අඩෙල් ගැන ඔබ නොදත් දේ
අඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස් ඉපදෙන්නේ 1988 අවුරුද්දේ මැයි පස්වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ටොටන්හැම් වලදී. අඩෙල්ව හම්බවෙනකොට අඩෙල්ගේ අම්මා පෙනී ඇඩ්කින්ස්ට වයස අවුරුදු දහඅටයි. අඩෙල්ට අවුරුදු දෙකක් වෙද්දී තාත්තා පවුල දාලා වෙනම ජීවත් වෙන්න යන නිසා අඩෙල් අම්මා ළඟ උස් මහත් වෙනවා. අවුරුදු දහඅටකින් අම්මා කෙනෙක් වුණු පෙනීට ආර්ථික වශයෙන් ගොඩක් දුක් විඳින්න සිද්ධ වුණාට දරුවාට හොඳ කලදසාවක් හදන්න ඕන නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
අඩෙල් පොඩි කාලේ ඉඳලා සද්දවලට සෙන්සිටිව් ළමයෙක්. එහෙනං එයාට මියුසික් පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා අම්මා ගිටාර් එකක් අරන් දෙනවා. එංගලන්තයේ බ්‍රිට් ස්කූල් එකටත් අඩෙල්ව ඇතුළත් කරනවා මියුසික් ගැන වැඩිදුර හදාරන්න. බ්‍රිට් ස්කූල් එක ආට්ස් වලට ඩිග්‍රි ගන්න හොඳම තැනක්. 2006 දී අඩෙල් ග්‍රැජුවට් වෙනවා.
ඩිග්‍රියක් ගත්ත ගමන්ම ඉතිං ජොබ් හම්බවෙන්නෑනේ, ඔය ගන්ධබ්බ කාලෙදි එයා සිංදු දෙකක් කරලා ඩෙමෝ ට්‍රැක්ස් විදිහට දානවා ඔන්ලයින් ආට්ස් මැගසින් වෙබ්සයිට් එකකට. ඒ අතරේ එයා අසයින්මන්ට් එකකට කරපු සිංදු තුනක ඩෙමෝ එකක් දෙනවා යාළුවෙක්ට. යාළුවා ඒක අප්ලෝඩ් කරනවා මයිස්පේස් එකට. ඉස්සර මයිස්පේස් කියන්නේ අපේ එළකිරි වෙබ්සයිට් එක වගේ. ෆේස්බුක් හිට් වෙන්න කලින් මයිස්පේස් තමයි සෝෂල් නෙට්ව'ක්ස් රන් කළේ. විශේෂයෙන්ම ආටිස්ට්ස්ලා ඔක්කොම හිටියේ මයිස්පේස් එකේ. ඉතිං ඔය අපේ කට්ටිය රියැලිටි වලට, අවුරුදු කුමාරි තරඟවලට ආවම, "අනේ මම දන්නෙත් නෑ, මගේ ලොකු අම්මාගේ දුව තමයි මටත් කියන්නැතුව ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ" කියන්නා වගේ අඩෙල්ගේ සිංදු තුනේ ඩෙමෝ එක එයාගේ යාළුවා මයිස්පේස් දානවා. සිංදු ටික හිට් වෙනවා. 'එක්ස් එල් රෙකෝඩිංස්' රෙකෝඩ් ලේබල් එකේ ලොක්කා රිචඩ් රසල් මේ ටැලන්ට් එක හොයාගෙන යනවා. වැඩක් ගන්න පුළුවන් හඬක් කියන දේ තේරුම් ගිහින් අඩෙල්ව සම්බන්ධ කරගෙන එයාව ආටිස්ට් කෙනෙක් කිරීමේ ගමන පටන් ගන්නවා.
අඩෙල්ගේ පළවෙනි ඇල්බම් එක රිලීස් වෙන්නේ 2008 දී. ඒකේ නම 'නයින්ටීන්'. ඇල්බම් එක රෙකෝඩ් කරද්දී අඩෙල්ගේ වයස දහනමයක් නිසා ඒකෙන්ම නම දානවා, සරලයි. අහුබුදු හොයන් යන්න දෙයක් නෑ. විචාරක පැසසුම් රාශියක් ලැබෙන 'නයින්ටීන්' ඇල්බම් එක යූ කේ වල ටොප් හිට් එකක් වෙනවා. ඇල්බම් එකේ ගොඩක් සිංදු අඩෙල්ම ලියලා මියුසික් කරපුවා.
ඇමරිකාවේ ෆේමස් ටීවි ප්‍රෝග්‍රම් එකක් වෙන 'සැටඩේ නයිට් ලයිව්' ෂෝ එකේ පෆෝම් කරන්න එන්න කියලා අඩෙල්ට පණිවිඩයක් එනවා. ඒකෙන් ඇමෙරිකාවට පය තියන්නත් අඩෙල්ට චාන්ස් එක ලැබෙනවා. අඩෙල්ගේ වෙලාවටම එයා යන එපිසෝඩ් එකට ආවා සාරා පේලිං. ඒ දවස්වල ඇමෙරිකන් පොලිටික්ස් වල ලොකු අවධානයක් දිනාගත්ත කාන්තාව. ඒ නිසාම මේ එපිසෝඩ් එක මිලියන දාහතක ක්‍රවුඩ් එකක් බලනවා. 'සැටඩේ නයිට් ලයිව්' එපිසෝඩ් එකකට ඒ තරම් ලොකු විව'ෂිප් එකක් ඇවිත් තියෙන්නේ අවුරුදු දාහතරකට පස්සේ. ඒ එපිසෝඩ් එකේම සිංදු කියන්න ආව බ්‍රිටිෂ් කෙල්ල කවුද කියලා ඇමරිකන් මිනිස්සුන්ට ඉබේටම බැලුණා. අඩෙල්ට අලුත් ක්‍රවුඩ් එකක ඉල්ලුම එනවා.
අඩෙල් ව'ල්ඩ්වයිඩ් හිට් එකක් වෙන්න ගන්නේ දෙවෙනි ඇල්බම් එක වුණු 'ට්වෙන්ටි වන්' හරහා. ඒකේ නම එන්නෙත් ඒ වෙනකොට අඩෙල්ගේ වයසෙන්. පවුල් ප්‍රශ්න, බූට් කාපුවා, දුක හිතුණු සිද්ධි එක්ක ප'සනල් එක්ස්පීරියන්ස් චචන කරලා තනු දාලා නිර්මාණය වුණු 'ට්වෙන්ටි වන්' ඇල්බම් එක 2011 දී රිලීස් වෙනවා. 2011, 2012 අවුරුදු දෙකේම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුණු මියුසික් ඇල්බම් එක වුණේ 'ට්වෙන්ටි වන්'. ඇල්බම් එකේ තියෙන 'රෝලිං ඉන් ද ඩීප්', 'සම්වන් ලයික් යූ', සිංදු හිට් වුණා. 'සෙට් ෆය' ටු ද රේන්' සිංදුව බිල්බෝඩ් චාට් ගිනි තියන ලෙවල් එකට ඇවිලුණා. මේ සිංදු තුනෙන් තමයි අඩෙල් ග්ලෝබල් ආටිස්ට් කෙනෙක් විදිහට එස්ටැබ්ලිෂ් වුණේ.
අඩෙල්ගේ මෙතෙක් ගත කළ ජීවිතයේ ටොප් රිලීස් එක තමයි එයාගේ තුන්වෙනි ඇල්බම් එක, 'ට්වෙන්ටි ෆයිෆ්'. ඒක රිලීස් වෙද්දී අඩෙල්ට වයස විසිහතක් වුණාට ඒකට බේස් වෙන තමන්ගේ ලයිෆ් එකේ ට'නිං පොයින්ට් එක වෙන්නේ වයස අවුරුදු විසි පහ නිසයි 'ට්වෙන්ටි ෆයිව්' වෙන්නේ. රටවල් 110 ක මේ ඇල්බම් එක ටොප් හිට් එක වෙනවා. සතියක් ඇතුළත යූ කේ වල ඇල්බම් කොපීස් මිලියනයක්, ඇමෙරිකාවේදී කොපීස් මිලියන තුනහමාරක් විකිණෙනවා. 'ට්වෙන්ටි ෆයිෆ්' ඇල්බම් එකේ ප්‍රධාන සිංදුව 'හෙලෝ', ව'ල්ඩ්වයිඩ් හිට් එකක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. රිලීස් වුණු කාලයේ ලෝකයේ කොහේ හෝ තැනක ඕනම ටීවි, රේඩියෝ ස්ටේෂන් එකක 'හෙලෝ' සිංදුව වාදනය කෙරුණා. ඒ සිංදුව විතරක් තියෙන සින්ගල් ඩිස්ක්ස් මිලියනයක් සතියක් ඇතුළත ඇමෙරිකාව පුරා වාර්තාගත විදිහට විකිණුනා.
