ඇත්ත ඕකෙන් ගොඩක් අය වැඩ ගත්තා. ඌ එක නොමිලේ දුන්න හින්දා වටිනවා. ඒ දවස් වල තිබස් එහෙම සාමාන්‍ය කෙනෙක්ට ගන්ඩ බැ බන්.මෙහෙමයි මධුර අංකල් හොරෙන් උස්සපු ඩේටා බේස් පාවිච්චි කරාද නැද්ද කියන එක අදාළ නැහැ නේ. එයා රටට සේවයක් කරා. ඔය තිබස් කියන එක ඒ දවස් වල මගේ තාත්තා අරගෙන තියනවා. ඒ කාලෙත් රුපියල් 80,000 වඩා මිල වෙලා තිබිලා තියනවා. එහෙම බැලුවම මධුර ඩික්ෂනරි එක මිනිස්සුන්ට නොමිලයේ දෙන්නේ. අනෙක ඔය තිබස් තියා මොනවා හැදුවත් හැමෝම මලල සේකර ඩික්ෂනරි එක කොපි කරලා හදලා තියෙන්නේ. ඔය හැම ඩික්ෂනරි එකකම තියන එකම දේ මලලසේකර ඩික්ෂනරි එක බලාගෙන නැවත ටයිප් කරලා තියනවා.
මේ software එකේ සරල සිද්ධමයක් තියෙන්නේ. ඒ උනාට ලංකාවට ලොකු සේවයක්. අද මධුර ඩික්ෂනරි එක පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්න අමාරුයි.

