විමල් වීරවන්ශගේ ලමයි

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    විමල් වීරවන්ශගේ ලමයි

    - ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්?
    - ඔව් නේ.
    - අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්?
    - ඔව් නේ.
    - තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ?
    - ඔව් නේ.
    - ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්?
    - ඔව් නේ.
    - බලු වැඩ නෙහ්?
    - ඔව් නේ.
    - ඈ? ඒ කිව්වේ?
    - ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ?
    - නෑ.. ඇත්තට? හානේ?
    - ප්‍රගීත්ටත් ළමයි හිටිය නෙහ්?
    - හිටියද? මං දන්නේ නෑ නේ.. ඉතිං?
    - ඒ ළමයි අදටත් තාත්තව මතක් කරලා අඬනව ඇති නෙහ්?
    - අනේ මන්ද.. දුකයි නෙහ්..
    - එතකොට සරත් ෆොන්සේකා?
    - ආ මේ.. ඉතිං.. මේ.. ඔව් නේ..
    - එයාවත් හිරේ දැම්ම නෙහ්?
    - ඔව් නේ..
    - එතකොට එයාටත් දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය නෙහ්?
    - හිටියද? අම්මප? මං දන්නෙ නෑ නේ..
    - එතකොට ඒ දූලත් අඬන්න ඇති නේ?
    - වෙන්ඩ ඇති නේ..
    - එතකොට භාරත ලක්ෂ්මන්ට වෙඩි තියල මැරුව නෙහ්?
    - සිරාවට? මට මතක නෑ නේ..
    - එයාටත් ඉන්නේ දුවෙක් නේ?
    - ආ ඔව් හිරුණිකා නේ?
    - (ඔව්. බොට ඒක මතකයි නේ?) ඌට වෙඩි තියපු එකා තාම එළියේ නෙහ්?
    - එහෙමද? මට මතක නෑ නේ..
    - මං මේ නිකං අහන්නෙ: ලංකාවේ හිරගෙවල්වල ඉන්න ඔක්කොටම ගෑණු, ළමයි, දරුපවුල් හෙම නැතුව ඇති නේ?
    - ඇයි එහෙම කිව්වේ දන්නෙ නෑ නේ?
    - නෑ ඉතිං ඔය කියන විදියට ගෑණුයි මිනිස්සුයි ළමයි අඬන අඬන සැරේට හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ අල්ලන්නේ නැතුව ඉන්නවනම් දැන් ඇතුළේ ඉන්න උන්ට දරුපවුල් ඉන්ඩ බෑ නේ?
    - පරක්කුයි නේ.. මං යන්නම් නේ..
    - හා-නේ.."
    ~උපුටාගැනීමක්~
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11006472_434082896741061_546150207583424213_n.png
     
    ඔය කියන විදියට ගෑණුයි මිනිස්සුයි ළමයි අඬන අඬන සැරේට හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ අල්ලන්නේ නැතුව ඉන්නවනම් දැන් ඇතුළේ ඉන්න උන්ට දරුපවුල් ඉන්ඩ බෑ නේ?
     
    • Like
    Reactions: shan4djfun