විරාට් කෝලිට දැඩි ප්‍රහාරයක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
විරාට් කෝලිට දැඩි ප්‍රහාරයක්

Twitter වෙබ් අඩවිය හරහා විරාට් කෝලිට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි ප්‍රහාරයක්

1406106564_f.gif


සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් අසාර්ථකත්වයට පත් වන විට ක්‍රීඩා ලෝලීන් ඔවුන්ට දෝෂාරෝපණය කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

එය ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර බහුලව දැක ගත හැකි ය.

හොඳ ම උදාහරණයක් වන්නේ, පන්දු වාර 20 ලෝක කුසලාන අවසන් තරගයේදී යුව්රාජ් සිං දැක්වූ අසාර්ථකත්වය හේතුවෙන් ඔහුගේ නිවසට ද ගල් ප්‍රහාර එල්ල වීම ය.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ‘මල්’ වෙනුවට ‘ගල්වලින්’ ප්‍රතිචාර ලබන විශිෂ්ට ක්‍රීඩකයෙකු මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා දැඩි විවේචනයට ලක්වෙමින් සිටී.

ඒ, අන් කවරෙකුත් නොව ඉන්දීය කණ්ඩායමේ උප නායක විරාට් කෝලි ය.

පන්දු යවන්නන්ට හිසරදයක් වී සිටි විරාට් කෝලි, ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව සමග පැවති තීරණාත්මක එක්දින තරගයකදී රැස් කළ ලකුණු 180 අපට තවමත් මතක තිබේ.

එහෙත්, ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට අතීතයේ දැක්වූ දක්ෂතාවලින් පලක් නැත.

එංගලන්තය සමග පැවති පසුගිය ටෙස්ට් තරග දෙකේදී ම ඉනිම හතරේදී ම කෝලි රැස් කළේ, ලකුණු 34ක් පමණි.

ඉන්දියාව ඓතිහාසික ජයක් හිමි කරගත් දෙවන තරගයේ දෙවන ඉනිමේදී ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගියේ ය.

මෙම අසාර්ථකත්වය පිළිබඳව ක්‍රීඩා ලෝලීහු Twitter හරහා නොයෙක් විවේචන සහ සරදම් එල්ල කරමින් සිටිති.

එම විවේචන සහ සරදම්වලට විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ද සම්බන්ධ කරගෙන තිබීම විශේෂත්වයකි.

එවැනි Tweets කිහිපයක් පහත දැක්වේ.


1406106564_1.jpg

1406106564_2.jpg


newsfirst.lk
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොබ්බ් ඉන්දියන් හැත්ත ..ඔහොම නොකලොත් තමයි පුදුමේ :lol::lol::lol:

    එක අතකට හොද වැඩේ කොලිකුට්ටුවටත් ...:P