය. එනම් මහින්දගේ ආණ්ඩුව රට ණය උගුලක පටලවා ඇති කතාවය. ඒ වගේම රනිල් නව බදු ක්‍රමය ඉදිරිපත් කරමින් කීවේ ණයවලින් රටක් දියුණු කරන්න බැහැ, නිෂ්පාදන ක්‍රියාවලියකින් රටක් දියුණු කළ යුතුයි කියා එදා විමල් කී කතාවය.
    "ඉතින් මහින්දගේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයන් විනාශ කළ රට ගොඩගන්න මෛත්‍රි - රනිල් ආණ්ඩුවටත් මුදල් ඇමැති රවීටත් ඇයි විමල් සහාය නොදෙන්නේ...?"


    - http://mawbima.lk/88-107151-news-detail.html
     
    Last edited:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    oww kiwwe nene ban thop chande gaddi.. rata sinagppor kanawa kiwwa.. jangi nathi ayata jangi denawa kiwwa.. lindata baldi denawa kiwwa.. wewata wathura denawa kiwwa.. dan maru kiyawanwa... ane palayn mahahtthayo yanna..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලය ගන්නකොට කීවේ....
    බයික් එකේ යන දුලා පුතාලට වාහනයක්....
    පොහොර නොමිලෙම දෙනවා...
    තෙල් ලෝක වෙලදපලේ මිලට දෙනවා...
    මහින්ද හොරාකාපුවා ඉතිරි කරල බඩු මිල අඩු කරනවා..
    තේ වලට 80 ට එහා මිලක් දෙනවා... බ්ලා බ්ලා...

    දැන් තිත්ත බේත් දෙන්න කතා කරනවා....

    1935226_1730530350516179_325573357223180617_n.jpg
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බලය ගන්නකොට කීවේ....
    බයික් එකේ යන දුලා පුතාලට වාහනයක්....
    පොහොර නොමිලෙම දෙනවා...
    තෙල් ලෝක වෙලදපලේ මිලට දෙනවා...
    මහින්ද හොරාකාපුවා ඉතිරි කරල බඩු මිල අඩු කරනවා..
    තේ වලට 80 ට එහා මිලක් දෙනවා... බ්ලා බ්ලා...

    දැන් තිත්ත බේත් දෙන්න කතා කරනවා....

    1935226_1730530350516179_325573357223180617_n.jpg

    Did you even read the post?
     
    Aug 11, 2015
    394
    40
    0
    බලය ගන්නකොට කීවේ....
    බයික් එකේ යන දුලා පුතාලට වාහනයක්....
    පොහොර නොමිලෙම දෙනවා...
    තෙල් ලෝක වෙලදපලේ මිලට දෙනවා...
    මහින්ද හොරාකාපුවා ඉතිරි කරල බඩු මිල අඩු කරනවා..
    තේ වලට 80 ට එහා මිලක් දෙනවා... බ්ලා බ්ලා...

    දැන් තිත්ත බේත් දෙන්න කතා කරනවා....

    1935226_1730530350516179_325573357223180617_n.jpg

    gonek.. thoge appachchi thamai ipadenn ainna lamai hitan naya kaarayo kare
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    තිත්ත ඇත්ත මචන්,
    අපේ දරුවෝ ඉපදෙන්නේ හිඟන රටකට.

    වැරැද්ද දේශපාලකයන්ගේත් නෙවෙයි මචන් රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ.


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් යන විදිහට රට බංකොලොත් වෙලා ඉවරයි වගේ.

    දැන් ඔය උඩ ඉන්න හැම එකාම බලන්නේ බලයේ ඉදන් තමන් ගොඩ දා ගන්න විදිහක්.
    හැමෝම කරන්නේ එක. ඔය කතාව කියපු විමලයා පවා.
    අනේ මන්ද බන්. පිට රටකටවත් පන ගන්න වෙයි වගේ. :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    tumblr_o3p4nvnzNI1tlb56zo1_400.gif




    ලංකාවේ දිනින් දින විදුලිය විසන්දි විම
    හේතුව මහින්ද රාජපක්ෂ .....

    ආර්ථික වර්ධන වේගය පහත වැටිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    සංවර්ධන ක්‍රියාවලිය නවතාදැමිම
    හේතුව මහින්ද රාජපක්ෂ

    15% බදු වැඩිව්ම
    හේතුව මහින්ද රාජපක්ෂ

    පාතාලය ක්‍රියාත්මක විම
    හේතුව මහින්ද රාජපක්ෂ

    ප්‍රජාතන්ත්‍රවාදි රටේ චන්දය කලට නොතිබිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    මත්තල වි ගබඩාවක් කිරිම..
    හේතුව මහින්ද රාජපක්ෂ

    ෆොක්ස්වැගන් සහ රට පුරා වෙලද කලාප 45 ඉදිනොවිම.
    හේතුව මහින්ද රාජපක්ෂ

    රාජ්‍ය සේවය පඩි වැඩි නොවිම..
    උගස් රත්රන් වලට පොලි සහනය ලබා නොදිම.
    හේතුව මහින්ද රාජපක්ෂ

    ස්වාධීන පොලිස් කොමිසම ඇති රටේ
    අපරාධ කරැවන් අත්තඩංගුවට නොගැනිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    ගොවියගේ පොහොර සහනාධාරයට කෙලිම..
    පාසල් සිසුන්ගේ නිලඇදුමට කෙලිම..
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    වි මිල පහත වැටිම රැ18.00
    හේතුව මහින්ද රාජපක්ෂ

    ඇඹිලිපිටිය සිදුවිම,ඇමති රනවක වාහන සිදුවිම...
    හිරැනිකා ඩිෆෙන්ඩර් රන්ගනය
    නිසියාකාර පරික්ෂණ නොපැවත්විම
    හේතුව මහින්ද රාජපක්ෂ

    මහ දවල් රටට කොටි 6000 ක් අහිම කර මංකොල්ලය
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    චන්දයෙන් පරාජය වුවන් පාර්ලිමේන්තු යාම සහ ඇමතිකම් දැරිම (යහපාලනය )
    හේතුව මහින්ද රාජපක්ෂ



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    :lol::lol::lol::lol::lol::lol::lol: