වියතුන් පාර්ලිමේන්තුවට!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වියතුන් පාර්ලිමේන්තුවට කියලා කියන්නේ පහුගිය කාලේ අපිට සෑහෙන්න අහන්න ලැබුණු තේමා පාඨයක්. ඒ නිසාම ඇතැම් අපේක්ෂක ලයිස්තු වල වියතුන් කියලා විශේෂයෙන් හඳුන්වපු පිරිසක් පවා නම්කරලා ලයිස්තුගත කරලා ප්‍රසිද්ධ කරනවා. කව්ද මේ වියතුන් කියන්නේ? මහාචාර්යවරු ද? ආචාර්යවරුද? නැත්නම් වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝද? මේ නිර්වචනය ඒ තරම් පැහැදිලි නෑ. වියතුන් කියලා හදුන්වන්නේ යම් වෘත්තිය ක්ෂේත්‍රයක ප්‍රවීණයෝ නම්, න්‍යායාචාර්යවරු නම් ලංකාවේ පාර්ලිමේන්තුවේ 225ම එපා කියන එක පවා සාධාරණයි.වියතුන් කියලා හඳුන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබපු අය නම් ලංකාවේ මේ තාක් බිහිවුනු කිසිඳු ජනාධිපතිවරයෙක්ට ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් නෑ, අගමැතිවරුන් අතරේ උපාධියක් තියෙන්නේ දන්න තරමින් රනිල් වික්‍රමසිංහට විතරයි. වියතුන් කියන්නේ ඔවුන්ට නෙවෙයිනම් කාටද?

    අනිත් එක ලංකාවේ වියතුන් කියලා කියන පිරිස අතරින් බොහෝ දෙනෙක් දේශපාලනය කරපු සහ බිම්මට්ටමේ දේශපාලනය දන්න අය නෙවෙයි.ගමක සමිති සමාගම්වල නායකත්වය දරලා, බිම්මට්ටමේ දේශපාලනයෙන් ඉහළට ඇවිත් ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුල කතාකරලා විසඳීමේ හැකියාවක් තියන පුද්ගලයන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැබෑ නියෝජිතයන් විදිහට සලකන්න පුළුවන් වුනත් එහෙම කරන්නේ කීයෙන් කීදෙනෙක්ද? එතකොට එහෙම බිම්මටමේ අවබෝධය අඩු වියතුන් කියලා අද නම්කරලා ඉන්න පිරිසට ජනතා ප්‍රශ්න විසඳන්න හැකියාවක් තියේවිද? මේක පුද්ගලිකව මටනම් ගැටළුවක්. අනිත් එක පාර්ලිමේන්තුවේ 225ම එපා වියතුන් විතරක් ඕන කියනකොට මහින්ද රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මේ සේරමත් එපා කියන එකද කියන්නේ. පාර්ලිමේන්තුවේ සේරම වියතුන් උනාම හරිද? මේක ටිකක් සංකීර්ණ ගැටළුවක්.

    (වීඩියෝ එකේ අහන්නෙත් මේ ගැටළුවම තමයි, කැමතිනම් විතරක් වීඩියෝ එක බලන්න කිසිම බලකිරීමක් නෑ.. ඒත් අදහස මේකම තමයි...එහෙම ලිව්වේ අන්තිමට දාපු පෝස්ට් එකේ වීඩියෝ එකත් එක්ක ඒකේ ස්ක්‍රිප්ට් එක දැම්මේ නැතිව වීඩියෝ විසිට් ගන්න වංචා කරනවා කියලා එළකිරි එකේ වැදගත් මහත්මයෙක් මට චෝදනා කරලා තිබුණා.. මගේ කලින් පෝස්ට් හැම එකකම අවුරුදු 9 ක් තිස්සේ එළකිරි එකේ පලකරද්දි ඒකේ අදහස පැහැදිලිව ලියනවා..වීඩියෝ විසිට් ගන්නනම් මේ වගේ විවේචන සහ අදහස් පලකරලා වීඩියෝ හදලා මහන්සිවෙලා වැඩක් නෑ කියන එක සමාජ ජාල ගැන අවබෝධයක් ඇති බොහෝ දෙනෙක් මම හිතන්නේ දන්නවා.. පෝස්ට් එකකදි අදහස කෙටියෙන් ලිව්වා කාලය මදිවුණ නිසා..ඒ චෝදනාව නිහතමානීව බාරගෙන අද සමස්ත කතාවේ සාරංශයම ලිව්වා..මම හිතන්නේ ඒ මිත්‍රයා දැන් උරණ නොවේවි ස්තූතියි!)

