විමසුම-විපරම’ ලියන මහින්දගේ මාධ්‍ය භාවිත&#3514

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    විමසුම-විපරම’ ලියන මහින්දගේ මාධ්‍ය භාවිත&#3514

    2011 නොවැම්බර් 12 වෙනි සෙනසුරාදා, 13:44 Sri Lanka Mirror Editor




    mahinda-abesundara.gif

    Srilankamirror - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‘දිනමිණ’ ප‍්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාගේ වෘත්තිය පුවත්පත් කලා දිවියට අඩ සියවසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ සේවාව ඇගැයීමේ උත්සවයක් කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ලබන නොවැම්බර් 15 වැනිදා (අනිද්දා) පස්වරු 2.00 ට පැවැත්වේ.

    ‘මහින්ද අබේසුන්දර අඩසියවසක ජනමාධ්‍ය ප‍්‍රතිභා සමාලෝචනය’ නමින් මෙම උත්සවය හඳුන්වා දී තිබේ.

    වසර 1961 දී දවස පුවත්පතෙන් මාධ්‍ය ජීවිතය අරඹන මහින්ද අබේසුන්දර මහතා ජනදින, දිවයින, ඉරිදා එක්වී කටයුතු කළ අතර ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂධූරය හෙබවීය.

    මහින්ද අබේසුන්දරගේ දේශපාලන විචාර වැඩසටහන් ලෙස විපරම සහ විමසුම දේශපාලන වැඩසටහන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ජනප‍්‍රිය විය.

    ඔහු එම දේශපාලන වැඩසටහන් සඳහා පිටපත සපයන අතර සිය නම භාවිතා කරමින්ම එම පිටපත් පළ කිරීමද සිදු කළේය. වසර 15 ක පමණ කාලයක සිට විමසුම වැඩසටහනට පිටපත සැකසූ මහින්ද මහතා පසුගිය ලෝක කසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගය ගැන පළ කල මතයක් හේතුවෙන් ගැටලු මතුකරගත්තේය.

    පසුව ඔහු ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගනු ලැබීය.

    වසර 2005 සිට ‘දිනමිණ’ පුවත්පතේ ප‍්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරන ඔහු ග‍්‍රන්ථ කතුවරයකු ද වේ.


    source:-www.srilankamirror.com (site එක block කර ඇත)