විමල් වීරවංශ යනු කුහකයෙක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නම සඳහන් ෆේස්බුක් ගිණුමක පළ වූ සටහනක් සම්බන්ධයෙන් Newshub.lk කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පළකර ඇති ෆේස්බුක් සටහන පිළිබඳව තමා සම්බන්ධයක් නොමැති බවටත් නමුත් එම ස්ථාවරයේ තමන් සිටින බවටත් ඒ මහතා අප හා සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකතු වී වැඩ කටයුතු සිදුකලත් මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලීමටද මුදල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආර්ථික ඝාතකයෙක් ලෙස සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට මුලින්ම කටයුතු කරන ලද්දේ අමාත්‍ය විමල් විරවංශ බවට රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.
මේ වනවිට තම පක්ෂයේ ජාතික සංවිධායකවරයාවන බැසිල් රාජපක්ෂ මහතා සමඟ පටලැවිල්ලක් නිර්මාණය කර ගනිමින් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ පක්ෂයේ නිලතල දරන පිරිස් හරහා සමාජ මාධ්‍ය ජාලයන්හි චෝදනා කරමින් සිටින බවට ඒ මහතා කියා සිටියේය.
පළකර ඇති ෆේස්බුක් සටහනට තමාගේ සම්බන්ධයක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් තමන් සොයා නොබලන බවටත් විමල් විරවංශ කුහකයෙක් යන ස්ථාවරයේ තමන් ද සිටින බවටත් වැඩි දුරටත් අප හා අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය