-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පළමුව කියන්න ඕනේ මම මේ Subject එක ඉගෙනගත්තේ පිටරට Universities වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එක නිසා සමහර වචනවලට සිංහල තේරුම් නොදනිමි. දෙවනුව ශ්‍රී ලංකාවේ සමාගම් පනත ගැන මට හසල දැනුමක් නොමැත, මෙහි ඇති සියලු කාරණා පදනම් වී ඇත්තේ United states of America & Canada යන රටවල සමාගම් සම්බන්ද නීති අනුවය. බොහෝ සමාගම් නීති මුළු ලෝකයේම එකම ස්වභාවයක් ගන්නා අතර නිර්වචන සහ සීමා අතර පමණක් වෙනසක් ඇත.

    පළමුව සමාගමක් යනු කුමක්දැයි දැනගමු, සමාගමක් යනු Legal Entity එකකි සමාගමක මුලික අරමුණ සීමාසහිත වගකීමක් සහිත ව්‍යපරක්යක් ස්ථාපිට කීරීමයි. Legally සමාගමකට unlimited life span එකක් ඇත එනම් ප්‍රධාන කොටස්හිමියන් නීතියෙන් සමාගමක් විසිරුවා (Dissolution) කරන තුරු නීතිය ඉදිරියේ සමාගම් අවලංගු නැත. තනි පුද්ගලයකුට වුවද සමාගමක් පටන් ගත හැක එවිට එම තනි පුද්ගලයා ප්‍රදාන කොටස් හිමිය බවට පත්වන අතර 100% අයිතිය හිමිවේ, ඔහු තම බිරිඳව සම කොටස් හිමියෙක් ලෙස නම්කළහොත් දෙදෙනාට 50% බැගින් කොටස් හිමිවේ, කිසි ලෙසකවත් Ownership Percentage එක 100% ඉකමවා යාමට නොහැක.

    ප්‍රධාන වශයෙන් අයිතිවාසිකම් අනුව සමාගම් වර්ග දෙකකට බෙදේ

    1. පොදු සමාගම් (Public Corporation)- අඩුම වශයෙන් කොටස් හිමියන් 7 දෙනෙකු සහ Dollar million 5 ක ප්‍රාග්ධනයක් තිබිය යුතුයි. කොටස් වෙලදපොලේ කොටස් විකිනීමට අවසර ඇත. උදාහරණ ( Apple , Google , Amazon , General Motors, Boeing, McDonalds)

    2. පුද්ගලික සමාගම් (Private Corporation)- කොටස් හිමියන් සහ ප්‍රාග්ධනය අවම සීමාවක් නැත, කොටස් වෙලදපොලේ කොටස් විකිණීමට අවසර නැත, කොටස් විකිණිය හැක්කේ ඉන්වෙස්ට්මෙන්ට් Bank එකක් හරහා ප්‍රචරයකින් තොරවය, පොදු මහජනයාට මිලදීගැනීම තහනම් අතර ඉතා ඉහල වත්කමක් ඇති අයවලුන් මෙහි මිලදී ගැනීම සිදුකරයි. උදාහරණ- (Koch Industries, Cargill USA, Dell Computers, Bechtel)

    සමාගම් සිය අරමුදල් සහ ප්‍රාග්ධනය සොයාගන්නා ප්‍රදාන ක්‍රම දෙකකි

    1. ණය ගැනීම (Debt Financing)- බැංකු, ආයෝජන අරමුදල් (ඉන්වෙස්ට්මෙන්ට් Funds) ප්‍රදාන වශයෙන් ණය ලබාදෙයි, ණය සදහා පොළිය ගෙවිය යුතු අතර මුල් මුදල (principal ) එකද ගෙවා පියවිය යුතුය. සමාගම් මුලිකවශයෙන් නය ලබාගැනීම සදහා බැදුම්කර නිකුත්කරයි. පොදු මහජනයාට ආයෝජන බැංකු හරහා බැදුම්කර මිලදී ගතහැක.

    2. අයිතිය විකිණීම( Equity Financing)- කොටස්වෙලදපල හෝ Investment Bank හරහා කොටස් විකුණා මුදල් ලබාගැනීම. සමාගම ලියාපදිංචි කරනවිට වත්කම් අනුව විකිණීය හැකි උපරිම කොටස් ප්‍රමාණය තීරණය වන අතර වත්කම් අඩු වැඩි වීම මත Equity Valuation නිකුත් කල හැකි කොටස් ප්‍රමාණය තීරණය වෙයි. වැඩි පුර කොටස් ව්කිනුවහොත් අයිතිකරුවන්ගෙන් අයිතිය දියවෙයි (Ownership Dillution).