     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වියතුන් කිව්වේ අර නාගා වගේ අයටද බන්..
    ඒක තමයි බන් මටත් තියන ප්‍රශ්නය..නාගානන්ද? පල්ලෙවත්ත? ධම්මික වගේ අයද නැත්නම් ඕෂධී, චන්න ජයසුමන වගේ අයද? ඒත් නැත්නම් සජිත් වගේ අයද කියලා?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    107041315-489819681829668-2060918224449290290-o.jpg
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අපි ආගම මේකට ගාවගන්නේ නැතිව ඉඳිමු නේද මචං දැනට..නැත්නම් බේරිල්ලක් නැතිවෙනවා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමයි බන් මටත් තියන ප්‍රශ්නය..නාගානන්ද? පල්ලෙවත්ත? ධම්මික වගේ අයද නැත්නම් ඕෂධී, චන්න ජයසුමන වගේ අයද? ඒත් නැත්නම් සජිත් වගේ අයද කියලා?

    සමහර උන් චන්දයක් ලං වෙද්දී අමුතු ටෝක් දෙන්නේ ඕයි...ලෝකේ කෙහේවත් නැති සර්වසාධාරණ මිනිස්සු බෝධිසත්ව නායකයෝ ඉන්න ආණ්ඩුවක් ඕනෙලු,නැත්නම් එකෙකුට වත් චන්දයක් දෙන්නේ නෑලු...225 එපාලු..

    උඹ දැකලා තියෙනවද ඒ වගේ රටක් කොහේ හරි..


    පට්ට ස්වාධීන බුවාලා ඉන්නේ මේකේ..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වියතුන් නන් ඉතින් ප්‍රසන්න රණවීර ස, ලාන්සා ස, රත්තරං ස , ආසියාවේ සිංහ හඬ විමල් ස තමයි වියත්මගේ උඩම ඉන්නේ 😍
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වියතුන් නන් ඉතින් ප්‍රසන්න රණවීර ස, ලාන්සා ස, රත්තරං ස , ආසියාවේ සිංහ හඬ විමල් ස තමයි වියත්මගේ උඩම ඉන්නේ 😍
    නෑ මචං අපි මේ කාරණේට හිනාවුණාට ඇත්තටම මිනිස්සුන්ට මේක ගැටළුවක්..එක පැත්තකින් පහුගිය පාර්ලිමේන්තුවේ රණවිරලා,ලන්සලා,විමලෙලා,රවීලා,රනිල්ලා,මහින්දලා කරපු දේ මිනිස්සුන්ට අමතකයි..තවත් පැත්තකින් ගෙදරට උදලු තලයක් ලැබුණනනම් ඒකට ඡන්දෙ දෙන්න 'මහින්ද අමරවීරලා' පස්සේ යන පිරිසකුත් ඉන්නවා...වියතුන් කියලා පිරිසක් දාලා එක ජෝක් එකක් කරනවා තව පැත්තකින්

    Ali Sabri
    එකක් කඩතොලු වසාගන්නට ගොසින් මට වුණු කාරියා
    දහක් කඩතොලු සදා දුන්නයි අනේගොන් අල් සබ්රියා..

    සමහර උන් චන්දයක් ලං වෙද්දී අමුතු ටෝක් දෙන්නේ ඕයි...ලෝකේ කෙහේවත් නැති සර්වසාධාරණ මිනිස්සු බෝධිසත්ව නායකයෝ ඉන්න ආණ්ඩුවක් ඕනෙලු,නැත්නම් එකෙකුට වත් චන්දයක් දෙන්නේ නෑලු...225 එපාලු..

    උඹ දැකලා තියෙනවද ඒ වගේ රටක් කොහේ හරි..


    පට්ට ස්වාධීන බුවාලා ඉන්නේ මේකේ..
    ඒක ඇත්ත බං..එහෙම පොර ටෝක් දීලා කාට හරි ගොබ්බයෙක්ට ගහලා එනවා.. අඩුම තරමේ පහුගිය අවුරුදු ටික දිහාවත් බලන්නේ නැතිව..
     
    Last edited: