විරාට් කෝලි - වැඩිම බිංදුවට දැවීයාම් ගණනකට හිමිකම් පිතිකරුවා

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    images
    • - ඉන්දියාවෙන් පිටතදි වැඩිම ටෙස්ට් තරග ගණනක් පරාජය වූ ඉන්දීය නායකයා වන්නෙ විරාට් කෝලිය. කෝලි නායකයෙක් ලෙස ටෙස්ට් තරග 17 ක් පරාජය වී ඇති අතර ඉන් 15 ක් ඉන්දියාවෙන් පිටතදීය.

    • - RCB කණ්ඩායම , ඉන්දීය ටෙස්ට් කණ්ඩායම යන දෙකම අඩුම කණ්ඩායම් ලකුණු පුවරුවලට (49 , 36) හිමිකම් කියන්නෙ කෝලිගේ නායකත්වය යටතේ ය.

    • - අයිපීඑල් ඉතිහාසයේ මන්දගාමීම ශතකය වාර්තා කොට ඇත්තේ කෝලිය. ඒ පන්දු 67 කිනි.

    • - පසුගිය වසර 5 ක කාලය තුල වැඩිම උඩපන්දු ප්‍රමාණයක් අතහැර ඇති ඉන්දීය පන්දුරකින්නා විරාට් කෝලිය. ඒ උඩපන්දු 47 කි. (BGT ආරම්භය වන විට)

    • - අයිපීඑල් පිටියේ පරාජයන්වලදී වැඩිම අර්ධ ශතක වාර්තා කොට ඇති පිතිකරුවා කෝලිය. ඒ අවස්ථා 29 කි.

    • - අයිපීඑල් ඉතිහාසයේ වැඩිම තරග ගණනක් පරාජය වූ ක්‍රීඩකයා වන්නෙත් කෝලිය. ඒ තරග 124 කි. RCB කණ්ඩායම අයිපීඑල් ඉතිහාසයේ පරාජය වූ තරග 95% ක පමණම විරාට් කෝලි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කොට ඇත.

    • - අයිසීසී තරගාවලියක තරගයක් කඩුලු 10 කින් පරාජය වූ පලමු ඉන්දීය නායකයා කෝලි ය. ඒ පකිස්තානයට එරෙහිව 2021 ලෝක කුසලානයේදීය.

    • - අන්තර්ජාතික පිටියේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර වැඩිම බිංදුවට දැවීයාම් ගණනකට හිමිකම් කියන පිතිකරුවා විරාට් කෝලිය. ඒ බිංදු 38 කි.

    • - වසරක් තුල අඩුම පිතිකරණ සාමාන්‍යයකට (Across formats) හිමකම් කියූ ඉන්දීය පිතිකරුවා විරාට් කෝලිය. ඒ 2024 වසරේ 21.83 කි.

    • - අයිපීඑල් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් පන්දුව කෙලින්ම කඩුල්ලෙ වැදී දැවී ගිය පිතිකරුවා විරාට් කෝලිය. (38* - 2023)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,067
    167,960
    113
    එකමත් එක රටක
    - අන්තර්ජාතික පිටියේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර වැඩිම බිංදුවට දැවීයාම් ගණනකට හිමිකම් කියන පිතිකරුවා විරාට් කෝලිය. ඒ බිංදු 38 කි.
    mVBBGN8.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    සිරිලන්ක්වේ සෙට් එකත් එක්ක සිරිස් එකක් දැම්මනම් ඔය ඔක්කොම ස්ටාට් උඩට ගන්න පුළුවන්.