    කොටස් වර්ග දෙකකි

    2.1 Common Shares සාමාන්‍ය කොටස්- චන්ද බලය ඇත, අධ්‍යක්ෂක වරුන් තේරීමට බලය ඇත, සමාගමේ ලාභ අලාභ අනුව ලාභාංශ (Dividends) ගෙවයි. සමාගමක් විසිරුවා හැරීමේදී අවසාන ඉතුරුව බෙදෙන්නේ මොවුන් අතරය. (ණය කරුවන් පළමුවද, වරණීය කොටස් හිමියන් දෙවෙනුවද, සාමාන්‍ය කොටස්හිමියන් අවසනයටද ගෙවුම් ලබයි)

    2.2 Preferred Shares වරණීය කොටස්- චන්ද අයිතිය නැත ලාභ ලැබුවද නොලැබුවද අනිවාර්යයෙන්ම ලාභාංශ ගෙවිය යුතුය.(ලාභාංශ අනුපාතය කොටස් නිකුත්කරනවිට තීරණය කරයි)

    සමාගමක සැකසුම (Composition of a Corporation)

    1. කොටස් මිලදීගත් කොටස්හිමියන්

    2 .අධ්‍යක්ෂක මණ්ඩලය (කොටස් හිමියන්ගේ චන්දයෙන් පත්වෙයි අවම වශයෙන් තුන් දෙනෙකි)

    3. සභාපති (Chairman of the Board)- අවසාන වගකීම පැවරෙන්නේ මොහුටය සමාගමේ ඉහලම තනතුරයි, නිතිය ඉදිරියේ සමාගමේ සියලුම වගකීම් ඇත්තේ මොහුටය අධ්‍යක්ෂක මණ්ඩලේ චන්දයෙන් පත්වෙයි.

    4. විධායක නිලදාරීන් (Execuitive Officers) (අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඇතුලතින් හෝ පිටතින් සොයාගනු (Hire) කරනු ලබයි. සමාගමේ කොටස් හිමිවීම මුලික සුදුසුකමක් නොවේ).

    4.1 Chief Executive Officer (ප්‍රධාන විධායක නිලදාරිය) CEO - පත්කිරීම සහ අස්කිරීම අධ්‍යක්ෂක මණ්ඩල විසින් සිදු කරයි.මුලික Duties වනුයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව ව්‍යාපාරයේ සැලසුම් සහ උපක්‍රම ක්‍රියාත්මක කිරීමයි. අධ්‍යක්ෂක මණ්ඩලයට වගකියයි, කොටස් හිමියන්ගේ වටිනාකම වැඩි කිරීම මොහුගේ අභිප්‍රායයි.

    4.2 Chief Financial Officer (ප්‍රධාන මුල්‍ය නිලදාරිය) CFO - පත්කිරීම සහ අස්කිරීම CEO විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව සිදුකරයි. ව්‍යාපාරයේ මුල්‍ය කටයුතු සහ budgeting සිදුකරයි.

    ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනයි සිතමි. මේ ටික කියෙවුවත් Canada &US university එකක first year student කෙනෙක් ගේ මුලික knowledge එක ලැබෙයි.

    Steve Jobs CEO අස් කරේ John Scully කියන Board Chairman, පොදු සමාගමකට අයිතිකාරයින් එක්කෙනෙක් නැහැ අධ්‍යක්ෂක මණ්ඩලය කැමතිනම් ඕනෑම පුද්ගලයෙක් අස් කිරීමට පුළුවන්.

    මේ ටික type කරේ ඉරානයේ සිදුවන කලකෝලාහල Youtube එකේ live බලන ගමන්, ආගමික අන්තවාදීන්ගේ සපත්තුවට පෑගී තමන්ගේ නිදහස උදෙසා සටන්කරන වීර ඉරාන ජනතාවට ජයවේවා........

    Thank You මචන් වටිනා අදහස් ටිකක් ... +11​
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙන්න මේ වගේ ත්‍රෙඩ් නේ මචන් මේකේ වැටෙන්න ඕනේ.කාටහරි දෙයක් ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: KingCM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    bump-logo-colour.jpg
     
    • Like
    Reactions: KingCM

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ---------------------------------------------------------------------------------------------------
    ray-kros.jpg



    අපි මොකක් හරි අලුතෙන්ම concept එකක් ගෙනල්ල business එකක් ආරම්භ කරන්න හදවනවා කියල හිතමුකෝ...

    එත් අපි මුදල් සතයක්වත් යොදවන්නෙත් නැ කියමුකෝ....නමුත් අපි business එකේ වැඩ කරනවා...අපේ දැනුමෙන් තමයි business එක run වෙන්නේ...

    (එකෙන් කියවෙන්නේ අපි නැත්නම්...business එකක් නැ...අපේ concept එක එතන නැ ...)

    ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා සම්පුර්ණ ප්‍රාග්ධනය දෙනවා.....

    (director board එකේ 5 දෙනයි...අපෙන් තුන් දෙනයි...අයෝජකයගෙන පැත්තෙන් 2යි ...)


    ----------------------------------------------------------------------------------------------------------

    (#) මේ වගේ අවස්ථාවක (පුද්ගලික සමාගමක ) company එකේ ආරම්භයේදී කොටස් බෙදෙන්නේ කොහොමද?...

