විලවුන්_මාරයා

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සුවඳ විලවුන් බෝතලයක සැඟවූ නොවිචොක් ප්‍රහාරයේ සුලමුල

    _%E0%B7%83%E0%B7%80%E0%B6%B3_%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B6%B1_%E0%B6%B6%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA.png



    සැලිස්බරි නොවිචොක් ප්‍රහාරය රුසියාවේ හමුදා බුද්ධි අංශයේ වැඩක්! - MI5 සනාථ කරයි. ලෝක රහස් ඔත්තු සේවාවන්ට ආදර්ශයක් දෙමින් බ්‍රිතාන්‍යයේ MI5 සැලිස්බරි නොවිචොක් ප්‍රහාරයේ රුසියනු ඔත්තුකරුවෝ හඳුනා ගනිති.

    එංගලන්තයේ සැලිස්බරි ප්‍රදේයෙන් පසුගියදා වාර්තා වූ නොවිචොක් ස්නායු විෂ එල්ල කිරීමේ සිදුවීම සඳහා රුසියානුවන් දෙදෙනෙකු චූදිතයන් වශයෙන් හඳුනාගෙන ඔවුන්ට නඩු පැවරීමට බ්‍රිතාන්‍යයේ කීර්තිමත් MI5 රහස් ඔත්තු සේවය කටයුතු කරමින් සිටියි. MI5 බුද්ධි අංශය විසින් මෙම පුද්ගලයන් දෙදෙනා GRU හෙවත් ‘‘රුසියානු හමුදා බුද්ධි අංශ සේවයේ‘ නිලධාරීන් බව ද හෙළිකර ගෙන තිබේ.

    ඔවුන් වන්නේ ඇලෙක්සැන්ඩර් පෙත්රෝ සහ රුස්ලාන් බොෂිරොව් ය.



    513251_672964.jpg


    මේ අනුව මෙම මෙහෙයුම රුසියානු රජයේ අනුදැනුම මත සිදුවන්නට ඇති බවට ද සාධාරණ සැකයක් පහළ වේ. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද ඒ පිළිබඳ යම් ඉඟි කිරීමක් සිදුකළ නමුත්, රුසියානු ජනාධිපති පුටින් එයට වගකිවයුත්තා යැයි සෘජු ලෙස නම් කිරීමට යම් මැලිකමක් දැක්වූවාය.

    රුසියානු හමුදා බුද්ධි අංශයේ පළිගැනීම

    මෙම සැලිස්බරි ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ සෙර්ගෙයි ස්ක්‍රිපාල් ද GRU හෙවත් රුසියානු හමුදා බුද්ධි අංශ සේවයේ අතීතයේ සේවය කළ අයෙකි. වසර දහයකට වඩා වැඩි කාලයක් එහි සේවය කළ ඔහු, පසුව GRU තරහ කර ගන්නේ එම බුද්ධි අංශ රහස් MI 6 වෙත ලබාදීමට පටන් ගත් හෙයිනි. එම තොරතුරු යුරෝපයේ සිටින රුසියානු ඔත්තුකරුවන් සම්බන්ධයෙනි. MI16 යනු බ්‍රිතාන්‍ය හමුදා ඔත්තු සේවයේ අංශයකි. මේ අනුව තමන්ට ද්‍රෝහි වූ සගයා වෙනුවෙන් රුසියානු හමුදා බුද්ධි අංශය අවසානයේ ඔහුට දරුණුම දඬුවම ලබාදීමට තීරණය කර ඇති බව පෙනේ.

    සෙර්ගෙයි ස්ක්‍රිපාල් 2006 වසරේදී මේ සඳහා රුසියාවට ගොස් දඬුවම් වින්දේය. 2006 වසරේදී ඔහුට වසර 13 ක සිර දඬුවමක් නියම විය. නමුත් එයින් වසර 4කට පසු රුසියාව විසින්ම ඔහුට නිදහස ලබාදෙයි. ඉහළ මට්ටමේ රහස් ඔත්තු සේවා නිලධාරීන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් යටතේ ඔහුට බ්‍රිතාන්‍යය බලා ඒමට හැකි වේ. එතැන් පටන් ස්ක්‍රිපාල් සිතුවේ තමන් නිදහස් මිනිසෙකි කියා ය. එසේම තමන් විසින් රහස් ලබාදුන් බ්‍රිතාන්‍ය පොළොවේදී තමන් ආරක්ෂිත ය කියා ය. ස්ක්‍රිපාල් සිර දඬුවම නියමිත ආකාරයෙන් වින්දා නම් ඔහු 2019 වසර වන තෙක්ම ගත කළ යුතු වූයේ සිර මැදිරියේ ය. එසේ නොවී වසර 4 කින් ඔහු ව රුසියාව විසින්ම නිදහස් කළේ, ඔහු බ්‍රිතාන්‍යය බලා එන බව දැනගෙන, බ්‍රිතාන්‍ය පොළොවේදීම ඔහුට සහ ඔහුගේ දියණියට අමතක නොවන පාඩමක් උගන්වන්නටද?

    බ්‍රිතාන්‍යෙය්දී ස්ක්‍රිපාල් හට නව අනන්‍යතාවයක් සහ රහස් නිවසක් ලබා දෙන්නට යෝජනාවක් තිබී ඇත. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ස්ක්‍රිපාල් සැලිස්බරි හි තම නිවසේ, තම නියම නමින්ම සාමකාමී ජීවිතයක් ගත කිරීමට තෝරාගෙන තිබිණි.

    සෝවියට් සංගමය විසින් නොවිචොක් නමැති ස්නායු විෂ මුලින්ම නිපදවනු ලැබුවේ 1980 දශකයේදී ය. ෆොලියන්ට් නමැති රහස් කේත නාමයෙන් මෙය ඉතා සුළු ප්‍රමාණයෙන් නිපදවා තිබේ. ඔවුන් මෙසේ කටයුතු කරන්නේ රසායනික අවි සම්මුතියට සපුරා පටහැණිව කටයුතු කරමිනි. මේ අතර මේ වසරේ මුල බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලය අනාවරණය කර ගත්තේ සෙර්ගෙයි සහ ඔහුගේ දියණිය යුලියා ස්ක්‍රිපාල් පිළිබඳ රුසියාව, අවම වශයෙන් වසර 5 ක් මුළුල්ලේ ඇස ගසාගෙන සිට ඇති බවයි. අනතුරුව හිටි හැටියේම මේ තාත්තා සහ දුව පසුගිය මාර්තු මාසයේ අනපේක්ෂිත ලෙස මරණාසන්න වූහ. ඔවුන්ට නොවිචොක් ස්නායු විෂ ශරීරගත වූ බව අනාවරණය වූයේ ඉන් පසුව ය.

    මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ රුසියාව හැර දමා ආවද ස්ක්‍රිපාල් ව දිගින් දිගටම රුසියාවේ සතුරෙක් වශයෙන් හඳුනාගෙන සිටි බවට ය.

    පසුගිය මාර්තු 4 වැනිදා ස්ක්‍රිපාල්ගේ නිවසේ ඉදිරි පස දොරේ නොවිචොක් ගැල්වීමෙන් පැය කිහිපයකට පසු මෙම සැකකරුවන් දෙදෙනා මොස්කව් බලා පිටත්ව ගොස් තිබේ.

    සුවඳ විලවුන් බෝතලය සැලිස්බරි සිට අයිල්ස්බරි වෙත යයි!

    ස්ක්‍රිපාල්ගේ ඉදිරි පස දොරේ නොවිචොක් ගල්වා තිබෙන්නේ ද විශේෂ ක්‍රමයකට ය. එනම්, විශේෂ අන්දමින් සකස් කළ සුවඳ විලවුන් බෝතලයක නොවිචොක් ස්නායු විෂ බහා තබා ගැනීමෙනි.

    අනතුරුව පසුගිය ජූනි මාසයේදී ඩෝන් ස්ට්‍රෘෘගස් සහ චාලි රොව්ලි යන දෙපළ හදිසියේම නොවිචොක් ප්‍රහාරයට නතුවී සැලිස්බරි අවට රෝහලකට ඇතුළත් කළ ආකාරය ඔබට මතකද?

    මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ ස්ක්‍රිපාල්ගේ දොරේ තැවරූ නොවිචොක් බහාලූ සුවඳ විලවුන් බෝතලයෙන්ම ඩෝන් සහ චාලි ද විෂ ශරීරගත කරගෙන ඇති බවයි! එයට මාස ගණනකට පසු හමුවූයේ සැලිස්බරි සිට සැතපුම් ගණනාවක් එහා තිබූ අයිල්ස්බරි හි කුණු බක්කියකිනි. මේ දෙපළම දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ය. කුණු බක්කියක් අවුස්සමින් සිටි චාලි රොව්ලි, එම සුවඳ විලවුන් කුප්පිය හමු වූ විට එය ඩෝන් හට දුන් බවත්, ඇය එය ස්ප්‍රේ කරගැනීමෙන් පසු මෙම තත්වයට මුහුණ දුන් බවත් මූලික විමර්ශනවලින් හෙළිවිය. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවන් මෙම සිද්ධි දෙක අතර සම්බන්ධය පිළිබඳ සැක කිරීමට තරම් තීක්ෂණ වූහ.

    සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය නොවිචොක් ප්‍රහාරයෙන් යන්තමින් දිවි බේරාගන්නට සමත් වුවද, ඩෝන් සහ චාලි දෙපළ අතරින් ඩෝන් මෙම නොවිචොක් ප්‍රහාරයෙන් දින කිහිපයක් ඇතුළත අවාසනාවන්ත අයුරින් මරණයට පත් වූවාය.

    මෙම රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා නීත්‍යානුකූල ගමන් බලපත්‍ර මගින් නිතර නිතර රුසියාවේ සිට එක්සත් රාජධානිය බලා පැමිණි අය ය. මේ වන විට ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව රුසියාව තුළ සිටින බවට සැක පළ කෙරේ.

    ඉන්ටපෝල් සහ යුරෝපියානු වරෙන්තු

    දැන්, සිය රටට නොවිචොක් ගෙන ආ, මිනිසුන් මරා දමන්නට තැත් කරන රුසියානු රහස් ඒජන්තයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයට කුමක් කළ හැකිද?

    Crown Prosecution Service (CPS) හෙවත් බ්‍රිතාන්‍ය අභිචෝදන සේවාවට රුසියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට බලයක් නැත. එනම්, මෙම හඳුනාගත් සැකකරුවන් හෙවත් චූදිතයන් දෙදෙනා රටෙන් පිටමං කරවා (උදර්පණය කර) බ්‍රිතාන්‍යයට ගෙන්වා අපරාධ නඩු පැවරීම සඳහා වරෙන්තු කිරීමට හැකියාවක් නැත. එයට හේතුව, රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රුසියානු ජාතිකයන්ව රටෙන් උදර්පණය කිරීමට අවසර නොදෙන නිසා ය.

    ඒ නිසා මේ වන විට ඉන්ටපෝල් සහ යුරෝපියානු වරෙන්තු (European Arrest Warrants) මේ දෙදෙනාට එරෙහිව නිකුත් කර තිබේ. එයින් අදහස් වන්නේ ඔවුන් රුසියාවෙන් කෙදිනක හෝ පිටවුවහොත් එවිට අත්අඩංගුවට ගැනීමට හැකි බව ය.

    කෙසේ නමුත් මේ සිදුවීම, බ්‍රිතාන්‍යයේ MI5 බුද්ධි අංශයේ, ලොවටම ආදර්ශයක් දෙන විද්‍යාත්මක විමර්ශන පිළිබඳ කදිම උදාහරණයකි. ඔවුන් විසින් විමර්ශන කටයුතුවලදී පැය එකොළොස්දහසක (පැය 11,000) CCTV දර්ශන නැරඹූහ. අවසානයේ ඇසින් දුටු සාක්ෂි නැතත්, බිඳ හෙළිය නොහැකි පරිවේශනීය සාක්ෂි රැසක් මතුකර ගැනීමට සමත් වූහ.



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS machan
    You must spread some Reputation around before giving it to Oli_Vili again.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    TFS machan
    You must spread some Reputation around before giving it to Oli_Vili again.

    You must spread some Reputation around before giving it to mano3989 again.


    REP 20 ++


    rep denna ba ban

    You must spread some Reputation around before giving it to jsandun again.


    You must spread some Reputation around before giving it to Ithika mithika again.


    REP 20 ++
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ලංකාවේ දොස්තරලා කිව්වේ නම් පෙත්තක් කෑම වලට දාල වඳ කරන්න පුළුවන් ක්‍රමයක් වත් නැහැ කියල.
    එත් මේවා බැලුවහම නිකන් සුවඳ අල්ලලා මරන්නත් පුළුවන්. ගොඩේ දොස්තරලා කෙමිකල් වෙපන් ගැන අහලවත් නැතුව ඇති

    ඕව ටිකක් import කරලා අපි hit man service එකක් වත් ලංකාවේ පටන් ගමුද බන් ? බය වෙන්න දෙයක් නැ අපේ දොස්තරලා අපිව බේරගනියි. :lol:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:



    ලංකාවේ දොස්තරලා කිව්වේ නම් පෙත්තක් කෑම වලට දාල වඳ කරන්න පුළුවන් ක්‍රමයක් වත් නැහැ කියල.
    එත් මේවා බැලුවහම නිකන් සුවඳ අල්ලලා මරන්නත් පුළුවන්. ගොඩේ දොස්තරලා කෙමිකල් වෙපන් ගැන අහලවත් නැතුව ඇති

    ඕව ටිකක් import කරලා අපි hit man service එකක් වත් ලංකාවේ පටන් ගමුද බන් ? බය වෙන්න දෙයක් නැ අපේ දොස්තරලා අපිව බේරගනියි. :lol:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    patta machan TFS REP +
    Strike back tv series eketh thiyenwa british military eke section 20 eke ewunge oya wage patta seen tikak. atta eva newi .. eth patta :)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝකේ ඕනෙම බොරුවක් කියන්න සල්ලි වලට ගන්න පුළුවන් ඩොක්ටර්ස් ල, ප්රෝෆෙසර්සලා ඉන්නවා බන්. අනිත් එක ඕනෙම රිසර්ච් එකක් පක්ෂක්ග්රාහීව කරන්න පුළුවන්.

    මෑත උදාහරණයක් : දැන් බටහිර පොල්තෙල් වල ගුණය හඳුනාගෙන ඉන්නේ. පට්ට විදියට පොල්තෙල් පාවිච්චි කරනවා හැමදෙටම. අනිත් ඔයිල් කාරයන්ට හබක්. හැබැයි දැක්කද ලඟදි හාර්වර්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ලෝකේ තියෙන විසම තෙල පොල්තෙල් කියල. ඩොලර් මිලියන් ගානක් සමහරවිට ලැබෙන්න ඇති ඔය ආර්ටිකල් එකට.

    ඔන්න ඔහොමයි මේ ලෝකේ වැඩ සිද්දවෙන්නේ. හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද තොරල බේරලා ගන්න මොලේ නැති එකා ඉවරයි.





    ලංකාවේ දොස්තරලා කිව්වේ නම් පෙත්තක් කෑම වලට දාල වඳ කරන්න පුළුවන් ක්‍රමයක් වත් නැහැ කියල.
    එත් මේවා බැලුවහම නිකන් සුවඳ අල්ලලා මරන්නත් පුළුවන්. ගොඩේ දොස්තරලා කෙමිකල් වෙපන් ගැන අහලවත් නැතුව ඇති

    ඕව ටිකක් import කරලා අපි hit man service එකක් වත් ලංකාවේ පටන් ගමුද බන් ? බය වෙන්න දෙයක් නැ අපේ දොස්තරලා අපිව බේරගනියි. :lol:
     
    • Like
    Reactions: Tramadol