ක්‍රිකට් ක්‍රීඩාව යනු මෝඩ වැසියන්ට විනෝදය සපයන්නක් පමණි

John_Watson

Member
Jul 15, 2023
19
19
3
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මුන ගැසුණා.

මේ හමුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා තවත් විශේෂ අමුත්තෙක් රැගෙන ගියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා.

එහිදී ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අපූරු කතාවක් කිව්වා.

ඔහු කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් තියෙනවා කියලා.

ඒවා නිවැරදි කිරීමට වහා පියවර ගත යුතුයි කියලා ඔහු ජනපතිවරයාට ප්‍රකාශ කළා.

මෙහිදී 'ජේ ෂා' දේශපාලන බලපෑම් කියලා අදහස් කළේ සැබැවින්ම දේශපාලන බලපෑම් ම නෙවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සභාපතිවරයාට දේශපාලන ක්ෂේත්‍රයෙන්, මාධ්‍යයෙන් සහ විවිධ ක්ෂේත්‍ර වලින් එල්ල වූ විවේචන වලට.

මේ විවේචන, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට "අතුරු පාලක කමිටුවක්" පත්කිරීම දක්වා යෝජනාවක් ඉදිරිපත් වීමට තරම්ම දුරදිග ගියා.

ජේ ෂා ගේ මේ ප්‍රකාශය අනුව මෙරට ක්‍රිකට් පරිපාලනයේ අනාගතය අපිට කියවා ගත හැකියි.

වර්තමාන ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ලෝකයේ ක්‍රිකට් පාලනය කෙරෙන්නේ ඉන්දියාවෙන්.

එය තවදුරටත් රහසක් නෙවෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් පොම්ප වෙන්නේ ඉන්දියාවෙන්.

ක්‍රිකට් ක්‍රීඩාව උපයන මුදල් ගලායන්නේ ඉන්දියාවට.

ICC නව බිග් ත්‍රී පනත අනුව ක්‍රිකට් පාලනය වෙන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයට අනුව.

මේ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වෙන පුද්ගලයා නිසඟයෙන්ම ICC යේ ප්‍රධානියා බවටත් පත් වෙනවා.

වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්නේ එහි ලේකම් ජේ ෂා.

ඒ හරහා ICC යේත් නිල නොවන ප්‍රධානියා ඔහු.

එමෙන්ම ආසියාවේ ක්‍රිකට් පාලනය කරන ආසියාතික ක්‍රිකට් කවුන්සලයේත් (ACC) නිල වශයෙන්ම ප්‍රධානියාත් ඔහු.

මෙතරම් බලයක් හිමි කවුද මේ ජේ ෂා ?

ඉන්දියාව වර්තමානයේ පාලනය කරන්නේ භාරතීය ජනතා පක්ෂය.

එහි නායක නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිවරයා.

ඉන්දියාවේ අගමැතිධූරයෙන් පසුව ඇති ප්‍රබලතම අමාත්‍යංශය එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය.

සෑම රජයකම ස්වදේශ කටයුතු අමාත්‍යංශය හිමි වන්නේ නායකයාගේ සමීපතමයෙකුට, පක්ෂයේ ප්‍රබලයෙකුට.

වර්තමාන ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා.

ඔහු නරේන්ද්‍ර මෝදී ගේ දකුණු අත.

ඉන්දියාවේ ප්‍රබලතම ඇමතිවරයා.

ජේ ෂා යනු අමිත් ෂා ගේ පුතා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා, ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමතිවරයාගේ පුත්‍රයා.

ඒ හරහා ICC ය දුවවන්නෙත් මෝදි ගේ දකුණු අත, අමිත් ෂා ගේ පුත්‍රයා.

ඉන්දියාව දුවන්නේ කර්මාන්ත දෙකක් උඩ.

එකක් ක්‍රිකට්. එකක් සිනමාව.

එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීය දේශපාලනයට අතිශය සම්බන්ධයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ මැතිවරණ වලට සෘජුව සම්බන්ධයි.

එම නිසා ඉන්දීය පාලකයා ක්‍රිකට් ක්‍රීඩාව සිය යටතට ලබා ගැනීම අරුමයක් නෙවෙයි.

ජේ ෂා යනු දේශපාලන පත්වීමක්.

නරේන්ද්‍ර මෝදී විසින් සිය අභිමතය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මක කිරීමට පත් කළ පුද්ගලයා.

ඔහු දිනය අවසානයේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉටු කරන්නේ සිය නායකයා නරේන්ද්‍ර මෝදී ගේ අභිලාෂය.

ඒ අර්ථයෙන් ඉන්දියාවේ පාලකයා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනවා.

එය අරුමයක් නෙවෙයි.

ඉන්දියාවේ වත්මන් රජය වෙනස් වුනත්, ඊළගට පැමිණෙන රජය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිය සමීපතමයෙක් පත් කරනවා.

එය අනිවාර්යෙන්ම සිදු වෙනවා.

නමුත් දේශපාලන පත්වීමක් වන ජේ ෂා, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වෙනවා යැයි කියන දේශපාලන බලපෑම් ගැන කීම යම් සංඥාවක්.

එමගින් කියවෙන්නේ ඉන්දියාව, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ආරක්ෂා කරන බව.

එවැනි ආරක්ෂාවක් යටතේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයක් ඉවත් කිරීම කළ නොහැක්කක්.

මෙරට ක්‍රිකට් පාලකයන් යම් අවස්තාවක, මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය පුද්ගලික සමාගමක් වැනි යැයි ප්‍රකාශ කළා.

මේ සිදුවීම ඒ ප්‍රකාශය සනාත කරන්නක්.

ක්‍රිකට් පාලනය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අයියා ආරක්ෂා කරන සංස්ථාවක් අභියෝග කළ හැකි සමතෙක් තවත් නැහැ.

නමුත් ගැටලුව මේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගෙවීමට සිදු වන මිල කුමක්ද යන්න.

එය පැහැදිලියි.

එනම් ඉන්දීය ක්‍රිකට් අභිලාෂයට අනුව අනුගත වීමට ශ්‍රී ලංකාවට සිදුවීම, මේ ආරක්ෂාව වෙනුවෙන් ගෙවීමට සිදුවන මිලයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය, ඉන්දියාවට අනුව එහි අභිලාෂ අනුව කටයුතු කරනවා.

ඉන්දියාව විසින් මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය අභ්‍යන්තර සහ බාහිර ගැටලු වලින් ආරක්ෂා කරනවා.

එය දෙපාර්ශවයම වාසි ලබනා ගණුදෙනුවක්.

ආසියානු කුසලානයේ ඉන්දු - පකිස්තාන තරගයට පමණක් අතිරේක දිනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය අප්‍රසාදය පළ කර තිබුණා.

ඔවුන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවත් මෙවැනි පක්ෂග්‍රාහී, අශිෂ්ඨ ක්‍රියාවන්ට විරුද්ධ විය යුතුයි කියලා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදා එවැන්නක් සිදුවන්නේ නැහැ.

ආසියානු කුසලානයේ සත්කාරත්වය හිමි වුනේ පකිස්තානයට.

නමුත් ඉන්දියාව පකිස්තානයේ ක්‍රීඩා කිරීමට විරෝධය පළ කිරීම නිසා, තරගාවලියේ බොහෝ තරග ශ්‍රී ලංකාවට හිමි වුණා.

මේ ශ්‍රී ලංකාවේ වර්ෂාව සක්‍රීය වන කාලය.

ඒ හේතුවෙන් වර්ෂාව අවම ක්‍රීඩා පිටි වල තරග පැවැත්වීමට ශ්‍රි ලංකාව යෝජනා කළා.

පකිස්තානය සහ බංග්ලාදේශය ඊට එකඟ වුණා.

නමුත් ඉන්දියාව විරුද්ධ වුණා.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළේ ඉන්දියාවේ මතය.

අවසානයේ සත්කාරකත්වයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති, ඉන්දියාවට අවශ්‍ය ක්‍රීඩා පිටි වල තරග ක්‍රීඩා කෙරෙනවා.

ඉදිරියේදීත් ගෝලිය ක්‍රිකට් දේශපාලනය තුල සහ බල ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටීවි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග හිටගනීවි.

ඒ ඉන්දියාව විසින් මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගෙවා දැමිය යුතු මිලයි.

- is-
 

John_Watson

Member
Jul 15, 2023
19
19
3
FB_IMG_1694490351966.jpg