    මේක තීරණය වෙන්නේ valuation එක මත. උදාහරණයක් හැටියට ඔයාට රුපි. ලක්ෂයක් ඕනි සහ ඔයා මේ මුදල වෙනුවට 25% ක කොටස් අයිතිය දෙනවා කියල හිතන්න. ඒ කියන්නේ ඔයා ඔයාගේ වියාපාරය රු.ලක්ස 4 කට value කරනවා කියන එකයි. ඔයා මුලින්ම investor එක්ක valuation එක ගැන agreement එකකට එන්න ඕනි. idea stage එකේ තියෙන එකෙක් නම් value කරන එක එච්චර ලේසි නැහැ. නමුත් Startup value කරන ක්‍රම ගොඩක් තියෙනවා.

    (#) ඒ වගේම මම අහල තියෙනවා...අපි company එකේ වැඩ කරගෙන යනකොට ...මුලදී අපේ කොටස පොඩියට දීල ..පසු කාලීනව කොටස් ප්රෙමාණය ඉහල දානවා කියල....මොකක්ද මේ කතාව....එහෙම දෙයක් තියෙනවද?....ඒ කිව්වේ shares unlock කරනවා වගේ වැඩක්...

    ඔව්. මේකට කියන්නේ cliff vesting කියල (සිංහල නමක් දන්නේ නැත). උද්දරනයක් හැටියට ඔයාට 25% ක කොටස් අවුරුදු හතරකින් 01 year cliff එකක් එක්ක දෙනවා කිව්වොත් එකියන්නේ ඔයාට 25%න් 1/4 ක් හම්බුවෙන්නේ අවුරුද්දක් ගියාට පස්සේ. ඔයා දෙවෙනි අවුරුද්දේ management එකෙන් අයින් වුනොත් ඔයාට 12.5% කොටස් එක්ක යන්න පුළුවන්. Cliff vesting ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ co -founders, board members සහ මුල්ම සේවකයෝ ටික ගන්න. සමහර විට founder ට උනත් මේවගේ එකක් තියෙන්න පුළුවන් (investor අනුව වෙනස් වෙනවා)


    (#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...

    මේ video එකේ ඉන්නේ ටකස්.lk founder .


    (#) සහ අපි shares paper sign කරන්නේ lawyers ඉස්සරහද?...

    අත්‍යවශ්‍ය නැහැ. කැමතිනම් එහෙම කරන්න පුළුවන්.

    (#) පසු කාලීනව...investor ට පුලුවන්ද අපිව fire කරලා අපේ company එක අයිති කරගන්න....

    මේක තීරණය වෙන්න කොටස් අයිතිය අනුව. 50% වැඩි කොටස් investors ලට අයිති නම් ඔයාව management එකෙන් අයින් කරන්න පුළුවන්. හැබයි ඔයාගේ කොටස් අයිතිය නැති කරන්න බැහැ. (හොඳම උදාහරණය Steve Jobs, එයාවත් Apple එකෙන් එකපාරක් අස් කලා)

    (#)company එකේ අයතිය හිමි වෙන්නේ වැඩිම කොටස් තියෙන කෙනාටද?...

    කොටස් කියන්නේ අයිතිය තමයි. සාමන්යෙන් බහුතර කොටස් (50% වැඩි) තියෙන කෙනාට හෝ කණ්ඩායමට සමාගම පාලනය කරන්න පුළුවන්.

    (#)එහෙමත් නැත්නම් වැඩිම shares එකතුව තියෙන පැත්තටද ?...ඒ කිවේවේ...අපි හිතමුකෝ....මමයි මගේ මලයයි..ඉන්නවා කියල director board එක...
    investors ට තියෙනවනම් 30 % කොටස් ..මට 25 % , මල්ලිට 25% දෙන්නගෙම 50% ක කොටස් තියෙනවනම්...
    සහෝදරයෝ දෙන්නෙක් විදියට company එක අයති වෙනවද?...

    මන් හිතන්නේ කලින් උත්තරේ මේකටත් උත්තර තියෙනවා
    -----------------------------------------------------------------------------------------------------------------------------------

    ප්‍රශ්න බොහොමයක් තියෙනවා....ටික ටික අහනම්....පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි...ස්තුත්යි...

    ඕන දෙයක් අහන්න. මම වුර්තිමය වශයෙන් startup එක්ක planning and fundraising වලට සම්බන්ධව වැඩ කරනවා (foreign). එනිසා මේගැන දැනුම සහ අත්දැකීම් තියෙනවා.

    business කරන අනිත් යටත් ප්‍රශ්න තියෙනවනම් මේ ත්රෙඅඩ් එකේ අහල නිරාකරණය කරගත්ත කියල තරහක් නැ....​

    .........
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    .........

    thank you මචන්... අර clif vesting ගැන අලුත් දෙයක් ඉගෙන ගත්ත..... මේ ත්රෙඅඩ් එකෙනුයි...මේ දවස් ටිකටයි...ගොඩක් දේවල් ඉගෙන ගත්ත....

    තව කරුණු කිහිපයක් තියෙනවා....පස්සේ වෙලාවක අහන්නම්....

    +11 :yes::D