අඩෙල්ට තියෙනවා පපුවට දැනෙන්න සිංදු කියන්න පුළුවන් වේදනාව පිරුණු බර හඬක්. ඒකට එයාගේ පොඩි කාලේ ඉඳලා වින්ද දුකත් හේතු වෙන්න ඇති. ඉන්ඩස්ට්‍රි එකේ ජෝක් එකක් තියෙනවා ටේල' ස්විෆ්ට් අඩෙල් දෙන්නා යාළු වෙලා ඉඳලා බ්‍රේකප් වුණා නං තාමත් ඇල්බම් ගහනවා කියලා. ඒ වුණාට අඩෙල්ගේ හඬට හැමෝම ආදරෙයි. නමුත් අඩෙල්ගේ පෙනුම කාලයක් තිස්සේ පිටරට මීඩියාවල ලොකු ටොපික් එකක් වෙලා තිබුණා. ෆීල්ඩ් එකට ආව මුල් කාලේ අඩෙල්ට කියන්නේ 'ෆැට් ලේඩි' කියලා. අඩෙල්ට තියෙන්නේ තරමක් මහත ඇඟක්. ඒ වගේම අඩෙල්ගේ කටහඬත් ටිකක් බේස් පැත්තට බර නිසා විසි ගණන්වල ඉන්න කෙනෙකුට වඩා හතලිහට කිට්ටු කෙනෙක් විදිහටයි අඩෙල්ව නිතරම කැටගරයිස් වුණේ. ඒක එහෙම්පිටින්ම අප්සට් වැඩක්. බොඩි ශේමිං කියන දේට නිතර දෙවේලේ හැමෝටම, විශේෂයෙන්ම සෙලෙබ්‍රිටීස්ලාට ෆේස් කරන්න වෙන එක ලොකු ප්‍රශ්නයක්. ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල ඩ්‍රේක්ගේ බ'ත්ඩේ පාටියට එන අඩෙල්ව දැක්කාම පැපරට්සින්ට අදහාගන්න බැරිවෙනවා, මොකද අඩෙල් දැන් ඉස්සර හිටියයින් භාගයයි. ක්‍රිස්මස් නිවාඩුවට කැරේබියන් අයිලන්ඩ්ස් වලට ගිහින් ගත්ත ෆොටෝස් ටිකක් එළියට ආවා. ඒවයෙත් කෙට්ටුයි. දැන් ඒ පාර මීඩියාවලින්, ගොසිප් සයිට් වලින් කියන්නේ අඩෙල් කෙට්ටු වැඩියි, පපුව එල්ලා හැලෙනවා, හකු බැහැලා වගේ කලින් කිවුව එකේම ඔපසිට් බොඩි ශේමින් කමෙන්ට්ස්. මහත වුණත් වැරදියි, කෙට්ටු වුණත් වැරදියි. නමුත් අඩෙල් කළේ, කියන ඕන දේකට ඉඩ දීලා තමන්ගේ වැඩ වලින් උත්තර දෙන එක විතරයි. මොකද දවස අවසානයේ අඩෙල් නින්දට යන්නේ ග්‍රැමී සම්මාන පහළොවක්, බිල්බෝඩ් සම්මාන දහඅටක්, බ්‍රිට් සම්මාන නවයක්, ඇමරිකන් මියුසික් අවෝඩ්ස් පහක්, ඒ මදිවට ඔස්කා සම්මානයකුත් ඇතුළුව සම්මාන 136ක්, ගිනස් ව'ල්ඩ් රෙකෝඩ් එකොළහක් දිනාගත්ත, ඇමරිකන් ඩොල' මිලියන 190ක වත්කමක් තියෙන අතිසාර්ථක කාන්තාවක් විදිහට.
සුබ උපන්දිනයක්, අඩෙල්.

- ෂෙනාල් ගුණසේකර -

Last edited: